මවක්‌ දියණිය මරා ගිනි තියලා.. සිරුර දෙපස පහන් දෙකක්‌ දල්වා රැයත් පහන් කරලා…

July 21, 2018 at 3:00 pm | lanka C news
මවක්‌ දියණිය මරා ගිනි තියලා.. සිරුර දෙපස පහන් දෙකක්‌ දල්වා රැයත් පහන් කරලා…

සැමියා නොමැතිව වසර 45 ක්‌ රැකබලා ගත් තම ආබාධිත දියණියට පොල්ලකින් ගසා මරා දමා පසුව ඇයට ගිනි තැබූ 67 හැවිරිදි වයෝ වෘද්ධ මවක්‌ ගම්පොළ පොලිසිය මගින් 19දා සවස අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ – ඩාටි්‍රවත්ත ප්‍රදේශයේදී සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ කෝවිල්ලමුල්ලේ ගෙදර මේරි නෝනා නමැති 45 හැවිරිදි ආබාධිත කාන්තාවයි.

මේරි නෝනා මැරීමට සැක පිට ඇගේ මව වන ලෝරි නෝනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මව හා දියණිය තනිවම මෙම ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත්ව ඇති අතර ලෝරි නෝනා සිය සැමියා නොමැතිව දියණිය සමඟ ජීවත්ව සිට ඇත.

කුඩා කලදී එන්නත් කිරීමකින් පසු මෙම දියණිය ආබාධිත තත්ත්වය පත් වූ බව පවසන ලෝරි නෝනා තම දියණියට දැඩි සෙනෙහසක්‌ දැක්‌වූ බවද පවසන්නීය.

ඒ බව ගම්වාසීන් මෙන්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය වන සුජාතා සමන්කුමාරි මහත්මිය ද පොලිසිය වෙත ප්‍රකාශ කළාය.

මෙම දියණිය මරා ඇත්තේ 18 වැනිදා උදැසන බව මව පවසා ඇති අතර පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ 19 වැනිදාය.

ඇඳේ නිදා සිටි දියණියට උදලු මිටකින් පහර දී ඇති අතර, පසුව බිමට ඇද දමා රෙදි කැබලි ආදිය සිරුරට දමා ගිනි තබා ඇති මුත් සිරුර සම්පූර්ණ පිළිස්‌සී නැත. පසුව 18දා රාත්‍රි දියණියගේ සිරුර බිම දිගා කර දෙපස පහන් දෙකක්‌ ද දල්වා ඇති මෙම මව එදින රාත්‍රි දියණියගේ මළ සිරුර සමග රැය පහන් කර ඇත.

පසුදා ඇගේ නිවසට යාබද වත්තට පැමිණි අයකු මෙම මවට කතා කළ අවස්‌ථාවේ දුව ඊයේ මැරුණා ගමේ කවුරුවත් තාම පැමිණියේ නැතැයි පවසා ඇති අතර එම අය මේ බව ගමේ අයට පැවසීමෙන් පසු ග්‍රාම නිලධාරිනියට ඒ බව දැනුම් දී ඇත. ඇය පැමිණ නිවසේ ඇති සිරුර පරීක්‌ෂා කිරීමේදී පිළිස්‌සුම් තුවාල හා රුධිරය දැක ඒ බව ගම්පොළ පොලිසිය වෙත දන්වා ඇත.

– divaina

11,694 Viewers

4 Comments to “මවක්‌ දියණිය මරා ගිනි තියලා.. සිරුර දෙපස පහන් දෙකක්‌ දල්වා රැයත් පහන් කරලා…”

  1. Kalan says:

    පව්, පුදුම දුකක් දැනුනේ.

    කාලකන්නි දොස්තරවරු දුප්පත් මිනිස්සු ගැන බලන්නේ නැතිව එන්නත් කරලා වැරදීමෙන්. කවුද වගකීම ගන්නේ.

    • Jagath says:

      Immunization can cause permanent disability rarely, irrespective of the health care workers !
      These are called side effects !

      Those who blame doctors were born under the care of doctors unless home delivery,
      were cured from illnesses by the doctors and will end the life under the care of the doctors if hospitalized !

    • Nuwan says:

      එන්නතකින් ආසාත්මිකතාවක් ඇති වෙන්න පුලුවන්. නමුත් ඒක කල්තබා හදුනා ගැනීමට කිසිවෙකුට කල නොහැකි දෙයක්. ඒ අවදානම ගොඩක් අඩුය්. ඊට වඩා ලෙඩ රෝග වලින් ආරක්ෂාව නිසා ලැබෙන වාසිය වැඩිය්.

  2. aniwa says:

    The sadest news I’ve seen for a long time.
    Our country needs state sponsored care system for disabled people like many western countries have.
    Just abolish all permits and luxuries to government servants and politicians to fund the initiative. I know this is just a dream but may be in another life of me.

Main News