මහින්දට පක්‍ෂ 45%ක් විතරද.. 55%ක් විරුද්දද.. ටොයි තර්කයෙන් ටොයියන්ම පරාදයි.. මෙන්න පිලිතුරු..

February 13, 2018 at 4:40 pm | lanka C news
මහින්දට පක්‍ෂ 45%ක් විතරද.. 55%ක් විරුද්දද.. ටොයි තර්කයෙන් ටොයියන්ම පරාදයි.. මෙන්න පිලිතුරු..

හංස සංධානයේ සියලු පක්ෂවල චන්ද එකතුකල විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා චන්ද ප්‍රතිශතය වැඩි බවට අමන තර්කයක් මාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වේ. එම තර්කයම පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්නද ඉදිරිපත් කලේය.

මේ තර්කය ඉදිරිපත් කිරීමෙන්ම යහපාලන ආන්ඩුවේ නිරුවත හෙලිවේ. එනම් යහපාලනය මුවාවෙන් බලයට විත් මොනතරම් ප්‍රජාතන්ත්‍ර විරෝදී ජනතා මුලාවක් ඔවුන් මෙතෙක් කල් කර ඇත්ද යන්නයි. අද ඔවුන් ඇඟට පතට නොදැනී පිලිගෙන ඇත්තේ වර්ථමාන ආන්ඩුවේ විපක්ෂයත් නායකයාත් , විපක්ෂයේ සංවිධායකත් අනුපිලිවෙලින් නියෝජනය කරන දෙමල සංධානය හා ජනතා විමුක්තී පෙරමුණ ආන්ඩුවේම කොටස් කරුවන් බවයි. ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ බලලා මල්ලෙන් එලියට පැන ඇත.

ඒ කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී මේ කියන පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව ඉදිරියට ගියේ ආන්ඩුව ලෙස පෙනී සිටිමින් නොවේ. ඔවුන් සියලු දෙනාම දේශපාලන වේදිකාවල නිර්ධය ලෙස මංගල සමරවීර හා රාජිත සේනාරත්න නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය පතුරු ගැසූහ. ඒ ආන්ඩුව නම් එක්සත් ජාතික පක්ෂයයි නමුත් අපි නම් හොඳ බබාලා යනුවෙන් අමුතු තියරියක් රටට ඉදිරිපත් කරමිනි.

ඔක්කොම කුණු බේරුවල් බොක්කට යැයි කීවා සේ ‘හොරකමින්’, ‘මැරකමින්’ , ‘ගැතිකමින්’ හා ‘ බැරි කමින්’ රටට කෙලවූ ‘යහපාලනයේ’ වගකීම ගන්නට ඉතුරුවූයේ රනිල් සහ සමාගම පමනි. ජනතාව අනෙක් සියලු පක්ෂ වලට චන්දය දුන්නේ එම පදනම මතය. ඒ නිසා මංගලගේ හා රාජිත මහත්වරුන්ගේම තර්කයට අනුව මෙවර පලාත් පාලන චන්දයෙන් යහපාලනය අනුමත කොට තිබෙන්නේ එක්සත් ජාතික පක්ශයට චන්දය දුන් 32.63% පමනි. රටේ ජනතාවගෙන් 67.37% ක්ම ඊනියා යහපාලනය ප්‍රතික්ෂේප කොට ඇත.

– නාලක ගොඩහේවා

55,716 Viewers

18 Comments to “මහින්දට පක්‍ෂ 45%ක් විතරද.. 55%ක් විරුද්දද.. ටොයි තර්කයෙන් ටොයියන්ම පරාදයි.. මෙන්න පිලිතුරු..”

  1. kumara says:

    2015 di Yapanayen 74,000; Wanni 34,000; thrikunamalaya 52,000; cancel wu asanawala swadeena paksha labagath chanda mahindata ekatuwiya yuthuyi.

