මත්තල ගුවන් තොට සමග අක්කර 64,000ක් (හැට හතරදාහක්) ඉන්දියාවට කුණු කොල්ලෙට.. තීන්දුයි..

July 16, 2018 at 9:20 am | lanka C news
මත්තල ගුවන් තොට සමග අක්කර 64,000ක් (හැට හතරදාහක්) ඉන්දියාවට කුණු කොල්ලෙට.. තීන්දුයි..

මත්තල ගුවන් තොටුපල සදහා වෙන්කර තිබූ අක්කර 1600ට අමතරව තවත් අක්කර 24000ක් අදාළ ඉන්දියානු සමාගමට ලබාදීමටත් ඊට අමතරව තවත් අක්කර 40,000ක පමණ ගුවන්තොටපල ආශ්‍රිත භූමිභාගයක් ආරක්‍ෂිත කලාපයක් ලෙස එම සමාගමට වෙන්කර දීමටත් ආණ්ඩුව එකග වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක්!

පසුගිය රජය විසින් මත්තල ගුවන්තොටුපළ සැලසුම්කොට ඉදිකරනු ලබන්නේ මූලික වශයෙන් ජාතික උපායමාර්ගික අරමුණු දෙකක් ඉටුකර ගැනීම සඳහා ය. පළමුවැන්න, ලෝකයේ ප්‍රධානතම වරායවල් 10 අතරට ගැනෙන විශාලතම වරායක් වන හම්බන්තොට වරායට සහ ඒ ආශ්‍රිත අයෝජන කලාපයට ගුවන්සේවා සැපයීම ය. දෙවැන්න ඕනෑම රටක මූලික ජාතික අවශ්‍යතාවක් වන දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස භාවිතා කිරීම ය. එම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව නව ගුවන් මාර්ග රාශියක් ආරම්භ කිරීමේ හැකියාව ද විශේෂ තත්වයකි. ඒ මගින් ගුවන්යානා ගොඩබෑමක් සිදු නොවූව ද ගුවන් මාර්ගයේ ගමන් කරන යානාවලින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිතා කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු ශ්‍රී ලංකාවට ලැබේ. ඒ මගින් ගුවන්තොටුපළ සම්පූර්ණයෙන්ම නඩත්තු කළ හැක.

දැනටමත් එවැනි නව ගුවන්මාර්ග 07ක් ආරම්භ වී ඇති අතර මත්තලට ඉහළ අහස භාවිතා කරමින් මාසයක් තුළදී ගුවන්යානා 150ක් පමණ පියාසර කරයි. ඒ නව ගුවන් මාර්ග නිසා ඕස්ට්‍රෙිලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් යුරෝපයට සහ මැදපෙරදිගට පියාසර කරන සහ ආපසු පැමිණෙන යානාවලට ගමන් දුර කෙටි වන අතර පිරිවැය අඩු වේ. එසේම ඒ මගින් හදිසියකදී භාවිතා කිරීම සඳහා රැගෙන යායුතු ඉන්ධන බර ප්‍රමාණය අඩුවීම මගින් ද පිරිවැය අඩු වේ. ඒ සියලු වාසිදායක තත්වයන් ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ මත්තල ලෝක සිතියමේ පිහිටා ඇති ස්ථානය නිසා ය. එම පිහිටීම නිසා මත්තල ගුවන්තොටුපළ ගෝලීය මට්ටමින් උපායමාර්ගිකව වැදගත් මර්මස්ථානයක් බවට පත් වේ.

එපමණක් නොව හදිසි අවස්ථාවකදී කටුනායක මඟහැර ගොඩබෑමට ගුවන්තොටුපළක් තිබීම නිසා කටුනායක ගුවන්තොටුපළට ද වැඩි වාසියක් ලැබේ. විශේෂයෙන්ම A380 නම් වූ විශාල ප්‍රමාණයේ ‘එයාර් බස්’ යානා සම්පූර්ණ මගී බර සහ භාණ්ඩ බර සහිතව ගොඩබැස්සවීම සහ ඉහළට එසවීම කළ හැක්කේ මත්තල ගුවන්තොටුපළ යොදා ගනිමිනි. වර්තමාන රජය විසින් මත්තල එම පහසුකම් තිබියදී එම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කිරීමට සිදුවූ මුදලින් අඩක් වැයකොට කටුනායක ගුවන් පථය පුළුල් කරනු ලැබීය. මත්තල ගුවන්තොටුපළ අවතක්සේරු කිරීම සඳහා එවැනි වැරදි ආයෝජනයක් සිදු කළ ද සම්පූර්ණ බර සහිතව එම විශාල ගුවන්යානා ආරක්‍ෂිතව කටුනායකට ගොඩබෑමේ ගැටළුවක් පවතියි.

