මහපරිමාණ වැලි ජාවාරමක් හසුවෙයි.. වාහන තොගයක් අත්අඩංගුවට..

August 28, 2018 at 8:02 am | lanka C news
මහපරිමාණ වැලි ජාවාරමක් හසුවෙයි.. වාහන තොගයක් අත්අඩංගුවට..

වව්නියාව සේට්ටිකුලම් ප්‍රදේශයේ කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධ මහපරිමාණ වැලි ජාවාරමක් සැකකරුවන්ද සමග  අත්අඩංගුවට ගෙන වව්නියවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.

බලපත්‍ර රහිතව කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති මෙම වැලි ජාවාරම පිළිබඳව සෙට්ටිකුලම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වැලි ප්‍රවාහනය කෙරෙන මාරග්යක රැකවල් යොදා සිටියදී ජවජරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

එහිදී වැලි ජාවාරමේ නිරත වූ සැකකරුවන් 05 දෙනෙකු සහ වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථ 02 සහ ට්‍රැක්ටර් 03 ක් අත්අඩංගුවට ගැනීමට සෙට්ටිකුලම් පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මෙම නීතිවිරෝධි වැලි ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා වාහන තොගයද සමග වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,754 Viewers

2 Comments to “මහපරිමාණ වැලි ජාවාරමක් හසුවෙයි.. වාහන තොගයක් අත්අඩංගුවට..”

  1. Open mind says:

    කලක සිට කරගෙන ගිය වැලි ජාවාරම් අල්ලා ගත් පොලිස් නිළධාරින්ට ආචාරය

  2. Neutral Man says:

    Send the same police team and see if they dare to arrest the mafia boss involved in the illegal sand mining in Polonnaruwa, the land where angels fear to tread.

Main News