ට්‍රැමඩෝල් මත්පෙති 1300ක් අලෙවි කළ තිදෙනෙකු අත්අඩංගුවට…

August 25, 2018 at 8:02 am | lanka C news
ට්‍රැමඩෝල් මත්පෙති 1300ක් අලෙවි කළ තිදෙනෙකු අත්අඩංගුවට…

මන්නාරම් නගර මධ්‍යෙය් ඉතා සූක්ෂමව ට්‍රැමඩෝල් නැමති මත්පෙති 1300 ක්අලෙවි කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.

මන්නාරම් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සූක්ෂමව අදාල මත්පෙති මිලදී ගන්නා මුවාවෙන් ගොස් එම සැකකරුවන් මත් පෙති අලෙවි කිරීමට සැරසෙන අවසද්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.

අදාල මත්පෙති වර්ගය වැඩි වශයෙන් ධීවරයින්ට අලෙවි කරන අතරම එක් පෙත්තක් රුපියල් දහසකට ආසන්න මුදලකට විකුණන බවටද තොරතුරු අනාවරණය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,479 Viewers
Main News