මතු බුදුවන මෛත‍්‍රී බුදුන් තමන් බව බැංකු කළමණාකරුවෙක් කියයි.. ශාසනය පිහිටුවාගෙන නිලතලත් බෙදයි.. තැන තැන ධර්ම දේශනා..

November 24, 2017 at 10:07 pm | lanka C news
මතු බුදුවන මෛත‍්‍රී බුදුන් තමන් බව බැංකු කළමණාකරුවෙක් කියයි.. ශාසනය පිහිටුවාගෙන නිලතලත් බෙදයි.. තැන තැන ධර්ම දේශනා..

ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි පියෙකුට දාව බෞද්ධ මවකගේ කුසින් උපන් ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කන්ද උඩරට සුප්‍රකට කිතුණු පාසලකය. මව අනුව යමින් බෞද්ධ වත් පිළිවෙත් කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ ඔහු ඉන් පසුව බුදු දහම පිළිබඳ පොත පත කියවීමට ද යොමු වී ඇත. මේ වන විට විවාහක දෙදරු පියෙකු වන ඔහු ඉතා යහපත් සමාජ ආර්ථික පසුබිමකින් යුත් අයෙකි. ඔහුගේ බිරිඳද රජයේ උසස් තනතුරක් හොබවන්නියකි. සාමාන්‍ය ජීවිතයේ දී ඉතා ප්‍රසන්න ඇවතුම් පැවතුම් සහිත ඔහු තම බැංකුවට ගණුදෙනු කරුවන් ළංකර ගැනීමට රුසියෙකි.

එසේ තමන් හමුවට එන ධනවත් ව්‍යාපාරිකයන්ට ජීවිතය, සමාජය, ලෝකය ගැන විවිධ පාඩම් කියා දෙන මෙම බැංකු කළමණාකරු ඉන්පසුව ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය ආදිය පිළිබඳවද ඔවුනට නොයෙකුත් ධර්ම කරුණු කියා දෙයි. ඔහුගේ මෙම කරුණු පහදාදීමේ හැකියාව කොතෙක්ද යත් කිසිදු ස්වාමීන් වහන්සේ නමකටවත් ඔහු තරම් හොඳින් දම් දෙසිය නොහැකි බව පවසන්නෝද හිඟ නොවෙති. මෙසේ තමන් ලත් බුදු දහම පිළිබඳ දැනුමෙන් ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය සහ නිර්වාණය පිළිබඳව දහම් කරුණු ඉදිරිපත් කරන ඔහු තමන්ට අතිශය සමීප වූවන්ට මෙබඳු දහමක් දෙසයි.

“දැනට අපි බුදු දහම කියලා හඳුන්වන දේ පිරිසිදු බුදු දහම නොවේ. පිරිසිදු බුදු දහම පොත පතින් වත්, කවුරුන් කියන දේකින් වත් ඉගෙන ගන්න බැහැ. ඒක ඉබේටම ප්‍රඥාවට නතුවෙන්න ඕන දෙයක්. මීළඟට බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන බණ පොත් වල තිබෙන කාරණා පට්ටපල් බොරු. නමුත් මුළු බෞද්ධ සමාජයම ඒවයින් මුලා වෙලා තියෙන්නේ. වැඩි දෙනෙකුට නොකියනව නම් මම ඒ ගැන වැදගත් රහසක් කියන්නම්.”

බැංකු කළමණාකරු තම ගණුදෙනු කරුවන් අතරින් තමන්ට වඩාත් සමීපතම වූවන්ට එසේ කියා මෙලෙස ද කියයි.

“මම තමයි මෛත්‍රී බුදුහාමුදුරුවො හැටියට ඊළඟට ‍ලෝකෙට පහළ වෙන්න ඉන්නෙ. නමුත් මේ කථාවට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා. කවුරුවත් ඒක විශ්වාස කරන එකක් නැහැ.”

