මට මේ රට එක පැයෙන් කළඹන්න පුළුවන්..- ඥාණසාර හිමි රහස් තැනක සිට මාධ්‍ය අමතයි..

May 31, 2017 at 3:06 am | lanka C news
මට මේ රට එක පැයෙන් කළඹන්න පුළුවන්..- ඥාණසාර හිමි රහස් තැනක සිට මාධ්‍ය අමතයි..

අපි එහි යනවිට උන්වහන්සේ ඇඳි පුටුවකට බරදී අප එන දෙස සිනාමුසු මුහුණෙන් යුක්‌තව බලාගෙන සිටියහ. වෙනදා මෙන්ම ගරු ගාම්භීරත්වයක්‌ උන්වහන්සේගෙන් දිස්‌ වුවත් ඒ තුළ යම් විඩාබර ගතියක්‌ දිස්‌ නොවුණා නොවේ. වෙනදා උන්වහන්සේ බැහැදකින අප යන කෝට්‌ටේ පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානය හෝ නාරාහේන්පිට බෝධි බෞද්ධ මන්දිරය නොවන ස්‌ථානයකදී සිදුවූ මෙම හමුවීම අපහට යම් වෙනසක්‌ එක්‌ කළේ අන්‍යයන්ගේ ඇස නොගැටෙන ලෙස ස්‌වාමීන්වහන්සේ නමක්‌ හමුවීමට ගිය පළමු අවස්‌ථාව එය වීම නිසාය. කාර්යාලයීය වාහනයක්‌ අනතුරුව කාර් රථයක්‌ සහ යතුරුපැදියක්‌ මගින් අපි එහි පැමිණියේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ බැහැදැක සම්මුඛ සාකච්ඡාවක්‌ අපේක්‌ෂාවෙනි. මතු දැක්‌වෙනුයේ උන්වහන්සේ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- අවසරයි අපේ හාමුදුරුවනේ· අසනීපයෙන් වගේ ඉන්නේ.

පිළිතුර:- පසුගිය දවස්‌වල සෑහෙන වැඩ තිබුණනේ. දවස්‌ දෙකක වගේ ඉඳලා උණ ගැනිලා තියෙන්නේ. ලෙඩ දුක්‌ ඉතින් අපි කාටත් පොදුයිනේ.

ප්‍රශ්නය:- ඒකනම් ඇත්ත තමයි හාමුදුරුවනේ. ලෙඩක්‌ දුකක්‌ හැදුන නම් මෙහෙ වැඩ ඉන්නෙ නැතිව රෝහලක්‌ වෙත යොමු වුණානම් හොඳ නැද්ද?

පිළිතුර:- බෙහෙත් අරගත්තා. තව දවස්‌ දෙක තුනක්‌ යනකොට අඩුවේවි.

ප්‍රශ්නය:- ඒ වුණාට මට නම් පේන්නේ අපේ හාමුදුරුවෝ හැංගිමුත්තං සෙල්ලමක්‌ කරනවා වගෙයි.

පිළිතුර:- මට හැංගෙන්නවත් හංගන්නවත් කිසිම කාරණයක්‌ නැහැ. මොකද මම මගේ ප්‍රකාශයන්, කටයුතු කරන්නේ එළිපිට නිසා. අපේ මහානායක හාමුදුරුවෝ ඉදිරිපිට හෝ වේවා, රටේ නායකයන් ළඟ හෝ වේවා මාධ්‍ය ඉස්‌සරහ හෝ වේවා මම කටයුතු කරන්නේ එළිපිට. මගේ හදවතේ ඇතිවෙන භාවයන් මම එළිදක්‌වන්නේ එළිපිටමයි. මට බයක්‌ නොදැනෙන්නේ මම ඇත්ත වෙනුවෙන් පෙනී සිටින නිසයි. සත්‍යවාදී මිනිස්‌සු හැංගෙන්නෙවත් බය වෙන්නෙවත් නැහැ.

ප්‍රශ්නය:- එහෙනම් අපේ හාමුදුරුවෝ අද මෙතැන වැඩ ඉන්නේ කුමන හේතුවක්‌ නිසාද?

පිළිතුර:- අපි අවනීතියට එරෙහිව සටන් කළ යුතුයි. ඒක මේ හිතුන හිතුන විදිහට කරන්න පුළුවන්කමක්‌ නැහැ. අපි උදාර අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිටිනවා නම් එය මුදුන් පමුණුවා ගන්න නිවැරදිව කටයුතු කළ යුතුයි. මේ එවැනි අවස්‌ථාවක්‌ කියල කිව්වොත් එය නිවැරදියි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ පසුගියදා පොලිසිය අත්අඩංගුවට ගන්න ප්‍රයත්න කළා. අත්අඩංගුවට පත්වීමෙන් වළකී ඉන්න ඔබවහන්සේ හැංගිලා ඉන්නවා කියල තමයි සඳහන් වෙන්නේ.

පිළිතුර:- අත්අඩංගුවට පත්වෙන්නවත්, හිරේ යන්නවත් එහෙම නැත්නම් අපවත් වෙන්නවත් බය හාමුදුරු කෙනෙක්‌ නොවෙයි මම. කොයි දේකත් ක්‍රමයක්‌ තියෙන්න ඕනෑ. අන්තවාදීන්ගේ සිත් සතන් සතුටු කරන්න නිකන් බල්ලෝ බළල්ලු වගේ අත්අඩංගුවට ගන්න දෙන්න බැහැ.

ප්‍රශ්නය:- මට නම් පේන්නේ ඔබ වහන්සේ හිරේ යන්න පොඩි බයක්‌ තියෙනවා වගේ.

පිළිතුර:- මම ඉස්‌සෙල්ලත් කිව්වනේ හිරේ යන්න මම භය නැහැ. මට හිරගෙදර අලුත් තැනක්‌ නෙමෙයි. ගිය පාර මම බන්ධනාගාරෙට වැඩම කරනකොට සිරකරුවන් සාදුකාර දුන්නා. හැබැයි පුතෝ මම දෙයක්‌ කියන්න ඕන. මේ පාර මම හිරේ යනවා නම් යන්නේ විග්නේෂ්වරන් හරි අසාද් සාලි හරි, මුජිබර් රහුමාන් හරි, රිෂාඩ් බදියුදීන් හරි, රවුෆ් හකීම් වැනි කෙනෙක්‌ එක්‌කගෙන තමයි.

ප්‍රශ්නය:- හොඳයි ඔබවහන්සේ නුවර සත්‍යග්‍රහයක්‌ පවත්වන්න කටයුතු කළා. ඊට හේතුවුණේ කුමක්‌ද?

