මහනුවරට කඩ ගිනි තබා මිනී මරන්න කුමන්ත‍්‍රණ කල කාඩ්බෝඩ් බෞද්දයා ගැන ඇමති සජිත් හෙලි කරයි..

March 13, 2018 at 1:20 pm | lanka C news
මහනුවරට කඩ ගිනි තබා මිනී මරන්න කුමන්ත‍්‍රණ කල කාඩ්බෝඩ් බෞද්දයා ගැන ඇමති සජිත් හෙලි කරයි..

තම පියා සිංහල බෞද්ධයෙකු ලෙස සෑබෑ සේවාවක් කළ නමුත් ඔහුට අපවාද කිරීම වෙනුවෙන් පුෂ්පකුමාර යනුවෙන් නමක්ද නිර්මාණය කළ බව අමාත්‍ය සජිත්  ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට පැවති  උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

ඓතිහාසික රාජ්‍ය නායකයෙකු ලෙසත් සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙසත් බුදුදහම වෙනුවෙන් මගේ පියා සැබෑ සේවාවක් ඉටු කළා. නමුත් ඔහුට කොපමණ ගල් ගැසුවාද කිවහොත් ඔහු පන්සලකට ගොස් මල් වට්ටියක් පූජා කරන විට ‘පුෂ්පකුමාර’ යනුවෙන් නමක්ද නිර්මාණය කළා. රණසිංහ ප්‍රේමදාස පන්සල්වලට උදව් කරනවා වැඩියි කීවා. එසේ එදා පැවසූ අය අද රට අනතුරේ යැයි කියා ප්‍රකාශ කරනවා.

බෞද්ධයෝ යැයි කියා ගත් ඇතැම් පිරිසක් මේ රටේ සිටිනවා. මා ඒ පිරිස දකින්නේ කාඩ්බෝඩ් බෞද්ධයන් ලෙසයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ සැබෑ බෞද්ධයෝයි. සෑම දෙනාම සමගි වන්න, එකමුතු වන්න යැයි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා. ඔවුන් අනිත් පැත්තට සිදු කරන්නේ රට වනසන කුමන්ත්‍රණයි.

තමන් සැබෑ බෞද්ධයන් යැයි සිතනවා නම් රට වටේ ගොස් පන්සල්වල චෛත්‍ය ඉදිකරන්න, දහම් පාසල් ගොඩනැගිලි නිර්මාණය කරන්න කියා මා ඔවුන්ට කියනවා. පසුගිය කාලයේදී වයඹ පළාතේ පන්සල් 600 වැසී ගියා. ඒ පන්සල්වල භික්ෂූන් වහන්සේලාට ආධාර උපකාර කරන්නට කිසිවකු සිටියේ නැහැ. මගේ පියාණන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කළා. නමුත් ඔහුගෙන් පසුව පන්සල් සඳහා උදව් උපකාර නොලැබුණ නිසා වයඹ පළාතේ පන්සල් 600ක් වැසී ගියා. මේ වැසි ගිය පන්සල් ගොඩගන්නට, දියුණු කරන්නට, ආරක්ෂා කරන්නට බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස කටයුතු කළේ නැහැ.

මහනුවරට ගිහින් කඩ ගිනි තබා, මිනී මැරුම් සිදු කළා කියා කිසිවිටක බෞද්ධ ආගමට ශක්තියක් වන්නේ නැහැ.

මේ රටේ බහුතර ජනතාව ලොව්තුරා අප බුදු රජාණන් වහන්සේගේ දහම පිරිසිදුව අනුගමනය කරනවා. උන්වහන්සේ දේශනා කර සිටියේ සියලු සත්ත්වයෝ ආරක්ෂා කර ගන්නට කියායි. බෞද්ධ ආගම ඉතිරි වී අනෙක් ආගම් විනාශ වන්නට කියා උන් වහන්සේ කිසිවිටෙක දේශනා කර නැහැ

– ada.lk

60,496 Viewers

18 Comments to “මහනුවරට කඩ ගිනි තබා මිනී මරන්න කුමන්ත‍්‍රණ කල කාඩ්බෝඩ් බෞද්දයා ගැන ඇමති සජිත් හෙලි කරයි..”

  1. ajita de costa says:

    nidan kadanne niyama Buddhist lada

  2. රටෙ එකා says:

    රටෙ සින්හල ජනගහනය අඩු කරන්නනම් ඔයාගේ තාත්තා බොහෝ වැඩ කරා.

