මත්පෙති මත්ද්‍රව්‍ය ව්‍යප්තිය ඉහළ ගිහින්.. මැඩලීමට පිටරටවලින් සහයෝගය ගන්න..- ජනාධිපති ආරක්ෂක අංශවලට කියයි..

August 26, 2017 at 3:00 pm | lanka C news
මත්පෙති මත්ද්‍රව්‍ය ව්‍යප්තිය ඉහළ ගිහින්.. මැඩලීමට පිටරටවලින් සහයෝගය ගන්න..- ජනාධිපති ආරක්ෂක අංශවලට කියයි..

බරපතළ සමාජ අභියෝගයක් බවට පත්ව ඇති මත්පෙති මත්ද්‍රව්‍ය ව්‍යප්තියෙන් තරුණ පරපුර නිදහස් කර ගැනීම සඳහා වගකිවයුතු පිරිස්වල කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය. පසුගිය දා ආරක්ෂක අංශ ප්‍රධානින් සමග ජනාධිපතිවරයා පැවැති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා අවධාරණය කලේ මත්ද්‍රව්‍ය නිවාරන වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

එහෙත් පසුගිය දා අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්ද්‍රව්‍ය ජාවාරමක නියුතුව සිටි සමීර මනහර නමැත්තා මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තවත් මත්පැන් සහ නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබෙන එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කොට තිබුණි. එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනුයේ අමාත්‍ය සමරවීරගේ ආරක්ෂක සේවයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්නගේ පොලිස් නිල හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බවයි. Link

එහෙත් මේ වනවිට ඉහත මත්ද්‍රව්‍ය වෙළෙඳාම යෙදුණු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අමාත්‍යවරයාගේ වරප්‍රසාද හරහා ඇමතිවරයා සමග පසුගිය කාලය තුලදි 23 ක් වතාවක් පිටරට ගොස් පැමිණ ඇත්තේ රේගු පරීක්ෂාවලින් තොර ප්‍රභු පර්යන්තය හරහා ය. එමෙන්ම මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා වශයෙන් පසුගිය කාලයේදී ඇමරිකාවේ සංචාරය කිරිමේදී ඉහත පුද්ගලයා සමඟ එකට සංචාරය කොට එකම හෝටලයේ රැදි සිටිම සම්බන්ධයෙන් එල්ල වු චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය මගින් ද ඔහු පිලිගෙන ඇත්තේ තම පෞද්ගලික කාර්යය මණ්ඩල සමාජික මත්ද්‍රව්‍ය ජාවාරමක නියුතුව සිටි සමීර මනහර නමැත්තා තමන් සමඟ ඇමරිකානු සංචාරයේ නිරත වු බවයි. ඒ බැව් 2015 පෙබරවාරි 9 වෙනිදා ඇමරිකාවේ නවාතැන් ගෙන සිටි සුප්‍රසිද්ධ ෆෝ සීසන්ස් Four Seasons Hotel හෝටලයේ බිල්පත මගින් තහවුරු කරගත හැකිය. link

තවද 2016 ජූනි 16 වෙනිදා ශ්‍රීලංකාවේ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන ස්ථානයකට රටේ ප්‍රධානියා වු විධායක ජනාධිපතිවරයා සහ රේගුව භාර අමාත්‍යවරයා එක්ව ගොසක් නිරීක්ෂණය කල. එය විශේෂ ප්‍රවෘත්ති ඔස්සේ සජීවී ව මුලු ලෝකයට පෙන්වු හ. ඒත් එසේ අත් අඩංගුවට ගත් සීනි සමඟ පලමු මත්ද්‍රව්‍ය කන්ටේනරයේ කොකේන් මත්ද්‍රව්‍යවලට සිදු වූ දෙය අදටත් රහසකි. එය එම දිනයේදි සියලුම මාධ්‍ය හරහා විශේෂ ප්‍රවෘත්තික් වු එම ප්‍රවෘත්තිය එක්තරා මාධ්‍ය ආයතනයක් සජීවීව ජනාධිපතිවරයාගේ එම නිරීක්ෂණ චාරිකාව ජනතාව වෙත විකාශන කලහ. එම ප්‍රවෘත්ති සඳහන් පරිදි රුපියල් කෝටි ගනනාවක් වටිනා බ්‍රසීලයේ සිට පැමිණි මෙම මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ තිබූ එම මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය ද නව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා වූ විගස ඔහු විසින් විසුරුවා හැර එම අංශයට වසා දමා ඇත.

2,764 Viewers

5 Comments to “මත්පෙති මත්ද්‍රව්‍ය ව්‍යප්තිය ඉහළ ගිහින්.. මැඩලීමට පිටරටවලින් සහයෝගය ගන්න..- ජනාධිපති ආරක්ෂක අංශවලට කියයි..”

  1. gamarala says:

    ටොන් ගණන් අල්ලගත්ත කුඩු මොකද උනේ යමපාලනය නැවත විකුණුවද?

  2. නුවන් says:

    හොරු ටික බලා හිටියා මා එනකම්ම …
    යන්නට එපා කීවා මගේ දරුවන් නිතර …
    ඒත් කොහොම නොගිහින් ඉන්න ද මිතුර ….
    ඔන්න මම ගියා අලියට දීලා හිත ….
    ……කතෘ අඥාතය …..

  3. Nuwan says:

    Ova allanne koheda onna aayeth ,boothal ithaliyen aapuva labana maase container release karanava costom udavu athiva. Onna ohomayi vada siduvenne. Paduva valin evanava kiyanne.

  4. රාජිත says:

    මෙතුමාත් ආප්ප කාලා පෙත්තක් අරන් නෙ නිතරම් ඉන්නේ?

  5. ටොමියා says:

    අපි හුල්ලති.මතු පරපුරට පෙති. අලි කෙළිති.මුව පොව්වෝ තලෙත්. ටොමියෝ බුදිති ජාතිය වැනසෙති..

Main News