පිළිතුර:- ලංකාවේ බුද්ධ භෝග තියෙන්නේ. අන්‍යාගමික අන්තවාදීන් මේ සියල්ල විනාශ කරනවා. පුරාවස්‌තු විනාශ කරනවා. නමුත් මේ ගැන වගේ වගක්‌ නැතිව අපේ මහානායක හිමිවරු උඩ බලන් ඉන්නවා. මේ ප්‍රශ්න විසඳන්න ලියුම් කඩදාසි ලියලා පාලකයන්ට යෑවීම පමණක්‌ ප්‍රමාණවත් නැහැ. අපේ මහානායක හිමිවරු මේ ගැන බලන්නෙත් නැහැ. පන්සල්වලින් එළියට බහින්නෙත් නැහැ. මේ ගැන අපි මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිට සැළකළා. උන්වහන්සේ එය පිළිගත්තා. වර්තමාන රජය යටතේ ඉස්‌ලාමීය වහාබ්වාදී බලවේග ඕනවටත් වඩා දඟලන්න පටන්ගෙන තියෙනවා පමණක්‌ නොවෙයි ඔවුන් ගේ ක්‍රියාකාරකම් දැඩි කර තිබෙනවා. ඔවුන් පුරාවස්‌තු සංහාරය, ඉඩම් බලෙන් අත්පත්කර ගැනීම් ඒ වගේම හොර ඔප්පු හැදීම, මුස්‌ලිම් කලාප ඇතිකිරීම. තුර්කිය, ඉරාකය, සවුදිය වැනි රටවලින් අසීමාන්තික මුදල් ගෙනවිත් රාජ්‍ය නිලධාරින්ට, දේශපාලනඥයන්ට අල්ලස්‌ දීලා. ඔවුන්ගේ හයිය පෙන්නල අපේ සියල්ල නසමින් ඉන්නවා. මේ අපරාධය අප විතරක්‌ කෑ ගහලා නතර කරන්න වුවමනාවක්‌ නැහැ. බුද්ධභෝග වළඳන මූලස්‌ථාන උදවියගේ ඇස්‌ කන් අරවන්න අදහසින් තමයි ඔය දේ කළේ.

ප්‍රශ්නය:- හාමුදුරුවෝ සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්‌ථාව වනවිට රටේ තැන් තැන්වල යම් යම් කලකෝලාහල සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

ප්‍රශ්නය:- අපි එහෙ සත්‍යග්‍රහය ආරම්භ කරනවිට තැන් තැන්වල ප්‍රශ්න ඇති වුණාලු. ඒ අපේ වුවමනාව මත සිදුවූ දේවල් නෙමෙයි. මෙතන ප්‍රශ්නය ඕක නෙමෙයි. එහෙම කුමන හෝ දෙයක්‌ සිදුවුණහම අපේ අගමැතිලගේ සමහර මැති ඇමැතින්ගේ පුටු රත්වීමයි. අපි අවුරුදු ගණනක සිට පෙන්වා දෙන නැගෙනහිර පුරාවස්‌තු සංහාරය ඇතුළු රට සිව්දෙස සිදුවන මුස්‌ලිම් අන්තවාදී කටයුතු පිළිබඳ මේ කාගෙවත් මේ වනතෙක්‌ ඒ පුටු රත්වුණේ නම් නැහැ. අඩුගානේ ඒ ගැන ප්‍රකාශයක්‌වත් නැහැ. මම තව දෙයක්‌ කියන්න ඕන. අපි කුමන හෝ කෝලාහලයක්‌ අනුමත කරන්නේ නැහැ. ඒවාට උල්පන්දම් දෙන්නෙත් නැහැ. අන්තවාදීන්ම ඒ දේවල් කරගෙන එය අපේ ගිණුමට බැර කරන්න කටයුතු කරනවා වෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- මහානායක හිමිවරු ඇතුළු වගකිවයුත්තන්ගේ ඇස්‌ අරවන්න සත්‍යග්‍රහයක්‌ ආරම්භ කළාට එය පැය කිහිපයකට පමණක්‌ සීමාවුණා. ඒ දේ එහෙම වුණේ ඔය කියන පිරිසගේ ඇස්‌ අරුණු නිසාද?

පිළිතුර:- නැහැ… නැහැ. නැහැ. අපිට එතනදි පොඩි වැරදීමක්‌ වුණා. මේ සති තුන තුළ මල්වතු අස්‌ගිරි මහ විහාර දෙකේම අවුරුද්දකට වතාවක්‌ පැවැත්වෙන උපසම්පදා මහෝත්සවය පැවැත්වෙනවා. අපි මෙතන ඉන්න එක ඒ කටයුතුවලට බාධාවක්‌ බව වැටහුණා. අනුනායක හිමි මේ තීරණය ගැන සලකා බලන්න කිව්වා. ඒ නිසා අපි අපේ තීරණය ඉවතට ගත්තා.

ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබවහන්සේ ආපසු සත්‍යග්‍රහයට අවතීර්ණ වේවි කියලා නේද?

පිළිතුර:- ඒ දේ වෙන්න පුළුවන් අපි ඉදිරිය දෙස බලාගෙන ඉමු.

ප්‍රශ්නය:- ඔබ වහන්සේ අත්අඩංගුවට ගන්න යන බව පැවසෙනවා. අත්අඩංගුවට ගන්න හේතුව කුමක්‌ද?

පිළිතූර:- ඒක තමයි තියෙන ප්‍රශ්නය. හේතුව මම දන්නේ නැහැ. පොලිස්‌පතිතුමාට මාව මුණගැහෙන්න වුවමනාවෙන් ඉන්නවා කියලා පසුගිය 19 වැනිදා මට ආරක්‌ෂක අංශ විසින් දුරකථන ඇමතුමක්‌ දෙනවා. එදිනම ආරක්‌ෂක ලේකම්තුමාටත් මාව මුණගැහෙන්න ඕන කියලා ඇමැතුම් එනවා. පසුව සිවිල් ඇඳුමෙන් ආපසු පුද්ගලයෝ සිවු දෙනෙක්‌ අපේ පන්සලට ඇවිත් මාව මුණගැහෙන්න අවශ්‍ය බව කියනවා.

ප්‍රශ්නය:- ඒ කවුරුන්ද හමුදුරුවනේ? ආරක්‌ෂක අංශයේ අයද?

පිළිතුර:- මම හිතන්නේ අපරාධ කොට්‌ඨාස නිලධාරීන් වෙන්න ඕනෑ. මම සාකච්ඡාවක හිටි නිසා මුණගැහෙන්න බැරිවුණා. 19 වැනිදා රාත්‍රියේ පොලිස්‌ වාහන සහ නිලධාරීන් පන්සල වටේ නතර කරලා තිබුණා.

ප්‍රශ්නය:- ඔය කියන 19 වැනිදා සුළු ජාතික දේශපාලනඥයින් පිsරිසක්‌ ජනාධිපති, අගමැති සහ, පොලිස්‌පතිතුමන්ව මුණගැසී යම් ඉල්ලීමක්‌ කර තිබූ බව පැවැසෙනවා නේද?

පිළිතුර:- රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන්, වගේ අය ගිහින් මාව වහාම අත්අඩංගුවට නොගත්තොත් ආණ්‌ඩුවෙන් යනවා කියලා පොලිස්‌පතිතුමාට කියලා තිබෙන බව අපටත් වාර්තා වුණා. ඉස්‌පසු ඔවුන් අගමැති, ජනාධිපති හමුවී තිබෙනවා. මාව වහාම අත්අඩංගුවට ගන්න කියලා ජනපති අගමැති නියෝග කළාලු. මේ සිද්ධි පෙළගැස්‌මත් සමඟ මොකක්‌ හෝ ෙ නාවිය යුත්තක්‌ සිදුවෙමින් තබෙනවා. කලුතර බන්ධනාගාර සිද්ධියේදීත් වෙඩි තියන්න ඇවිත් තිබුණේ පොලිස්‌ ඇඳුමෙන් සැරසී සිරි පිරිසක්‌. අපි කෝකටත් ටිකක්‌ පරිස්‌සම් වුණා.

