මහමැතිවරණයක් ඉල්ලා උතුරේ පොහොට්ටුවෝ විරෝධතා..

December 2, 2018 at 12:40 pm | lanka C news
මහමැතිවරණයක් ඉල්ලා උතුරේ පොහොට්ටුවෝ විරෝධතා..

වහාම මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ පාක්ෂිකයින් විසින් ඊයේ (01) දින විරෝධතා වඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

යාපනය පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් විසින් යාපනය කස්තුරි මන්සන්ධියේ සිට විරෝධතා පාගමනකින් යාපනය බස් නැවතුම්පල දක්වා ගමන් කොට යාපනය බස් නැවතුම්පලේදී විරෝධතාවය පැවත්වූහ.

මේ අතර වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නෙඩුන්කේනි ප්‍රදේශයේදීද පොදුජන පෙරමුනේ පාක්ෂිකයින් විසින් විරෝධතාවක් සහ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් සංවිධානය කොට තිබූ අතර මෙම අවස්ථාවට උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් ඇතුලු වව්නියාව පොදුජන පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූශ.

විරෝධතාවන්ට එක් වූවන් කියා සිටියේ රටේ ඇතිව තිබෙන අස්ථාවර භාවට වගකිව යුත්තා එක්සත් ජාතික පක්ෂය බවටත් එට ස්ථාවර කිරීමටනම් ජන මත විචාරණයක් වහාම පැවත්විය යුතු බවටත් එසේ නොවන්නට රට දරුණු අගාධයකට ගමන් කරන බැවින් අධිකරණයෙන් හෝ යුක්තියක් ඉටු වී වහාම මහමැතිවරණයක් පැවත්වීමට පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,193 Viewers
Main News