මෙතරම් වටිනා ජාතික සම්පතක් හිස් ගුවන්තොටුපළක් ලෙස හඳුන්වමින් අවතක්සේරු කරන්නේ ඉන්දියාවේ උවමනාවට බව දැන් පැහැදිලි වේ. ඕනෑම රටක පාලකයින් විසින් රටේ ජාතික සම්පත් මුග්ධ ලෙස අවතක්සේරු කොට විකුණා දැමීම සිදු කරන්නේ නම් එය පහත් මනෝභාවයක් ලෙස හැඳින්විය හැක. එම මනෝභාවය වඩා හොඳින් ප්‍රකට වූයේ ගුවන්තොටුපළේ නාම පුවරුවේ සඳහන් නම පිළිබඳව පවතින වෛරය පිරිමසා ගැනීම සඳහා එහි වී ගබඩා කිරීම තුළිනි. එම අධම ක්‍රියාව නිසා මත්තල ගුවන්තොටුපළ සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නැවත ලබාගැනීමට සිදු විය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කරනු ලැබූ සමස්ත මුදල ඩොලර් මිලියන 230ක් බව පැවසේ. එම මුදල එම ජාතික සම්පතට අදාළ උපායමාර්ගික වැදගත්කම අනුව සලකන විට “සොච්චම් ආයෝජනයක්” ලෙස සැලකිය හැක. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියලේ අගය පහත වැටීම නිසා විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසරකට වැයවන අමතර මුදල එම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය වූ මුදල මෙන් දෙගුණයකි. එනම් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිවැරදි වූවානම් සතයක් හෝ ණය නොගෙන මත්තල වැනි ගුවන්තොටුපළ දෙකක් වසරක් තුළදී ඉදි කළ හැකි ය.

ණය ගෙවීමට නොහැකි නිසා මත්තල විකුණන බව පැවසීම පට්ටපල් බොරුවක් පමණක් නොව “යාචක ප්‍රකාශයක්’ බව ද කිව යුතු ය. කිසිදු ගැටළුවක් නොමැතිව එම ණය ආපසු ගෙවමින් සිටින්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ආදායම් වලිනි. එම “සොච්චම් ණය” භාණ්ඩාගාරයට බරක් වූයේ නැත. මෙම ගුවන්තොටුපළ සතු උපායමාර්ගික වටිනාකම අනුව ඕනෑම දුබල රජයක් වුව ද එය විදේශ රාජ්‍යයකට පවරා නොදිය යුතුය යන තීරණය ගැනීමට පසුබට නොවනු ඇත. මත්තල විකිණීමේ මනෝභාවය දුබලකම ඉක්මවා යන දේශපාලන යටත්වීමක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

මෙම ගුවන්තොටුපළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව ඒ සඳහා වෙන්කර තිබූ තවත් අක්කර 24000ක් ද අදාළ ඉන්දියානු සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ වී ඇත. ඊට අමතරව තවත් අක්කර 40,000ක පමණ ගුවන්තොටුපළ ආශ්‍රිත භූමිභාගයක් ආරක්‍ෂිත කලාපයක් ලෙස එම සමාගමට වෙන්කර දීමට රජය එකඟතාව පළකොට ඇති බව වාර්තා වේ. මුහුදු වෙරළ දක්වා විහිදෙන එම කලාපයට අදාළ මැනුම් කටයුතු හෙවත් සිතියම් සකස් කිරීමේ කටයුතු ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් පින්තුර ආශ්‍රිත තෙරතුරු යොදා ගනිමින් යම් පෞද්ගලික සමාගමක් මගින් සිදු කෙරෙන බවට ද තොරතුරු වාර්තා වේ.

ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක සහ විදේශ ලේකම් ශිවශන්කර් මෙනන්ගේ “ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ ඇතුළාන්තය” නැමැති ග්‍රන්ථය අනුව ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට සැතපුම් 14ක් දුරින් නැංගුරම්ලා ඇති ගුවන්යානා රදවන නෞකාවකි. ඒ අනුව දැන් ඉන්දියානු “රෝ” ඔත්තු සේවාව සූදානම් වන්නේ වාණිජ සමාගමක් හරහා එම නෞකාව මිලදී ගැනීමට ය. මත්තල ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම බදු ගිවිසුමක් ලෙස හැඳින්වුව ද එය වසර 99 දක්වා දිගුවක් බැවින් නීතිමය සහ ප්‍රායෝගික තත්වය විකුණා දැමීමකට සමාන වේ.

