මධ්‍යම අධිවේගය වසර 03කින් නිම කරන්නැයි ඇමති කිරිඇල්ල දන්වයි..

August 9, 2017 at 8:02 am | lanka C news
මධ්‍යම අධිවේගය වසර 03කින් නිම කරන්නැයි ඇමති කිරිඇල්ල දන්වයි..

දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු අදියරේ සහ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියරේ ඉදිකිරීම්වල නිරීක්ෂණ චාරිකාවක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානන්වයෙන් පසුගියදා මීරිගම ගණේගොඩ සහ මීරිගම මදුරුපිටිය ප‍්‍රදේශයන්හදී පැවැත්විණ.

ප‍්‍රදේශයේ ජනතාව ඇතුළු දේශපාලන අධිකාරියේ සහායද ව්‍යාපෘතිය සඳහා ලැබී ඇති බැවින් ඉතාමත් කඩිනමින් ඉදිකිරීම් අවසන් කිරීම සඳහා කටයුතු කරන ලෙස මේ අවස්ථාවේදී අමාත්‍යවරයා අදාල නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඞී.සී.දිසානයක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

– රජිත සමරසුරිය

7,106 Viewers

7 Comments to “මධ්‍යම අධිවේගය වසර 03කින් නිම කරන්නැයි ඇමති කිරිඇල්ල දන්වයි..”

  1. හොරාගෙ බාප්පා says:

    දැන් මහින්ද හැදුව අධිවෙගි මාර්ග වල වියදමට වඩා ‘යහපාලන’ අධිවෙගි මාර්ග වල වියදම අඩුද? වැඩිද? හා කියපන් බලන්න.

    • සුන්දර වරද says:

      මෙයා හදපු රාජගිරියේ පාලමට ගිය වියදමින් ඔය වැඩේම කරන ඊට වඩා සරල පාලම දහයක් හදන්න තිබුනා .නමුත් unp කාරයන්ට ඕනා බොරු සොබනේ කරලා මෝඩ පාක්ෂිකයෝ රවටන්න නිසා ඒ පාලම සුද්දෝ ලවුවා කරලා බොරු සෙල්ලන් දාල පාලම දහයක් හදන්න යන වියදම එක පාලමට කාබාසිනියා කරලා දැම්මා .
      කිව්වේ නම් මහින්දගේ අදිවේගය වියදම් වැඩි කියල නමුත් කවුරුත් මේ රාජගිරියේ පාලමේ මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නෑ .ඒවගේම ඒ පාලම කල් පවතින්නේ නෑ .එක මේ රටේ කාලගුණයට ගැලපෙන්නේ නෑ .මේ රටේ එන්ජිනේරුවෝ ඒ පාලමට විරුද්ද උනා නමුත් පණ්ඩිත දේශපාලකයා ඒ විරුද්දවීම් ගණන්ගත්තෙ නෑ කියල තමයි ආරංචිය .මුන් නම් ඉතින් නාකි නිසා ඉක්මනින්ම මැරිලා යාවි අපේ ළමයින්ට තමයි ආයෙත් පාලම හදන්න බදු ගෙවන්න සිද්දවෙන්නේ .
      දැන් මේ අදිවෙගයටත් වෙන්ඒ ඕකම තමා .බොරු වැඩ කරලා සල්ලි පිල්ලි ගහල මොකක් හරි ඇහැ රවටන ප්‍රයෝජනයක් නැති දෙයක් අටවාවී ඔන්න බලන්න

  2. බුලතා says:

    මහින්ද උන්නැහැ පටන් අරන් තිබිච්චි, කඩවත ඉඳල කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9 කොටස දැන් අවුරුදු 2 1/2 තිස්සෙ අතගානව. කථාව කිලෝමීටර් සිය ගණන් හදන්න.

  3. shantha kuru says:

    you’;all dont wait that long

  4. nim says:

    බයිලා තමා කටුනායක – කඩවත ලින්ක් කරගන්නවත් පුළුවන් උනාද ?

  5. තිත්ත ඇත්ත says:

    මහින්ද මේ අදිවෙගේ හැදුවනම් අදටත් ජනපති.

Leave a Comment

Main News