මන්ත‍්‍රීනිය පිරිමියෙකු වෙයි.. කොළඹ නගර සභාව යලිත් අවුලේ.. ගැසට් පත‍්‍රය අත්හිටුවයි..

April 25, 2018 at 11:20 am | lanka C news
මන්ත‍්‍රීනිය පිරිමියෙකු වෙයි.. කොළඹ නගර සභාව යලිත් අවුලේ.. ගැසට් පත‍්‍රය අත්හිටුවයි..

මංගල සභා වාරයද පවත්වා ස්ථාපිත කරන ලද කොළඹ මහ නගර සභාව 25% කාන්තා නියෝජනය නොමැති වීම නිසා යලිත් අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ එක් පක්‍ෂයක් විසින් නියමිත කාන්තා නියෝජනය නොදීම නිසා සභාවේ එක් මන්ත‍්‍රීවරියකගේ අඩුවක් පවතින බවයි.

එම පක්‍ෂය විිසින් කාන්තාවගේ නම වෙනුවට පිරිමි පුද්ගලයෙකු නම් කර තිබීම නිසා මැතිවරණ කොමිසම විසින් ගැසට් පත‍්‍රය පලකිරීමද අත්හිටුවා ඇත.

මැයි මස 09 වැනි දිනට පෙර කාන්තාවක් නම් කරන ලෙස දන්වා ඇති කොමිසම එසේ නොකරන්නේ නම් ලයිස්තුව අනුව කාන්තාවක් පත් කරන බවද දන්වා තිබේ.

17,527 Viewers
Main News