කෙසේ හෝ තමන් හමුවට පැමිණි ධනවත් ව්‍යාපාරිකයක් කිහිප දෙනෙකුට ඔහු හෙළි කළ මෙම විස්මිත රහස එම ව්‍යාපාරිකයන් අතරේ මුනුමුනුවක් සේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. අවසානයේ එම බැංකු කළමණාකරු ලවාම ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට එම ව්‍යාපාරික කිහිපදෙනෙකුට අවශ්‍ය විය. එනිසා තම හිතමිතුරු පවුල් වල පිරිසක් එක්ව මහනුවරට නොදුරු මහවැලි ගඟ ආසන්නයේ තිබූ සංචාරක නිකේතනයක ඔවුහු මෙම ‘මතු බුදුවන බෝසතාණන්’ ගේ දෙසුමක් සංවිධානය කළහ.

එවිට ඊට එක්වූ ඔහු කියා සිටියේ මෙම දෙසුම සංවිධානය කරන ලද්දේ සාංසාරික වශයෙන් මෛත්‍රී බුදුන් වන තමන් හමුවේ මතු නිවන් දැකීමට පෙරුම්පුරා සිටින මහා භාග්‍යවන්තයින් පිරිසක් බවය. ඒ අනුව එම දෙසුම අවසානයේ ඔහු විසින් ඔවුනට ‘නිල තල’ ප්‍රදානයක් ද සිදුකරන ලදී.

ඒ අතර සැරියුත් හිමියන් වශයෙන් එක් පුද්ගලයෙකු නම් කරන ලද අතර මුගලන් හිමියන් වශයෙන් තව පුද්ගලයෙකු නම් කරන ලදී. ඉන් පසුව සුදවුන් රජු, මහාමායා දේවිය, අනේ පිඬු සිටු තුමා, කොසොල් රජතුමා ආදී නිළ තල ද ඔහු විසින් පත් කරන ලද අතර ඊට අමතරව විශාකාව, සුජාතාව, මල්ලිකාව, ආදී වශයෙන් තවත් තනතුරු කිහිපයක් ඔහු විසින්ම ප්‍රදානය කරන ලදී.

ඉන්පසුව ඊළඟ මාසයේත් එම හෝටලයේම පෙරවරුවක මෙම දහම් හමුව පැවැත්වීමටත්; එය අවසානයේ එම දහම් හමුවට එක්වන පිරිස සඳහා නිර්මාංශ ආහාර වේලක් ලබා දීමටත්; එසේ ඔහු වෙතින් නව තනතුරු ලත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අනුව දෙවන දහම් හමුවේ දී ඊට තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එක් වූ අතර ඔවුහු මෙම දහම් හමුව දැඩිව විවේචනය කරන්නට වූහ. ඒ මෙය මුළුමනින් බෞද්ධ විරෝධී ක්‍රියාවක් බව පවසමිනි. එවිට එසේ ‘මතු බුදු වන බෝසතාණන්’ එසේ විවේචනය කළ පිරිස දේවදත්ත, චිංචිමානවිකාව, සච්චක බමුණා ලෙස නම් කරමින් ඔවුන් ඒ දහම් හමුවෙන් පිටමං කරන ලද්දේ තම අනුගාමිකයන්ගේ සාධුකාර හඬ මධ්‍යයේය.

කෙසේ හෝ ඉන්පසු සෑම මාසයකම පෙරවරුවේ මෙම දහම් හමුව පැවැති අතර ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට ඔහුගේ මීළඟ බුදු සසුනේ තනතුරු ලත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.

