මත් උවදුර උතුර ගිලගෙන..

July 3, 2017 at 2:48 am | lanka C news
මත් උවදුර උතුර ගිලගෙන..

උතුරු පලාතේ සීග්‍රෙයන් වැඩි වන මත් ද්‍රව්‍ය උවදුර මැඩ පැවත්වීමට උතුරේ ජනතාවම පෙ ගැසිය යුතු බව පවසමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය නගරයේදී පැවත්වුණි.

කරච්චි ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා කිලිනොච්චි සමෘද්ධි සංවර්ධන බැංකුව මගින් සංවිධානය කරන ලද මෙම මත් උවදුර මැඩලීමේ වැඩසටහන ඊයේ (02) දින පැවත්වුණි.

මෙහිදී ජනතාව දැනුවත් කරමන් වැඩසටහන්  සංවිධායකියින් කියා සිටියේ යුද්දයට වඩා අවධානම් තත්වයක් මේ වන විට උතුරේ මත් උවදුරින් ඇතිව තිබෙන අතරම තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ඇබ්බහියට නැඹුරු වීම හේතුවෙන් විනාශ වී යන අතරම සෑඹ ප්‍රදේශයකම පවතින සමාජ විරෝධී ක්‍රියාවන් වැඩි ඇත්තේද මත් උවදුර නිසා හෙයින් කිලිනොච්චියේ ජනතාව මෙන්ම මුලු උතුරේම ජනතාව එක් වී මත් උවදුර මැඩ පැවත්වීමට එක් විය යතු බවට කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,638 Viewers

One Comment to “මත් උවදුර උතුර ගිලගෙන..”

  1. Lolla says:

    උම්බල ගෙනාව ආන්ඩුව තමය් මෙව කරන්නෙ
    කොහොමද පොන්සි ගෙ plans
    කරුනව කැඩුවෙත් පොන්සි ලු නෙ……..

Main News