මන්නාරමෙන් කොටි බෝම්බ තොගයක් හමුවේ..

September 11, 2018 at 2:04 am | lanka C news
මන්නාරමෙන් කොටි බෝම්බ තොගයක් හමුවේ..

මන්නාරම, මුරුන්කන්  ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුල තිබී කොටි සංවිධානයට අයත්  බෝම්බ , උණ්ඩ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.

පොලිසිය පැවසූවේ මුරුන්ගන්හි නැවත පදිංචි වැසියෙකු ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ගේ හිමියා අදාළ පුපුරණ ද්‍රව්‍යය දැක පොලිසිය දැනුවත් කළ බවයි.

ඒ අනුව ‍මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රිය අංශය ‍යොදාගෙන පුපුරණ ද්‍රව්‍ය ගොඩෙගන ඇත.

එහිදී ළිඳ තුළ තිබි ආර්.පී.ජී බෝම්බ 01 ,  එස්.එෆ්.ජී. 81 බෝම්බ 02ක්,  කේ 400 බෝම්බ 05ක්,  ටී.වයි.ටී.ඊ. බෝම්බ03 ක් ,  මි.මි. 81 මෝටාර් බෝම්බ 15ක්,  මි.මි.60 බෝම්බ 27ක්,  මි.මි. 40 එම්.ජී.එල්. උණ්ඩ උණ්ඩ 10ක් හා මි.මි. 81පියුස් 08ක් ක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.

මෙම බොම්බ සහ උණ්ඩ තොගය  මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රිය කිරීමට නියමිතව ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල ආයුද තොගය ළිඳට දමන්නට ඇති බවට මුරුන්ගන් පොලීසිය සැක පල කර සිටියේය.

මේ අතර ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ළිඳ තුළ සිටි කුඩා කිඹුල් පැටියෙකුද පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් ගොඩගෙන මන්නාරම් වනජිවි නිළධාරීන් වෙත භාරදුන් බවද පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ ළිදෙන් ගොඩගත් කිඹුලා රක්ෂිතයක් වෙත මුදා හැරීමට වනජිවි නිළධාරීන් කටයුතු කොට ඇති බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,346 Viewers
Main News