මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද…

November 28, 2018 at 3:00 pm | lanka C news
මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහවැලියේ සංවර්ධනය ගැන කියන්න ජනාධිපතිතුමා වෙන්කරවා ගත් මිලියන 200 ගියේ කොහෙටද?

මහවැලි ජල සුරක්ෂිත ආයෝජන සැළැස්ම ආශ්‍රීතව වාරි කර්මාණ්ත ක්ෂ්ත්‍රයේ සිදු කෙරෙමින් පවතින දැවැන්ත ආයෝජන පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා මිලියන 200 ක මුදලක් ඉල්ලා 2018/07/10 දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ආමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කල අතර 2018/07/25 දින කැබිනට් මණ්ඩලයෙන් ඒ සදහා අනුමැතිය ලබා දී ඇත.

රටේ ජනතාව තුන්වේල හරිහැටි කෑමට නොමැතිව දුක් විදිද්දී ජනතාවගේ මුදල් යොදා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම හාස්‍යජනකය. එමෙන්ම ආණ්ඩුවට හිතවත්  ප්‍රචාරණ සමාගම් පෝෂණය කිරීමට  සදහා ගත් උක්ත තීරණය අප දැඩිව හෙළා දකිමු.

එක්සත් ජාතික පක්ෂයේ ටෙන්ඩර් මගඩි පිළිබදව  ප්‍රශ්ණ කරන ජනාධිපතිවරයාගෙන් අප අසන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරණ කටයුතු ලබා දෙනු ලබන්නේ නිසි ටෙන්ඩර්පටිපාටියක් අනුගමනය කරමින්ද? යන්න පමණකි.

අවසානයේ අපට කීමට ඇත්තේ කාගෙ කාගෙත් කීල්ලෝට වල හුණු ඇති බවත් මෙවැනි කරුණු හෙළි කිරීමට අපට පුද්ගලා කවුද? ඔහුගේ තරාතිරම  වැදගත් නොවන බවයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

30,797 Viewers

8 Comments to “මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද…”

  1. රත්නසේන says:

    අයියෝ සිරිසේන…ඌඇන්පි ලා සෙට් එකත් එක්ක ගේම් ගහැව්වා නේද? අන්තිමේට චොර වුනාට පස්සේ දැන් පිස්සු කෙළලා වැඩක් නැ. තවත් පීචං වෙන්න කලින් රජපක්ෂ මහත්තයට රට භාර දිලි හෙමිට පොලොන්නරුවට චුත වෙන්න!

  2. Sudath says:

    වරායෙ ඉදිකිරීමකට සම්බන්ද ටෙන්ඩරයක් කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීන සමාගමකට දීල තියෙනව ගිය සතියෙ. නියමයි නේ.

    • Hoo !!! says:

      උඹෙ ආච්චිද දුන්නෙ? 😁

    • බයියා says:

      වරාය මොකද්ද රටම චීනෙට වික්කත් අපිට මොකෝ මහින්ද මහත්තයා අගමැති වෙලා හිටියොත් අපිට ඇති

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ane eka mage educate dunna Amerikawata gihama wiyadam karanna.Chaturika okkoma wiyadam karala gold genawa.

  4. Ranjan says:

    It is a home & home fight. Let them fight.

  5. sunil attanayaka says:

    Kohatada ithin janadhipathi thaththa owaa dunne saha denne…chathurikaa duwage advertising Company ekatane….!!! Paww duppathaa…

  6. senarathna says:

    මොකාද මේ රංජිත් කියන්නෙ …
    මොනවහරි නමක් දාගෙන අටවගෙන, කාගෙන් හරී කීයක් හරි ලැබුනම මුන් මොනවහරි ලියනවා…මේවත් මාධ්‍ය නිවේදනද ?
    සිරිසේන කල වැරදිවලට දඩුවම් ලැබෙයි … ඒත් මේ ගොබිලො කියන කතා වැදගත් කමක් තියෙනවද ? මේව ප්‍රසිද්ධ කරන්න මාධ්‍ය සදාචාරයක් නැද්ද

    මොකකුද මේ කබ්බො ….

Main News