ප්‍රශ්නය:- පසුගිය 20 වැනි සෙනසුරාදා කොස්‌කැලේදී කුමක්‌ද සිදුවුණේ.?

පිළිතුර:- එදා අපි මහනුවර උපසම්පදා උත්සවයට සහභාගි වෙලා ඉබ්බාගමුවේ බණකටත් වැඩම කර රාත්‍රියේ කොළඹ වඩින විට කුරුණෑගල කොස්‌කැලේ කොරයාය කියන රක්‌ෂිත ප්‍රදේශයේ මුස්‌ලිම් ගමක්‌ මැද ආරක්‌ෂක අංශ අපිව නතර කළා. අපිව නතර කළේ අපි හරියට මහා භයානක ත්‍රස්‌තවාදියකු, මහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු අල්ලන විදිහටයි. වැලි ලොරි, බස්‌ රථ හරස්‌ කර ලයි අපේ වාහන නතර කළේ. පොලිසියෙන් දෙතුන් සියයක්‌ එතන හිටියා. මෙම ඒ අයගෙන් විමසුවා මාව අත්අඩංගුවට ගන්න යන හේතුව .

ප්‍රශ්නය :- වරෙන්තුවක්‌ ඉදිරිපත් කළේ නැද්ද?

පිළිතුර :- ඒ මොකක්‌වත් නැහැ. ඒ අය කිව්වේ පොඩ්ඩක්‌ කතා කරන්න ඕන බව. මගෙත් සමඟ කතා කරන්න පොලිස්‌ නිලදාරීන් තුන් හාරසියක්‌ ඕන නැහැනේ. සිදු නොවිය යුත්තක්‌ වන බව අපට තේරුණා. අපි ඇත්ත කථා කරන නිසා සමහරුන්ට රිදෙන්න පුළුවන්. එහෙම වුණා කියලා මට විතරක්‌ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. එහෙනම් රට වනසන අයට මට කලින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.

ප්‍රශ්නය :- මේ මතුව ඇති අර්බුදය ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන්න කටයුතු කළේ නැද්ද?

පිළිතුර :- පසුගිය දවස්‌ කිහිපයේදී සිදුවීම් ගැන කතා කරන්න බැරි වුණා. නමුත් අපි ඊට කලින් එතුමව හමුවුණා. එතුමා පාර්ශ්ව ගණනාවක්‌ අපි හා සාකච්ඡාවට එක මේසයකට කැඳවූවා. විධිමත් වැඩපිළිවෙළක්‌ ඒ සඳහා හැදුවා. මේ දේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලේදීවත් සිදුවුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට වගකීම් පැවරුවා.

ප්‍රශ්නය :- එහෙමනම් මේ වනවිට ප්‍රශ්න ගොඩක්‌ විසඳෙන්න ඕන නේද හාමුදුරුවනේ.

පිළිතුර :- නැහැ. ඒකට මොකද දන්නවද වුණේ. පසුව අගමැතිතුමා එම නිලධාරීන්ව කැඳවලා ඒ දේවල් කරන්න ඕන නැහැ කියල උපදෙස්‌ දීලා තිබුණා. අකිල විරාඡ් ඇමැතිවරයා කියන ලෙස වැඩ කරන්න කියල වගකීම් පවරා තිබුණා. මේ නිසා ජනාධිපතිතුමාගේ උත්සාහය ප්‍රතිඵල රහිත වුණා. ඇත්ත කතාව එයයි.

ප්‍රශ්නය :- ඔබ වහන්සේලා මහින්ද රාජපක්‍ෂ රජයට හිතවත් කටයුතු කළ සංවිධානයක්‌, ඒ රජය තුළින් මේ ප්‍රශ්න විස¹ ගන්න බැරි වුණේ ඇයි?

පිළිතුර :- සංස්‌කෘතික ඝාතන කල්ලි ගැන අපි දිගින් දිගටම හඬනගද්දී එදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත්තේ එම කල්ලිවල පැත්තයි. ඔහු කිව්වේ මහින්ද රාජපක්‍ෂ රජය සුළු ජාතීන්ට හිරිහැර කරන බවයි. අපි ජාතිවාදී ආගම්වාදී කිය කිය එදත් ඔහු අපට චෝදනා කළා. අද කරන්නෙත් ඒ දේම තමයි. අපිව අත්අඩංගුවට ගත් පසු මේ ප්‍රශ්නය විසඳෙනවා නම් අපි හිරබත් කන්නම්. නමුත් මෙය එහෙම විසඳන්න හැකි ප්‍රශ්නයක්‌ නෙමෙයිනේ.

ප්‍රශ්නය :- කිසිදු රජයක්‌ යටතේදීවත් ඔබ වහන්සේලාට මේ ගැටලුව විස¹ගන්න බැරිවෙලා නේද?

පිළිතුර :- මෙය රටේ කරුමය තමයි. අපි මේ සටන් කරන්නේ අපේ පෞද්ගලික දෙයක්‌ රැක ගන්නද නැහැනේ… අද රටේ බොහෝ ප්‍රදේශවල සිංහල මහ ජාතිය සුළුතර වෙලා.

පළමුව නැගෙනහිරට ආවේ මුස්‌ලිම් ජනතාව ද දීඝවාපිය ද අම්පාරට පළමු මානික්‌කමඩු ද මුස්‌ලිම් අයද, ඔවුන් අපේ පුරාවස්‌තු බිම් අත්පත් කර ගෙන ඉන්නවා. ඒවා අපි ඉල්ලගන්න ගිය පසු ඔවුන් කියන්නේ ඒවා ඔවුන්ගේ ප්‍රදේශ බවයි. බුදුන් වැඩම කළ ඓතිහාසික දීඝවාපියට අයත් වූ අක්‌කර දොළොස්‌දහස්‌ හත්සිය පනස්‌ දෙකක්‌ තිබුණා. අද තියෙන්නේ අක්‌කර පන්සිය පනහයි. එතකොට ඒ නැති වූ බිම් අල්ලගත්තේa කවුද? මේ වගේම මානික්‌කමඩු ද මුහුදු මහා විහාරය, කූරගල, දේවනගල, ඉඩම් මහ දවාලේ ඔවුන් මංකොල්ල කනවා. මෙහෙ නීතියක්‌වත් ඔවුන්ට ක්‍රියාත්මක නැහැ.

ප්‍රශ්නය :- ඔබ වහන්සේට මෙම රජය ප්‍රශ්න පිට ප්‍රශ්න දාන බව ඇතැමුන් කියනවා. මේ ප්‍රශ්නවලින් ඔබවහන්සේ පීඩාවට පත්වෙලාද ඉන්නෙ.?

පිළිතුර – මහන්සියි. හොඳටම මහන්සියි. ඒත් මට ඕන රටට ණයකාරයෙක්‌ නොවී මැරෙන්නයි. අපි දාන වළඳන්නේ අනුන්ගෙන්. අපට නින්දගම් නැහැ. බුදල් නැහැ. අපිට ඒවා ඕනෙත් නැහැ. ඒ ගැන තන්හාවකුත් නැහැ. නමුත් අපට ඉතිහාසය විසින් පවරපු වගකීමක්‌ තිබෙනවා. ඒ වගකීම හිසින් දරාගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. එහෙම නොකොළහොත් අනාගත ජනතාවට බණ අහන්න රටක්‌ ඉතුරු වෙන්නේ නැහැ. මොන අවලාද, අපහාස, චෝදනා, ගර්ජන ආවත් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් අපි කරනවාමයි. අපි දේශපාලනඥයන් ළඟ දණින් වැටෙන්නේ නැහැ. අපේ බහුතරයක්‌ හාමුදුරුවරු රටේ අවාසනාවන්ත තත්ත්වය දැක දැකත් මුනිවත රැකීම තමයි ප්‍රශ්නෙ.

