මහමෙවුනාව-ආශ‍්‍රමය යුධ වදිති.. සමන්තභද‍්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]

September 2, 2018 at 10:03 pm | lanka C news
මහමෙවුනාව-ආශ‍්‍රමය යුධ වදිති.. සමන්තභද‍්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]

දෙහිවල ශ්‍රී සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය ශ්‍රී සමන්තභද‍්‍ර හිමියන් සහ මහමෙව්නා අසපු ජාලයේ ප‍්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ධර්ම දේශනාවලදී එකිනෙකාට දොස් පවරාගන්නා අයුරු දැන්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි අතිශයින් ජනප‍්‍රියය.

බුදුදහම සම්බන්ධයෙන් වෙනම් මතවාදයන් දරමින් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා ආකාරය එම වීඩියෝවයි දැක්වෙයි.

ඥාණානන්ද හිමියන් විසින් සමන්තභද‍්‍ර හිමියන්ට ‘රහත් රංග පීඨය’ යයි පවසද්දී සමන්තභද‍්‍ර හිමියන් පවසන්නේ ඥාණානන්ද හිමියන් දාර්ශනික නොවන අතිශය ග‍්‍රාම්‍ය කිරිබත් ගොඩයෙක් බවයි.

කිරිබත්ගොඩ හිම්යන්ගේ මිත්‍යාව!

සම්පූර්ණ වැඩ සටහන සඳහා 👉🏻👉🏻 https://youtu.be/SKe5pdohKQQ #lka #SriLanka #SiriSamanthabhadra #mahamevna #buddhism

Gepostet von පර වාද සුන් කරව් සිංහ නාද කරව් am Freitag, 31. August 2018

111,038 Viewers

48 Comments to “මහමෙවුනාව-ආශ‍්‍රමය යුධ වදිති.. සමන්තභද‍්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]”

  1. Gadol says:

    තමන් රහත් වී ඇතැයි පවසන පිටිදුවේ සිරිධම්ම හිමියන් ප්‍රසිද්ධ ස්ථානයක හෝ මාධ්‍යයක් හරහා තම රහත්භාවය ඔප්පු කර පෙන්වන්නැයි සිංහල රාවය ජාතික සංවිධානය ඉල්ලා සිටී.

    එහි සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ එහිමියන් රහත් භාවයට පත්ව ඇතිනම් ප්‍රාතිහාරයක් පා ඒ බව සමාජයට ඔප්පු කර පෙන්වා සංඝභේදයක් හෝ ශාසනික සමාජයේ මතවාද නිර්මාණය වීම වැළැක්වීමට වැළැක්වීමට කටයුතු කරන ලෙසයි.

    රහතන් වහන්සේනමක් කිසිදු දිනක තමා රහත් වී ඇති බව සමාජය හමුවේ පවසමින් නොයන බවත් පවසන දයාරතන හිමියන් නොමැති ගුණාංගයක් පෙන්වමින් භික්ෂූත්වය කෙලෙසා නොගෙන ඒ බව සමාජය හමුවේ ප්‍රසිද්ධියේ ඔප්පු කර පෙන්වීම වඩා යෝග්‍ය වන බව ද කියා සිටී.

    • සිරිධම්ම හිමියන්ගේ අනිත් කෙරුම් කෙසේ වෙතත් මෙතන කියන තර්කයට නම් සම්පූර්ණ එකඟයි. ඔය ගිරිභාණ්ඩ පූජා, පිච්ච මල් පූජා, පළතුරු පූජා ඔක්කොම දෙවියන්ගේ ඇදහිලි.. ඕන සාමාන්‍ය බුද්ඩියක් තියෙන එකෙකුට තේරෙන්න ඕනෙ ඒක තනිකර නාස්තියක්.. අර ඉන්දියාවෙ එවුන් නම් හිරු දෙවි පූජා කියල ඔය විදියට අහාර ගෙනත් ගින්නට දානවා… අන්තිමේ පූජා භාණ්ඩ වලින් හොඳ ටික හාමුදුරුවන්ට නෙ.. මොකෝ චෛත්‍යෙන් ගිලිනවද? බුදුන්ට මොකටද මේ තරං වස්තු.. පිරිණිවන් පාලා අවු. 2600 ක් වෙනවා.. උන් වහන්සේ චෛත්‍යෙ ඇතුලෙ කියල හිතනවද මේ අන්ධ මිනිස්සු…?

    • Boo says:

      ඔය බද්‍ර ලා, නන්ද ලා දෙගොල්ලම කරන්නේ එකට සිටි බෞද්ධයින් අතර වෙනස් වෙනස් කල්ලි හදා භේද බින්න කර බෞද්ධයාගේ එකමුතුකම තුළ තිබුණු බලය සිඳ දැමීමයි.

      මේවා ඔය බද්‍ර ලා , නන්ද ලා ව බලල් අඬු ලෙස යොදාගනිමින්, සල්ලි විසි කල හැකි අන්‍යාගමිකයින් විසින් හසුරුවන සුදු-පාතාල කාර්යයක් පමණි. එම අන්‍යාගමිකයින් නූල් අදිමින් සිටින්නේ ඔය බද්‍ර ලා, නන්ද ලා ට ස්ථර (layers) දෙක තුනක් පසු පසින් නිසා අසරණ බෞද්ධයාට එම තත්වය කොහෙත්ම නොපෙනේ.

      නියම සිහියෙන් යුත් බෞද්ධයා ඔය දෙපිලටම අයත් නොවේ.

  2. Gadol says:

    ඔෂෝ
    වයස විසි එකේදී
    මෝක්ෂය ලැබුවා යැයි පවසන
    රජ්නීශ් නම් ඉන්දියානුවෙකි.
    ඔහුගේ ජීවිතය දෙස බලන විට
    ඔහු හින්දු සමථ භාවනාවන් මගින්
    ඉහළ තලවල ධ්‍යාන ලබාගත්
    තර්කනයෙහි දක්ෂ බුද්ධිමතෙක් බව
    සිතිය හැකිය.

    ඔහු නිවන මෙන් අර්ථ දක්වන්නේ
    ඔහු ලැබූ ධ්‍යානය විය හැකිය.

    ලෝකයේ පවතින දර්ශනවාද පිළිබඳව
    ඉන්දියානු විශ්ව විද්‍යාල වලින් හදාරා
    මහාචාර්ය කෙනෙකු වූ රජ්නීෂ්
    ආචාර්ය රජ්නීශ් නමින්
    වසර ගණනාවක් විශ්වවිද්‍යාලයෙහි සේවය කොට
    පසුව ප්‍රසිද්ධ කතා පවත්වමින්
    සිය ගෝලබාල පිරිස වැඩි කරගත්තේය.

    බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ඇතුළු
    ආගමික නායකයන් හා වෙනත් විවිධ පුද්ගලයන්
    වරෙක අගය කරමින් සහ වරෙක හෙළා දකිමින්
    අපූර්ව දේශනා ක්‍රමයක් මගින්
    අති විශාල අනුගාමිකයන් රැසක් ලොව පුරා
    ඇති කරගත්තේය.

    නිදහසේ කාමයෙහි හැසිරීම අනුමත කිරීමෙන්
    විවාදාත්මක අවස්ථාවන්ට මුහුණ දුන් ඔහු
    පසුව භගවාන් ශ්‍රී රජ්නීශ් නමින්
    නම වෙනස් කරගත්තේය.

    ඉන්දියාවෙ පූනා නගරයෙහි
    සිය ආශ්‍රමයක් පවත්වාගෙන ගිය ඔහු
    දස දහසක් පමණ පිරිසකට
    දිනපතා උදේ සහ සවස
    දේශන දෙකක් පවත්වන්නට
    පුරුදු වී සිටියේය.

    සුඛෝපභෝගී කාමභෝගී ජීවිතය තුළින්
    විමුක්තිය සොයාගන්නට ගෝලයන් යොමු කළ ඔහු
    හින්දු බෞද්ධ ආගම් වල එන
    භාවනා ක්‍රම ඇසුරෙන්
    ඔහුගේම භාවනා ක්‍රම සිය ගණනක් ඉගැන්වීය.

    කිසිවක් නොකර වාඩිවී සිටීම
    හොඳම භාවනාව ලෙස
    ඔහු දේශනා කළේය.

    විශ්වයත් සමග ඒකත්වයට පත්වීම
    ඔහු ඉගැන්වූ තවත් ක්‍රමයකි.

    වසර 59ක්වූ ඔහුගේ ජීවිතයේ
    අවසාන කාලය ඔහු ගතකළේ
    ඇමරිකාවේ තනාගත්
    සුවිශාල ආශ්‍රමයකය.

    නීතියෙන් වැරදිකරුවූ ඔහු
    ඇමරිකාවෙන් පිටුවහල් කරනු ලැබ
    ලොව කිසිදු රටකට ඇතුල්වීමට ඉඩ නොදීම නිසා
    යළි ඉන්දියාවට පැමිණ ටික කලකින්
    මිය ගියේය.

    අදත් ඔහුගේ අනුගාමිකයන්
    ලොව පුරා විසිරී සිටින අතර
    චර්යාවන් සහ දේශන වල සමාන බව නිසා
    සමන්තභද්‍ර ඔෂෝගේ අනුගාමිකයෙක්ද යන
    පැනය අපට ඇසීමට සිදු වෙයි.

  3. Love nature says:

    බෞද්ධ පසුබිමක් දිගු ඉතිහාසක පටන් පවතින රටක් ලෙස පැවති මෙරට එම ථේවරදී මූලික බෞද්ධ ඉගැන්වීම්වල මූලික හර පද්ධති අමුඅමුවේ උල්ලංඝනය යන පරිදි ඒ ඉගැන්වීම්වලට විකෘති අත්තනෝමතික අර්ථකථන ලබා දෙමින් ඒවා රන්දිව පුවත්පත් ඔස්සේ අනවශ්‍ය වටිනාකමක් ලබා දෙමින් ප්‍රචාරය කරවමින් පුවත්පතේ අලෙවිය වැඩිකර ගැනීමේ දුෂ්ට ක්‍රියාදාමයක මේවන විටත් ඔවුහු ඉතානිර්භයව හා නිර්ලජ්ජිතව යෙදී සිටිති. මෙකල හැකිතාක් වැරදි වැඩ කරන්නන්ටම ඉඩලබා දෙන හා නිවැරදි අයට පසුපස පන්න පන්නා පහර දී ඔවුන් දුර්මුඛකර ලැජ්ජාවට පත්කොට නිහඬකරවන සමාජ පසුබිමක් මෙරට ක්‍රියාත්මක වන කාලයක අප හැමට ජීවත්වීමට සිදුවීම ද අවාසනාවක් ලෙස දැක්විය හැකිය.වැරදි කරන්නන් හා ඔවුන්ට අනුබල දෙනඅය නිරාවරණය කරන්නන් අනාරක්ෂිතවීමේ බිය නිසාම සමහරු මේපිළිබඳව දන්නාමුත් නොදන්නා සේ ඉවසා සිටීමට පවා හුරු පුරුදුව සිටිති.නමුත් සමාජ සුරක්ෂිතාව රැකීමට හොඳ පුද්ගලයන්ගේ නිහඬ බව බාධාවකි.

  4. ජූඩ් කබ්‍රාල් says:

    අඥානයයන්ට කියන දෙයක් නොතේරීම පුදුමයක් නොවේ.බුදුන්ටද ස්ත්‍රී ලක්ෂණ ආරූඪ කර පල්ලියේ ගීතිකා තාලයට පන්සලේ ගාථා කියන කතෝලික ඥාණානන්ද හිමිට සිරි සමන්‍තභද්‍ර ස්වාමින්වහන්සේ සමග වාද කිරීමට තබා ඉදිරියට පැමිණීමටවත් නොහැකි ය.කළ හැකි එකම දෙය තම හෙංචයියන් ලව සමන්තභද්‍ර හිමියන්ට ෆේස්බුක් වැනි සමාජ ජාල මගින් අපහාස කිරීම පමණකි.සමන්තභද්‍ර හිමියන් පිනට නොගරහන අතර ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදි ම පිනට වඩා කුසලය ශ්‍රේෂ්ඨ කොට දක්වමින් කුසල් සම්පාදනය කර මෙලොවදීම නිවන සාක්ෂාත් කරගැනීමට තම ශ්‍රාවකයින් පොළඹවති.එනමුත් ඉතිහාසයේ කිසිදා සිදු නොවුණු,හින්දු-ජෛන ආදී භක්තිවාදී ආගම්වල ආකාරයේ පළතුරු කදු ගණන් ගෙඩි පිටින් ගොඩ ගසමින් කරන විකාර පූජා හෙලා දැකීම සිදු කරයි.මෙම පූජා කරන්නන් ඒවා යමෙකු විවේචනය කළහොත් ඔහු පව්කාරයෙකු යයි හංවඩු ගසන්නේ තම නිරුවත වසා ගැනීමට ය.ශ්‍රද්ධාවෙන් සරණ යා යුතු බුදු දහම දැඩි භක්තිවාදයකට ලඝු කරන මෙවැනි අන්ධ භක්තික අන්‍යාගමිකයන් බුදු දහමට මෙවැනි බෞද්ධ ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවුනු පූජා සිදු කර බුදු දහම හෑල්ලුවට ලක් කරනවාදෝ’යි විටෙක සිතේ.බුදුන්ට කොමඩු ගෙඩි පිටින්,කෙහෙල් කැන් පිටින්,දූරියන් ගෙඩි පිටින් පුදන සිරිතක් බුදු දහමේ නොමැත.විනයට අනුව උපසම්පදා භික්ෂුවකට වුව ද පළතුරක් පිලිගන්වන විට කපා පූජා කළ යුතුය.දැන්වත් ඔබ බුද්ධිමත් නම් මහමෙව්නා පූජා රංගපීඨය මගින් බෞද්ධයාගේ ඇස් භක්තියෙන් අන්ධ කර,නිරයට බිය ගන්වා කරන මෙම අන්ධ භක්තික ක්‍රියා තේරුම් යනු ඇත.

