මහින්දට දඬුවම්.. ශ‍්‍රීලනිප විනය පරීෂණයට කැදවයි..

June 18, 2017 at 12:29 am | lanka C news | ලංකා සී නිවුස්
මහින්දට දඬුවම්.. ශ‍්‍රීලනිප විනය පරීෂණයට කැදවයි..

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයකු ලෙස සිටිමින් පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරත වීම, මධ්‍යම කාරක සභා තීන්දුවලට අභියෝග කිරීම, මැයි රැලිය සහ පක්‍ෂ සම්මේලනය වර්ජනය කිරීම, පක්‍ෂය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කිරීම, පක්‍ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසක්‌ මෙම මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබෙන බව හෙතෙම කීය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්‍ෂණය දැන් අවසන් අධියරට පැමිණ තිබෙනවා. විනය කමිටු වාර්තාවෙන් මන්ත්‍රීවරයා වැරදිකරු බව තීරණය කළහොත් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන බවත් විනය කඩකර ඇති සෙසු මන්ත්‍රීවරුන්ට ද පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කරන බවත් පැවසීය.

– දිවයින

13,602 Viewers

5 Comments to “මහින්දට දඬුවම්.. ශ‍්‍රීලනිප විනය පරීෂණයට කැදවයි..”

  1. rambanda says:

    කරල බලපන් කෝ දුමියො.

  2. සනත් ඉතාලිය says:

    මෙන්න බොලේ මැක්කෙක් කියන කතාවක් .කරලා බලමු එහෙනම් විනය පරීක්ෂණ එදාට තමයි තොපි ඔක්කොම ගෙදර යන දවස

  3. jayamal says:

    තුනෙන් දෙකක බලයක් තිබූ පක්ශයට හානි කරමින් ශ්‍රීලනිප ලක්ශ 58 කට විරුද්ධ වෙමින් 2015 ජන 8 ද්‍රෝහි වූ අයට දඩුවම් දීලම පටන් ගමු නේද?

  4. kamalsirikuruwita says:

    රටේ ප්‍රශ්න ගොඩ ගැහිලා , උඹල ගෙදර තියෙන මුව හමටම තල තලා හිටපල්ලා. ඔක්කොම හරියයි එතකොට . ජනතාවත් කවදාහෝ හෝ ගල චන්දෙත් දෙයි .

  5. Sanjeewa says:

    අනේ ගොන් දුමියෝ.පක්ශෙ නෙවෙයි යකෝ වැදගත්.පුද්ගලයා.පක්ශ නම් 100 ක් උනත් හදන්න පුලුවන්. නමුත් උබ වගේ ගොනෙක් හදන්න කොපමන අමාරුද.
    අපිත් බලා ඉන්නේ අලුත් පක්ශෙ තමයි.

Leave a Comment

Main News