මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..

October 10, 2017 at 12:11 am | lanka C news
මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පූජනීය මල්වත්තේ මහ නායක හාමුදුරුවන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාස නිසා නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් නෑ කියා ප්‍රකාශ කර තිබුණා. නමුත් අපේ මහ නායක හාමුදුරුවන්ගේ දේශනාව බුදු හාමුදුරුවන්ගේ දේශනාවට පටහැනියි. බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරනවා “තමන්ගේ දෙමව්පියන් කියූ පමණින් විශ්වාස කරන්න එපා. ගුරුවරුන් ඉගැන්වූ පමණින් විශ්වාස කරන්න එපා. වැඩිය ඕනෑ නෑ මේ මම බුදු හාමුදුරුවන් කියන පමණින් විශ්වාස කරන්න එපා. විමසා බලා තර්කයට බුද්ධියට යථාර්ථයට ගැලපේ නම් පමණක් විශ්වාස කරන්න කියලා.

බුදුන් වහන්සේ අද වැඩ සිටියා නම් අනිවාර්රයෙන්ම කාලාම සූත්‍රය සංශෝධනය කරලා “ජනපති සහ අගමැති කියූ පමණින් විශ්වාස කරන්න එපා විමසා බලන්න“ කියා යෙදුමක් එකතු කරනවා. තර්කයට යථාර්තයට ගැලපෙනවද යන්න විමසා බලා පිළිගන්න කියලා. අපේ මහ නායක හාමුදුරුවන් ජනපති විශ්වාස කරලා ව්‍යවස්ථා යෝජනාවෙන් බුදු දහමට හානියක් නැතැයි පැවසුවත් ජනපතිතුමා නම් කියන්නේ මම නම් තවම ඕක කියවලා නෑ කියලා. ඒ නිසා ජනපතිතුමාව විශ්වාස කළොත් අපේ මහ නායක හිමියන් අමාරුවේ වැටෙන්න ඉඩ තිබෙනවා. අපි එහෙම කියන්නේ ඔබවහන්සේගේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් බෞද්ධයන් විදිහට අපට වගකීමක් තියෙන නිසා.

ජනපතිතුමා මේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් වෙනවා ද කියා අහන්නේ කාගෙන් ද? ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතුයි කියා විශ්වාස කරන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමාගෙන්. දී කිරට බලල්ලු සාක්ෂි කියන්නේ මෙන්න මේ වගේ අවස්ථා වලට. ජයම්පති මන්ත්‍රිතුමා කියන්නේ එතුමාට වාමාංශිකයෙකු හැටියට ආගමික රාජ්‍යයන් සඳහා එකඟ වෙන්න බෑ කියා. නැතිනම් රාජ්‍යය ආගමෙන් වෙන්කර තැබිය යුුතයි කියන මතයේ ඉන්න කෙනෙක් කියලායි. නමුත් එතුමා දන්නේ නෑ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ වගන්තිය ව්‍යවස්ථාවට එකතු කලේ ලංකා ඉතිහාසයේ බිහි වුණු කීර්තිමත්ම වාමාංශිකයෙකු වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා. 1972 ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ දී එතුමා ඉතාම අපූරුවට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ ඇයි කියන එක පැහැදිලි කරනවා. ජයම්පති වික්‍රමරත්න මහතාගෙත් පරන ගුරුවරයෙක් වන කොල්වින් ආර්ද සිල්වා මැතිතුමන්ගේ ඒ වියත් කතාව නැවත වතාවක් කියවන්න කියලා මම එතුමන්ට ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

18,004 Viewers

20 Comments to “මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..”

  1. Manel says:

    Not his position. Not the yellow robes he is wearing. Mr Gammanapila, he is a curse and a disgrace to Buddhists living all over the world.

  2. hitan gedara appuhami says:

    උදය මහත්තයෝ, ඔය මල්වත්තේ ලොක්කට ඕව කියල වැඩක් නැහැ. එයා ඇදගෙන ඉන්නේ කොලපාට සිව්රක්. මෙයා ඔය තනතුරට ආපු දවසේ ඉදලම කොටින්ට කඩේ ගියා. යුද්ධයට එක වචනෙකින් වත් උදව් කලේ නැහැ. රනිල් මොනවද කියන්නේ, එකම තමයි මෙයත් කියන්නේ. අනේ ඉක්මනටම සොබිත ගාවට යනවා නම් අපිට ලොකු පිනක්. නැත්නම් අපි හැමදාම පව් පුරවා ගන්නවා. ඔය සෝබිත ඉක්මනටම මුණගැහිලා ලබන ආත්මේ ඇෆ්ගනිතනයේ නැත්නම් සව්දි අරාබියේ හරි සෝමාලියාවේ හරි උපදින්න. පින්සිද්දවෙයි ලංකාව පැත්ත පළාතේ වත් එන්න නම් එපා. අනේ සාධු සාධු.

  3. Mother Lanka says:

    ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතුයි කියන අය සෞදියට එංගලන්තයට අමෙරිකාවට ගිහිල්ලා කියන්න නේ තියෙන්නේ ඉස්සෙල්ලා ම ඔවුන්ට . 9වෙනි වගන්තිය තිබිලත් මෙහෙම කැඹිරිල්ලක් නම් කඹුරන්නේ ඒක නැති කළොත් කොහොමට හිටිවිද කියලා මේ ගණින්නාන්සේට තේරෙන්නේ නැද්ද ? වියන්වයි බාහුවයි පංසලට වද්දා ගත්තාට වඩා හොඳයිනේ නාලාගිරියාගෙයි දේවදත්තයාගෙයි පින්තූර දෙකකුත් පංසල ඉස්සරාහින් එල්ලාගත්තානම්.