    • Amda says:

      නොදන්න දේ ගැන කතා කිරීමට ගොස් පව් පුරවාගන්න එපා.
      ඥානානන්ද ස්වාමීන්වහන්සේ සාසනයට සේවයක් කරන, මිනිසුන්ට ධර්මය සරලව කියාදෙන සංඝරත්නයකි.

      • nikki says:

        ෆොර්ගෙට් ෆේක් රහතන් ස්ටෝරි.. පළතුරු කඳු ගණන් චෛත්‍ය වටේ ගොඩගහගෙන පුද පූජා පැවැත්වීමෙන් බුද්ධ ශාසනේට වුන සේවය කියන්නකෝ… අමතක කරන්න එපා.. ‘මහණෙණි ගොස් ධර්ම ප්‍රචාරණයේ යෙදෙන්න .. අල්පේච්ඡව ජීවත් වන්න’ කියලනෙ කිව්වෙ.. දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් වත් ඔය දෙකම කරන්නෑ..

    • helaya says:

      අනේ ජුඩ් මහත්තයො අපි නම් ඔය තරම් බුද්දිමත් නෑ.නමුත් අපිට තෙරෙන එකම දේ නම් රහත් වුනා,මා හරි උගතා,මා සියල්ල දත්,කියා පවසන්නා නම් මොඩයෙකි.මෙ අපිට සාපෙක්ශව….උගත් ඔයාලට සාපෙක්ශවනම් නොවෙයි.තමන්ගේම විශාල රුප සාදාගෙන,උපන් දිනෙට බාර්බර්කිව් පාටි දාලා,වහලේ උසට කෙක් හදාගෙන, තමන් වඩිනකොට මල් විසික් කරවගෙන ගන්න මොඩ චුන් ගොං ආතල්(සොරි…ඒකත් අපිට සාපෙක්ශවයි.ඔයාලා වගේ බුද්දිමතුන්ට සාපෙක්ශව නම් නොවෙයීඅපිටනම් බුදුන් දෙසු ධර්මයට පටහෑනි…මෙ කාගේ අවාසනාවදනම් නොතෙරෙයි…එවට සාදු සාදු කියන්න ගොං රෑලකුත් බිහිවෙලා සිට….බුදුන් දෙසු ධර්මයට සොරි ඩොට් කොම් කියන්න තමයි වෙන්නෙ….

    • siran says:

      obage katawa ettayi…..

    • Shan says:

      ජූඩ් කබ්රාල් කියන්නේ ඤාණානන්ද හාමුදුරුවන්ගේ ගිහි කල නම

    • chandika says:

      Boruwata rahath yay kiyana Samantha badra himi wageda Ghananada thero..Waradda ganna epa samantha bardra himi budu dahama winasa karanwa..Ghnanada himi budu dahama arasha karanawa.

      • ජායා says:

        එතකොට ඔබ කියන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පලතුරු පූජා, මල් පූජා පිවිතුරු බුදුදහමට අනුව හරිද ?
        අනික් පැත්තෙන් ගත්තම සමන්ත බද්‍ර හාමුදුරුවොත් කියන්නෙත් බිස්නේස් කාරයෙක්. හැබැයි මේ අවස්ථාවේ ඒ හාමුදුරුවෝ කියපු දේ හරි.. Internet එකෙන් යක්කු පෙරේතයෝ යනවනම් අපිට horror movies සහ ghost movies බලන්න බැරි වෙනවා….

        මේ මිත්‍යාදෘෂ්ටිකයන් ගැන රටේ තියෙන බුද්ධශාසන අමාත්යංශය හරි, මල්වතු – අස්ගිරි ලොකු හාමුදුරුවෝ හරි මොනවහරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා..

        නැත්නම්, බෞද්ධ දර්ශනය තව ටික කලකින් විනාශ වෙයි..

        මම මීවනපලානේ හාමුදුරුවෝ කියල හාමුදුරුවෝ කෙනෙක් ගැනත් අහල තියෙනවා, හැබැයි වැඩි විස්තර දන්නේ නෑ…

    • udaya saman kumara says:

      jude if you do not know lord Buddhas quality do not make comments. if some one attend nibbana he dont get raga, dhesha,moha. now you diside who correct.

  5. Alapaluwa says:

    මටනම් දැන් දැන් හොඳටම භයහිතෙනවා මොකද මගෙත් පසුගිය කාලවල නොසැහෙන්න බඩරිදුම් හටගත්තා මමනම් සිතා සිටියේ කාපු දෙයක් නිසා හෝ වෙනත් හේතුවක් මත එය හටගත්බවයි නමුත් දැන් දැන් මට සිතෙනවා මේ කිරිබත්ගොඩ සුවාමින්වහන්සේ කියන විදියට යකෝ බුතයෙක්වත් රිංගුවාද කියලා? මොකද දෑන්නේ දන්නේ යකෝ බුතයන්ට අධෝමර්ගයෙන් ශරීරයට යාමට හැකියාවක් තිබෙන බව ෂුවර් එකටම මුනම් (මළපහ බුහුතයෙක්)වියයුතුයි. මොන බහුභුතද මේ හිමිනම කියන්නේ?නිකම් මිනිසුන්ගේ මොලේ විකුර්ථ කරණ කථා නොවේද මේ කියන්නේ. සමන්තබද්‍ර හිමි 100යට 100 හරිකියන්නෙත් නැ මම නමුත් ඔවුගේ දහම් දෙසුමනම් 100% සම්පුර්ණයෙන්ම හරි. නමුත් සමහර බහුභූත දෙවල්ලුත් නැතිව නොවේ. ධර්මයේ පැත්තෙන් ගතහොත් ඔය අරපට්ටම්,මේපට්ටම්, අටපට්ටම් ගසාගෙන ඉන්න ලොකු අයියලාට වඩා 100% හොඳයි අනෙක නියම ධර්මය දන්නවා වෙන එකෙකුටවත් දන්නේ නැති. ඒතරමටම සමන්ත්‍රබද්‍ර සුවමින්වහන්සේ දාන්න තරම්.නිකම් සෝබන පෙන්වන්න විතරයි අනෙක් අය දන්නේ. මමකියන්නේ කවුරුහරි ඔය දන්නවා කියාගෙන සිටිනම් කොතැනකහෝ කරුණාකරලා ඒ හිමිනමගේ අභියෝගය බාරගන්න අන්න එවිට අපි දැනගන්නම් කවද හරි කවුද වැරදි කියලා.එතෙක් දැනට බඩේ අමාරුවනම් අධෝමුකයෙන් භුතොයෝ ගෙනියන ලෙඩක් බව විතරක් විස්වාශයෙන් අපි සිටිමු.