මේ පිරිස බුදුහාමුදුරුවන්ගේ ද වෙන නිගන්ඨයන්ගේද කියන එකයි ප්‍රශ්නෙ. වගකිවයුතු අපේ හිමිවරු දැනගන්න ඕන උන්වහන්සේලා මේ වළඳන්නේ රටේ ජනතාව දෙන සිව්පසය බව. දේශපාලඥයෝ නායකයෝ කරගෙන වැඩ කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.

ප්‍රශ්නය :- ඔබ වහන්සේ ජාතිවාදී කෝලාහලයන් සඳහා මුල පුරන බව චෝදනා නැඟෙනවා.

පිළිතුර :- කොහොමත්ම නැහැ. අපි අදත් මතු කරන්නේ පසුගිය රජය යටතේ මතු කළ ප්‍රශ්නම තමයි. ගිය ආණ්‌ඩුත් අපට ඔහොමම චෝදනා කළා. මේ ආණ්‌ඩුවත් එලෙසම කරනව. නමුත් ප්‍රශ්නය හැමදාම ඒ විදියටම තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අයට මම කියන්නේ ඉස්‌ලාමිය වහාබ්වාදී අන්තවාදයන් ඔබ මතු කරන ප්‍රශ්නවල කොටසක්‌ කරගන්නා ලෙසයි. අපිත් ඔබලා මතුකරන අනෙක්‌ ප්‍රශ්න සමඟ එක්‌වන්නම්.

ප්‍රශ්නය :- ඔබ වහන්සේලාගේ සංවිධායට නැඟෙන තවත් චෝදනාවක්‌ වන්නේ ඒ පිටුපස විදේශීය රටවල් සහ නොයෙක්‌ ඔත්තුසේවා සිටින බවයි.

පිළිතුර :- අප පිටුපස ඔය කියන කිසිවකු නැහැ. මේ පිටුපස ඉන්නේ අපිමයි. මේ දේ අපි කරන්නේ අවංකවමයි. මේක තේරුම් නොගෙන බොරුවට චෝදනා කරන්න එපා. ඒකට අපේ හිත් සෑහෙන්න රිදෙනවා.

ප්‍රශ්නය :- හාමුදුරුවෝ මේ ප්‍රශ්නවලට කෑකෝ ගැහුවට අති බහුතරයක්‌ සිංහලයා ඒ ගැන සංවේදී නැහැ නේද?

පිළිතුර – සිංහලයාගේ කම්මැලිකම නිසාමයි. ඔවුන්ට මේ රට නැතිවෙන්නේ. සිංහලයෝ ජීවත් වන්නේ තමන්ගේ රටේ බෝඩින්කාරයෝ වගේ. කුලියට ආපු මිනිහත් සමඟ ප්‍රශ්න විසඳන්න යැම නිසයි මේ ප්‍රශ්නය මේ වනතෙක්‌ විසඳගන්න බැරිවෙලා තියෙන්නේ. අපේ මිනිස්‌සුන්ට බුදු හාමුදුරුවන්ටත් එහා ගිය මහා කරුණාව නිසා මේ රට නැතිවෙනවා.

ප්‍රශ්නය :- ගිය රජය පෙරළන්න ඔබ සංවිධානය කටයුතු කළ බව චෝදනා නැඟුණා. ඒ වගේම මේ රජයත් පෙරළන්නද මේ හදන්නේ.

පිළිතුර :- අපට එහෙම කිසි අදහසක්‌ නැහැ. එහෙම කවුරු හරි හිතනවා නම් එය ලොකු වැරැද්දක්‌. මේ අය දෙමළ, මුස්‌ලිම් ඡන්ද ටික රටටත් වඩා ලොකු කරගෙනයි මේ වැඩ කරන්නේ. සිංහල දේශපාලන නායකයන්ගේ තිබෙන කුලල් කා ගැනීම, බලලෝභීත්වය අදූරදර්ශී බව නිසා මේ රට සිංහලයාට කවදා හරි නැතිවේවි.

ප්‍රශ්නය :- ඔබ වහන්සේට මේ වනවිට කොපමණ නඩු සංඛ්‍යාවක්‌ තිබෙනවාද?

පිළිතර :- දැන් නඩු පහළොවක්‌ දාසයක්‌ විතර ඇති.

ප්‍රශ්නය :- මේ නඩු කටයුතුවලට කොපමණ වියදමක්‌ යනවද?

පිළිතුර :- විශාල වියදමක්‌ යනවා. මේ දේවල් අපට දරාගන්න බැහැ. අපගේ නඩුවලට මුදල් නොගෙන ඉදිරිපත් වන නීතිඥ මහත්වරු ඉන්නවා. ඒ අයගේ හයිය නැත්නම් අපිට එල්ලෙන්න වැලේ වැල් නැතුව යනවා.

ප්‍රශ්නය :- ඇයි නෝර්වේ වලින් ලැබුණු සල්ලිවලට මොකද වුණේ?

පිළිතුර :- ඔහොම තමයි අපිට චෝදනා කළේ. අපිට ඔය කියන කාගෙන්වත් මුදල් හම්බ වුණේ නැහැ. මට මගේ වාහනේ වාරික ගෙවා ගන්න බැරිව පැත්තකට කරලයි තියෙන්නේ. බණකින් ලැබෙන කීයකින් හරි ඉඳහිට දායකයෝ දෙන කීයකින් හරි තමයි මේ සේරම කරන්නේ. ණයවෙලා තමයි මේ වැඩ කරන්නේ. අපේ වැඩපිළිවෙළට ගහන්න බැරි වුණහම අපේ පුද්ගල චරිතවලට මඩ ගහනවා. නෝර්වේ, සී. අයි. ඒ., රෝ එකේ සල්ලි ලැබෙනවා කියනවා. මේවා දැක්‌කහම අපට උදව් කරන දායකයෝත් අපිට මුදල් ඇති කියලා. දෙන කීයවත් දෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත.

ප්‍රශ්නය :- සිංහලයා වෙනුවෙන් වැඩ කරලා ඔබ වහන්සේ දැන් කලකිරිලා වගෙයි ඉන්නේ.

පිළිතුර – සිංහලයා වෙනුවෙන් වැඩ කරලා කවදාවත් හොඳක්‌ අහලා මැරෙන්න වෙන්නේ නැහැ. ධර්මපාලතුමාටත් ඒක තමයි වුණේ. අපිව කොහේ හරි මරල දැම්මොත් කොඩියක්‌වත් දාන්නේ නැති වේවි. ඒක තමයි බහුතරයක්‌ සිංහලයන්ගේ හැටි. ඒක එහෙම වුණත් අපිට ආදරය කරන සුළු පිරිසක්‌ ඉන්නවා. ඒ සුළුතරය හරි එක අරමුණක පිහිටුවලා වැඩ කරන්න ඕනෑ. ඒ රටේ අනාගතය වෙනුවෙන්.

ප්‍රශ්නය :- ඔබ වහන්සේගේ සංවිධානයේ පිරිස ඔබට අවනතද?