මෙම බැංකු කළමණාකරුගේ අනුගාමිකයන් අතරින් ප්‍රමුඛතම සාමාජිකයෙකුගේ නැන්දනිය මිය යන ලද්දේ ඔය අතරය. ඉන් පසු එහි හත් දවසේ මතක බණ සඳහා මෙම පිරිස සමඟ එම ‘මතු බුදු වන බෝසතාණන්’ ද සහභාගී විය. එදින එම දම් දෙසුම පැවැත් වූ හිමි නම මෛත්‍රී බුදුන් ගේ පහළ වීම පිළිබඳව යමක් කීමට සූදානම් වූවා පමණි; බණ අසන පිරිසේ සිටි ‘බෝසතානෝ’ හනික අසුනෙන් නැගී සිටියහ.

“අනේ හාමුදුරුවනේ; පින් සින්ද වෙයි ඔය පට්ට පල් බොරු නවත්ත ගන්න; මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒවා විශ්වාස කරන්නේ නැහැ.”

ඔහු කෑ ගසන්නට විය.

නමුත් ‍එම මිය ගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් සහ සෙසු ඥාති මිත්‍රාදීන් මෙම ‘බෝසතාණන්’ පිළිබඳ නොදැන සිටීම නිසා ඔහු එම පිරිසෙන් ගුටි නොකා බේරුණේ අනූ නමයෙනි.

එසේම මෙම කලහය අතරට පැමිණි ‘බෝසතාණන්ගේ’ බිරිඳ මෙසේ කීවාය.

“මගේ මහත්තයා හැම අතින්ම හොඳ කෙනෙක්; නමුත් මෙයා හිතාගෙන ඉන්නේ එයා මතු බුදු වන මෛත්‍රී බෝධි සත්වයෝ කියලා. මෙයා ඉන්න හැටියට ඒක අහන සමහරු ඒක පිළිගන්නවා. නමුත් අපිට නම් තේරෙනවා මෙයාගේ මොකක් හරි මානසික විකෘතියක් කියලා. කොහොමත් අපි වුණත් එයාගේ මතයට විරුද්ධ වෙච්ච හැටිය එයා පුදුම විදිහට කේන්ති ගන්නවා.”

බිරිඳගේ එම ප්‍රකාශය හමුවේ ඔහු කියා සිටියේ තම බිරිඳ සාංසාරික වශයෙන් තමන්ට සතුරුව ක්‍රියා කරන්නියක බවත් තමන් බුද්ධත්වයට පත්වූ පසුද ඇය තමන්ට සතුරුකම් කරන බවත්ය.

ඒ කෙසේ හෝ මේ පුද්ගලයාට වැළඳී ඇත්තේ ‘අභිමාන මෝහය’ (Grandiose Delusion) නම් මානසික රෝගය බවත් එම රෝගය වැළඳුණු අය හට සාමාන්‍ය ජීවිතයේ සෙසු කටයුතු වල දී ‍එය බල නොපාන බවත් එහි පැමිණ සිටි ඒ පිළිබඳව තතු දත් අයෙකු පහදා දුන් අතර ඔහු වැඩිදුටත් කියා සිටියේ මෙම පුද්ගලයන් මෙසේ තමන් එල්බ ගත් වැරදි විශ්වාසය පදනම් කර ගත් කරුණේ දී පමණක් අතිශය සංවේදී වන බවත් කෝප වන බවත් ය. ඒ කෙසේ හෝ මනෝ වෛද්‍යවරයෙකු හමුවී කලක් ප්‍රතිකාර ගතහොත් ඔහුගේ මෙම මානසික විකෘති තාවය දුරු වෙතැයි ඇතැමුන් පැවසුවද ඒ සඳහා ඔහුගේ අනුගාමිකයන් මේ දක්වා ඔහුට කිසිදු අවසරයක් දී නැත. ඊට හේතුව ඔහුගේ එම මානසික රෝගය සුව වුවහොත් ඔහු පවසන ඊළඟ බුදු සසුනේ තමන්ට හිමි තනතුරු අහිමි වන නිසාද විය හැක.

තිලක් සේනාසිංහ
– Lakbima

20,859 Viewers

15 Comments to “මතු බුදුවන මෛත‍්‍රී බුදුන් තමන් බව බැංකු කළමණාකරුවෙක් කියයි.. ශාසනය පිහිටුවාගෙන නිලතලත් බෙදයි.. තැන තැන ධර්ම දේශනා..”