    • Alapaluwa says:

      කිරිබත්ගොඩ සුවාමින්වාහන්ස ඇත්තටම බොහොම සිල්වත් දුසිරේතෙන් තොර නමුත් මිත්‍යා මත බොහොමයක් අනුකරණය කිරීමට ශ්‍රාවකයන් පෙළබවනවාද නොවේ. ඔවුටම හිමි වෙනත් වන්දනාමානද බොහෝය මම දන්නා තරමින් එම ආශ්‍රමයේ දෙදෙනෙක් හමුවුවිට නමෝ බුද්ධයා යැයි වැඳ අචාර කිරීම ඒ ශ්‍රාවකයව දැනුවත් කරද ඇත. මෙය මානම් දකින්නේ නිකම් සරුවපිත්තල බොරු ආටෝපයක් ලෙසය. තවද එක්පැත්තකින් හොරකට්ටඩියන්ව ෆෝම් කිරීමකුත් මෙතුළින් සිදුවනවාද නොවේ මක්නිසාද මෙවැනි ප්රේතදෝෂ සුවකරගැනීමට එවන් හොරුන් සොයාගොස් සිටියාටවඩා අනාතවනබැවින්,මම දන්නා තරමින් මෙවැනි පුදපුජා මොන ත්‍රිපිටකයකවත් සදහන් විද නැත.මෙවැනි අනුපිළිවත් හින්දු ජයිනා ආගමිකයන් අදටත් බොහෝසේ ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල සිදුකරනවදා ඇත.මෙයට හොඳ නිදසුනක් නම් නේරංජනා ගංතිරේ අදටත් සිදුවනදෙවල් දුටුවම මෙමොන මිලේජ්ජ ගෝත්‍රික කොටසක්ද කියාත් අපිකාටත් සිතෙනවා නොඅනුමානය. සමහර Africa ගෝත්‍රිකයන් නම් මෙවැනි දේවල් සිදුකරනවද නොවේ ඒ එවුන්ගේ පැවති එන නොදියුණු සම්ප්‍රදානයට අනුවය. අදටත් සිදුවනදෙවල් දුටුවම මෙමොන මිලේජ්ජ ගෝත්‍රික කොටසක්ද කියාත් සිතෙනවා අපිකාටත් සිතෙනවා නොඅනුමානය. නමුත් සත්‍ය එයයි.අපි කාගේත් හොඳ පමණක් ගෙන මිත්‍යාවෙන් තොරව සිතා ජිවත් වන්න පුළුවන් වියයුතුයි මොකද අපිට මනසක් තිබෙන බැවින්.අද බොහෝදෙනෙක් බොහොම ආතතියෙන් පසුවන අයයි මෙවැනි අයගේ මනසට මෙවන්දේ ඇතුළත් කිරීමෙන් ඔවුන් සිටියාට වඩා අසරණ තත්වයකට පසුවනවා නොඅනුමානය එය කිරිබත්ගොඩ සුවමින්වහාන්ස සිතා අසරණයන්ව මිත්‍යාවෙන් ගලවා සුමගට යැවීමට කටයුටුකරයිනම් එයයි අද ධාරිතාවෙන් පෙලෙන අසරණ අයගේ මනසට සිසිලක් වියයුත්තේ !!!!!

  6. රොන් says:

    ජූඩ් මම අපක්ෂපාතිව ඔබ ලියා ඇතිදේ සමඟ එකඟ වෙමි. තුනුරුවනට සකසා දන් පූජා කිරිම වෙනුවට(නොකපා)ගෙඩි පිටින් පූජාසනයේ තැන්පත් කිරීම නම් විහිලුවකි.
    තුනුරුවන්ට පූඡාවූ පළතුරු ප්‍රමානය ගැන අප කිසිවක් නොකිය යුතුයි.ඊට හේතුව තුන්රුවන එක පළතුරකින් හෝ පළතුරු දහස් ගනනකින් පූඡා ලබන්ට සුදුසය. මෙය දැක අප සිත් කිලිටි කර නොගත යුතුය. සමන්තභද‍්‍ර හිමියන් පැවසු අකාරය සීත ගඟුලෙන් පිරිසිදු නැති පැන් ගෙන පූජා කරාට වඩා එක පිරිසිදු පැන් පාත්‍රයක් පූජා කරානම් එය ථල දායක වන අතර
    සීත ගඟුල අවට පිරිසිදු කිරිමක් සිදුවුනා නම් එයද බොහෝ දෙනෙකුට කරගන්ට තිබු පිනකි. දෙපල වහන්සේලාම වැරදි නිවැරදි කරගෙන ශ්‍රි සද්ධර්මය විකෘති නොවන තැනට කටයුතු කර සසුන රැක ගත යුතුය.

  7. ෴හෙළයා෴ says:

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි.එසේ කීවා කියා එහි ඉන්නා අනෙක් ජාතීන් උරණ වීමට හේතුවක් නැත​.එසේ කීම ජාතිවාදයක්ද නොවේ.එය ජාතිවාදය යැයි කියනා යමෙක් සිටී නම් ඒ තැනැත්තා සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රථිකාර ලබා ගත යුතුය​.අද ශ්‍රී ලංකාව පත්ව ඇති ඛේදනීය තත්වය අතිශය බරපතලය​.කුලල් කා ගන්නේ සිහළුන් පමණි.බේද භින්නව වාද විවාද කර ගන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාය​.සිංහල බෞද්ධකම කථා කරන ගිහි නායකයින් එලිවූ මොහොතේ සිට නින්දට යන තෙක්ද රෑ නින්දේ හීනෙන්ද සිය ජාතියේම උන් හා වෛරයෙන් කැකෑරෙමින් අපාගත වන දොරටුව හැර ගන්නට පොර කති.එසේ කරමින් රට සංවර්ධනය කරනවා කියා පුරසාරම් දොඩති.උන් සරම් හැඳ ඔළුවෙන් සිට ගෙන ඉන්නා බව උන්ම නොදනිති.එය දැන ගන්නට තරම් උන්ට නුවනක්ද නැත්තේය​.එවන් උන් සිය නායකයින් ලෙස පත් කර ගන්නා ජනයා සරම් නැතිව මහ දවාලේ ඇවිදින මල මිනී හා සමානය​.මේ අයුරින් මේ සමාජය පිරිහීමට ලක් වීම ලංකාව නම් දූපත විනාශ වීමට මුලය​.ඉන්දීය සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් අප මව් බිමේ දැන් මුතු නැත​.ඇටය පමණක් ඉතිරිව ඇත්තේය​.වැඩි කල් නොගොස් එයද අතුරුදන් වනු නොඅනුමානය​.

