මහජන බැංකු වර්ණ රාත‍්‍රිය…

November 28, 2017 at 2:07 am | lanka C news
මහජන බැංකු  වර්ණ රාත‍්‍රිය…

මහජන බැංකු ක‍්‍රීඩා සමාජය 15 වන වරටත් සංවිධානය කරන ලද වර්ණ රාත‍්‍රිය කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පසුගියදා අති උත්කර්ෂවත්ව පැවැත්විණි.

මෙහිදී 2016 සහ 2017 වසර වලදී මහජන බැංකුව නියෝජනය කරමින් විවිධ කි‍්‍රඩා ක්ෂේත‍්‍රවලින් දක්ෂතා දැක්වූ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් 168 දෙනෙකු වෙත වර්ණ පිරිනැමිණි.

එමෙන්ම දැනට විශ‍්‍රාම ගොස් සිටින කි‍්‍රඩික කි‍්‍රඩිකාවන් කීප දෙනෙකු වෙත විශේෂ සම්මාන ප‍්‍රදානයක් ද සිදුකෙරිණි.

නර්තන අංග ඇතුළු සංගීත ප‍්‍රසංගයකින් ද මෙම උළෙල වර්ණවත් විය.

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති වර්ණ රාත‍්‍රියට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ මහජන බැංකුවේ කි‍්‍රඩික ක‍්‍රිඩිකාවන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

– මහජන බැංකුව

1,499 Viewers
Main News