මධ්‍යම කාරක සභා බලය ඇල්ලූවා.. ආණ්ඩුවෙන් ඉවත් වීම සම්මත කරනවා.. මීලග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරලි රැසක්..- SB

April 17, 2018 at 9:20 am | lanka C news
මධ්‍යම කාරක සභා බලය ඇල්ලූවා.. ආණ්ඩුවෙන් ඉවත් වීම සම්මත කරනවා.. මීලග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරලි රැසක්..- SB

පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ වන මැයි 08 දා දේශපාලන පෙරළි රැසක් ස්ථිරවම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා එකී දේශපාලන පෙරළි සදහා පසුබිම සකස් කිරීමට ඇති තරම් කාලය ලැබී ඇතැයිද ඔහු සදහන් කරයි.

පෙරළි මොනවාදැයි දැන්ම නොකියන බවත් ඊළග පාර්ලිමේන්තු සැසිය ඇරඹුනු සැනින් ඒවා දැකබලාගත හැකි බවත් පවසන දිසානායක මහතා ආණ්ඩුවට සිතාගත නොහැකි දේශපාලන සිදුවිය හැකි යයිද කීය.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව අප්‍රේල් 25 හෝ ආසන්න දිනකදී රැස්වන බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට වන යෝජනාව එහිදී ස්ථිරවම සම්මත කර ගන්නා බවත් ඔහු කියා සිටී.

30,582 Viewers

23 Comments to “මධ්‍යම කාරක සභා බලය ඇල්ලූවා.. ආණ්ඩුවෙන් ඉවත් වීම සම්මත කරනවා.. මීලග පාර්ලිමේන්තු දිනයේ නොසිතන පෙරලි රැසක්..- SB”

  1. polonnaruve wije says:

    2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න.. දකුණේ සිංහල බෞද්ධ චන්ද කඩා ගන්න නියම සිංහල බෞද්ධ ඩමියක් හදපන් ගොයියො හොදේ..
    2020 ඉදිරිපත්වන බොරු පොරොන්දු දෙන හංසයා පොදු අපේක්ෂකයා දිනවන්න දැන්ම සටන පටන් ගනින් sb.

    • Kumar says:

      ඉතින් මුන්ව ඒකාබද්ධෙට ගනිල්ලකො. වැඩේ ඉවරනෙ.

      • දකුණෙ එකා says:

        මහින්දට අවශ්‍යනම් මුන්ව පොහොට්ටුවට ගත්තුදෙන්…ජනතාව ඒ මොහොතෙම පොහොට්ටුවත් අත හැර යනු ඇත. පොහොට්ටුව දිය කිරීම සදහා NGO පිල්ල අල්ලන අඩව්වලට හසු නොවන ලෙස පොහොට්ටු නායකයන්ට මතක් කර දෙනු ලැබේ.

      • Rohitha says:

        SB ට මතක නෑ මේ කලු සුද්දො සහ NGO ඩොලර් කාක්කන් සරත් නන්ද සිල්වා එක්ක එකතු වෙලා SB ව හිරේ දැම්ම කියල. මුල මතක නැති SB ඔබට අගවත් මතකද? දැන්වත් කලු සුද්දන්ට කඩේ යන එක නවත්තන්න බැරිද?

        • Kamal says:

          ඕන් බලපල්ල ඊළඟ ආන්ඩුව මහින්ද හැදුවත් රනිල් හැදුවත් මූ ඒකෙත් ඇමති කෙනෙක්.

          • leel says:

            ඇයි රාජිත, සමහරවිට මහින්දගෙ ආන්ඩුවෙ අගමැති රාජිත වෙන්න පුලුවන්…..අන්න එදාට තමයි පොහොට්ටුව නොපිපිම මඩ යට යන්නෙ….

        • Asoka says:

          Shameless S.B. he the man who clap too many times when Ranil Wickramasinghe addressing time at the Parliament. Definitely, he will diminish from the Political arena

        • leel says:

          පොහොට්ටුවට දරදිය ඇදපු සියලුදෙනාට කරන්න තියෙන්නෙ මෙච්චරයි…..මුන් පොහොට්ටුවෙන් හො මොකෙන් චන්දෙට ආවත් චන්දෙ නොදී ඉන්න එක….පොහොට්ටුවෙ තින්දු තීරන ගන්න අයට තියෙන්නෙ පොහොට්ටුවෙන් මෙයාලව දාන්න වෙන පලාත්වලට තවත් එක පොහොට්ටු අපේක්ශකයෙක් දාන්න..එතකොට අපට පුලුවන් මෙයාලට මතක හිටින පාඩමක් උගන්නන්න……

    • ජනක says:

