මහජන බැංකුවට අනවසර පිරිසක් කඩා පැන යකා නටයි… මරා දමන බවට කළමණාකරුට තර්ජනය කරයි..

November 21, 2017 at 4:40 pm | lanka C news
මහජන බැංකුවට අනවසර පිරිසක් කඩා පැන යකා නටයි… මරා දමන බවට කළමණාකරුට තර්ජනය කරයි..

ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් බව සඳහන් කළ කණ්ඩායමක්, ඊයේ (21) පස්වරුවේ හදිසියේම මහජන බැංකුවේ අම්පාර ශාඛාවට කඩා පැණ එහි කළමණාකරුවාට සහ සේවක මණ්ඩලයට තර්ජනය කර තිබේ.

කිසදු විධිමත් අවසරයකින් තොරව බැංකු ශාඛාවට පැමිණි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වීමට අවශ්‍ය බවත් ඒ සඳහා වහාම සේවකයින් සහභාගී කරවන ලෙසත් එහි කළමණාකාරවරයාට දන්වා ඇත.

නමුත්, නිසි අවසරයකින් තොරව රාජකාරී වේලාව තුළ රැස්වීම් පැවැත්වීම හෝ වෙනත් යම් රාජකාරි නොවන කටයුත්තක් සඳහා තමන් යටතේ සිටින සේවකයින් සහභාගී කරවීම නොහැකි බවත් ඒ සදහා විදිමත් අවසරයක් ලබා ගෙන පැමිණ එවැනි කටයුත්තක් පවත්වන්නේ නම් තමන්ට ගැටලූවක් නොමැති බවත් කළමණාකරවරයා විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දන්වා තිබේ.

මේ අවස්ථාවේ එම පිළිතුරෙන් උරණ වූ භාහිරින් පැමිණි පිරිස ශාඛා කළමණාකරවරයා තම අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් මරා දමන බවට තර්ජනය කර ඇති අතර ඔහුගේ නිළ කාමරයේ දී කළහකාරි ලෙස හැසිරි ඇත.

මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ පසුබිමක සේවකයින් විසින් ශාඛාවේ ආරක්ෂිත සීනු නාද කර ඇති අතර ඒ අවස්ථාවේ පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ශාඛා කළමණාකරු ප‍්‍රදීප් බණ්ඩාර මහතා විසින් පුද්ගලයින් දස දෙනෙකු ශාඛාවට බලහත්කාරයෙන් ඇතුළු වී, රාජකාරියට බාධා කරමින්, අසැභි වචනයෙන් බැණ වැද, මරණ තර්ජනය සිදු කිරීම සහ බැංකුවේ කටයුතු වලට බාධා කරමින් බැංකුවේ භාරයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අම්පාර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

– ජයරත්න පෙරේරා

13,057 Viewers

One Comment to “මහජන බැංකුවට අනවසර පිරිසක් කඩා පැන යකා නටයි… මරා දමන බවට කළමණාකරුට තර්ජනය කරයි..”

  1. kamalsiri kuruwita says:

    අම්මප මුන්ට මේ අමු කැවිලද? බලපල්ලා ඕක අස්සෙත් අර ගින්තොට කේස් එකේ හිටිය වගේ ආණ්ඩුවේ දේශපාලන ගොන් නාම්බෙක් මේකෙත් ඉන්න පුළුවන් ඕක පිටිපස්සේ. නැත්තම් කොහෙන්ද මෙච්චර හයියක්. අනේද කියන්නේ බ්‍රෝ !!!

Main News