මන්ත‍්‍රිවරුන් 21කට පාර්ලිමේන්තුව තහනම් කරයි…

January 12, 2019 at 9:20 am | lanka C news
මන්ත‍්‍රිවරුන් 21කට පාර්ලිමේන්තුව තහනම් කරයි…

පාර්ලිමේන්තුව තුළ කලහකාරි ලෙස හැසිරුණු බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුව මාසයක කාලයකට තහනම් කර අය වැය සහ රට අහිතකර අණපනත් කිහිපයක් සම්මත කරගැනීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයෝ කීපදෙනෙක්ම පැවැසූහ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිවලදී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකුගේ පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම මාසයක කාලයකට තහනම් කිරීමේ සූදානමක් පවතින බවත් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ලබන සතියේදී කථානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

මැතිසබය තුළ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා නම් මුලින්ම පරීක්ෂණ පැවැත්විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය මහත්වරුන් සම්බන්ධයෙන් බව රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව තුළ කලහකාරි තත්ත්වයක් ඇතිවීම සඳහා ප්‍රථමයෙන්ම වගකිවයුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් බවද මැතිසබය තුළට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් කථානායක ජයසූරිය මහතා නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් ඒ ගැන දැනටමත් කථානායකවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (රහස් පොලිසියට) පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරි සිද්ධි සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තා 2ක් ලබන සතියේදී කථානායක වෙත භාරදීමට නියමිතය.

එක් වාර්තාවක් සකස් කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් වන අතර අනෙක් වාර්තාව සකස් කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) මඟිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි වීම මසකට තහනම් කිරීමට තීරණයක් ගතහොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත විරෝධතාවක් ගෙන යෑමට තීරණයක් ගෙන තිබෙන බවද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

– mawbima

42,772 Viewers

11 Comments to “මන්ත‍්‍රිවරුන් 21කට පාර්ලිමේන්තුව තහනම් කරයි…”

  1. ratawesiya says:

    sadahatama desapalanaya thahanam kara sidukala padu ayakara ganna ugathkamak nethi kalakanniyo

  2. කොකා says:

    මුං හදන්නෙ මොන උප්පරවැට්ටියක් හරි දාලා කොටියට ෆෙඩරල් දෙන්න. තුනෙන් දෙක හදා ගන්න. බලමුකො කොරන හැටි හොර රනිලා

    • harsha says:

      2/3 කියන්නේ නොපැමිණි අයත් ඇතුලුව. ඒක නිසා මේකෙන් 2/3 හැදෙන්නේ නෑ.

  3. Janaka from Matara says:

    Those guys must be given jail sentences regardless of their parties.

  4. ක්‍රිමිනල් says:

    ඔය කබ්බො ටික නටපු නාඩගං වලට අරින්න ඔනේ මහ උලු ගෙදර , තාවකාලික තහනමක් ලාමක වැඩියි. අටවත් පාස් නැති ඩෑල් වලින් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ.

    • maraya says:

      කොටි ත්‍රස්තවාදය නැවත ඇති කලයුතු බව කියූ අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ කොටි විජයකලා , ත්‍රස්තවාදී බෙදුම්වාදී සුමන්තිරන් මෙයට ඇතුලද්ද ? UNP ය දෙමළ කොටි ඩයස්පෝරාවේ රුකඩ රැලක්, මොවුන් අපේ රට ම විනාශ කරනවා
      UNP මීහරක් රැලම පාර්ලිමේන්තුවෙන් නෙරපා දමවූ

  5. Sam says:

    Those who disgrace the country during last few months should be punished regardless of their party.
    Their activities in side the parliament is horrible and one threw a religious book and some damaged the property costing our money.

  6. alvin says:

    must shoot those idiots

  7. buruputha says:

    Kalakanni Ranil athulu haththa makabe wewa. Thopita shape wewa.

  8. david milibanda says:

    First lets punish the Bond scamers and EPF thieves.

Leave a Comment

Main News