පිළිතුර :- මට ඕන නම් මේ රට එක පැයෙන් කළඹන්න පුළුවන්. හොඳටම මතක තියා ගන්න ඒ මට ඕන නම් පමණයි. නමුත් මම විශ්වාස කරන්නේ ගැටුමෙන් කෝලාහල තුළින් ලේ ගැලීමෙන් මේකට උත්තර හොයන්න බැහැ. ගහගන්නකම් අපි හැමදාම පරාදයි. ගහගන්න ඕන මතවාදිවයි.

ප්‍රශ්නය :- ඉදිරි මාස කිහිපය තළ අප රට තුළ ජාතිවාදී කෝලාහලයක්‌ ඇතිවිය හැකි බවට විදෙස්‌ බුද්ධි අංශයක්‌ රජයට දැනුම්දී ඇති බව සඳහන් වෙනවා.

පිළිතුර :- එහෙම අනතුරු ඇඟවීමක්‌ තිබෙනවා නම් මාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? රටේ නායකයන් ප්‍රශ්නයට මුල් වූ සැවොම එක මේසයකට ගෙනැවිත් සාකච්ඡා කරන්න ඕන නේද? සෝමාවතියේ චෛත්‍ය තිබුණ තැනක්‌ ඩෝසර් කර ගවමඩු ඉදිකරලා තිබෙනවා දැක්‌කාම සිංහලයෝ ලෙස ලේ කකියන්නේ නැත්නම්, එය රටට කියන්න බැරිනම් අපි මොක්‌කුද? ජාතිවාදී කෝලාහල ඇති කරන්න අපට ඕන නැහැ. වගකිවයුත්තන් නිහඬව සිටියදී මම විතරක්‌ අපේ සංවිධානය විතරක්‌ මේ ගැන කතා කරනකොට මහා සද්දයක්‌ වගේ එය පේනවා. ඒක තමයි ප්‍රශ්නෙ.

ප්‍රශ්නය :- මේ වගේ නින්දා අපහාස අවලාද විඳිනවාට වඩා හිරේ ගියා නම් හොඳ යෑයි හිතෙන්නේ නැද්ද?

පිළිතුර :- ඒ වගේ අපේ අතීත රණශූරයෝ හිතුවානම් මේ රට අපට ඉතුරු වේවිද?

වතුරට බහින්නේ නැතුව පීනන්න බැහැනේ. වගකිවයුත්තන් මේ ගැන කතා කරනවා නම් අපිට නියඬව ඉන්න තිබුණා. ඥනසාර හිමි මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා හිතන්න ඕනා. අපි කතා කරන්නේ වහාබ්වාදය ගැන මිසක්‌ මේ රටේ ඉන්න සමස්‌ත මුස්‌ලිම් ජනතාව ගැන නෙමෙයි. බෙල්ල ගියත් අපි සටන් කරනවා. එහෙම මැරෙන එක සැපයි.

– දිවයින

59,719 Viewers

48 Comments to “මට මේ රට එක පැයෙන් කළඹන්න පුළුවන්..- ඥාණසාර හිමි රහස් තැනක සිට මාධ්‍ය අමතයි..”

  1. Mahasona says:

    Malwatte Asgiriye maha ewun deshapalakayo dena dola pideni kaka ohe innawa misak rata genewath jaathiya genewath aagama genewath hithanne nehe. Eka thamai ape karumaya.

    • Mahasona says:

      කරුණාකර ගෞරවනීය සන්ඝයාවහන්සේලාට අවමන් නොකරන්න මේ මුස්ලිම් අන්තවාදීන්ට අනන්‍යතාවයක් නැත බොර නම් වලින් COMMENT කරමින් ගරුතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අපහාස කරයි ..ඔවුන් කරන වැරදි වසා ගැනීමට බෞද්ධයන්ට අවමන් කරමින් අපේ බෞද්ධ උරුමයන් විනාශ කරයි
      මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් වහාම අත්අඩංගුවට ගෙන රටින් පිටකළ යුතුයි මුස්ලිම් අන්තවාදය අපේ රට ජාතිය අගමැ විනාශ කිරීමට පැමිණි මෙලෙච්චේද යක්ෂයෙකි

      • Upali says:

        නානසාරට පක්ෂව මෙහි කමෙන්ට් දාන සියල්ලන්ම මුස්ලිම් අන්තවාදින්ය. මුස්ලිම් අන්තවාදය ප්‍රොමෝට් කිරීමට පල්ලි වලට ගල් ගැසීම කුණුහරුපෙන් බැනීම ආදිය සිදු කල යුතුය. එවිට මුස්ලිම් අන්තවාදින්ට පිටරටින් මුදල් ගලා එයි. එයින් කොටසක් රහසිගතව නානසාරට ලැබේ.

        • Amda says:

          මුන් වහන්සේත් නෝර්වේ ගිහින් “හොඳ” ඩයස්පෝරාව මුන ගැහුනානේ… තව ඉතින් මොන කතාද.
          මහින්ද මහත්තයගෙ මුස්ලිම් චන්ද ටික කඩන්නත් අපමන දායකත්වයක් දුන්නා.
          යුද්ධෙදි අපට උදව් කරපු අය අමතක කරන්න එපා. ඒත් ඒ අන්තවාදීන්ගෙ, ජාතිවාදීන්ගෙ උගුල් වලට අවු නොවී ඉන්න අපි දැනගන්න ඕනෙ.
          කපටිකම්, සම්‍යක්ප්‍රයෝග නැතුව වලන් කඩේ ගොනා වගේ ඒවා හැන්ඩ්ල් කරන්න බෑ.
          ඔක්කොටම කලින් හරක් මස් කන එක, මත් කුඩු පාවිච්චිය නවත්තන්න. ඒක තමයි උන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ග.
          හලාල් ලේබල් වර්ජනය කරන්න.
          අන්තවාදීන් සහ ඔවුන්ගේ ව්‍යාපාර හඳුනාගෙන ඒවා වර්ජනය කරන්න.

        • Saradiel says:

          අද අපේ ගෞරවනීය හිමියන්ට මුස්ලිම් අන්තවාදින් කරන හිරිහැර කරදර අපහාස අපි තරයේ හෙලා දකිමු වහාම මෙය නතර කරනු මුස්ලිම් අන්තවාදීන් වහාම අත්අඩංගුවට ගෙන නිතිය ඉටුකරනු ..මොකද්ද මේ අවනීතිය ?
          මේ අසාධාරණ කටයුතු වහාම නැවැත්විමට වත්මන් ආණ්ඩුව පියවර ගත යුතුයි
          සිංහල බෞද්ධයෙනි මේ අන්තවාදී මරක්කලයන්ට විරුද්ධව කටයුතු කරව් බලා සිටීමට කාලයක් නැත
          අද අපේ රටේ ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට ඔබත් . රටේ සෑම සිංහලයකුටම මේ අසාධාරණයට අවනිතියට මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑම් වලට යටත් වීමට සිදුවනු ඇත …සිංහල බෞද්ධයෙනි ඇස් ඇර බලව් ,පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේ සිංහලයාට මෙතරම් පැහැදිලි කලේ අපේ රට වේගයෙන් මුසල්මානුකරණය වෙමින් පවතින නිසයි ..රටේ බලය දැන් අන්හවාදී මුස්ලිම් ඇමතිලා අතේය ..පාලකයා රූකඩයක් වී ඇත ..මේ රෙජීමය දැන් පාලනය කරන්නේ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් සහ ජාතිවාදී දෙමළුන් ට අවශ්‍යතා පරිදිය
          සිංහලයිනි! නින්ද්‍රශීලිව එක්ව මිය යමුද ? නොඑසේනම් එක්ව ජයගමුද ? ජාතිය ගැලවීමට නොහැකි තරමට සිංහල ජාතිය අවදානමකට ලක්වී ඇත. දේශීය ව්‍යාපාර සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී. ව්‍යාපාරික ශාක්‍යතාවය සිංහලයාගෙන් ඈත් වෙමින් පවතී. නගර තුල ඉඩම් අයිතියත් භුමියේ හිමිකමත් සිංහලයාට අහිමි වෙමින් පවතී. ජාතියේ දු දරුවන් අසිංහල කරණයට ගොදුරුවෙමින් ඇත. . තව කෙතෙක් මේවා ඉවසා දරා සිටින්නද! ජාතිය විජාතිය හමුවේ අවදානමේය
          මොණරවිල කැප්පෙටිපොල, වීරපුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වැනි වීර මුතුන් මිත්තන්ගේ දරු මුණුබුරන්වන අප කර මත පැටවී ඇති ජාතික යුතුකම ඉටු කිරීම තවත් කල් මැරිය නොහැකි තැනකට ජාතිය තල්ලූ වී ඇත.භූමිය යනු ජාතියේ අත්තිවාරමයි. අප සිංහලයින් වූයේ භූමිය සිංහලය වූ නිසාය. භූමිය සිංහලය නොවී අප සිංහලයින් වූයේ නැත.මැදපෙරදිගින් පොම්ප කරන මුදලට සිංහල දේශයේ ඉඩම් අසිංහලයින්ට නතු වෙමින් පවතියි.සිංහල නීතියට යටත්ව ලබාගත් ඉඩම්, නින්දගම් යලි පවරා ගැනීමට හඩ ~නගමු, පෙළ ගැසෙමු. උපන් බිමේ සරණාගතයින් බවට පත් කරන මුසල්මානු ඉඩම් කොල්ලයට එරෙහිව නැගී සිටිමු.

          • nuwan says:

            විනිසුරැ සරත් අබේපිටිය විනිසුරැතුමාව වෙඩි තබා ඝාතනය කළ නවුෆර් වෙනුවෙන් කෝටි ගාණට පෙනී සිටි අයම බෝධිසත්ව ඥානසාර වෙනුවෙන්ද පෙනී සිටීම දෛවයේ සරදමකි. අහෝ ඛේදය…වන්නේ ආණ්ඩුව සමග හෝ විජේදාස සමග ඩීල් දමා ගත හොත් පමණක් මේ නඩුවෙන් ගැලවිය හැකි බවත්, නැත්නම් නව්ෆර්ට අත් වූ ඉරණමම අත්විය හැකි බවයි. බලා සිටිමු ඇස් පනා පිට වු දෙය අපහාසයක් නොවෙයිද කියා…..

    • Mahasona says:

      කරුණාකර ගෞරවනීය සන්ඝයාවහන්සේලාට අවමන් නොකරන්න මේ මුස්ලිම් අන්තවාදීන්ට අනන්‍යතාවයක් නැත බොර නම් වලින් COMMENT කරමින් ගරුතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අපහාස කරයි ..ඔවුන් කරන වැරදි වසා ගැනීමට බෞද්ධයන්ට අවමන් කරමින් අපේ බෞද්ධ උරුමයන් විනාශ කරයි
      මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් වහාම අත්අඩංගුවට ගෙන රටින් පිටකළ යුතුයි මුස්ලිම් අන්තවාදය අපේ රට ජාතිය ආගම විනාශ කිරීමට පැමිණි මෙලෙච්චේද යක්ෂයෙකි

    • Saman Madampe says:

      අපේ සිංහලයේ සඟ රාජ, අප ඔබ සමගයි.

      • OLU says:

        අප මීට වසරකට දෙකකට කලින් බොදු බල සේනාව කළ හෙළිදරව් කිරීම් අද යථාර්ථයක්‌ බවට පත්වෙලා. මෙම ත්‍රස්‌ත කල්ලි පිළිබඳ හෙළි කරද්දී ඒවා පිළිබඳ රජය කිසිම සොයා බැලීමකට ලක්‌ කළේ නැහැ දැන්වත් වත්මන් රෙජීමය සිංහල බෞද්ධයන්ගේ හඬට සවන් දිය යුතුයි අ න්තවාදී මුස්ලිම්කරණය දිනෙන් දිනම ඉස්ලාම් ව්‍යාප්තවාදය විසින් ශ්‍රී ලාංකීය භූමිය, සංස්කෘතිය, ආර්ථිකය හා ජන සමාජය අමු අමුවේම ගිල ගන්නා තත්වය තුල සිංහල ජන මනසේ අනාගත හම්බස්ථානය සේයාවන් හොල්මන් කරවන මානසිකමය ක්‍රියාදාමයන්ද නො අඩුව සිදුවෙමින් පවතී.අද දේශපාලකයින් නිදාගෙන සිටිද්දී මුස්‌ලිම් අන්තවාදය සීඝ්‍රයෙන් පැතිරෙනවා රටේ බොහෝ ප්‍රදේශ මුස්‌ලිම්කරණය වෙමින් තිබෙනවා. පාලකයින්ට නොපෙනුනාට රට විශාල අනතුරකට ලක්‌ වෙමින් තිබෙනවා.
        යහපාලන රජයේ රිෂාඩ් බිදියුදීන් අද ඔවුන්ගේ නිජ භූමියක්‌ ගැන කතා කරමින් විල්පතු වනරක්ෂිතය විනාශ කරමින් නැගෙනහිර මුස්ලිම් කොළණි බිහිකරනවා බොදුබල සේනා ඇතුළු සිංහල බෞද්ධ සංවිධාන… මුස්‌ලිම් අන්තවාදය ඇතුළු අනෙකුත් අන්තවාදයන් ගැන මතු කර ඇති කරුණු පිළිබඳ වහාම සොයා බැලීම මේ ආණ්ඩුවේ වගකීමයි ..බොරු චෝදනා නගමින් මුස්ලිම් අන්තවාදයට එරෙහි සිංහල බෞද්ධ සංඝරත්නය,සිංහල බෞද්ධයා අත්අඩංගුවට ගැනීම වහාම නතර කල යුතුයි

      • Ashantha says:

        Ane Moda Saman, me Moda chuun daana Nanasara ge chaatu katha walata ahuwenna epa bole.

  2. KiriBanda says:

    Moowa kudalan karala hire danna ona. moo ape boudhaagamata niga karanawa.

    • Alapaluwa says:

      බන්ඩෝ ඒ විදියට කථා කරන්න එපා මේ හිමි නමව කුදලාගෙන ගිහින් හිරේ දමන්න ඕනේ කියනඑක. ජාතිය ආගම රට ගැන කැක්කුමකින් කථාකරන නිසාද ඒ වැඩේ කරන්න අවශ්‍ය? මේ දැන් අනික් බලවේග නැගිටින්න හදන වේලාවට කවුරුහරි සිටිය යුතුයි අප වෙනේවෙන් පෙරමග ගන්න නැතුව බණ්ඩා එනවද මේ රාජකාරිය කරන්න එක නිසා මේ විදියට හැසිරී නිකම් ළාමකවන්න එපා.බලන්න තම්බි අනිත් පැත්තෙන් දෙමළු තව පැත්තකින් මුන් ඔළුව ඔසවමින් සිටින මොහොතක අපි සියළුදෙනාම බණ්ඩා විදියට සිතුවොත් මොකද වෙන්නේ? ගොළුබෙල්ලා වගේ කට්ටේ ඇතුළට රිංගන්ඉන්න එකද හරි.සිතන්න චුට්ටක් මොළේ ඇති සැටියෙන්.

