මම නම් ආණ්ඩුවේ ඉන්නේ නැහැ.. අනිවාර්යෙන්ම ඇමතිකමෙන් අස්වෙනවා..- අර්ජුන

April 9, 2018 at 3:00 pm | lanka C news
මම නම් ආණ්ඩුවේ ඉන්නේ නැහැ.. අනිවාර්යෙන්ම ඇමතිකමෙන් අස්වෙනවා..- අර්ජුන

අග‍්‍රාමාත්‍යතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ බව පැවසූවේ කුරුණාගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

“විශ්වාසභංගය ගේනන අවශ්‍ය වුණේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒක පරාජය වුණා. ඒකට සහයෝගය දුන්න අය ගැන මම දන්නේ නැහැ. නමුත් මම ඒකට සහයෝගය දුන්නා නම්, පක්ෂව ඡන්දය දුන්නා නම්, ඇමැති මණ්ඩලයේ තවදුරටත් සිටීමට සදාචාරාත්මක අයිතියක් මට නැහැ. මම යෝජනාවට සහයෝගය දුන්නා නම්, පක්ෂව ඡන්දය දුන්නානම් මම අනිවාර්යෙන්ම ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙනවා. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කියනකම් ඉන්නේ නැහැ. ඒක තමයි ප‍්‍රතිපත්තිය විය යුත්තේ. එහෙම නැතිව තානාන්තර බලගෙන කටයුතු කිරීම මගේ ප‍්‍රතිපත්තියක් නෙමෙයි. හැබැයි ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඉදිරියේදී තීරණ ගනියි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා. වැරදි දේවල් වෙනවා නම් ඒ ගැනත් අනිවාර්යෙන්ම කථා කරනවා….” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිතුමා අසරණ කිරීමට ඇතැම් අය උත්සාහ දරන බවයි.

‘ඇත්තටම විශ්වාස භංගය යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් අහුවුණා. ඒ අය විශ්වාස භංග යෝජනාවට සහයෝගය දීමෙන් සිදු කළේ ජනාධිපතිතුමාව අසරණ කිරීම. නමුත් අපි දන්නවා විස්වාශ භංග යෝජනාව නිසා අපේ ආණ්ඩුව ශක්තිමත් වුණා. දැන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් තියෙන්නේ එකට එක් වී මේ රටේ ඉතිරි වැඩකටයුතු සිදු කිරීම. පසුගිය අවුරුදු තුනේදීම හොරු ඇල්ලීම දූෂිතයින්ට දඩුවම් දීම සිදු වුණේ නැහැ. දැන්වත් ඒ ගැන ඇස් ඇරලා කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. ඒ සඳහා දේශපාලනඥයින් ලෙස අපි නීතිය අතට ගන්න හොඳ නැහැ. උසාවි මාර්ගයෙන් නීති ක‍්‍රමවේදය අනුව කටයුතු කිරීම වැදගත් වනවා…..’ යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

ආණ්ඩුව පළාත්සභා ඡන්දය නියම කාලයට පත්වනු ඇතැයිද ආණ්ඩුව මහජනතාවගේ පැත්තේ සිට කටයුතු කළහොත් එම මැතිවරණයෙන් යහපත් ප‍්‍රතිඵලයක් ලබා ගත හැකි බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– තමීර මංජු,

26,184 Viewers

10 Comments to “මම නම් ආණ්ඩුවේ ඉන්නේ නැහැ.. අනිවාර්යෙන්ම ඇමතිකමෙන් අස්වෙනවා..- අර්ජුන”

  1. Yasantha says:

    Moi kamba horava pakshava chande deela dan boru bylaa gahanva!
    Yako thota prathipaththiyak thieyenavanam as panapita oppidum vechcha horek aaraksha karaida?

    • kolitha says:

      ලබන සැරේ මේ හාදයා පාර්ලිමේන්තුවට එන්නේ සමනළ ලකුණින්ද?

  2. Jeewantha says:

    Arjuna is a good man .But unfortunately with wrong men like RW.

  3. gamarala says:

    hondata O.L wath ne neda? yanawako ithin ugathekuta deela… mun yanawa kiwwath ekekwat yanne ne. api modaayokiala

  4. Niru says:

    He should have gone when
    1. We ran out of petrol
    2. Hambantota was given to Chinese
    3. When Ravi karumanayake was found guilty

    And most of all when his boss Ponil and the group robbed the bank. That is what collective responsibility is. He is a donkey talking from his back.

  5. Su Silva says:

    Ada Lankave sadachraya thiyenne koheda? Parliament eke eheme vachanayak aththema nehene.

  6. සදාචාරාත්මක අයිතිය says:

    මහා බැංකු මංකොල්ලය හරියයි කීම සදාචාරාත්මක අයිතියක් නම් චන්දය දුන් මහා ජනතාවට කාගෙ සරණක්ද? me කතා කරන්නේ අධෝ මුකයෙන්ද? රෙදි අදින්නේ ලජ්ජවටද නැතිනම් අනික් උන් අදින නිසාද ඇමතියෝ?

  7. Dave says:

    So how is the pm you voted for still occupying the top post after robbing the central bank..
    How are you holding on your position appointing your brother from no where as chairman. In ministries you are given. You buggers have no shame… Looters…

  8. Open mind says:

    ඒ තරම් සදාචාරයක් තියෙනවා නම් ජනතාව ප්රතික්ෂේප කළ එවුන් එන්නෙත් නැ…ගන්නෙත් නැ……

  9. Hitan@hutan.com says:

    ඇත්තටම මේ මනුස්සය අන්ද කයිප්පු කාලද?
    මෙච්චර හොරකමක් වෙලා තියෙද්දි උන් එක්කම ලගින්නෙ ඇඳුම් නැතිවද​?

Main News