මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ගත් සෞඛ්‍ය අැමති රාජිතට ‘සුවපති’ අංතට්ටුව පලදලා.. GMOAට නඩු දමන බව කියයි…

August 3, 2018 at 12:00 pm | lanka C news
මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ගත් සෞඛ්‍ය අැමති රාජිතට ‘සුවපති’ අංතට්ටුව පලදලා.. GMOAට නඩු දමන බව කියයි…

පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය විසින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා
සභාපති
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඔ 07.

වෛද්‍යතුමනි,

201/08/03 දින ඔබ සංගමය සංවිධානය කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධව.

කරුණු කිහිපයක් මුල් කරගෙන ඔබ සංගමය විසින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 2018/08/03 දින සංවිධානය කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් අප සංවිධානය වෙත දැන ගැනීමට ලැබී ඇත. ඔබ සංවිධානය විසින් කරනු ලබන ඉල්ලීම් පිළිබදව අප සංවිධානයේ විරුද්ධත්වයක් නොමැති අතර ඔබ සංගමය විසින් සංවිධානය කර ඇති උක්ත වර්ජනය මගින් වඩාත් පීඩාවට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් වන බැවින් උක්ත වැඩවර්ජනයෙන් රෝගීන්ට වන පීඩාව පිළිබදව නැවත සිතා බලන ලෙස ඔබ සංගමයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මේවන විට රෝහල්වල විශාල ‌ෙඖෂධ හිගයක් පවතිද්දී හා රෝගීන් විශාල පිරිසක් ඇදන්යට හා රෝහල් වාට්ටුවේ කොරිඩෝව දිගේ පැදුරු එළාගෙන ප්‍රතිකාර ලබද්දී මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ලක්ෂ ගණනක් වියදම් කොට සෞඛ්‍ය අමාත්‍යවරයාට උපහාර දක්වන අවස්ථාවක අප රටේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රය පිරිහී ඇති ප්‍රමාණයේ දිග පළල පිලිබදව හොදින් දැන සිටින්නේ ඔබ සංගමය බව අපගේ අදහසයි.

හෘද රෝගයක් සදහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ලැබූ අපේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට “සුවපති”නම් අංතට්ටුව පැළදීමට කටයුතු කළ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් යැපෙන ඊනියා සෞඛ්‍ය වෘත්තීවලට මෙරට සෞඛ්‍ය ක්ෂ්තයේ ඇති ගැටලු නොපෙනුනාට ඔබ වැනි බුද්ධිමත් සංගමයකට රෝගීන්ගේ දුක් අදෝනා දැනීමට තරම් සංවේදී හදවත් ඇති බව අප විශ්වාස කරමු. මේවන විට දිවයින පුරා වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිද්දී හා පහවසර ශිෂ්‍යත්ව විභාගය 2018/08/05 දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබියදී අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම කෙරෙහි අප සංවිධානය ඔබ සංගමයේ කාරුණික අවධානය යොමු කරමු.

අයිතිවාසිකම් දිනාගැනීම සදහා සංවිධානය වීමට අප ආණ්ඩක්‍රම ව්‍යාස්ථාවේ 14 (1) ව්‍යස්ථාව මගින් පුරවැසියනට අයිතියක් දී ඇති නමුත් එම අයිතිය ආණ්ඩක්‍රම ව්‍යාස්ථාවේ 15(1) ව්‍යස්ථාව මගින් යම් සීමා කිරීම්වලට ලක්කරනු ලැබීම කෙරෙහි හා 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනතේ 32(2) වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්තයක හෝ සේවාවක වැජවර්ජනයක් සිදු කරයි නම් ඊට දින 21 කට පෙර සේවායෝජකයාට ඒ පිළිබදව ලිඛිතය දැනුම්දිය යුතුය යන කාරණය ද හදිසි වැඩ වැරුමක් සිදු කිරීම සේවක විෂමාචාරයක් ලෙස සැළකිය හැකි බව ස්වාමි බයිල් එ.එහි සේවකයින් යන තීරණයේදී පිළිගෙන ඇති බවද ඔබ සංගමයට අවධාරණය කරන අතර ඔබ සංගමය විසින් 2018/08/03 දින සංවිධානය කර ඇති වැඩ වර්ජනය සිදු කලහොත් මෙරට සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණක්‍රියා මාර්ග ගැනීමට අප සංවිධානයට සිදුවන බව ද කණගාටුවෙන් දැනුම් දෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

17,225 Viewers

7 Comments to “මවුන්ට් එලිසබෙත් රොහලේ ප්‍රතිකාර ගත් සෞඛ්‍ය අැමති රාජිතට ‘සුවපති’ අංතට්ටුව පලදලා.. GMOAට නඩු දමන බව කියයි…”

  1. john the baptice says:

    අබ යහලුවෝ

    සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන රාජිත ගේ සුව-දුක් විමසීම සඳහා මෛත්‍රී සාමාන්‍ය ගුවන්යානයකින් සිංගප්පූරු ගියේ ය.

  2. Saradiel says:

    සෞඛ්‍ය ඇමතිටත් ප්‍රතිකාර නැති සෞඛ්‍ය සේවය විශේෂ ගුවන්යානයකින් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත රැගෙන යන්නේ ඇයි?

  3. SUNIL says:

    ඩෙංගු රෝගය ගැන දිනපතා විකාශනය වන ප්‍රවෘත්ති ඉතා දුක්ඛිත ස්වරූපයක් ගනී. එක ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සිටින අතර ඇඳ අතිරිලි එලාගෙන බිම වැතිර සිටින පිරිස නිමක් නැත. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපේ සෞඛ්‍ය ඇමතිවරයාට සම්මානද පිරිනමා ඇති අතර ඔහු තම දත් වහල්ලද පා ගෙන සිනාසෙමින් මේ සම්මාන භාර ගැන්ම තරම් ලැජ්ජා නැති ක්‍රියාවක් ලෝකයේ තවත් ඇත්දැයි සිතේ. නමුත් ඔහු නම් ප්‍රතිකාර ලබා ගන්නට යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටය.

  4. wije says:

    GMOA -ruthless educated thugs, earn every things with help of free education and the give only “suffering ” to poor peoples, GMOA-go to hell.

    • KP says:

      @wije Dont show your hypocracy and jealousy towards people who have a better living condition than you. Its not your fault that you have a lesser comfortable life and nor it is their fault to have a better one.
      This strike is against trade agreement with Singapore which will make access to health care for you and me worse than it is now

  5. Lapaya says:

    Lokaye hodama mudal amathi. Janàthawa 3 wela kanna nathuwa welena rata.Hodama Saukya amathi. Roginta beheth nathi rata. Hodama ponnayo tika palanaya karana rata. Manawa nathath athiwenna janathawata arakku bedana rata.

  6. Ranarala says:

    warjanaya karana thenata vadyawarun pathkaranne anduwai. paaribhogika sangamaya meeta wada prabala paniwidayak rajayata yawanne neththe ai?

Main News