මන්නාරම් සමූහ මිණීවල ගැන මාධ්‍ය අවාරණයට අවසර සීමා සහිතවයි..

August 29, 2018 at 8:02 am | lanka C news
මන්නාරම් සමූහ මිණීවල ගැන මාධ්‍ය අවාරණයට අවසර සීමා සහිතවයි..

මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු පිළිබඳ මාධ්‍යට ආවරණය කිරීම සඳහා උදෑසන සහ සවස් කාලයේදී පැය බාගය බැගින් වූ කාලය වෙන් කොට ඇති බවට කැනීම් කටයුතු සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘මෙම කැනීම් සිදු කෙරෙන ස්ථානයේ අපි විධිමත් පරික්ෂණයක් සිදු කරගෙන යනවා එතනදී පරික්ෂණ වලට බාධා වන අයුරින් අපි මහජනතාවට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ ඒකේ බලය තියෙන්නේ පොලීසියට

නමුත් පසුගිය කාලයේදී විවිධ මාධ්‍යවල විශේෂයෙන් වගකීමක් නැති මාධ්‍යන්හි විවිධ කතා ගියා අපි මෙතනදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා වෙනස් වූ ආකාරයේ එමගින් අපේ පරික්ෂණ කටයුතු වලට බාධාවක් වුනා වැරදී අරථ කතනයක් සමාජයට ගියා ඒ නිසා පරික්ෂණ වලට බාධාවක් වේ යැයි යන අවධානම නිසා පොලීසියට දැනුම් දී පොලීසිය මාර්ගයෙන් අධිකරණ නියෝගයක් ගත්තේ නිසි අවසරයකින් තොරව සමූහ මිණිවලේ වාර්ථාවන් මාධ්‍යට නිකුත් කිරීම තහනම් කරමින්.

කෙසේ වෙතත් අපි නැවත පසුගිය 21 වනදා සිට කැනීම් කටයුතු නැවත ආරම්භ කලා එහිදී මාධ්‍යට නැවත මෙම ස්ථානයේ කැනීම් කටයුතු පිළිබඳව වාර්ථා කිරීමට හැකි වන අයුරින් වේලාවක් සමග අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබෙනවා මේ අනුව උදෑසන 10.30 සිට උදෑසන 11.00 දක්වා සහ සවස 3.30 සිට සවස 4.00 දක්වා කාලය තුලදී කැනීම භාර නිලධාරීන්ට දැනුම් දී මාධ්‍ය කටයුතු වල නිරත වීමට හැකිය. යනුවෙන් ප්‍රකාශ කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,036 Viewers

2 Comments to “මන්නාරම් සමූහ මිණීවල ගැන මාධ්‍ය අවාරණයට අවසර සීමා සහිතවයි..”

  1. Hitan hutan katin says:

    ඔය මාද්‍ය වලට බාධක දාන්නේ ඔතන ඉන්නේ කොටි මරපු සිංහල මිනිස්සු නිසාද ?

    • නයා.... says:

      ඒක තමයි විය හැකි එකම හේතුව.
      ඔතන ඉන්නේ මැරිච්ච කොටින් නම් මෙලහකටත් චැනල් 4 එකෙන් ඇවිත් ජාත්‍යන්තර වාර්ථා පවා දීලා ඉවරයි

Main News