මහජන කටයුතුවලදී රජයේ මුදල් 40%ක් දූෂණයට.. නාස්තියට..

January 7, 2017 at 12:40 pm | lanka C news
මහජන කටයුතුවලදී රජයේ මුදල් 40%ක් දූෂණයට.. නාස්තියට..

විගණන පනත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබදව පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට කශේරුකාවක් සහිතව  රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය පසුබිම  සකස් කරන බවත්,  රජයේ මූල්‍ය කලමනාකරණය ජනතාවට ප්‍රශ්න කළ හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ලක්ෂණයක් බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පල කළේ  දින කොළඹ නව නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

සමුළුව අමතමින් කථානායකවරයා පෙන්වා දුන්නේ ගිණුම් කාරක සභා ක්‍රියාවලිය මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතුද සාර්ථක වීමට විගණන නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය අනිවාර්යය අංගයක් වන බවයි.

විගණන නිලධාරීන් මහජන මුදල් ආරක්ෂා කිරීමට කරන නිහඬ සේවය කාගේත් ගෞරවයට පාත්‍ර විය යුතු බව ද පැවසූ කථානායකවරයා එහිදී අභීතව දිවි පරදුවට තබා දූෂණයට එරෙහිව කටයුතු කරන ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තව දුරටත් සිටින බවට ඔවුන් අවස්ථා ගණනාවකදී පූර්වාදර්ශ සපයා ඇති බවද සඳහන් කළේය.

සමුළුව අමතමින් කථානායකවරයා මෙසේද කීවේය.

‘විගණන නිලධාරීන් ඉටු කරනුයේ විශාල ජාතික යුතුකමක්. එය කෙතරම් අමාරු වුවත් ඔවුන් එම අභියෝගයන්ට   උරදී සිටීම තුල රාජ්‍ය අංශයේ මූල්‍ය විනය ආරක්ෂා වෙනවා.

මම දේශපාලනය ආරම්භ කළේ දේශපාලන ඉණිමගේ පළමු පියවර වන පලාත් පාලන ආයතනයකින් එදා මෙදා තුර පැමිනි සෑම පියවරකදීම මූල්‍ය විනය කඩකිරීම් දකින්නට ලැබුණා.  නමුත් වර්තමානය වන විට රටේ මූල්‍ය විනය ආරක්ෂා කරන කාර්යය පාර්ලිමේන්තුව හරහා ශක්තිමත්ව ඉටු කිරීමට පදනම සකස් වී තිබෙනවා.  ‍එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභා‍වේත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේත්, සභාපතිවරු හා නිලධාරී මණ්ඩලය ඉටු කරන අපක්ෂපාතී ප්‍රසංශනීය මෙහෙවර අගය කිරීම මගේ යුතුකමක්.

මීට කලකට පෙර අවංක ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව ආරම්භ කළ Clean Hand වැඩ සටහන ය‍ටතේ සොයා ගනු ලැබුවා. රජයේ මුදල් මහජන කටයුතු සදහා වියදම් කිරීමේ දී 40% ක් දූෂණයට නාස්තියට ලක් වන බව.

විගණන පනත තොරතුරු දැන ගැනීමේ පනත මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස මෙම අවාසනාවන්ත තත්ත්වය මුලිනුපුටා දැමිය හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා.

පුද්ගලික අංශයේ දශක 03ටත් වඩා තමා සාර්ථක ප්‍රථිඵල නෙලා ගත්තේ නම් එයට ප්‍රධාන හේතුව නිසි මූල්‍ය පරිපාලනය සහ විගණනය සදහා දක්ෂ අවංක නිලධාරීන් යොදා ගැනීම බව ද කී කථානායකවරයා එය ඕනෑම  ක්ෂේත්‍රයක සාර්ථකත්වයට ඉවහල් වනු ඇති බවද පැවසීය.

– චමින්ද ගමගේ

6,372 Viewers

3 Comments to “මහජන කටයුතුවලදී රජයේ මුදල් 40%ක් දූෂණයට.. නාස්තියට..”

  1. love nature says:

    මහජන මුදලින් කෝටි ගානක හදුන් කොට පූජාවක්/ මිත්තියාව මොඩයන්ට
    රනිල් , ඔහුගේ බිරිය මෛත්‍රී හා ඇමැති ස්වාමිනාදන් කේරළයේ ශ්‍රී ක්‍රිෂ්ණ ගුරු වායුර් කෝවිලට ගොස් විශේෂ පූජාවකට සහභාගිවී ඇතැයි ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කර තිබේ.

    වික්‍රමසිංහ එහිදී තුලා බර පූජාවක් කරමින් ඔහුගේ බරට සමාන සුදු හඳුන් කිලෝ 77ක් දේවාලයට බෙදාදී ඇතැයි ද පැවසේ.

    එම සඳුන්වල මිල ඉන්දියා රුපියල් ලක්ෂ 8.45 ක් බවද වාර්තා වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,797,754.40 ක් පමණ වනු ඇත.

    පළතුරු පූජාවක් ද සිදු කර ඇති එම පූජාවන් සිදුකර ඇත්තේ වෙස්ති හා මුණ්ඩු සම්ප්‍රදායික ඇඳුමින් සැරසී බවද වාර්තා වේ.

    වෙස්ති යනු දෙවුර වසන සළුවකි. මුණ්ඩු යනු ඉඟවටා අඳින රෙද්දකි.

    • ranna ponil says:

      හොඳ වෙලාවට මේ යකා එහෙ ගිහින් හරි රෙද්දක් ඇඳ ගත්තෙ.

  2. anjanam devi says:

    Ane දූෂණයට.. නාස්තියට…ape pathiwatha puja karannada kiyanne? oyaalge ayya..ape…Pa……

Main News