  8. sampath janaka says:

    ලොකු ස්වාමින්වහන්සේ දන්නවා ලංකාවේ ඉන්න මිනිස්සු ඕන බොරුවක් කියල අන්දන්න පුළුවන් කියල,ඕන ජඩ වැඩක් කරලා,අමුනුෂ්‍ය වැඩක් කරලා ඒ ලැබෙන ධනය කොල්ල කන්න ලොකු ස්වාමීන්වහන්සේ උගුලක් ඇටෙව්වා,ඒ පින් කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියල.පින් කලේ නැත්නම් අපායේ යනවා කියල,අසාධාරණකම් වලින් මුදල් හම්බු කරන මිනිස්සු හිතුව අපි මෙහෙම හිටියොත් කොහොමත් අපායේ යනවා,ඊට වඩා හොදයි කියක් හරි දීලා දිව්‍ය ලෝකේ යන එක කියල.හරි එකත් කමක් නැහැ කියමුකෝ මම අහගෙන ලොකු ස්වාමීන්වහන්සේ කියනව මාර්ගපල ලබන්න බැරිලු,එයත් හෙව්වලු,ඉතින් හත්තිලව්වේ මොකටද මහණවෙලා ඉන්නේ,ගිහියෝ අන්දලා කන්න බොන්නද? අනික රත්තරන් ගොඩක් රුවන්වැලිසෑය උසට මිනිහෙක් පුජා කලත් ඒ මිනිහගේ හිත අපායක් නම් ඒ මිනිහ යන්නේ අපායේ.මටනම් හිතෙන්නේ මහමෙව්නාවේ පන්සල් දකිනකොට අපේ මිනිස්සුන්ගේ හිත් කොච්චර අපිරිසිදු වෙලාද කියලා,මොකද අපායේ යන්න තරම් පව් කරපු මිනිස්සු මේ ගොඩනැඟුණු පන්සල් හදන්න දායක වෙලා කියල.පන්සල් ,පල්ලි යම් රටක වැඩිනම් ඒ රට දුෂිත මිනිස්සුන්ගේ පිරුන රටක්, ඒ රටේ ඉන්න පව්කාර මිනිස්සුන්ට පුජකයෝ දිව්‍ය ලෝකේ ඒ මිනිස්සුන්ට විකුණලා පල්ලි පන්සල් හදනවා.ඒ රට ජාතිය ඉවරයි, ලොකු ස්වාමින්වහන්සේත් කරන්නේ ඒක.අනේ අපේ හාමුදුරුවනේ මිනිස්සුන්ට කියන්න හිත හදාගන්න කියල මේ මොහොතේ,මේ මොහොතේ හිත දිව්‍යලෝකයක් කරගන්න කියල,දිව්‍ය ලෝකේ තියෙන්නේ පිරිසිදු හිතක කියල මිනිස්සුන්ට කියල දෙන්න.ඒ මග ඔබ වහන්සේ දන්නේ නැතිනම් දන්න කෙනෙක් හොයල දැනගන්න,එතකොට ඒ පිරිසිදු හිත් වල දෙවියෝ ඇවිත් දිව්‍යලෝක හදාවි…..

  9. mawubima_perata says:

    මෙතන තියෙන්නෙ බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය පිළීබඳ ප්රොශ්ණයක්. බෞද්ධ දර්ශනය කියන එක නියතයක්.ඒක වෙනස් වෙන්නෙ නෑ.නමුත් සංස්කෘතිය වෙනස් වෙනවා.අපිටම වූ බෞද්ධ සංස්කෘතියක් නෑ. හැම ආගමෙන්ම ටික ටික අරන්.එක එක හාමුදුරුවොන්ගෙ මතවාද අනුව සංස්කෘතියට එක එක ඒවා එකතු කරනවා.මේක භයානක තත්ත්වයක්. මේ මෝඩ ආතල් නිසා කවදාහරි ලංකාවෙන් බුදුදහම නැති වෙනවා. ඒකත් ඇමෙරිකාවෙන් ගේන්න වෙනවා. විදේශ රටවල් බෞද්ධ දර්ශනයට වේගයෙන් ලංවෙනවා. සිරිධම්ම හාමුදුරුවොත් එක එක කාලෙට මෝඩ ආතල් දුන්නට එයාගේ දේශනා හරි හේතුඵලයි. දාර්ශනිකයි. ලංකාවෙ ගෝචර වෙන්නෙ සීමිත පිරිසකට. මහමෙව්නාවෙ හාමුදුරුවො උපාසක අම්මලට බණ කියන්නෙ. ලංකාවෙ ගොඩ දෙනෙකුට ගෝචර වෙනවා.

  10. Mangala says:

    Rahathwelada nadda kiyala api danne naha yamak wichara buddhiyen hithanna pitiduwe hamuduruwo maga penwanawa. Mepamana kalak budubana kiyala api ahala thiyenne fairytales.

  11. Ryan says:

    Here Samanthabadra thero speaking truth

  12. palitha says:

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සාසනයට විශාල සේවයක් කල ස්වාමීන් වහන්සේ නමක් .1000 ට අධීක සීලවන්ත ,විනය ගරුක ස්වාමීන් වහන්සේලා මහමෙව්නා 50 ට වැඩි ලංකාවේ සහ වෙනත් රටවල ඇති අසපු තුලින් බිහි කර ඇත.කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කිරීමට නොහැක .එපමණක්ද,ලක්ෂ 20 ට අධීක ගිහි පිරිසක් උන්වන්සේගෙන් මේ ධර්ම චාරිකාවේ සිටිති .අසපුවලට පැමිණ මෙය දැක බලාගන්න .අසත්‍ය වපුරන ආශ්‍රම වලටත් ගොස් බලන්න .ස්වාමීන් වන්සේලා හරි හෝ වැරදි චීවරයට ගරු කරන්න .ගිහියනි නොදන්නා දේ කියල පවු පුරවගන්න එපා.තෙරුවන් සරණයි !!

