මන්නාරමේ පෙරපාසල් දරුවන්ට යුද් හමුදාවෙන් පෙර පාසලක්…

June 8, 2018 at 2:04 am | lanka C news
මන්නාරමේ පෙරපාසල් දරුවන්ට යුද් හමුදාවෙන් පෙර පාසලක්…

මන්නාරම කල්ලියඩි ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ට අත්‍යවශ්‍යව තිබූ පෙරපාසලක් ඉදිකරදීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

මේ අනුව වන්නි ආරක්සක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි 59 සේනාංකායේ සේනංකාධිපති මේජර් ජෙනරල් ජී.ජේ.ඒ.ඩබ්ලිව්.ගලගමගේ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන් එම සේනාංකයේ යුද හමුදා සෙබලුන් විසින් කල්ලියඩි ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට අවශ්‍යව තිබූ පෙරපාසල සාදා දෙන ලදි.

යුද හමුදා සෙබලුන් විසින් ඉදිකරන ලද පෙරපාසල් ගොඩනැගිල්ල පසුගිය 05 වනදා විවෘත්ත කිරීමේ අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් සහභාගී වූ අතර නව පෙරපාසලේ කටයුතුද එදිනම සිදු විය.      

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,063 Viewers
Main News