මත්ද්‍රව්‍යට එරෙහිව රාජ්‍ය සේවකයොත් වීදි බසියි…

August 5, 2018 at 2:03 am | lanka C news
මත්ද්‍රව්‍යට එරෙහිව රාජ්‍ය සේවකයොත් වීදි බසියි…

යාපනය දිස්ත්‍රීක්කයේ මත් උවදුර හිස ඔසවා ඇති හෙයින් මත් උවදුර සහමුලින්ම දුරු කරන ලෙසට ඉල්ලා කරයෙනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය සේවකියන් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

කරයෙනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් හා ප්‍රදේශවාසීන් රැසක් විසින් කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ කොට කදිරවේලායුද ස්වාමි හින්දු කෝවිල් දක්වා ගමන් කොට ඇති අතර අදාල පාගමන අතරතුර ප්‍රදේශවාසීන්ද දැනුවත් කොට සිටියේ හැකි අයුරින් මත් උවදුරින් ආරක්ෂා විය යුතු බව දැනුම් දෙමිනි.

විරෝධතා පාගමනේ යෙදී සිටි පිරිස් වැඩි දුරටත් කියා සිටියේ,

‘මේ වන විට උතුරු පලාත මත්ද්‍රව්‍ය හේතුවෙන් දැඩි අවධානම් අවස්ථාවක සිටින අතරම මත් ද්‍රව්‍යට ඇබ්බැහි වීම නිසා නිතර කෝලාහලයන් ඇතිවීම් ජීවිත හානි මෙන්ම විවිධ ගැටලු වලට ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හෙයින් වහාම උතුරේ මත් උවදුර දුරු කිරීමට සියලු ජනතාව එක් විය යුතු බවටයි.

එමෙන්ම උතුරේ තරුණ පරපුර දැඩි ලෙසින් මත් උවදුරට ඇබ්බුහි වී සිටින් අතර තරුණ පරපුර මත් උවදුරින් රැක ගැනීමට අවශ්‍ය පියවර සියලු බලධාරීන් එක්ව විධමත් පියවරක් ගත යුතු බවටද විරෝධතාවයේ එක් වූවන් වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ 

727 Viewers

One Comment to “මත්ද්‍රව්‍යට එරෙහිව රාජ්‍ය සේවකයොත් වීදි බසියි…”

  1. Alapalu says:

    මුන් ඔක්කොම කොටි.ඒ නිසා අපි ගෝඨා ගේන්න ඕන.

Leave a Comment

Main News