  2. ඇයි ඉතින් ඔය මොන්ගලට සහ කුනු දතාට ඇස්පේන්නෙ නැද්ද ඔය සිතියමේ බහුතරයක් තියෙන්නේ පොහොට්ටුවේ මෙරූන් පාටද අලියගෙ කොල පාටද….. .unqualified politicians.

  3. darshana says:

    අනේ මහත්ත්යො මෙච්චර කල් අපි හිතන් හිටියෙ එක්සත් ජාතික පක්ශ -නිදහස් පක්ශ සන්ධාන ආන්ඩුවක් තියෙන්නේ කියලා. ඔබ තුමා කියනකන් තෙරුන් නෑ දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ශ විතරක් අන්ඩුවක් කියලා. එහෙනම් දැන් මහින්ද මහත්තයට පුලුවන් බය නැතුව ජනාධිපති වරන්යකට ගිහින් 45%ක බහුතර බලයකින් ජනාධිපති වෙන්න. ඔබ තුමාගේ විග්‍රහ හොදයි ඔබ තුමාලව විශ්වාස කරන ගොන් බය්යොන්ට.

    • gamunu says:

      ජනවාරි 08 විප්ලවයට පෙළ ගැසුණු පක්ෂ මෙවර හැට එක් ලක්ෂ විසි හත්දහස් හාරසිය හැටපහක් ඡන්ද ලබා තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද අපේක්ෂකත්වය
      රනිල්ද?
      මෛත්‍රීපාලද ?
      සම්බන්ධන්ධන් ද?
      අනුරද ?
      රනිල් ඉල්ලුවොත් මෛත්‍රීපාල ට ලැබුණු 989821 +491835 රනිල්ට ලැබේවිද ?????????
      මෛත්‍රීපාල ඉල්ලුවොත් රනිල් ට ලැබුණු 3612259 ම මෛත්‍රීපාල ට ලැබේවිද ??????????
      සම්බන්ධන්ධන් ඉල්ලුවොත් 6127465 ම සම්බන්ධන්ධන්ට ලැබේවිද ???????????
      අනුර ඉල්ලුවොත් 6127465 ම අනුර ට ලැබේවිද ????????????

  4. Hora says:

    මංගලයාට මොංගල්

  5. චරිත් says:

    2015 මහමැතිවරණයේදී අලියාට ලැබුනු ඡන්ද ලක්ෂ 51 මේ වෙද්දී ලක්ෂ 36 කට අඩුවෙලා. මේ උදවිය කියන කියන වචනයක් ගානෙ තවත් කුජීතවෙන එකයි වෙන්නෙ. ජනතාව මීහරක් කියල හිතගෙන මරුවිකාරෙන් කියන්වන්ඩ දීලා පොඩ්ඩක් බලන් ඉම්මු.

  6. Kuma says:

    මහින්ද මහතාගේ සියයට 45 + ස්වාදීන කණ්ඩායම් වල චන්ද + ප්‍රතික්ෂේප උන කොට්ටාස වල එකතු කල විට සියයට 50 ට වඩා නිකම්ම ඒවි

  7. senaka says:

    මේ ආණ්ඩුවේ ඇමති පැටවුන්ට විරැද්ධ නොවී ඉමු.මොකද පොහොට්ටු ආණ්ඩුවකත් ඇමති කටු 100ක් වත් තියෙන්න එපෑයැ. මේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ආණ්ඩුවට විරැද්ධ වෙලා ඇමති ධුර 30ට අඩු කරන්න කිව්වොත් ඉස්සරහට පොහොට්ටු ආණ්ඩුවක ඇමති කම් වැඩි කර ගන්නේ කොහොමද ලොක්ක නේද? අනේ කාලේ වනේ වාසේ…..

  8. බුද්දිකා says:

    mahinda janaadhipathiwaranayedi awe sandanayen. sandanaye 8.9% UNP une kohomada ? unge haula tiyenne unp-slfp misak sandane ekka neweine

  9. සිරිබිරිස් says:

    ගණන් හද හද මහන්සි වෙන්න බැරි අය, ඔය ප්‍රදේශ 340න් 2015 ප්‍රතිපලේ එක්ක බලල යහපලකයෝ පහලට නොවැටිච්ච, මහින්ද ඉහලට නොගිය එක තැනක් හරි කිව්වනම් ඒත් ඇති.