ඒ අකාරයට චීනයට බදු දී ඇති වරායට කිලෝ මීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තුසේවා විසින් මෙහෙයවන ගුවන්තොටුපළක් තිබීම තුළින් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටළුකාරී තත්වයක් පැනනගින බවට සැකයක් නැත. විශේෂයෙන්ම පසුගිය කාලයේදී ඩොක්ලාම් දේශසීමාව ආශ්‍රීතව චීන සහ ඉන්දියානු හමුදා මුහුණට මුහුණ සිට ගැනීම මගින් ඇති වූ බියකරු තත්වය අනාගතයේදී ශ්‍රී ලංකා භූමියේදී සාමාන්‍ය දෙයක් බවට පත්විය හැක. විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත්‍රිකුණාමල වරාය, පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය ආශ්‍රීතව ‘පය තබා ගැනීමට’ ඉන්දියාව විසින් ගනු ලබන ප්‍රබල උත්සාහය හමුවේ තත්වය වඩා බරපතළ වනු ඇත.

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් සහ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇත. එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැගීසිටිය යුතු බව අවධාරණය කරමි.

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

12,726 Viewers

15 Comments to “මත්තල ගුවන් තොට සමග අක්කර 64,000ක් (හැට හතරදාහක්) ඉන්දියාවට කුණු කොල්ලෙට.. තීන්දුයි..”

  1. UNP GAL IBBA says:

    ආර්තිකය නගා සිටුවනවා කියා දකුණු ආසියාවේ සුපිරි ගොං මොලකාරයාගේ වැඩ මෙහෙමත් මීහරක් රැලක් එක සැරේටම මුලු රටම විකුනපිය එතකොට තොපිට නියමයමටම නිඳයයි???

    • Wijebahu says:

      Ethakota Ranilge ando amaruwatada mewa denna wela thiyrnne? Na athha Rajapasa gahapu sudu Ali nadathhthu karaganna bari ekai.

      • OLU says:

        කොටි සමයේ බලන් ලංකාවට ඇතුළු වී උතුරේ කැලා කපා ඉන්දියාවට පටෙව්වා දැන් මත්තල ඉන්දියාවට විකුනුවිට මුළු මත්තල අවට කැලා සතුන් පමණක් නොවේ පස් ටිකත් ඉන්දියාවට අරන් යයි ..මේ ආණ්ඩුව ඉක්මනින් ඉවත් නොකලොත් සිංහලයා ට සිදුවන්නේ මුහුදට පනින්න
        ඉන්දියාව මත්තල දීම තරම් ජාතික අපරාධයක් ලක් ඉතිහාසේම නැත …විල්පත්තුවේ කැලා කපා මැදපෙරදිගට පටවනවා
        නැගෙනහිර අන්තවාදී මුස්ලිම් කොළණි රජයේ ඇමතිලා ගොඩනගනවා ,උතුරේ කොටි හිතවාදීන් රජ වෙලා LTTE ත්‍රස්තවාදය නැවත නැගිටිනවා , රටේ ජාතික සම්පත් විදේශ රට වලට විකුනනවා ..කුමක්ද මේ සිදු වෙන්නේ ?
        පබයෙක් සහ බටලන්දේ වාදකයා එක්වී දි යවන්නාවේ මීහරක් රැලක් සමගින් අපේ රට අගාදයට අරන් යනවා
        සිහලුනේ උබලගේ ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද අපේ රටට සිදුවන විනාශය නොපෙනෙන්නේ ?
        මේ සිංහලයා සතු ලෝකයේ එකම මව් බිම නේද ?

        • darshana says:

          චීනගේන් ජරාව කාල බිලියන ගනන් නය වේලා අදායමක් නැති වියාපෘති කරල රට පරම්පරා ගානකට ණය කරල දැන් එනව රට බේරගන්න එක ගැන කතා කරන්න අපේ දෙපල චීනට සින්නකරම ලියල දුන්න එවුන්.

        • නයා says:

          විකුණනවයි, බදු දෙනවයි අතර වෙනස නොදන්න බයි වහල්ලු.
          මේ කරන්නෙ බදු දෙනඑක.බද්ද අවසානයේ මේ දේවල් අපේ රටටම අයිතියි.
          විකුණනවා කියන්නේ රටට අයිතියක් නැතිව සින්නක්කරව දීලා දානවා කියන එක.පර්සි මහේන්ද්‍ර ඩොලර් කුට්ටි අරන් ශ්‍රැන්ගිලා විකුණුවෙ. අන්න ඒ වගේ.

      • Ellepola says:

        Don’t comment on almost everything in support of you bling faith.

        Speak with facts and figures since you supposed to be having a brain.

        Do you think that MR compelled Ranil to take over the government? Ranil spread all the lies and fabricated stories to grab the power in addition to robbing the Central Bank to finance his election campaign.

        If Ranil cannot govern the country, then at any time he can handover it to someone who can manage without selling the national assets..