    • Seya says:

      බුදු හාමුදුරුවෝ කීවද අසපු හද හද ගොඩ වැඩි කර ගන්න කියල. දන්නේ නැතුව ඇති, ඔය හැම අසපුවකම රේට මස් උයාගෙන කනවා. ඒ විතරක්ද, නිවන් යන්න බලු ඒ නිසා තව්තිසාවේ යන්නලු ඔය අසපු වලින් උගන්නනේ. ගොන් හැත්ත

  13. Gona says:

    Me inna godak ganayo sampurana boruwa karanne. Samathabradra loka horrek. Thripitayaka girwa dammata minihek silwantha wenne naha, rahath wenne naha. araya maragyata yanne naha. mun serama gon harakwa dakkanawa.

    Pansil paha rakina, sil rikanin eka ganayake naha. eka badduayeka naha. danna dahama vikurthi karangena annunda bana bana innawa.

    Ane ape Budu hamudurwange dahamata karana nigawa. thopi nirayatama yamau..

  14. Kammale Marikkar says:

    Yeka paudda shaamila denna shari jathiyata tharmaya gena chakachcha korunawaya. Yapila shari chanchochai me wage kekuta gannawata. Yapila shamila dennatama shondata shaalli thenawaya. Shondata FB yekata daanta kuiyanawaya. Shamilata shath pomba, kaadu, kinissi, T 56 yunath kenalla thenda yapita puuluwanya. Shamil shondata wedey denta yappa. Yapita chaya magul thama mewa palanakota. Tapi puriyani thamba kanawaya thanthoseta

  15. Love nature says:

    බුදු දහම ප්‍රඥාවන්තයාට මිස මෝඩයන්ට නොවේ. (අයං ධම්මො පඤ්ඤාවන්තස්ස නායං ධම්මො දුප්පඤ්ඤස්ස) යනු බුද්ධ භාෂිතයකි.

  16. Sasindu Wijekoon says:

    කිරිබත්ගොඩ එනවා රෙදි ගලෝගන්නවා යනවා , ආයෙ එනවා රෙදි ගලෝගන්නවා යනවා…..

  17. නෙවිල් says:

    හින්දු ජෛන විකාර පූජාවන් කර කර නිවන් හොයන මිනිස්සුන්ට සමන්තබද්‍ර හාමුදුරුවන් දිරවන්නෙ නෑ තමයි ,,,අඩුම තරමෙ සිංහල රාවය හාමුදුරුවන් වත් බුද්ධ ධර්මය මොකක්ද කියලා දන්නෙ නෑ …දාතු වලින් නිවන් හොයපු ජාතියට නිර්වානය නියම ආකාරයට පෙන්වමින් ඇත්ත ඇති සැටියෙන් කියන සමන්තබද්‍ර හාමුදුරුවන් අපි පිලිගන්නෙ නිකම්ම නෙවෙයි අනන්තවත් දර්ශකයන් ඇතිවයි

  18. සුරාජ් චමින්ද says:

    ගු නාගෙන ඉන්න උරා ඒක්ක සිංහයෝ සටනට යන්නෙ නැ… සිංහයා බුද්ධිමත්… උරා ගු නාගෙන අැවිත් සටනට ඒන්න කියනවා… නමුත් සිංහයා ගුනාගෙන ඉන්න උරා ඒක්ක සටන් කරන්නෙ නැ… මේක ජාතක කතාවක් 😄😄😄🤣🤣🤣🤣

  19. සුරාජ් චමින්ද says:

    DS Indrajith කියන යමක් හරියට දැනගෙන කියන්න ඔයා කියපු මෙතන වැරැද්දක් තියෙනවා ((((එයා හිතාගෙන ඉන්නෙ ක්‍රිස්තියානියෙ Father ,Son ,Holy Ghost වෙනුවට බුද්ධාගමේ තිසරණය අදහල තව්තිසා යන්න පුලුවන් කියලා!!! 😄 එහෙම හරියන්නෙ නෑ!!! දැන් වත් හිත පුරුදු කිරීම ඉගෙන ගන්න!!))))) Holy Ghost නොවේ අායුබෝවන්ඩ Holy Spirit ලෙසයි කිතු ධහමේ භාවිතා වන්නෙ… වැරදියට බුදු ධහම මෙන්න කතෝලික ධහමත් වරදවා කියන පාටි සමන්ත තමා නියම අබෙෙද්ධයා… බෝසතානන්වහන්සෙත් උපතින් වේදය හදාරන නුතනයේ හිංදු අාගම ලෙස විකාශය වු පැරනි ඒකේම හිටි කෙනෙක්… ඒ කිරිබත්ගොඩ හාමුදුරැවෝ වගේ ඉපදුන දා සිට මාස 4 යනකම් හිටි කෙනෙක් නොවේ… ඉපදි මාස 4 කින් පසු මුලු පවුල පිටින්ම බෙෙද්ධ වු කෙනෙකුත් නොවේ… පාටි සමන්ත වගේ නොවේ… කිරිබත්ගොඩ හාමුදුරැවෙ ත්රිපිඨකයේ තියෙන දේ ඒ තියෙන විදිහටම කියනවා… බයිබලයේ තියෙන දෙයක් කියන්න ඔන වෙන තැනදි ඒ තියෙන විදිහටම තියෙන තැනත් ඒක්කම කියනවා… නමුත් පාටි සමන්ත කියා දිලා තියෙන්නෙ බොරැනේ…. නියම අන්‍යගමිකයා ගැන මේ අයගෙන් දැනගන්න… උපතින් බ්රාහ්මනයෙක් නොවේ… වසලයෙක්ද නොවේ… ක්රයාවෙන්ම වසල ගතිය පෙන්නා අැත්තෙ පාටි සමන්තයි… https://www.youtube.com/watch?v=yJJH9nOH5VY&feature=share

  20. කුපාඩියා says:

    මොනා උනත් සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන කතාව ඇත්ත පලතුරු ගොඩ ගහලා ඒවා බුදුහාමුදුරුවන්ට පූජා කරනවා කියලා පිස්සු වැඩ කරන එක නම් වැරදියි වැරදි වැඩක් ඒවා මිනිස්සුන්ට දුන්න නම් කොච්චර හොඳදා, අනික බුද්ධාගම කියන්නේ පූජා පවත්ව පවත්ව ඉන්න එක නෙමෙයි බුද්ධාගම කියන්නේ හිත හදා ගන්න එක .කිරිබත්ගොඩ නානා ට ඒක තේරෙන්නේ නෑ .