    • SAPU says:

      Shut your mouth fanatic muslim idiot ..Never insult Ven. Monks ..This is Sinhalese Buddhist Motherland

    • බන්ඩා says:

      ඒය් කිරිබන්ඩෝ, උඹ බොරැ සිිංහල නම් වලින් ලියන හම්බයෙක් නේද?

  3. Kamal says:

    ඡන්ද හයසිය ගානක් ගත්ත එකා රට කළබන්න කතාව. දැන්නම් කෙහෙල් ගහට කොටල වගේ.

    • sunimal says:

      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය ..පාද පුර්ව නමස්කාරය
      ගෞරවනීය හාමුදුරුවන්ට ඉක්මන් සුවය දළදා සමිදු පිහිටෙන් ලැබේවා !!!
      අපේ රට ජාතිය ආගම රැකීමට බොදුබල සේනාවට ධෙෙර්ය ශක්තිය ලැබේවා

      • Kamal says:

        සිංහල ජාතියේ උත්තමාචාරයලු ඒ වුණාට හැංගිලා සිංහල පොලිසියට බයේ 😀

        • SAPU says:

          Kamal
          පලයන් බූරුවෝ යන්න ..මේ සිංහල බෞද්ධ රටක් ඇයි බයවෙන්නේ ..මේක අපේ රට …යමපාලනය ගියදාට අන්තවාදී හම්බයන්ගේ බලු වැඩ ඉවරයි අපේ සංඝයාවහන්සේලාට උත්තමාචාරය පුදන්නේ නැතුව කාට පුදන්නද ? මේ රට අවුරු 2600 රැකගත්තේ පෝෂණය කලේ බෞද්ධ සංස්කෘතියෙන් උතුම් සංඝයාවහන්සේලා ..උබලට අපේ රටේ සමගියෙන් ජිවත් වීමට නොහැකිනම් මුස්ලිම් රටවලට පලයව් අපිට පව් නොදී

        • Alapaluwa says:

          නමින් කමල් යැයි කියුවට කථා කරන්නේ නම් කමල්හසන් කෙනෙකු විදියටයි. කවුද කියන්නේ සිංහල පොලිසියක් තියනවා කියලා එහෙම එකක් තිබුණා ඒ ඉස්සර ඉතිහාසේ එක මරලා ගොඩක් කල්. දැන් තිබෙන්නේ සක්කිලියන් පාලනය කරණ කැලා නීතියක් සහා හරක් රෑලක් විතරයි.මෝඩයෙක් වගේ මෙතන කොටන්න එන්න එපා.අනේක මෝඩයෙක් වගේ මේ වැඩ කරන්නත් බැ ප්‍රථමයෙන් සංවිධානත්මක වෙන්න ඕනේ නිසිකළට නිසිදවසට එළියට එවි.කමල්හසන් භය නැතිව ඉන්න. නැතුව මේ අමණ ගොන් රෑලක් පාලනය කරණ ගවමඩුවකට එකවර ගොඩවෙන්න බැ.මේ කියන පොලිසියේ ඉන්නේ මොලේ විකුර්ථ වුනු ගොන් හරක් ගොඩක්.ඒ ගොඩකට එකවර පැමිණීම කලනොහැකියි.

        • Asantha says:

          ව්‍යාජ මුස්ලිම් විරෝධයක් මවමින් නෝර්වේ ඩොලර් කුට්ටියට ලොල්ව මහින්ද මැතිතුමාව පරාජය කිරීමට කොන්ත්‍රාත් ගත් ඥානේ උබට දැන් කරපුවා පල දෙනවා නේද?

    • Saman Kula says:

      Chande nodunne Hamuduruwo deshapalanaya karanwata akamathi nisai. Namuth mun wahansege mathawaadaya ekka api innawa….Api Oba wahanseta keekarui.අපේ සිංහලයේ සඟ රාජ, අප ඔබ සමගයි.

  4. සුමේද says:

    අපිට නම් කියන්න තියෙන්නේ ඉතා සරල කියමනක් චන්ද විසිදාහක් ගත්තත මෙයාලට , රට පෙරලන කට්ටිය මෙහෙම කියව කියව ඉන්නේ නෑ ,

    බුරන බල්ලා සපා නොකයි !!

    • Joy says:

      KiriBanda ,සුමේද,, KAMAL Idiot හම්බ රැලටයි
      අන්තවාදී හම්බයෝ ,ඇයි උබේ මුස්ලිම් නමින් වලින් comment නොකරන්නේ , ලෝකයටම පිලිළයක් වූ
      ඉස්ලාම් බව පෙන්වන්න බයද ?
      උබලා කවුද අපේ ගරුතර හාමුදුරුවන්ට පහත් විදිහට කතා කරන්න
      මේ රට සිංහල බෞද්ධ රටක් මුස්ලිම් රටක් නොවේ සිංහලයින් සමගින් සමගිව සිටීමට බැරි නම් පලයන් ආව රටට …අපේ රටේ මුස්ලිම් අන්තවාදය පතුරවන්න අපි ඉඩ දෙන්නේ නැහැ
      අල්ලාහු අක්බාර් බුරපල්ලා 5 පාරක් හදට ..කප පල්ලා සතුන්ගේ බෙල්ල ..එකනේ උබලගේ දහම …

      • Kamal says:

        අනේ බොල නරියෝ උබේ ඔය ජෝයි කියන නම සිංහල එකක්ද උබේ තාත්ත සුද්දෙක්ද? මුස්ලිම් පල්ලි වලට ගල් ගහලා පාර දිගේ කුණුහරුපෙන් බැනලා මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන්නෙ කවුද අනුකම්පාව අරන් දෙන්නෙ කවුද? මේ හොර චීවරදාරියා වගේ මුස්ලිම් එවුන් පාර දිගේ ඩෙඟා නටනවද? යන ගේමක් යන්නෙ රහසිගතව. ඒවා හොයන්න බුද්ධි අංශ තියෙන්න ඕනා. මේකා කරන්නෙ උබල වගේ හරක් ෆෝම් කරල ආධාර අරන් විස්කි ගහන එක.

