මත් ටොෆි සහ චොකලට් තොගයක් අත්අඩංගුවට..

December 22, 2018 at 2:02 am | lanka C news
මත් ටොෆි සහ චොකලට් තොගයක් අත්අඩංගුවට..

මත් ටොෆි හා මත් චොක්ලට් තොගයක් විකිනීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ පොලීසියට ලද තොරතුරක් මත කුඩා ලොරි රථයකින් අදාළ මත් ටොෆි හා චොකලට් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු වරකාපොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුවන අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අදාළ ජාවාරම සිදුකොට ඇති බව පොලීසිය අනාවරණය කොටගෙන ඇත.

සැකකරු සතුව තිබි මත් චොකලට් පෙට්ටි 32 ක් හා පැන්සල් මාදිලියේ මත් ‍ටොෆි පෙට්ටි 25 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ අදාළ පෙට්ටියක මත් චොකලට් හා මත් ‍ටොෆි 100 බැගින් තිබෙන බවට ගණනය කොට ඇති බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,996 Viewers
Main News