මසුන්ට දාන්න ගිය ඩයිනමයිට් බොට්ටුවේ පිපිරීමෙන් ධීවරයෙකු මරුට…

September 3, 2018 at 2:03 am | lanka C news
මසුන්ට දාන්න ගිය ඩයිනමයිට් බොට්ටුවේ පිපිරීමෙන් ධීවරයෙකු මරුට…

මන්නාරම, මුහුදු සීමාවේ මසුන් අල්ලමින් තිබූ බෝට්ටුවක සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට  ඇති බව මන්නාරම් පොලිසිය පැවසීය.

මන්නාරම පොලිසිය පැවසූවේ 31 වැනිදා රාත්‍රියේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවටයි.

අනතුරින් මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි ජෙසු රන්ජිත් නමැති 39 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ.ඒ.සිත්ති ප්‍රිකාඩෝ නමැති 35 හැවිරිදි පුද්ගලයෙකු,එම්.ඔගස්ටින් ප්‍රිකාඩෝ නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු,ඇන්තෝනි ප්‍රිකාඩෝ නමැති 39 හැවිරිදි පුද්ගලයෙකුද තුවාල ලබා ඇති බවද මන්නාරම් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ අදාළ පුද්ගලයින්ගේ මළ සිරුරු හා තුවාල ලැබූවන් ගොඩබිම වෙත පැමිණීමෙන් පසුව තුවාල කරුවන් රෝහල් වෙතට මාරුකොට යැවීමට පියවර ගත් බවටයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර මන්නාරම‍ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් තැන්පත් කොට ඇත.

ධීවර කටයුතු වල නිර වූ අනෙක් ධීවරයින් කියා සිටියේ මසුන් ඇල්ලීමට යෙදු ඩයිනමයිට් පිපිරීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට තමන් සැක පළකරන බවයි.

පොලිසිය පැවසූවේ පිපිරීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි අතර, පිපිරීම සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මෙහෙයවන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,172 Viewers
Main News