        • Vasana says:

          ‘මත්තල විකිණීමේ තීරණය හකුළා ගන්න එයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු
          සිරිසේන-රනිල් රට පාලනය කිරුඉමට නොහැකිනම් පාර්ලිමේන්තුව විසුරුවාහැර ගෙදර යන්න
          අපේ රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා, ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරු කරමින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීම නතර කරනු මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකිණීම, ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් වහාම මෙය හකුලා ගනු

          • පබා says:

            හිනා යනව බන්, උඹලා විකිණීම හා බදු දීම අතර වෙනස දන්නවද? අඩුම තරමේ මේ දෙක එකක් නෙවෙයි කියලාවත් දන්නවද?
            විකුණනවා කියන්නෙ අර බයියගෙ ආණ්ඩුව කාලෙ ශ්‍රැන්ගිලා සින්නක්කර චීනෙට විකුණුවෙ කෝටිගානක් ඌ සාක්කුවෙ දාගෙන.අන්න ඒවට.
            ඒක මහා භයානක පාවාදීමක් නෙවෙයිද?

      • CORBRA says:

        අක්කර 1600ට අමතරව තවත් අක්කර 24000ක් අදාළ ඉන්දියානු සමාගමට ලබාදීමටත් ඊට අමතරව තවත් අක්කර 40,000ක පමණ ගුවන්තොටපල ආශ්‍රිත භූමිභාගයක් ආරක්‍ෂිත කලාපයක් ලෙස එම සමාගමට වෙන්කර දීමටත් ආණ්ඩුව එකග වී ඇත –විමල්
        මත්තල ඉන්දියන් කොළනියක් කිරීමටයි ජඩපාලනේ වෑයම සිහලුනේ පෙරට වරෙව්
        ගරු විමල් ,ඔබතුමා දේශහිතෙෂි සිංහල සංවිධාන ජනතාව සමග එක වී සිරිසේන -රනිල් පාලනය ඉවත් කර මේ ජාතික අපරාධයෙන් අපේ රට ආරක්ශාකරන්න …සමගි එක් වුවහොත් සිංහල අපට අපේ රට ජාතිය රැකීමට පුළුවනි …මේ සිරිසේන -රනිල් පාලනය ඉවත් නොකලොත් අපේ රට ජාතිය ආගම අනතුරේ

        • JOY says:

          අපේ මත්තල ගුවන් තොටුපල ඇතුළු ඉඩම් රැකගැනීමට සිංහල මිනිසුනේ පෙරට වරෙව්
          සිරිසේන රටම විකුනනවා
          “පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
          යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
          ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
          බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා

          • Love nature says:

            මත්තල ගුවන් තොටුපොළ විකිණිම වහාම නතර කරනු මේ ජාතික අපරාධයට අපේ බලවත් විරුධත්වය පල කරමු
            මත්තල ගුවන් තොටුපොළ විකිණීම පිළිකුල් සහගතයි…
            සිරිසේන- රනිල් යහපාලනය අපේ රටේ ජාතික සම්පත් විකුනන්නේ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

        • විකිණීම හා බදුදීම අතර වෙනස වටහාගන්නට මුන්ට බුද්ධිය පෑදේවා. අර ගොං මහබයියා වගේමයි ඌ වටේ ඉන්න නූගත් හැතිකරෙත්. යමක් තේරුම්ගන්න බුද්ධියක් නෑ.මොකක්හරි කාරනාවක් වලිගෙන් අල්ලගෙන රට විකුණනවෝ, ලක්මව අනතුරේ, කිය කියා දේශප්‍රේමය වගුරුවනවා.
          හැබැයි මේ බදුදෙද්දි.
          පර්සි මහේන්ද්‍ර සින්නක්කර ශ්‍රැන්ගිලා චීනෙට විකුණද්දි ලක්මව අනතුරෙත් නෑ, රට විකුණන්නෙත් නෑ, සිංහල ජනතාව වඳවෙන්නෙත් නෑ,ඒක ජාතික අපරාධෙකුත් නෙවෙයි.
          තුං නොදකිං බයි හැත්ත.එතකොට තොපේ කට පුක පූට්ටුවෙලාද හිටියෙ?

  2. 8 පාස් says:

    බුරුවන්සය වගේ උන් කෙලපු පිස්සු වලට වන්දි තමා මේ

  3. sinha le says:

    අපේ රටේ කිසිදු ජාතික සම්පතක් කුමන හෝ ආකාරයකට විදේශීයකරණනය කිරීම අපි අනුමත නොකරමු
    වහාම මත්තල ගුවන් තොටුපල විකිණීම නතර කරනු

    • එතකොට ශ්‍රැන්ගිලා සින්නක්කර චීනෙට විකුණද්දි මේ තියරිය අදාලවුනේ නැද්ද?

Main News