  4. Wijebahu says:

    As usual muge gobba tharka. Hariyata mooi muge ganagedi supporterlai budu hamuruwo kiyana vidiyata jeewath wenawa wagei. Pal hora.

    • Asoka says:

      wijebahu නම ආරූඩ කර ගත්තට මූ අර සිංහල කොටිය; නට් කේස් වික්‍රමබාහු කරුණාරත්න.
      මූ කොටින්ට කඩේ ගිහින්ල මිනිස්සුන්ගෙන් කීප සැරයක් ගුටි කෑව.
      ඒත් ලැජ්ජ නෑ. අර ගම් ඌර ඇදෙන්නෙම කසල
      ගොඩටයි කිව්ව වගේ මූ ඇදෙන්නෙම ඊලම් අශූචි
      ගොඩට.

  5. ExUNPer says:

    Golden…
    True…
    Logical….

    Thanks Sir !

  6.  අනාචාර්ය විජේසූරිය says:

    මල්වත්තෙ ලොක්කා කොලපාට කන්නඩියක් දාලයි බලන්නෙ. ඒකයි අපි කියන ඔක්කොටම එකඟ වන්නෙ. මේ හාමුදුරුවො යුද්ධය තිබුන කාලෙත් මහානායක වෙලා හිටියනම් අපේ වේලු තවමත් ජීවත් වෙනව.

  7. සෝපිත අපායෙන් says:

    මඟුලක් කතා කරනව. වල්මත්තේ දන්න කාළාම සූත්තර. මෙයා සිරිකොතාරාමෙ උන්නාංසෙ කෙනෙක්නෙ.

  8. Sarath Dissanayake says:

    If the contents of “Kalama Suththa” were put into action in their normal behavior in connection with the Buddhist community, the monks would not end up in such a bloody mess. The scholarship of Buddhism maintained by the Buddhist academic institutions should be redesigned to make the Buddhist monk today become a community-friendly personage. What happens is the monks have become commercialized and they are just stooges of various politicos rather than saviors of the Buddhist community. They have forgotten their role models such as the Ven Migettuwatte Gunananda, the Ven Tibet S Mahinda, the Ven Variyapola Sumangala, etc. and have turned into money grabbers and parasites. Mr Gammanpila, may your warnings go down with these hypocrites!

    • Ala Mada Gedara lokka says:

      Sarath MAhaththayo,

      Mata oba thuma kiyandewal terumganna tikak amarui. Ahanna epa mokada kiyala. Habai mama ekak dannawa. Api Thibbottata tikak wadiya dunna thamai. Ae nisa wennathi Raniltath wadiya UNP wenna hadanne. Ae wunath ithin hoda manussaya. Ape kattiya giyama hodata salakanawa. Habai ekabadde ayawa nam penna baha. Dan hugak kattiya kiyanawa Tibbottai , Mr. Welui ley nayo kiyala. HAbai Weluta meyata wada rata gana , ohuge minissu gana adrayak tibuna . Meya jarawatama puruduwela Buddagamai ratai minissui serama amathakawela.

  9. Open mind says:

    ඒකාබද්ධ අය කියන ඒවා පමණක් විමසා බැලීමෙන් තොරව පිළිගන්න අපේ හාමුදුරුවනේ

    • මහා නායක says:

      මට බෙන්ස් කාර් එකක් දෙනවනම් ඕනකෙනෙක් කියනදේ පිලිගන්නව.

  10. Kings says:

    ඔය ව්‍යවස්ථා, අරව මේව කියෙව්වට මේ නායක හාමුදුරුවරුන්ට තේරෙන්නෙ නැහැ. ඕව කියවන්න උත්සාහ කරන්නෙත් නැහැ. කම්මැලි කමේ දානෙ වළඳල, ජොලියක් දාල ඉන්න විතරයි දන්නෙ. අපේ රටට ගිය කලක්?

  11. Aney Manda says:

    Kalama Suthraya or Lord Budhdha’s preaching was not for Politics …
    This politician is Politicizing the Buddha….

  12. somasiri says:

    malabadden ekek Avella Thatmuwe ..
    Ohoma Kiyala Elawa Gattaa eka Hondai ..Mama Nam Pu..ta Pain Gahala Elawanne ..

    • පිරිමි සාත්තු සේවිකාව says:

      වෙන නමකින් comment දැම්මට උඹ අපේ තට්ට වීයන්ගොඩ නේද?

    • අනාචාර්ය විජේසූරිය says:

      අම්මට උඩු, රදවෙක් ගිහින් තියෙන උඩ!

  13. Anura says:

    This man has know clue about Sri Lanka, he working for his political party ,not for the people or religion

    • Saumya says:

      You’re absolutely correct, Anura. This hamudhuruwo doesn’t know anything about Sri Lanka, it’s history or Buddhism.

      He only works for his party, UNP.

  14. darshana says:

    It looks like Mr. Gammanpila knows more Buddhist teachings than this so called Maha Nayake.

Leave a Comment

Main News