  10. gorila says:

    මහින්ද මහතයෝ
    තවත් බලාගෙන ඉන්න එපා, මෙචර ජනවරමක් දීලා තවත් බලාගෙන ඉන්න එපා.
    ඔබතුමා හිතනව වගේ මේයාල මහමැතිවර්ණයක් දෙයි කියල දවල් හීන දැකල නිදාගන්න එපා. බලේ අරගෙන මැතිවරණයක් ගේන්න වැඩ කරන්න. නැත්නම් ඔහේට චන්දේ දීපු ජනතාවගේ බලාපොරොතු සුන්වෙනවා. චන්දෙ අරන් නිකම් ඉන්න වනම් ආයෙ චන්දේ දෙන්නේ මොකටද කියල මිනිස්සු හිතයි.ජේවීපී ය කරන දේ කරල ජනවරම නැති කර ගන්න එපා. මිනිස්සු කීයට වත් 2020 වෙනකම් බලන් ඉන්න ලැස්ති නැ කියන එක මතක තියාගන්න

  11. SuMa says:

    අනේ ගොඩහේවා මහත්තයෝ…. ටොයියන්ට ඔය ලොජික් තේරෙන්නේ නෑ …
    ඒගොල්ල්ලන්ට තේරෙන්නේ ෆ්‍රී වයි ෆයි, ගූගල් බැලුන් වගේ මාර advanced දේවල් විතරයි.

    • bleo says:

      ඇයි මේ මල්ලිලාට බ්‍රේස්ලට්, සොකො කලිසම්, පරාක්‍රම සමුද්‍රයට නැව් … ඒව දැන් දෙන්නෙ නැද්ද.

  12. අනේ කළු තර එරික්ටමැටික් says:

    දෙසිය තිස් නවයයි (239) හතලිස් දෙකයි (42) තිස් දෙකයි (10) දහයයි තෝරා ගන්න බැරි හරක් පොන්න කැබිනට්ටුවේ තියා ගෙන ඉන්නේ මොකාද? මොකටද මුන් තවත් තියන් ඉන්නේ? ගහලා එලවපලා.

    • ජනාධිපතිවරනයකදි ජනාධිපති තෝරන්නෙ දිනපු ආසන ගනනින් නෙවෙයි, ලැබුනු සමස්ථ ජන්ද ප්‍රතිශතයෙන්. එතකොට 45% කියන්නෙ බහුතරයද? හැබැයි තනි පාර්ශවයක් ලබාගත්ත වැඩිම ප්‍රතිශතය. මේ ජන්දෙදි කට්ටිය එකතුවෙලා සන්ධාන නොගහන හන්දා අනික් 55% ගැන කියන්න බෑ. හැබැයි 2015 ට වඩා මහින්ද මහත්තයා විශාල ජනවරමක් අරන් නෑ. හිටපු අය තමන්ගාව තියාගන්න දක්ෂ වෙලා තියෙනවා.

  13. sam says:

    ane ethakota me aurudda anthima wenakota labena free wifi nethiweida meya…hik..hik…

  14. daminda says:

    deruwala bokkae kunu ganda……….

  15. බබා says:

    පොහොට්ටුව – 44.65%, අලියා – 32.63%, ශ්‍රිලනිප -13.38% . සම්මුති ආණ්ඩුව = අලියා + ශ්‍රිලනිප + සුලුපක්ෂ = 32.63% + 13.38% = 46.01. ඉතින් 44.65 < 46.01. සුලුපක්ෂ නැතුවත් අාණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක තරම් පොහොට්ටුව ජන්ද අරන් නෑනේද? එතකොට තාම බහුතරය කාගෙද? හරි සරලයි නේද?

Main News