  21. චතුර අල්විස් says:

    කිරි හාමුදුරුවෝ එනවා කනවා කනවා යනවා . එයා දන්නේ භූතයෝ ගැනයි අමනුස්සයෝ ගැනයි විතරයි. සමන්ත බද්ද හාමුදුරුවෝ කෙලින් කතාකරනවා .මටනම් හිතෙන්නේ හිතෙන්නේ මිනිස්සු ඇත්ත තේරුම් ගත්තොත් ඇති.බොරුවට ආගම් පේ ගිහිල්ලා වැඩක් නෑ. කිරි හාමුදුරුවෝ කෙලින්ම වාදෙට ආා නම් හරි නේ . එතකොටකාට උනත් සත්‍ය වටහා ගන්නපුලුවන්. මොඩ තඅර්ක ගෙනත් වාඩෙන් පලා යනවා. මොකඩ්ඩ හාන්ඩුරනෙ එ විලි ලජ්ජ නති වඩේ

  22. යෝෂිත says:

    කියන්න තියෙන්නේ මේ ඥානානන්ද හාමුදුරුවෝ හොද උත්සාහයක් ගත්ත වෙන්න පුළුවන් සාසනය ගොඩගන්න. ඒත් මට නම් පෙන්නේ ක්‍රමේ වැරදියි. බුදු දහමේ මූලික හරය වෙනස් කරමින් තමයි එයා වැඩ කලේ. බුදු දහම තුලින් වෙන්න ඕන මිනිසුන්ට බොරු කතා කියල අන්ධ භක්තියට හරවන එක නෙමෙයි. මේ හාමුදුරුවෝ ඒක නුලට කළා. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරා, එයාට ඕන විදියට තුන් පිටකය ලියා ගත්තා, එයාගේ ගෝලයන්ට වෙන පොත් පත් පරිහරණය තහනම් කළා. මේ එයා හදපු මහමෙවුනා හිරගෙදර තොරතුරු ටිකක්, බුදු හාමුදරුවෝ කවදාවත් දේශනා කරලා නෑ, අනවශ්‍ය නීති දාලා ධර්මය තේරුම් ගන්න කියලා. එක සික පදයක්වත් නැති කාල වල තමයි රහතුන් හිටියේ. මේ මෝඩ මිනිස්සු ඒක දන්නේ නෑ. අභිධර්මය අයින් කරලා විනය පිටකය විතරක් බදාගෙන ගෑනු පිළිම වලට වදිමින් ජීවත් වෙනවා. ඉතින් මොකුත් හිතාගන්න තාර්කික මොලයක් නැති උන් කිරිබත්ගොඩ හිමි පස්සේ යනවා, හිතන්න පුළුවන් උන් සමන්තභද්‍ර පස්සේ යනවා. ලංකාවේ ගොන්නු වැඩි නිසා කිරිබත්ගොඩ හිමිගේ කට්ටිය වැඩියි.

  23. Sathish says:

    හැසිරීමෙන් රහත්තු මනිනවා බිම බලාගෙන ,, එන්න පිංවත කියාගෙන බොරු රඟපෑම් කරන එවුන් ඔක්කොම රහත් .. හරියට නිඝන්ටනාත පුත්ත , ජෛනමහාවීර වගෙ.. ජෛන නිඝන්ට ශ්‍රාවකයොත් කරේ හෙලුවෙන් ඉදල ඔය බොරු සිල් රැකල නැති සීලයක් පෙන්නල සමාජය මුලා කරපු එකමයි..

    සමන්තභද්‍ර හිමි එහෙම නෙවෙයි.. සෘජුව කිව යුත්ත කියනවා ( සෘජු පටිපන්න) ..හරිම විවෘතයි.. මිත්‍යාවට ප්‍රසිද්ධියෙ විවේචනය කරනවා.. එතකොට අර බොරුවෙන් වංචාවෙන් හොර සිල් රැකපු එවුන්ට යන එන මං නැති වෙනවා.. බොරු සිල් පෙන්නලා තව තව සිව්පස ගන්න බැරි වෙනවා..

    ඒකයි ඔය කිරිබත්ගොඩ ඇතුලු නිඝන්ට ,ජෛන චීවරදාරියො දගලන්නෙ කර කියා ගත නොහැකිව 😂

    බුදුවරුන් රහතන් වහන්සේල යනු මැටි පිලිමවත් ,, තපස් රකින් පිලිහුඩුවො වගෙ ජාතියක් නොව,,

    සමාජයම දාර්ශනිකව ප්‍රබෝධමත් කරන කෙලින් කතා කරන ,, බොරුව විනාශ කර දමන උතුමන් වහන්සේලා..

    සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේද එසේමයි.. 😍

  24. Saman says:

    බුදු සසුන වැනසීමේ අන්‍යාගමික ක්‍රියාන්විතය හෙලිදරව් වූ සුන්දර අවස්ථාවක්….

    https://youtu.be/pjHdFEzJeXU

  25. චන්දික says:

    අධික මානය උම්මත්තක භාවය උරුම කර දෙයි . එය මොහුගේ හැසිරිමෙන්ම අවබෝධ කර ගැනීමට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නොවේ. තමන් රහතෙකු බව ප්‍රකාශ කරන අයෙක් සිදුකරනුයේ සල්ලාලයන් ඉදිරිපිට සළුපිලි උනාදමන වෙසඟනකගේ කාර්ය බව බුදු රජාණන්වහන්සේ පැවසූ සේක.

  26. පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට බනින එක්කෙනෙක්වත් උන් වහන්සේ විසින් පැහැදිලි කරදී ඇති සූත්‍ර දේශනා වහන්සේලා එක නමක්වත් ශ්‍රවණය කරලා නැත. පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සාසනය ශාසනය නගා සිටවූයේ පින්කම් කිරීමෙන් පමණක් නොව ඊටත් වඩා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ පිරිසිදු ධර්මය නැවත සිංහලයාට පැහැදිලිව කියා දීමෙනි. මෙහි ක්මන්ට් දමා ඇති පිරිසක් තුළ ශ්‍රද්ධානුසාරී බව වත් නැති බව ප්‍රකට වෙයි .

  27. wipula says:

    මුන් දෙන්නගෙම මෑනියන් මතක් වෙනවා බුදු හාමුදුරුවනේ….අනේ ඔබ හිටියානම්…..

  28. Sangadasa says:

    Mun dennama rasthiyaduwe yannan bawai mata nam penenne. Kiyawapiyaw Rerukaane Cahndawimala haamuduruwange poth 02, 03 k wath.

  29. Dammika says:

    සැබවින්ම බුද්ධාගම මාකට්කරන කිසිදු දාර්ශනික ඉගැන්වීමක් නොකරන පුදපූජා බුද්ධාගමයැයි උගන්වන කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේ වැනි අන්‍යාගමිකයන්ට පහර ගැසිය යුතුයි. ඒ හුදෙක් ඔහුගේ අන් ධ භක්තිකයන්ට ආලෝකය පෙන්වාදීමේ කාරුණික සිතින්. සිරි සමන්තභද්‍ර හිමියන් ගේ කාරුණික බව පෙන්වූ අවස්ථාවක්.

