මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දස දහසකට වඩා උතුරෙන් හමුවෙයි..

September 13, 2017 at 6:28 am | lanka C news
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දස දහසකට වඩා උතුරෙන් හමුවෙයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා ඊයේ මහ නායක ස්වාමින් වහන්සේලා හමු වී උතුරේ දැවැන්ත හමුදාවක් සිටින බවත් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසුවා.  නමුත් තාර්කික හේතු අටක් මත ලංකාවේ හමුදාවේ සාතිශය බහුතරය සිටිය යුත්තේ උතුරු පළාතේ බව අපේ තාර්කික නිගමනයයි.

  1. ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදි කණ්ඩායම උතුරු පළාතෙන් මර්දනය කරලා ගත වී තිබෙන්නේ තවම වසර අටයි. නිදහස් කළ කොටි සාමාජිකයින් දොලොස් දහසක් උතුරේ නිදැල්ලේ සිටිනවා.  ඒ අය සමීපව සුපරික්ෂා කිරීමට හමුදාව උතුරේ සිටිය යුතුයි.
  2. සඟවා තැබූ ආයුධ නිරතුරුව උතුරෙන් හමු වෙනවා. හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන අයුරින් පසුගිය වසර දෙක තුල පමණක් මරා ගෙන මැරෙන ඇඳුම් කට්ටල දස දහසකට වැඩි ගණනක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා.  මේ ආයුධ සොයා ගැනීමට හමුදාව උතුරේ සිටිය යුතුයි.
  3. පුනරුත්ථාපනය නොවුණු කොටි සාමාජිකයින් විශාල පිරිසක් ජනතාව අතරේ ඉන්නවා. ඔවුන් නැවත ත්‍රස්තවාදි ක්‍රියා ආරම්භ කිරීමට ගත් උත්සාහයන් හමුදාව විසින් ව්‍යවර්ථ කර තිබුණා.  මී ළඟ ත්‍රස්තවාදි නැගිටීම දල්ලෙන් කැඩීමට නම් හමුදා උතුරේ සිටිය යුතුයි.
  4. ලංකාව තුල ත්‍රස්තවාදය පරාජය කළත් ලෝකය පුරා දෙමළ බෙදුම්වාදය තවම ක්‍රියාත්මකයි. වෙනදාටත් වඩා දෙමළ නායකයන්ගේ අනුකම්පාව සහ ආදරය දිනා ගනිමින් එය පිම්මේ වැඩෙමින් පවතිනවා. රුද්‍ර කුමාරන්, විනයාගම් සහ එමානුවෙල් පියතුමා වැනි අයගේ නායකත්වයෙන් එකිනෙකාගේ තරගකාරීත්වයෙන් මේ අය අද ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා. මේ අය තවමත් දෙමළ ඊළාම් සිහිනය සැබෑ කර ගන්න කටයුතු කරනවා. තවමත් ඔවුන්ට ත්‍රස්තවාදි කටයුතු ආරම්භ කරන්න බැරි වුණේ ප්‍රබල හමුදාවක් උතුරේ සිටින නිසා.
  5. යුද්ධයක් නොතිබුණත් හොර බඩු ජාවාරම සහ නීති විරෝධි සංක්‍රමණිකයින් හේතුවෙන් ඉංග්‍රිසි යුගයේ පවා වැඩි හමුදා කඳවුරු ගණනක් තිබුණේ උතුරු පළාතේ. අදටත් මත් කුඩු ජාවාරම නීති විරෝධි සංක්‍රමණ හා හොර බඩු ජාවාරම වැඩිපුරම සිදුවන්නේ උතුරු පළාතේ සිට. ඒ නිසා මෙවැනි ක්‍රියා මර්ධණයටත් උතුරේ හමුදා රදවා තැබිය යුතුයි.
  6. වසර 2,600ක ලිඛිත ඉතිහාසයේ සිදු වී ඇති විදේශ ආක්‍රමණ වලින් චීන අද්මිරාල් ෂෙන් හේගේ ආක්‍රමණය හැර අන් සියල්ලම සිදු වී ඇත්තේ උතුරු පළාතෙන්. සතුරා එන පැත්තේ මිස සතුරා නැති පැත්තේ හමුදා කඳවුරු පවත්වා ගෙන ගොස් ඵලක් නෑ.
  7. උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමට උතුරෙන් හමුදා ඉවත් කරනවා නම් අනිත් පලාත් වල මහ ඇමතිවරුන් ඉල්ලුවොත් ඒ පලාත් වලින් ද හමුදා ඉවත් කරන්න ඕනෑ. උදාහරණයක් විදිහට ලංකාවේ ලොකුම හමුදා කඳවුරු තියෙන්නේ බස්නාහිර පළාතේ හෝමාගම පණාගොඩ ප්‍රදේශයේ. එතකොට පලාත් නවයේම මහ ඇමතිවරුන් එක හඩින් ඉල්ලා සිටියොත් අපේ පළාත්වලින් හමුදාව ඉවත්කරගන්න කියලා හමුදාව කොහෙද තියන්නේ? නාවික හමුදාව නම් නැව් වල නංවා මුහුදට දානවා කියමුකො කඳවුරු.  ගුවන් හමුදාවත් ගුවන් යානා වල නංවලා අහසට දානවා කියමුකො.  එතකොට යුද හමුදාව?  ඒ නිසා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඉල්ලීමක් නෙමෙයි.
  8. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට නම් ජනාකීර්ණ අනිත් පළාත් වල කැලෑ කපමින් හමුදා කඳවුරු ඉදි කරන්න ඕනෑ. එයින් දැවැන්ත පරිසර විනාශයක් සිදු වෙනවා මෙන්ම මූල්‍ය අර්බූදයක ඉන්න ආණ්ඩුවට දරා ගන්න බැරි දැවැන්ත වියදමක් දරන්න සිදු වෙනවා.