        • Joy says:

          @හම්බ Kamal
          අනේ බොල බූරුවෝ උබේ ඔය කමල් කියන නම සිංහල එකක් නේද ? උබේ තාත්ත අන්තවාදී හම්බයෙක් නොවේද ? මොහොමඩ් නමට ලජ්ජද ?
          ,JOY කියන්නේ ‘ සතුට’ ඒකට ජාති බේදයක් නැහැ ඒක වත් තේරුම් ගන්න බැරි බුරුවෙක් උබ .ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියක් ..
          අන්තවාදී හම්බයෝ කියන්නේ සතෙකුටවත් නිදහසේ සිටීමට ඉඩ නොදෙන ජාතියක් ඉස්ලාම් අන්තවාදීන් ලොව පුරාම මිනිමරනවා උබලාගේ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන් ,ජිහාඩ් කරන විට ඔලුව කුඩුවෙද්දී සිහිකරන්නේ මොහොම්මඩ් කිව්ව පරාදිසේ කන්‍යායාවියන් 72 ගැනලු නේද ?මේ වගේ බුරු රැලක්
          මුස්ලිම් දරුවන්ගේ අධ්යාපනය සදහා වෙන් වූ මද්රසා සහ අරාබි මූලධර්මවාදී විදුහල් රට පුරා ස්ථාපිත කරමින් පවතන අතර මේවායේ ගුරුවරුන් ලෙස කටයුතු කරන බහුතරයක් සෞදිය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ දැඩිමතධාරී ඉස්ලාමීය මුලධර්වාදීන් ය. මේවායෙන් බිහි කරන අන්තගාමි ආගමික උන්මත්තකයන් තමන්ගේ මතවාදය වෙනුවෙන් ඉස්ලාමීය සමාජයත් සිංහල බෞද්ධ සමාජයත් වනසා රටත් ලේ විලක් කරන දිනය වැඩි ඈතක නොවේ. සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය දෙකඩ කරමින් මේ ඇවිළෙමින් පවතින්නේ ඒ ගැටුමයි. මුස්ලිම් අන්තවාදය මුස්ලිම් සමාජයම විනාශ කරන උවදුරක් බව ඇස් පනා පිට පෙනෙත්දීත් මුස්ලිම් අන්තවාදයේ ගොඩ් ෆාදර්ලා වන අසාත් සාලි රාවුෆ් හකීම් වැනි ද්‍රෝහීන් මේ රටේ මුස්ලිම් වරුන් අන්තවාදීන් නොවන බවත් මුස්ලිම් අන්තවාදයක් මේ රටේ නැති බවත් පවසති. මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවේ යැයි කීම ගනිකාවන්ගේ කන්‍යාභාවයට සහතික දීමට නොදෙවෙනි ක්‍රියාවකි.
          මුස්ලිම් අන්තවාදය හුරතල් කරන මුන් අනිත් අතට හැරී මුස්ලිම් අන්තවාදීන්ගේ ගැටුම් බෞද්ධ සංවිධානවල ගිණුමට බැර කරති. අරාබි මාධ්‍යවලින් ප්‍රචාරය කර අරාබි ත්‍රස්තවාදීන් කුපිත කර උන්ගෙන් අරමුදල් ගරති. ඒවා මේ රටේ අන්තවාදය තර කිරීමට යොදවති. අරාබි හාම්පුතුන්ගේ තෙල් සල්ලි බලයෙන් නිවට සිංහල දේශපාලුවන්ද නම්මවාගෙන සිංහල බෞද්ධයන්ටම බුරති.

          • Kamal says:

            ජොයි කියන්නෙ සතුටද? ඔබට සතුටුයිද දැන්? නානසාරට තව සල්ලි යවපන් ඌට විස්කි ගහන්න. නොදකින් තෝ වගේ ගොබ්බ ගොන් හරකෙක්. මට දැන් සැකයි උබ මුස්ලිම් අන්තවාදියෙක්ද කියලා මොකද මුස්ලිම් අන්තවාදියො නානසාර කරන දේට කැමතියි. උන්ව ප්‍රොමෝට් වෙන්නෙ ඒකෙන්.

      • Kamal says:

        අනේ බොල නරියෝ උබේ ඔය ජෝයි කියන නම සිංහල එකක්ද උබේ තාත්ත සුද්දෙක්ද? මුස්ලිම් පල්ලි වලට ගල් ගහලා පාර දිගේ කුණුහරුපෙන් බැනලා මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන්නෙ කවුද අනුකම්පාව අරන් දෙන්නෙ කවුද? මේ හොර චීවරදාරියා වගේ මුස්ලිම් එවුන් පාර දිගේ ඩෙඟා නටනවද? උබෙ යන ගේමක් යන්නෙ රහසිගතව. ඒවා හොයන්න බුද්ධි අංශ තියෙන්න ඕනා. මේකා කරන්නෙ උබල වගේ හරක් ෆෝම් කරල ආධාර අරන් විස්කි ගහන එක.

      • කුවේණි says:

        අඩෝ උඹලගේ මහා එක අවේ කොහෙන්ද ? ඉන්දියාවෙන් නේද ? ඉතින් පලයන්ක් අපිට පව් නොදී ……තොහෙගේ හිගන රටටම …..!!!

        • වාසල says:

          අපිට පවු ෙනාදී පලයව් හම්බ
          ්‍රෑල

  5. The Maha Sangha PLEASE CHASE OUT this sakkaili eelam brapathi YAMAPLANAYA out of our motherland SOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOON!

  6. Jay says:

    Is this bloke a Buddhist monk? Where is awa hinsa wadaya” in him. Should be locked up indefinitely by brocasting hatrad messages

    • Nana says:

      True, It is against Buddha preaching. But same time why dont you ask Muslims to stop destroying temples etc…

  7. Suba Anagathayak says:

    මහින්ද කඳවුරට හිතවත් අය මේ හාමුදුරුවෝ නිසා මහින්ද ආණ්ඩුවට වැදුන පහර තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ හාමුදුරුවෝ කා වෙනුවෙන්ද මේ පාරට බැස වදාරන්නේ කියලා. මූ නිසා බෞද්ධ ජනතාවට සිදුවෙන නිගරුව, මුස්ලිම් අන්තවාදයට සැපයෙන තල්ලුව සහ මහින්ද දේශපාලන කඳවුරට ඇතිවෙන හානිය දිහා බලපුවාම කියන්න තියෙන්නේ අනේ නිකං හැමනෙන්නේ නැතිව පලයන් හාමුදුරුවනේ කියන එක විතරයි.

    • JP says:

      අපේ සිංහලයේ සඟ රාජ, අප ඔබ සමගයි.

      • හෙළයා says:

        මුස්ලිම් අයට ගහන්න යන සංඝ රාජ කෙනෙක් ගැන මම මේ ඇහුවාමයි. මුස්ලිම් අන්තවාදය ඇත්තයි. ඒත් ඔව්වා මොලෙන් මිසක් ඇඟේන් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි.ඒ බව තේරුම් අරන් හැගීම් වලට වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කරන්න සිංහලයා හිතට ගත යුතුයි.

  8. lakmalie says:

    buddagamatah nindavak me yaka

  9. Shashini says:

    Buwahaaaaaaa

  10. Kamaladsa says:

    This junta guy is not a MONK, but a JUNK. Get him and forward to courts. He thinks he can do anything. Hey, Monk, need to respect the country’s law.

    • ගිරවා says:

      Shut your fanatic mouth idiot muslim guy Kamaladsa ,,Why you insulting Ven ,Buddhist Monks
      Go to hell with your Allah

  11. Lanka says:

    awilla minisunta Udawkaranna Hamuduruwane!!

  12. Lanka says:

    awilla minisunta Udawkaranna Hamuduruwane

  13. Lanka says:

    119/ call karanna iwaray, boruwa karanne netuwa

  14. ජීවමාන සක්‍ර දෙවිදුන් ඔබවහන්සේලා ආරක්ෂා කරගනීවී. බුදු සරයී

  15. hambayek says:

    ane sara obawahannse dagalannda dagalannda dewasapa ratata galay, ahisaka minisun ganwathurta yatawela.

  16. sakkaraya says:

    obata dewiyangema pihitay

  17. malraj says:

    ane yakoo….hitan hutan….

Main News