  30. නලින්ද says:

    වාදයට මුල මෙ කතාව. සියල්ල බලා තිරණය කරන්න. තැනින් තැන කැලි අල්ල නොගෙන. අනික මෙ video ව ඒකපාර්ශ්වික හැඩයක් ගෙන
    ඇත https://www.facebook.com/Shrawakaa/videos/1912703459030945/

  31. ජය says:

    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පලතුරු පූජා, මල් පූජා පිවිතුරු බුදුදහමට අනුව හරිද ?
    අනික් පැත්තෙන් ගත්තම සමන්ත බද්‍ර හාමුදුරුවොත් කියන්නෙත් බිස්නේස් කාරයෙක්. හැබැයි මේ අවස්ථාවේ ඒ හාමුදුරුවෝ කියපු දේ හරි.. Internet එකෙන් යක්කු පෙරේතයෝ යනවනම් අපිට horror movies සහ ghost movies බලන්න බැරි වෙනවා….

    මේ මිත්‍යාදෘෂ්ටිකයන් ගැන රටේ තියෙන බුද්ධශාසන අමාත්යංශය හරි, මල්වතු – අස්ගිරි ලොකු හාමුදුරුවෝ හරි මොනවහරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා..

    නැත්නම්, බෞද්ධ දර්ශනය තව ටික කලකින් විනාශ වෙයි..

  32. nimal says:

    රහතුන් යැයි කියාගත් භික්ෂුවක් කථා කරන හැටිද මේ. අන්‍යාගමිකයින්ට දෙකොනින් හිනා යනවා ඇති. අනේ අපොයි බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියටසිදුවන දේ . අපට ඇත්තටම දුකයි.

  33. ජේකොබ් ෆෙර්නැන්ඩස් says:

    කිරිබත්ගොඩ ස්වාමීණ්වහන්සෙ එතුමා මේ කාලයේ කරන දේශණා ටික පාඩුවෙ කරගෙන හිටියානම් ඉවරයි ඒවා නිවනමග වුනත් නැතත්. විභජ්ජවාදී සත්කාර්යයෙන් වාසි ගන්න ගිහින් කරගත් දෙයක් තමයි ඔය (තව බොහෝ නිවන මග නොසොයන, නොයන හිමිවරු මේ කාලෙ ඔහොම වාසි ගන්න යනවා මේ කාලෙ )

    සමන්තබද්‍ර හිමියන් මෑත අතීතයෙ බැලුවාම උණ්වහන්සෙගෙ නම කියලා වැරදි කතා කියපු අයට නිර්දය ලෙස පහර දුන්නා. එහි වරදක් දකින්නෙ නැ, මොකද සත්‍ය ප්‍රතිපදාව දේශණා කරනව වෙනුවට අදාල නොවන දේ කරමින් නිවන කලුද සුදුද නොදැන එය ප්‍රත්‍යක්ෂ කල අය ගැන කතා කරන්න නිසුදුස්සො කතා කලොත් සත්‍යයේ නාමයෙන් සත්‍යය දැක්ක කෙනා කතා කරන්න ඕන. නැත්නම් සත්‍යය ඉදිරි පරපුරට රැකෙන්නෙ නෑ.

    අපි බොහෝ දෙනා කිරිබත්ගොඩ ස්වාමීණ්වහන්සෙගෙ “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” පොත නිසයි මේ ජීවිතයේ නිවන් දකින්න පුලුවන්, අපි යුහුසුලුව නිවැරදි මාර්ගය සොයන්න ඕන කියන තීරණයට ආවෙ.

    ඒ පණිවුඩය දුන්න උණ්වහසෙම පස්සෙ මිනිස්සුන්ට ඒ අදහස අතහැරගන්න, මට ගොඩක් විශ්වාස කරලා ඇසුරු කරපු හිමිවරු (නම් ගම සහිතව ) නිවන් දැකලා නෑ කියලා කිව්වා. එතුමාට කියන්න තිබුනෙ අනේ මටනම් තවම බැරි වුනා ඔබලා වෙන අතක් බලා ගිහින් සොයන්න. ආර්යයෙක් ඔබලාට හමුවෙන්න පුලුවන් මට හමු නූනාට කියලා.

    තමන් නොදුටු නිවන අනුන් දැකලා නැ කියලා කෙනෙක් කියන්නෙ කොහොමද. ඔන්න ඔතන ඉඳලයි සොබා දහම උණ්වහන්සේ අපහාසයට පත් කරන්න පටන් ගත්තෙ.

    මේ කිරිබත්ගොඩ හිමිටත්, සමන්ත බද්‍ර හිමිටත් පක්ෂ සියලු දෙනා පුද්ගල අභිවාදනය නවත්වලා අවංකව නිවනට එකම මගවන සතර සතිපට්ඨානය ගැන සොයන්න, සිහිය ගැන සොයන්න. නිවන මේ දැනුත් ඔබට විවෘතයි කවුරු මේකාලෙ නිවන් දකින්න බෑ කිව්වත්, ඔබ ලඟමයි තියෙන්නෙ, දකින්න මහන්සි වෙන්න.

    සියලු ගැටීම් වලින් අයින් වෙලා හැමතැනම ඇහෙන දහම විවෘත මනසකින් අහලා බලන්න තමනට යමක් ගැඹුරින් වැදුනාද කියලා. එහෙම වුනානම් ඒ ඔස්සේම හිතලා සොයලා බලන්න. නිවන් දැක්කා කියන ගිහි පැවිදි බාලු මහලු ඕන කෙනෙක් එක්ක දිර්ඝ සාකච්චාවකට යන්න. මොකද ඔබ නිවන් පුරේට අතින් අල්ලගෙන යන කළ‍යාණ මිත්‍රයා ඔබට හමුවෙන්න තියෙන විදිය ඔබ දන්නෙ නෑ.

    අවම වශයෙන් දවස තිස්සෙ සිහිය පවත්වාගෙන මේ පේන, ඇහෙන, දැනෙන, හිතෙන දේට අමතරව ඔබ කරන සිතීම සහ සකස්කිරීම අඳුනාගෙන ඒවා එතනම නවත්වා ගන්න. ඒ සිතීම් ඒ පෙනෙන, ඇහුන, දැන දේට අයිති නැති බවත්, හුදු සිතේ ප්‍රභන්ධයක් බවත් දකින්න පටන් ගන්න. ඔබට මෙතනම නිවන් මග විවෘත වෙනවා.

    තෙරුවණ් සරණයි !

Main News