      වාසි තිබෙන පැත්තට දිව හැරෙන එස්බී ඇතුළු කණ්ඩායම ළඟ බලන්නේ නෑ මෙන්න නියම ආර්ථික ඔස්තාර්ලා කොන්දොස්ත්රයා බැලුවේ හෙට ලැබෙන කෝටි අට ගැන විතරයි නමුත් දැන් පොහොට්ටුවට මිනිස්සු දුන්නු චන්ද නිසා එස්බිලා බලන්නේ තව අවුරුදු දහයක්වත් අඩුගානේ කෝටි අටේ ඒවා කියයක් කන්න පුලුවන්ද එකට වැඩ සලස්වාගන්නේ කොහොමද කියල .
      එක කෝටි අටක් කැපකරලා තව කෝටි අටේ ගොඩවල් කියක් හොයා ගන්න පුළුවන්ද නේද ?
      නමුත් මොනවා කලත් උඹලා දැන් එළිවෙලා ඉවරයි බේරෙන්න තියන එකම මග රට ජාතිය ඉදිරියේ රට බෙදන ෆෙඩරල් වියවස්තා යෝජනා වලට විරුද්දව අදහස් පළකිරීම සහ එම විරෝදයට ක්රියාශිලිව සම්බන්ද වීම හා පාර්ලිඑන්තුවේ එයට විරුද්දව් චන්දෙ දීම

  2. No comments to your bullish talks.

  3. Narada says:

    ජාතික ආණ්ඩුව කැඩීමේ මෙහෙයුම මහින්දගෙන් ඉවත් කර එය පිං ඇමතියෙකු වූ SB ට පැවරීමටත් 2020 බුලත් කොළයෙන් ඉදිරිපත්වන නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා තොරා ගැනීම සුසිල්ට පැවරීමටත් මෛත්‍රී ජනාධිපති වරයා තීරණය කර ඇත. ඒ අනුව කතාව රග දැකවේ…

    • කැකිරි says:

      ජාතික ආණ්ඩුව කැඩෙන්න නම් ජාතික ආණ්ඩුවෙ ඉන්න අය එලියට බහින්න ඕනෙ. ඔවුන් ආපහු හරවලා යැව්වොත් වෙන්නෙ 2020 වෙනකන් මේ ද්‍රෝහි ආන්ඩුව පවතින එකයි. චන්දෙ දෙන කොට අපි අකමැති අයට නොදී හිටියම ඉවරයිනෙ.

  4. සූටිං says:

    වතුරෙ පාවෙලා එන වෙල්කදුරු ගෙඩියක් හම්බ උනහම අපි පොඩිකාලෙ ඒකෙං වතුරෙ සෙල්ලම් කරනව. වැඩේ කියන්නෙ, කොච්චර පෙරලුවත් කැරකෙව්වත් ඒක ආපහු තිබුනු පැත්තටම හැරිල පාවෙලා යනව.

  5. Disna says:

    ප්‍රතිපත්තියක් නැති පිංඇමතිලා සමග පොහොට්ටුව සන්ධාන ගත වුවහොත් පොහොට්ටුවටත් බඩුම තමා…!
    මේ වනවිටත් පොහොට්ටුව පිරිසිදු දේශපාලන ගමනක් ආරම්භකර ඇති හෙයින් දූෂිත යන් සහ අවස්ථාවාදීන් සමග පොහොට්ටුව ඩීල් දැමීම පොහොට්ටුව පරවීමට හේතුවේ…!

  6. kumara says:

    විශ්වාස භංගය දින්නා වගේ මම ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බලය අල්ලනවා.

  7. Asoka says:

    මහජනතාවගේ චන්දෙන් පාර්ලිමේන්තු යන්නේ. ඊට පස්සේ හොරෙන් තමයි වැඩ කරන්නේ. තොරතුරු දැනගැනීමේ පනතින් වත් වැඩක් නැහැ

  8. PISSU PUSHA says:

    Well done SB, now PADDA and School uniform commision man in trouble

  9. siri says:

    මේ ගෝතයව සත පහකට විශ්වාස කරන්න එපා….කෝටි ගාණක කොන්ත්‍රාත්තුවක් අරගෙන මහින්ද මහත්තයට කෙලවන්න ඇවිල්ලද දන්නේ නැහැ…

  10. dassanayake says:

    kalakanni gedara palayawuuuuuuuuuuuuuuuuu
    rata kewa madida

    • Prabath says:

      Though they have gone out of the patriotic track for sometime, all the politicians who with the then goverment until the Jan. 15th ,2015 election should be taken to the present patriotic camp POHOTTUWA ,as they also have made some contribution to combat terrorism at some stage.

  11. Rupa says:

    අපි තමයි පොහොට්ටුවට ෆෙබ් 10 ජයගන්න පසු බිමේ සිට නිහඬ හඩක් ගෙනාවේ. ඒ ජය ආපසු හරවන්න එපා. එ මතිවරනෙදි කෙලින්ම ඉදිරි පත් වී අපිට වැඩ කල අය ගැන පමනක් සිතන්න. මේ අවස්තාවාදී ද්‍රෝහියන් 13% ට පක්ශය වැටුනාට පසු පමනක් ඔවුනගේ පැවෙත්ම වෙනුවෙන් ඉදිරි පත් වී ඇත. මුන්ට රැවෙටෙන්න එපා. මුන් කාගේ හෝ කොන්ත්‍රාතුවක් කරනවා විය හැක.

  12. Nim says:

    MUN WA DESAPALANA WASAYEN
    SAHA MULINMA PRATHCSEPANAYA
    KALA YUTHI. MOVNTA JANATHAWA
    KISI DINAKA BALAYA DENNE NAHA

Main News