මන්නාරමේ තවත් සමූහ මිණී වලක්..?

May 20, 2018 at 12:00 pm | lanka C news
මන්නාරමේ තවත් සමූහ මිණී වලක්..?

මන්නාරම සතොස තොග ගබඩාව ආසන්නයේ සිදු කල පසු කැනීම් වලදීද තවත් මිනිස් ඇටසැකිලි බවට සැකකෙරෙන ඇටසැකිලි තොගයක් හමුවීම හේතුවෙන් එම ස්ථානයද තිරුකේදීස්වරන් සමූහ මිනීවලට සමාන ස්ථානයක්දැයි සැක පල වී ඇත.

පසුගිය මාර්තු 26 වනදා මන්නාරම සතොස තොග ගබඩාවේ නව ගොඩනැගිල්ලක් වෙනුවෙන් පොළව හාරා එහි පස් රැගෙන ගිය වැසියෙකුට පළමුව මෙම ඇට සැකිලි හමුව ඇති අතර අනතුරුව මාර්තු 27 වනදා ගොඩනැගිල්ල හෑරු ස්ථානයේ සිදු කළ කැනීම් වලදී තවත් ඇටසැකිලි තොගයක් හමු වී ඇති අතරම පසුගිය දින කිහිපයේදීද සිදු කල කැනීම් වලදී තවත් මිනිස් ඇටසැකිලිවලට සමාන ඇටසැකිලි තොගයක් හමු වී ඇති බවට මන්නාරම් පොලීසය කියා සිටියේය.කෙසේ වෙතත් අදාල කැනීම් වලට මේ දිනවල මන්නාරම් දිස්ත්‍රීක්කයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් බාධා සිදුවීම් නිසා කැනීම කටයුතු ප්‍රමාද වීමට හේතු වී ඇත.

පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහය ඇතිව කැනීම් සිදු කරන  ලෙසට ඇටසැකිලි හමු වූ ස්ථානය පරික්ෂා කිරීමට ගිය මන්නාරම් මහෙස්ත්‍රාත් අලෙක්ස් රාජා මහතා නියෝග කරනු ලැබීය.

යම් හෙයකින් එම ස්ථානයෙන් තවත් ඇටසැකිලි හමුවුවහොත් ඉදිකොට ඇති සතොස ගබඩාවෙන් කොටසක්ද කැඩීමට සිදුවෙනු ඇති අතරම බොහෝවිට එම ස්ථානයද මීට පෙර මන්නාරම් තිරුකේදීස්වරන් කෝවිල ආසන්නයේ හමු වූ සමූහ මිණී වලට සමාන ස්ථානයක්දැයි ආරක්ෂක අංශ පුරා විද්‍යා නිලධාරීන්  වෙතට සැක පල වී ඇත.

තිරුකේදීස්වරන් කෝවිල ආසන්නයේ පිහිටි සමූහ මිණි වලෙ තිබී මිනිස් සිරුරු 100 කට ආසන්න වූ මිනිස් ඇටසැකිලි තොගයක් මීට පෙර හමු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,348 Viewers

3 Comments to “මන්නාරමේ තවත් සමූහ මිණී වලක්..?”

  1. David Milli-banda says:

    Meka Rayappuge ekak wenna athi.

  2. Don King says:

    කොටි මරලා දාපු සිංහල මිනිස්සුන්ගේ කොටි මරපු ආමි එකේ අයගේ වෙන්න ඇති

  3. Love nature says:

    …මන්නාරමේ හමුදා නිලධාරින් විශාල ප්‍රමාණයක් කොටි තස්තවාදීන් විසින් ඝාතනය කළා ඒවා විය හැකියි මේවාට ජිනීවා මොකද කියන්නේ ?
    රායප්පු, එමානුවෙල් කොටි පාදිලි ඇතුළු TNA මේ මිනීමැරුම් අපේ හමුදාවට විරුද්ධව බොරු චෝදනා කිරීමට දැනටමත් පටන් අරන් ඇති …ඊළමට පාර කැපීමට උතුරේ කොටි දරන වෑයමක්

Main News