  3. ajith says:

    Recently he scheduled to donate 10 buses to main schools in Hambantota and those buses were parked at his office with marking those school’s name until finish of the election as per EC’s instruction . But after defeat in local government election, he cancelled all donations to Buddhist schools, but donated to Muslim schools only. Then who is the racist?

  4. තුෂාර says:

    කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් මු දබුලු යන්නේ මොකටද කියලත් තේරෙනවා

  5. බබා උක්කුන් says:

    අම්මට හුඩු …. වේදආරච්චිය කට ඇරිය විතරයි මෙන්න මෙයා ෆෝම් වෙලා. පිරුවානා පොත්වහන්සේ ඔලුව උඩ තියාගෙන, පන්සීය පනස් ජාතකය දකුණු අතින් අරගෙනම ගේමට බහින්න. ඕනෑම නම් මහින්දගෙන් සාටකයකුත් ඉල්ලා ගන්න.
    2020දී කක්ක නා ගන්න වගෙයි හදන්නේ.
    අම්ම අප්පාගේ බුදලෙන් වෙන්න ඇති ඔය පන්සල් ගානේ සල්ලි බෙදන්නේ. ඉස්කෝල වල බිල්ඩින් හදන්නේ, ගෑනුන්ට මැෂින් බෙදන්නේ, ලින් වලට මෝටර් හයි කරන්නේ. එදා ඉදල බෙදපු භාණ්ඩ වල වටිනාකම ගණන් හදල කිව්වනම් කොහෙන්ද ඒවාට සල්ලි කියල. නිදන් වදුලු වල භූතයෝ කැමති වෙයි දැනගන්න.

    • Mahasona says:

      ඔබතුමා පසුගිය කාලේ විල්පත්තුවේ පුරා වස්තු විනාශ කරමින් , නිධහන් හාරමින් ,සතුන් දඩයම් කරමින්, තාත්තාගේ අඩි පාරේ ගමන් කිරීම සිදුකරන්නේ ? ඔබ බෞද්ධයෙක් වුයේ කවදද ?
      ඔබේ පියාත් පැරණි බෞද්ධ විහාරවල නිධහන් සොරාගත් බව පැවසේ ….

  6. බෙබා says:

    අප්පද බොල…. ඒ කතාව ඇත්තක්ද? එහෙනම් ඒ දවස් වල පුතාට නිදන් හොරා කියපු කතාවත් ඇත්ත වෙන්න ඇති නේද?

  7. CORBRA says:

    ඓතිහාසික රාජ්‍ය නායකයෙකු ලෙසත් සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙසත් බුදුදහම වෙනුවෙන් මගේ පියා සැබෑ සේවාවක් ඉටු කළා..,මොනවාද මේ දොඩවන්නේ ???
    ඓතිහාසික රාජ්‍ය නායකයෙකු ලෙසත් සැබෑ සිංහල බෞද්ධයෙකු නිසාද මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන්ට වන්නියට ඒමට ආරක්ෂාව සලසා දුන්නේ ..ඔබේ පියා නියම බෞද්ධයෙක් වන්නේ .වන්නියේ ජීවත්වූ සිංහල බෞද්ධයා මරාදමා LTTE ත්‍රස්තවාදීන්ට වන්නිය අයිතිකර දුන් නිසාද ? ..ඒ පාපය පළදුන්නේ කොටි ත්‍රස්තවාදීන් අතින් ම ඔහුගේ අවසානය සිදුවීමෙන් නේද ? …..ඔබේ පියාගේ පාලන කාලයේ ඔබේ පියාට විරුද්ධව කටයුතුකළ විශ්වවිද්‍යාල වල සිසුන් ,භික්ෂුන්වහන්සේලා කොතරම් ඝාතනය කලාද ? බොරු කීමෙන් වලකින්න…..

