මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු කොටස් 192 ක් හමු වෙයි…

October 25, 2018 at 8:40 am | lanka C news
මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු කොටස් 192 ක් හමු වෙයි…

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් 24 වන විට සිරුරු කොටස් 192 ක් හමුවී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු 93 වන දිනට සිදු කෙරෙන අතර අද පෝය දිනයක් හෙයින් නිවාඩු දිනයක් වුවද සිය කැනීම් කටයුතු සිදු කරන අතර ගොඩගත් සිරුරු 192 න් සම්පූර්ණ සිරුරු 186 කට අදාළ සම්පූර්ණ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

මේ දිනවල වර්ෂාවද ඇදහැලෙන බැවින් වර්ෂාව හමුවේ කැනීම් කටයුතු සිදු කෙරෙන අතර කැනීම් සිදු කෙරෙන ස්ථානයන් ආරක්ෂා වන අයුරින් ටෙන්ට් ආවරනයන් යොදා සිදු කරන බැවින් වර්ෂාව සිය කැනීම් වලට බාධාවක් සිදු නොකර ගන්නා බවටයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,798 Viewers
Main News