මේ හේතු අටම නිසා අපි උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනවාට විරුද්ධයි. විග්නේශ්වරන් මහඇමතුමන්ගේ ඉල්ලීම ආණ්ඩුව විසින් ඉටු නොකළ යුතු ඉල්ලීමක් ‍ලෙසයි අපනම් දකින්නේ.

– අරවින්ද අතුකෝරල

15,918 Viewers

5 Comments to “මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දස දහසකට වඩා උතුරෙන් හමුවෙයි..”

  1. Canadian says:

    Suicide bomb kits may end up in Europe.

  2. Gamaya says:

    අනෙක් පළාත් මහඇමති වරු හමුදාව ඉවත් කරන්න කීවොත් මුන් හමුදා බැරැක්ක විසිරුවා දමාවි . මුන් ඒ තරමටම රටට වෛර කරන ආණ්ඩුවක්

  3. Aba says:

    Very well presented logical arguments!
    We are very proud of you Mr Gammanplia!

  4. danu says:

    දෙමල මුස්ලිම් කතෝලික දෙමල ඩයස්පෝර ජාතයන්තර කතෝලික රටවල් එක්සත් ජාතින් යැයි කියනා අය ගෙනෙන යුද අපරාඩ සහ පවතින රජය මේ සියලු දෙනා සෑම ආකාරයෙන්ම පහර දෙන්නේ සිංහලයාටයි මෙයින් ගැලවෙන්න නම් කල යුතු හා ඉතිරිව ඇත්තේ යන්න වෙන රටක් සොයාගැනීම හෝ එකමුතු වී මේ සියල්ල පැරදවීමයි තීරනයක් ගන්න පරක්කු නොවන්න.

  5. නිළමේ says:

    යකෝ මෙච්චර රනවිරුවෝ හිටියා ප්‍රභාකරන් මරන්න, ඔය හම්බවෙච්ච සූට් එකක් ඇදගෙන කලවැදි කක්කුස්සි කටාව බදාගන්න යන්න එකෙක් නැති රටක් මේක.

Main News