මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට….

December 9, 2018 at 8:02 am | lanka C news
මහවැලි ගගේ දිය නැමට ගිය  තරුණයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට….

මහවැලි ගගේ දිය නැමට ගිය තරුණයෙක් මහවැලි ගගේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම පදිංචි රංජිත් කුමර  නැමති 20 හැවිරිදි තරුණයෙකි.

ජිවිතක්ෂයට  තරුණයා ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි ඥාතින් පිරිසක් සමග (08) පස්වරු 5 ට පමණ නාවලපිටිය වරකාව පන්සල අසලින් මහවැලි ගගේ දිය නැමට ගොස් ඇති අතර එහිදි ජිවිතක්ෂයට පත් තරුණයා සමග තවත් ඔහුගේ මිතුරෙකු සහ ඥාති සෙහොයුරියක් මහවැලි ගගේ දිය නාමින් සිටියදි මෙම තිදෙනාම සැඩ පහරට හසු වි මහවැලි ගගේ ගසා ගෙන ගොස් ඇත.

මහවැලි ගගේ ගසාගෙන ගිය තරුණිය සහ තරුණයෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති අතර, මිය ගිය තරුණයා දියේ ගිලි ජිවිතක්ෂයට පත් වු තරුණයාගේ සිරුර දිය නාමට මහවැලි ගගට බැස ඇති ස්ථානයේ සිට මිටර් 50 පමණ පහලින් ගගේ ගැඹුරු වලක තිබි ඔහු ගේ සිරුර නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගෙන නාවලපිටිය මුලික රෝහල වෙත භාර දි ඇත.

මිය ගිය තරුණයාගේ සිරුර නාවලපිටිය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂන පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,002 Viewers
Main News