මන්නාරම් ධීවරයින්ට හදීසියේම මාළු ඉල්ලමක් පෑදේ.. දිනකට මාළු කිලෝ 25,000ත් පනී..

January 30, 2018 at 5:30 pm | lanka C news
මන්නාරම් ධීවරයින්ට හදීසියේම මාළු ඉල්ලමක් පෑදේ.. දිනකට මාළු කිලෝ 25,000ත් පනී..

මන්නාරමේ මුහුදු යන ධීවරයින්ට මේ දිනවල එක් මුහුදු මාළු විශේෂයක් අසාමාන්‍ය ලෙසින් හසුවෙමින් ඇති අතර දිනකට මාළු කිලො 25,000 කට අධික ප්‍රමාණයක්ද ඉක්මවන බවට මන්නාරම් ධීවරයින් කියා සිටිති.

ගෙවී ගිය දින කිහිපයක සිට මේ දක්වා බෝල්ලු නැමති මුහුදු මාළු විශේෂය මන්නාරම් ධීවරයින්ට අසාමාන්‍ය ලෙස හසු වෙමින් පවතින අතර මේ හේතුවෙන් බෝල්ලු මාළු කිලෝවක් මන්නාරමේදී රුපියල් 150 ත් 200 ත් අතර මුදලකට විකිණීමට හැකිව ඇති බවටද මන්නාරම් ධීවරයින් කියා සිටයහ.

බෝල්ලු නැමති මෙම මුහුදු මාළු විශේෂය වැඩි වශයෙන් හසු වීම හේතුවෙන් මේ දිනවල මන්නාරම් ධීවරයින්ගේ ආර්ථිකයටද වාසියක් ඇති අතරම වෙනදා මුහුදු ගමන් ගොස් ගතවන කාලයටත් වඩා දෙගුණයකටත් අඩු කාලයක් තුලදී විශාල මාළු තොගයක් ලැබීම හේතුවෙන් මන්නාරම් ධීවරයින්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.

මේ අතර මන්නාරම් ධීවරයින් වැඩි දුරටත් කියා සිටියේ මෙම මුහුදු මාළු විශේෂය ගැන ඉන්දීය ධීවරයින් දැන ගන්නේනම් ඔවුන් ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ සිදු කරන මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් තමන්ගේ මාළු ඉල්ලම නැති කිරීමට බොහෝවිට ඉඩකඩ ඇති බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,016 Viewers

3 Comments to “මන්නාරම් ධීවරයින්ට හදීසියේම මාළු ඉල්ලමක් පෑදේ.. දිනකට මාළු කිලෝ 25,000ත් පනී..”

  1. Chan SGP says:

    Feel pity for them. Hope they. An enjoy extra income at least for a while.
    Hope the navy can help to protect from Indian fishermen.

  2. Sooraseana says:

    Deviyo denda hitinama palaageana denavaa kaatath walakwannda beaha!

  3. Perera says:

    The power of our God Jesus. Thanks Jesus.

Main News