මහින්දට එරෙහි ‘කෝ වොරොන්ටො’ නියෝග ඉල්ලීමත් අවුලේ.. නොදන්නකම දෙකොනින් බේරේ..

November 27, 2018 at 3:22 am | lanka C news
මහින්දට එරෙහි ‘කෝ වොරොන්ටො’ නියෝග ඉල්ලීමත් අවුලේ.. නොදන්නකම දෙකොනින් බේරේ..

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක ඇමති උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් එකතු වෙලා පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේ කෝ වොරොන්ටො නියෝගයක් ඉල්ලා පෙත්සමක් ගොනු කළා.  කෝ වොරොන්ටො කියන ලතින් යෙදුමේ තේරුම වන්නේ  “බලපත්‍රය කෝ“ යන්නයි.  නිලධාරියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුගෙන් ඔහුට ඒ නිලය දැරීමට ලැබුණු බලය පෙන්වන ලෙස අධිකරණය කරන නියෝගය තමයි කෝ වොරොන්ටො කියන්නේ.  තමන්ට නිසි බලයක් තිබෙන බව ඔප්පු කරන්න අසමත් වුණොත් ඔහුට ඒ නිලය දරන්න අයිතියක් නොමැති බවට අධිකරණය ප්‍රකාශ කරනවා.

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණා කියන පදනමෙන් තමයි මේ කෝ වොරොන්ටො පෙත්සම ගොනු කර තිබෙන්නේ.  ඒ සඳහා සාක්ෂිය ලෙස ඉදිරිපත් කරන්නේ කූට ලේඛණයක් වන හැන්සාඩ් වාර්තාවක්.  අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් පිළිබඳ තීන්දුව දෙන තෙක් මේ නඩුව විභාග කරන්න බෑ.  ජනාධිපති විසින් නොවැම්බර් 9 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූලයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළොත් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව කැඳවීම බල ශූන්‍ය වෙනවා.  පාර්ලිමේන්තුව කැඳවීම බල ශූන්‍ය නම් ඔය ඊනියා විශ්වාස භංග යෝජනාවත් බල ශූන්‍ය වෙනවා.  ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු කෝ වොරොන්ටො නඩුව විභාග කරන්න බෑ.  අජිත් පෙරේරා මන්ත්‍රිතුමා නීතිය පිළිබඳ තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන්න ගොස් තමන්ගේ නොදන්නා කම ප්‍රදර්ශනය කර තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

 

46,031 Viewers

8 Comments to “මහින්දට එරෙහි ‘කෝ වොරොන්ටො’ නියෝග ඉල්ලීමත් අවුලේ.. නොදන්නකම දෙකොනින් බේරේ..”

  1. Athula says:

    Ko Waranto “TOMIYA”?

    • හැකහැක says:

      සමනළයා කූඩැල්ලව රැක්කා ….දැන් කූඩැල්ලා සමනළයව රකිනවා.සමනළයයි කූඩැල්ලයි හොඳ යාඵවෝ.

  2. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    .ඔය ටොමියා බැඳ දමව්,උගේ ෆුට් නෝට්(පාද සලකුණු)දැක්කොත් බල්ලො බත් කන්නෙ නැති වෙයි.මූ කව්ද කියා මූ දන්නෙත් නැත​.

  3. Asaranaya says:

    අජිත් පෙරේරාලගෙ මොලේ කොලොපන් කරනවා , වෙච්චදේට අපි මක් කරන්නද අජිතයෝ

  4. kolitha says:

    ජනාධිපති කළ ක්‍රියාවකට අභියාචනාධිකරණයට යන්නේ පිස්සෝ පමණි….ජනාධිපති ගේ ක්‍රියාවක් අභියාචනාධිකරණයේ අභියෝග කරන්න බෑ කියලා මේ පිස්සෝ දන්නේ නැත…අනේ සාලිය නොදුටු මොක් පුර…

  5. සුනිල් says:

    මහ බැංකු බැඳුම්කර වංචාව යට ගැසීමට කටයුතුකල ෆුට්නෝට් කල්ලිය කෝ?

  6. Keerthi says:

    Where are Ajith Perera’s 113 affidavits?

  7. Ashok says:

    ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් (By what authority) මගින් සිදු කරනුයේ යම් රාජ්‍ය නිලධාරියෙකුට එම ධුරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමය. මෙවැනි රීට් ආඥාවක් අයැදීමකදී ඔහුගෙන් අගතියට පත් පාර්ශ්වයක් වීම අවශ්‍ය නැත. එහෙත් එම ධුරය ව්‍යවස්ථාපිත හෝ පොදු ආකෘතියේ එකක් විය යුතු ය. කෙසේ වෙතත් මෙම රීට් ආඥාවක් අයැදීමකදී සද්භාවීව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අයිතිය මගින් පාර්ලිමේන්තුවක, පළාත් සභාවක හෝ ප්‍රාදේශීය සභාවක ධුර දරන්නෙකුට එම ධුරය දැරීමට ඇති අයිතිය ප්‍රශ්න කළ හැකිය. Bandaranayake Vs. De Alvis 82 (2) SLR 664 හිදී ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු කිරීම වළකාලමින් එහි විනිසුරුවරයෙකුට එරෙහිව ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලදී.

Main News