  1. Devaka Jayasuriya says:

    තිලක් සේනාසිංහ කියන්නේ බෞද්ධ විරෝධී , හේතූවාදි සංගමයේ කෙනෙක්. හේතූවාදීන් කරන්නේ සිංහල පාරම්පරික ඥාණ පද්ධතීන් වලට විශ එන්නත් කිරීම . මේක ලක්බිමට ලියන්න තරම් දෙයක් නෙමෙයි. කලින් කලට ඔය වගේ උදවිය එනවා යනවා . ඒවාට ප්‍රචාරයක් දීමෙන් වෙන්නේ බෞද්ධයා තව දුරටත් මේ රටේ හෑල්ලු වීම. තිලක් ලා කිසිදාක ක්‍රිස්තියානි පල්ලියේ දෙවියන් ගැන ලියලා නෑ. මුස්ලිම් පල්ලියෙන් අල්ලා කොහේද ඉන්නේ කියලා හොයලා නෑ. මෛත්‍රී බෝසතුන්ගේ පහළ වීම අනාගතයට අයිති දෙයක් , අනික මෙවන් මිනිසෙක් ගැන කියනවා නම් නමක් ගමක් සඳහන් නොකිරීමෙන්ම පේනවා මේ ලියන්නේත් තීරුවකට මොකක හරි ලියන්න ඕනෑ නිසා අතේ ප්?අල වෙන කෙප්ප කියලා . බෞද්ධයාට නිගා කිරීමට අතේ පැල වෙන කෙප්ප ලියන කෙනෙක් තිලක් සහ හේතූවාදියෝ. !

    • නුවන් says:

      ඔව් ඉතින් ඔබ වගේ බෞද්ධයෝ දන්නේ හැම දේම වහල හංගන එක තමයි–අන්තිමට ඉතුරුවෙන්නේ ඇතුල කුණු වුන පොත්ත විතරක් ඔපේ තියෙන ඇපල් ගෙඩියක් විතරයි. කියවල බලන්න සූත්‍ර විනය පිටක, බුදුන් වහන්සේ ඔය විදියේ කුහක ගතියකින් බාහිර ආටෝපෙ විතරක් රැක ගන්න කටයුතු කරාද කියල. බුදුන් වහන්සේ දෙසුවේ වැරදි එළි කරන්න, එතකොට වැරදි කරන කෙනාට එය හදා ගන්නත් වෙනවා, අනිත් අයත් දැනුවත් වීම නිසා පරෙස්සම් වෙන්න පුලුවන් වෙනවා. බුදු දහම මුළාව, රැවටීම, ආටෝපය මත බිහි වූ දහමක් නෙවෙයි.

    • Sena says:

      කොහෙද බන් මෙතන බුදු දහමට අපහාස කරල තියෙන්නෙ. එක්තරා මානසික රෝගියෙක් ගැන ලියල තියෙන්නෙ. මේ වගෙ එවුන්ට අහුවෙන්න එපා කියල. මට පේන්නෙ උබත් ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයෙක් වගේ. හැම එකටම කොන්ස්පිරසි තියරි දාන්නෙ මානසික රෝගියෝ.

    • suda says:

      Thilak Senasinghe had enough links with Buddhist temple being a Sunday school student when he was a teenager. He works for news papers and somewhat popular column writer too. This has become a passion now to allege as a NGO person when someone write something against somebody. This not a write up made against Buddhism it is just a fact reporting.

