මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට යමක් කඩා වැටේ..

October 18, 2017 at 10:27 pm | lanka C news
මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට යමක් කඩා වැටේ..

විශාල එලියක් සමග විශාල පිපිරුම් හඬක් නගමින් කිසියම් විශාල වස්තුවක් දකුණු මුහුදට ඇද වැටී තිබේ.

දකුණු පළාතේ මාතර ආසන්න ජනතාව මේ බව දැක ඇති අතර පිපිරුම් ශබ්දය බොහෝ ඈතට ඇසී ඇත.

ඔවුන් පවසන්නේ විශාල ආලෝකයක් හා පිපිරුමක් සමග යමක් මුහුදට ඇද වුටුනු බවයි.

අද රාත‍්‍රි 09.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පරීක්‍ෂණ කණ්ඩායම් ඒ ගැන සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි.

තවත් පිරිසක් පවසන්නේ විශාල එළියක් සහිත යමක් අහසේ වේගයෙන් ගිය බවත් විශාල ශබ්දයක්ද ඒ සමග ඇසුනු බවත් නිවස්වල වහළයන් මතට දුහුවිලි වැටෙනු ලෙසක් දැනුනු බවය.

වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව සමහරෙක් කියති.

41,235 Viewers

19 Comments to “මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට යමක් කඩා වැටේ..”

  1. Podda says:

    Kim Jong
    Return eka deelada

    • මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

      රාවණා පර්යේසකයන්ගෙන් අහල බලන්න කියයි විස්තරේ

      • බාප්පොච්චියා (දෙනියේ කුඹුර බදු දුන්) says:

        අර බයිබල් කාරයෙක්ගෙන් අහුවුවා නං ටක්කෙටම කියයි.

  2. Chathuranga says:

    I also saw something similar around the same time but in the sky near athurugiriya.

  3. Raawana says:

    Pohattuwada danne nehe.

  4. Chin says:

    මීට ස්වල්ප වේලාවකට පෙර දකුණු ලංකාව ආශ්‍රිත මුහුදට ඉහලින් ආ යම් වස්තුවක් පතිත වූ බවත් විශාල ශබ්ධයක් අැසුන බවත් වෙරලාසන්නව ජීවත් වන බොහෝ අය කියති.

    මෙම ශබ්ධය ඇතිවන්නේ යම් වස්තුවක් පොලොව හා ගැටීමෙන් නොව ඉහල වායු ගෝලය හා ගැටීමෙන් පසු ඇතිවන අධික තෙරපුම නිසා සහ ඉන්පසු එය පුපුරා යාමෙනි. වායු ගෝලයේ ගැටීමෙන් නොදැවී ඉතිරිවන සමහර කැබැලි පොලොවට පතිත විය හැක​.

    විශාල වස්තුවක් මුහුදට පතිත වීමෙන් සුනාමි ඇතිවිය හැක​. එ නමුත් ලංකාව ආසන්නයේ මෙලෙස පතිත වූ දෙයකින් සුනාමියක් එනවා නම් දැන් මුහුදු ජලය ගොඩ බිම කරා පැමින නැවත ඉවත්ව යාමට තරම් කාලයක් ගතවීඇත​.
    ඒ නිසා සුනාමි හෝ වෙනයම් හානියක් ගැන කලබල වීම හෝ ආරක්‍ෂක ස්ථාන කරා යාම කිසි සෙත් අවශ්‍ය නැත​.
    එමෙන්ම ලොව පුරා නිරික්‍ෂනා ගාර වලින් වාර්තා වෙන පරිදි කිසිම විශාල ආකාශ වස්තුවක් පොලොව දෙසට පැමිණ නැත.

    මේ දිනවල අපේ පෘථිවිය ඔරියොනිඩ් උල්කා පද්ධතිය අතරින් ගමන් කරයි. වසර 76 කට වරක් හිරු දෙසට එන හේලීගේ වල්ගා තරුවෙන් ගිලිහී අවකාශයට නික්මෙන විවිධ ප්‍රමාණයේ ග්‍රහ වස්තු කැබලි සිය දහස් ගණනක වළාකුලක් මෙන් මෙම උල්කා ෂ්ම පද්ධතිය සෑදී ඇත​.

    පෘටිවිය ඒ අතරින් ගමන් කරන විට ඉතා කුඩා මෙන්ම තරමක විශාල කොටස් අප වෙත​ඇදී විත් වායු ගෝලයේ ගැටී විනාශ වේ. අද දකුණු පලාතට ඇසුන ශබ්ධය එසේ පොලොවේ වායුගෝලයේ ගැටුනු උල්කා වක් පුපුරා ගිය ශබ්ධය වීමට බොහෝ ඉඩ කද ඇත්තේ මේ වසරේ ඔරායනිඩ් උල්කා වැස්ස ඉහලම තීවෘතාවකින් පොලොවට එන්නේ අද සිට ඉදිරි දින තුන දක්වා නිසාය.
    ඔබේ අහස පැහැදිලි නම් හෙට එළිවෙන්න පෙර හා ඉදිරි දින කිහිපයේ අහස බලන්න​.

    • Gamarala says:

      Pls don’t try to fool us. We know that is from North Korea warning shot for our stand for their missile programme. God bless the Sri Lanka.

    • Aceman says:

      Chin, well done! I think you predicted it quite correctly!

  5. Eranga says:

    could be ” A Chinese space lab, called Tiangong-1, is currently hurtling towards Earth and is expected to re-enter into our atmosphere sometime between now and early next year”

  6. Namal says:

    This is a Russian “Progress” rocket module falling to ground. It is normal.

  7. neil says:

    There is Chinese satellite coming down to earth after 7 years orbiting. ( it is out of control) this may be that.

  8. Tilman says:

    Gong Katha kiyanna epa yako. 3 days ago an out of control chinese satalite called Tiangong-1 started hurtling towards earth. These are the debris from it. The size and location of impact cannot be determined accurately due to the nature of falling debris from broken off satellites. Everybody in the world knows about this except for the media people in Sri Lanka. How pathetic. This is how we report news in SL

  9. Sam says:

    North Korean Missile …?

    My3 and the government sent warning to NK and they may be responding to us.

  10. miihiri says:

    Iye pereda ratawal kihipayak biyapathkarapu wishala astroide eka wenna athi.

  11. simion says:

    පිටිධම්මරහතුන් වහන්සේ නම අහසින් වඩින කොට හිටං, පය ලිස්සල මූදට වැටුනාවත්ද?…

    • හීං බබා says:

      නෑ නෑ. අහසින් වඩිද්දී අධෝවාතයක් පිටවෙලා

  12. Raawanaa says:

    Lapayage amma kalinma kiyala thibune Lapaya kothanada thibenne kiyala

  13. kith says:

    Yahapalanaya pupurana handa.

Main News