මහා හොරා කියු සජින් වාස්ට දඩය රුපියල් දාහයි..

December 8, 2017 at 11:20 am | lanka C news
මහා හොරා කියු සජින් වාස්ට දඩය රුපියල් දාහයි..

පසුගිය රජයේ එක්සත් ජනතා නිදමස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කල සජින් වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රුපියල් 1000ක (දහසක්) දඩ මුදලක් නියම කර ඇත.

හිටපු මන්ත‍්‍රිවරයාට මෙම දඩ මුදල නියම කර ඇත්තේ සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ හෙලි නොකිරීමේ චෝදනාවට වරද පිලිගැනීම මතයි.

2011.03.31 සහ 2012.03.31 දින අතර කාලයේදී තම වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකලේ යයි සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබින.

මෙම නඩු පැවරීම සිදු කර තිබුනේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසිනි.

වත්කම් හෙලි නොකල බවට වරදකරු වන පුද්ගලයෙකුට වත්කම් හා බැරකම් පනත යටතේ නියම කල හැකි උපරිම දඩය රුපියල් දහසකි.

5,901 Viewers

7 Comments to “මහා හොරා කියු සජින් වාස්ට දඩය රුපියල් දාහයි..”

  1. Niru says:

    Not enough to cover the document cost of the case!!!!

  2. saman says:

    ඔන්න සුද්දගෙ නීතිය….බලවත්තුන්ගෙ වැරදි සදහා දඩුවම ඔච්චරයි…

  3. Janaka says:

    පවු අහින්සකයා. ඇයි ඔය වගෙ දරුනු දඩුවමක් දුන්නේ. දැන් ඉතින් කොහොම කියලා ඔය දඩය ගෙවන්නද ?

  4. Sriaiyya says:

    Fine 1000/-it’s too mutch !i thing can pay. Or Naha paarea mudal ekathukatada weida?okatamaa anith ayatath lokuwata burana yahapalanyon .lankawa aaimath suddanta baradunnath hondata palanayak balanda puluwani,!

  5. Bend To Bend says:

    ඇස් බැඳ දැමූ නීතියේ දෙවඟනගේ චමත්කාරජනක තීන්දුව.

  6. Upali says:

    නීතිය යනු සාදාරනත්වයම නොවේ. සාදාරනත්වය ලබා ගැනුමට අපට දෙන මගකි. මේ මග අතර බොහෝ දෙනා රැකවල් ලා සිටිති. නීතිවේදීන් , නීති නිලදාරීන්, උසාවිය ,පොලිසීය , පාලන ආයතන ඒ අතර වෙති. මොවුන් අතරින් ගැලවී නිදහසේ ප්‍රොබෝදමත්ව යාහැක්කෙ ” ශක්තිය සහ තර්කය ” ඇති අයවේ. එසේ උවත් එය ” යුක්තිය සහ සාදාරනත්වය” නොවන්නෙමය.

  7. ajith says:

    If a poor man cross the road with out using yellow crossing same fine

Main News