    • ex UNPer says:

      ලියූ පුද්ගලයා ගේ චරිතය කෙසේ වූවත් මේ ලියා තියෙන දේ බෞද්ධ විරෝධී වන්නේ කෙසේද ?
      එක එක මානසික ව්‍යාධීන් ඇති මිනිස්සු පිස්සු කෙලින ඒවා ලියල ඒ මිනිස්සු පස්සෙ යන මෝඩයන්ට එහි ඇත්ත නැත්ත පෙන්වා දීම කළ යුතුයි.
      නැත්නම් මේවගේ පිස්සු විකාර තව බෝ වෙනවා.
      ලංකාවෙ මේ වගේ පිස්සො හා යටි අරමුණු සහිත බොරු බෞද්ධයන් බෝවෙලා ඉන්නව​. උන් සමහර අය සිවුරු දාගෙන​. උන්ට මුදල් පොම්ප කරන්නේ වෙනත් ආගමික කල්ලි.

  2. Karu says:

    එතකොට සේරසින්හ?

  3. anuradha says:

    So this ridiculous nonsense was in Lakbima paper ? I am not surprised. DO NOT ACCESS LAKBIMA EPAPER, YOUR COMPUTER WILL BE INFECTED BY VIRUSES

  4. BARCARDI says:

    Is this Bank Manager Jathaka of Maithree Budda ?

  5. ප්‍රසන්න says:

    මේ ආකාරයේ මානසික රෝගීන් කිහිප දෙනෙක්ම ලංකාවේ ඉන්නවා. සිරිවර්ධන කියල මනුස්සයෙක් ගාල්ල පැත්තේ හිටියා මේ වගේම. මාලඹේ ඉන්නවා ප්‍රියන්තා සේනානායක කියල කෙනෙක්. එයා ළඟ ඉන්න අයටත් මේ වගේ තනතුරු බෙදල දීල තියෙන්නේ. එයා කියන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවො ගිහි කාලේ බිරිඳ වෙන්නේ එයා කියල.

    • sana says:

      danne nathi dewal katha karanna epa. eka dawasak malabe avith katha karanna. ethumiya katawath thanathuru deela naha. ethane thiuyenne bhawana wada satahanak pamanai.

      • ප්‍රසන්න says:

        ඔයා දන්න මගුල. මම ඉන්න තැනම තමයි ඔය පිස්සු හටන ඕක කිව්වේ. එයාගේ ළඟ ඉන්න හැමෝටම තනතුරු දීල තියෙන්නේ. මේ බැංකු මැනේජර් තමයි මට පේන්නේ මාලඹේ නෝනගේ මහත්තය වෙන්න යන්නේ.

  6. Prakash says:

    සම්ප්‍රදායට වෙනස් විදියට දම් දෙසන කාට ඖනත මේ මානසික ව්‍යාධිය ගැන කියල මඩ ගහන එක අලුත් දෙයක් නොවෙයි. කරන්න තියෙන්නේ ඒ මනුස්සයා කියන්නේ මොකක්ද කියලා විමර්ශනාත්මකව බලන එක. කැමති කෙනෙක්ක් ගත්තාවේ අකමැති කෙනෙක් නොගත්තාවේ. බුදු දහම කාටවත් බලෙන් පොවන්න පුළුවන් දෙයක් නොවෙයි තම තමන්ම මතු කරගත් යුතු දෙයක්.

  7. Salak says:

    1) ඕක පත්තරේක article එකක් කරන්ට තරං දෙයක්ද?
    2) ඒ article එක news එකක් කරන්ට තරං දෙයක්ද?
    3) මේ news එක comment එකක් කරන්ට තරං දෙයක්ද?
    බලාන ගියාම බෝසතාටයි, තිලක්ටයි, ඇඩ්මින්ටයි, මටයි සේරටම
    පිස්සු! සංසාරේරේරේරේ!

  8. jaela Wijayadewa thero says:

    මෙකට සුදුසු පිලිතුර ටියෙනවා ච්ක්කවර්ති සිහනද සුත්‍රයෙ නුවන ටියෙන අය බලත්වා(අපේ බුදුන් මෛත්‍රී බුදුන් ගැන වඩාල සුත්‍රයෙ )

Main News