මව්බිමේ සුජාත පුතුන් කල් ඇතිවම නව අගමැති හමුවේ; ජාතියේ චිරජීවනයට පංචවිධ යෝජනා ඉදිරිපත් කරයි; පුළුවන් උපරිමය කරනබව මහින්ද සපථ කරයි !!

November 2, 2018 at 8:40 am | lanka C news
මව්බිමේ සුජාත පුතුන් කල් ඇතිවම නව අගමැති හමුවේ;  ජාතියේ චිරජීවනයට පංචවිධ යෝජනා ඉදිරිපත් කරයි; පුළුවන් උපරිමය කරනබව මහින්ද සපථ කරයි !!

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඊයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී ගරු අගමැතිතුමා හමු වී පංචවිධ යෝජනා නමින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු කරුණු 5ක් ඉදිරිපත් කළේය.

සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනාවලිය ඉදිරිපත් කළ අතර ඉන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූහ.

මේ කරුණු සියල්ල ගැඹුරින් සලකා බලා සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඒවා ඉටු කිරීමට මැදිහත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු 60 දෙනෙක් මේ රැස්වීමට සහභාගී වූහ.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරේෂ් කනේෂ් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසාල් අබුබකර් දැක්වූ අදහස් ගැන විශේෂ අවධානයක් යොමු කර සුදුසු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කල පංචවිධ යෝජනා පහත දැක් වේ.

1. වංචනික ලෙස සහ පාරදෘශ්‍ය භාවයකින් තොරව ඉදිරියට ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අත්හැර දැමිය යුතුය.

2. රටේ ආර්ථිකය වැනසීමට හේතු වූ මහ බැංකු වංචාවේ සියලූ විමර්ශන වාර්තා හෙළි කර, පරීක්ෂණ සිදු කර, වැරදි කරුවන්ට දඬුවම් දීමට අප්‍රමාදීයව කටයුතු කළ යුතුය.

3. රාජ්‍යයේ නිසි අනුමැතියකින් තොරව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අත්තනෝමතික ලෙස සම අනුග්‍රාහකත්වය දැක් වූ 30/1 යෝජනාවලිය සහ ඊට පාදක වූ OISL මහකොමසාරිස් වාර්තාව නිෂේධනය කිරීමට කටයුතු කළ යුතුය.

4. ප්‍රදේශ භේදයකින් තොරව පුරාවස්තු සහ ජාතික උරුම ආරක්ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් දියත් කළ යුතුය.

5. රාජ්‍ය නොවන සංවිධානවලට ඍජුව විදේශ මූල්‍යාධාර ලබා ගැනීමට ඇති හැකියාව නතර කර රාජ්‍ය යාන්ත්‍රණයක අධීක්ෂණයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටත් කළ යුතුය.

– nuta

45,173 Viewers

10 Comments to “මව්බිමේ සුජාත පුතුන් කල් ඇතිවම නව අගමැති හමුවේ; ජාතියේ චිරජීවනයට පංචවිධ යෝජනා ඉදිරිපත් කරයි; පුළුවන් උපරිමය කරනබව මහින්ද සපථ කරයි !!”

  1. ජය වේවා! says:

    මහින්ද රාජපක්ෂට ජය වේවා!

  2. N Wimaladasa says:

    What about Free Trade agreement between Sri lanka and Singhopor needed to repeal promptly by current govt.
    FTA of two countries has not obtain Parlimreantry consensus and deliberation by UNP leadership?
    FTA has review by current govt. the vital interest of our national economy.
    I support for FREE Trade ,but not that illegal move by UNP leadership.

  3. NuwanJ says:

    පරාද වෙන කොට හිටියෙ පොඩි මිනිස්සු විතරයි. දිනනකොට මේ අයත් හෙමින් හෙමින් මොනවහරි කිය කියා ලංවෙනවා
    මේ අය තමයි අන්තිමට නායකොයො වෙන පාතිවලට හරවන්නෙ

    බලාගෙන අගමැති තුමනි…

    • මහින්ද කවදාවත් පොඩිමිනිස්සු දිහා බැලුවෙ නෑ. පන්සලක උත්සවේක දැක්කොත් මූන අතගාල ගියා පේන්න. එැබැයි ඔය කියන උන්ට ලක්ෂ ගානින් පඩි වැඩිකරා කරන උලව්වක් නැතිවත්.

    • analyst says:

      Nuwan J- what’s your problem ? These university staff are not asking for personal favours. They are making good suggestions for the welfare of the country.
      Nuwan J is an idiot.

  4. Priyantha says:

    Hats off. Welldone NUTA

  5. Nim says:

    NIYAMI
    JAYAWEWA
    UGATHUN TA NISE THANA
    LABEEWA .
    HORUN TA DADUWAM LABEEWA.
    SEYALU NATHIWU
    DEEWAL APSU LABEEWA
    JAYAWEWA JAYAWEWA

  6. kate says:

    Jayawewa Mage Ratata!! We need educated people to see the needful of the country. All 5 proposals are crucial.

  7. Buddhist says:

    Ada Mahinda pansal pansal gane gihin pooja karanawa. Namuth godak denek danne nathi kathawak thyanawa. Eaka thamai Indiawata gihin Subramaniam Swami ge kandavimen deepu kathawa. Dannawada e mona kandayamakatada katha kare kyala. Eke BJP kandayamakta newei, eke antharwadi Hindu kandayamakata. Eke samajikathwaya thiyenne 10,000 pamanai, Indiawe inne 1.06 billiana minissue eke 81.2% minissu Hindus. Karunakarala e kandayame website eketa yanna: vhsindia.org/about-vhs – ekandayame nama Virat Hindustan Sangam. Eke web site eke gihin baluwoth therei eke thanikara Indiyanu Anthawadi Hindu balawegayak kyala. Egollange mula dharmaya thamai Rama ge neethiyen rajakirima. Ape lankawe hamuduruwaru eketa kamati weida. Ehenam ai Hindu anthawadi Rama muladharmaya piliganna Mahinda ekke hitagena inne?

  8. lotus says:

    ARE THEY HAVEN’T COUNTRY OR EDUCATION DEVELOPMENT PLAN?

Main News