  8. Asaranaya says:

    තරුන කාලෙ -ගැටවර වියේදි- පන්සල්වල නිදන් හෑරීම කොහොමද, අනේ මගේ කට. තුක් නොදෝකින්!
    පුශ්පකුමාර සාසන අමාත්තියන්ශයේ පුතා නිදන් ගැරීමෙ අමාත්තියන්ශයේ

  9. ලිහිණි says:

    ඔබ තමයි නියම කාඩ්බෝඩ් බෞද්ධයා ..ජන්දේ ගැනීමට බෞද්ධයෙක් ලෙස පෙනී සිටිනවා …ඔබේ මෑණියෝ නේද අපේ රටේ CLUB හදමින් කුඩු ව්‍යාපාරයට සහය දුන්නේ …ඔබේ පියා කලේ දෙමළ ත්‍රස්තවාදීන්ට සහය දෙමින් ඒ මාර්ගයෙන් ඔහුගේ මඩිය තර කර ගැනීමයි ..ඔබලා දැන් රජසැප විදින්නේ රටේ මහජන මුදල් ඔබේ පියා සොරාගත් නිසා නොවේද ? ලැජ්ජයි

  10. Saradiel says:

    රට වනසන කුමන්ත්‍රණ කාරයන් UNP නොවේද ? ඔබේ නායකයා නේද මහබැංකු මගදී මංකොල්ලයේ ප්‍රධාන සැකකරු
    ගහ දන්න ජනතාවට කොළ කඩා පෙන්වන්න උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් ඇමතිතුමෝ

  11. sky says:

    ඔබේ කෙරුවාව අපි දන්නවා …..උස නම් security මිටි නම් labour (කම්කරු ..)

  12. අන්දුන් කුන්දුන් says:

    දන්නේ නැති හින්දයි අහන්නේ! ජනාධිපති මන්දිරයේ තිබු ම්ල්කිරිගල විහාරයේ චිත්‍රය හොරකම් කල කව්දැයි කියාපන්කො.

  13. ඉනොලා කරුණානායක says:

    උනුස් කාටුන් සිල්පියා මල්වට්ටියක් අතින් අරන් පිස්ටල් එකක් යටින් තියන ඉන්නවා කාටුන් ඇන්දේ ඇයි

  14. අලුත් සාදු kenek says:

    යාලේ පුෂ්ප කුමාර සාදු.

  15. Upali says:

    සජිත් මැති තුමා, ඔබතුමගේ තාත්තා සමග වැඩ කල මම මම මගේ බොහෝ ඇසුරන්ගේ විරෝදයට ලක් වෙමින් ඔබගේ තාත්තාගේ හොඳ වැඩ පමනක් සදහන් කර එතුමාව අගය කලෙමි. මට ඔබගෙන් ඇසිය යුතු එක ප්‍රශ්නයක් ඇත. රනිල් නම් ආරාජිකයා අතින් ආරාජික උනු ඔබලාගේ එජාපය, ඔබ බාර ගැනීමට කැමති නම් මම ඔබට සහයෝගය දෙන්නම් එක කොන්දේසියක් මත. ඔබ බලයට ආපසු කරන්නට තිබෙන ඔබගේ රට සන්වර්දන සැලෙස්ම හෙලි කරන්න.

  16. Meyage hithe api marila ipadila kiyala. Oyagei thaththagei dennagema bauddha kama lankave apinam hondata dannava. Mevata apita nam pukenuth hina…HA..HA
    ..HA…HU…HU…HUU

  17. podivije says:

    තාත්තා කරපු හෝ‍දවැඩත් තියෙනවා ඒ ත් අනිත් වැඩත් තියෙන නිසා ගුනවයන්න අමාරැයි අර වන්නියට චොපර් වලින් ඇද්ද ආයුධ ටික ‍ ඒක නොකර හිටියානමි තමයි හොද

Main News