මහින්දට යලි පුළුවන්.. 19 සංශෝධනය මහ අවුලක්.. තවත් ප‍්‍රමාද නොවී සියළු නීතීඥයන්ගේ ගුරුවරයා ප‍්‍රකාශක තීන්දුවක් ඉල්ලා අධිකරණයට..

August 21, 2018 at 9:20 am | lanka C news
මහින්දට යලි පුළුවන්.. 19 සංශෝධනය මහ අවුලක්.. තවත් ප‍්‍රමාද නොවී සියළු නීතීඥයන්ගේ ගුරුවරයා ප‍්‍රකාශක තීන්දුවක් ඉල්ලා අධිකරණයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න සම්බන්ධයෙන් මෙරට ඕනෑම පුරවැසියකුට දිසා අධිකරණයට ගොස් ප්‍රකාශක තීන්දුවක් ඉල්ලා සිටිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

එවිට දිසා අධිකරණය විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත තීන්දුවක් දීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කරයි.

අද වන විට මෙරට ඇත්තේ 1978 ව්‍යවස්ථාව ඇති කරන ලද ජනාධිපතිධුරය නොව වෙනත් ජනාධිපති ධූරයක් බවත් 19 සංශෝධනය සිදුකර ඇත්තේ අතීතයට බලපාන ලෙස කිසිදු වගන්තියක් නැතිව බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හා මෙරට පුරවැසියෙකු ලෙස තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ නම් අධිකරණය හමුවට යාමට ඉදිරි දින වලදී කටයුතු කිරීමට සූදානම් යයිද ඒ මහතා සඳහන් කළේය. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සැලකෙන්නේ මෙරට අති බහුතර නීතීඥයන්ගේ ගුරුවරයා ලෙසයි. අදටද නීති සිසුන් වැඩිපුරම භාවිත කරනු ලබන්නේ ඔහු විසින් රචිත නීති පොත්ය.

31,084 Viewers

19 Comments to “මහින්දට යලි පුළුවන්.. 19 සංශෝධනය මහ අවුලක්.. තවත් ප‍්‍රමාද නොවී සියළු නීතීඥයන්ගේ ගුරුවරයා ප‍්‍රකාශක තීන්දුවක් ඉල්ලා අධිකරණයට..”

  1. Wijebahu says:

    GL is nothing but a zombie. He dies not even know every jo blog cant go to SC like that. Constitution Has clearly stated person who has held a postion as president cannot contest for the 3rd time. This is to tune baiyas and discourage Gotler.

    • Thilak says:

      Wijebahu getting paid for a commenting from badumkara mudal from UNP media propaganda.

      Say “NO” if you can ?

    • Pandama says:

      Are you better qualified than GL?

      However your language shows that you cannot even hold a candle to GL!

  2. panikkiya says:

    Well done GL.. we know about your Law knowladge… But in CBK era( as A Justice Minister) you havent won any case in SC…

    • Fernando says:

      i i o .These guys first tried to get premiership. Then opposition leadership. Now again try to become the president.
      Paw appa. andanawa kiyala mehemath.

  3. Asaranaya says:

    Jayaweawaa

  4. Malcolm says:

    He’s the next in line to get beans from MR after Uditha. He’s a law expert but does not have Attorney-at-Law..this is the reason he’s coming up with blunders time to time.

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Meyage teendu hariyanneoya wagema mettantai.3 warak illanna noheki coko

  6. සිනිදු says:

    මූ නේද කිව්වේ අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්න නීති නැහැ කියලා. කවදාවත් උසාවියක කතා කරලා නැහැ ,මෙයා

  7. S W P de Silva says:

    වර්තමාන ජනාධිපතිවරයා පත්වුනේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් පවත්වන ලද ජනාධිපතිවරණයේදී.
    එම ව්‍යවස්ථා සංශෝධනයෙන් එතුමාගෙ කාල සීමාව වසර 5 දක්වා අඩුකලා.
    එ්ත් ජනාධිපති සිරිසේන මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසුවා තමාගෙ ධූරකාලය වසර 5 ද 6 ද කියලා.
    එවිට ශේ‍ර්ෂ්ඨාධිකරණය නිගමනය කළේ වසර 5 ක් බවට.
    ඉතින් මහින්ද මහත්මයාට කියල එම තීරණයේ වෙනසක් වෙයිද කියල බලමු.

  8. Sadda says:

    කියව කියවා ඉනේ නැතිව කරන කෙන්ගෙඩියක් ඉක්මනට කරනවා.බටහිර දුශ්ටයින් හා හුටන් නඩේ එකට කටුව ගහන්න පෙර.

  9. Raawanaa says:

    me loku unnehe… api waahana padawanna balapathra ganna kaale, Seat belt neethiya thibune nehe. ithin apata puluwani neda banda pati nodamaa waahana padawanna. e neethiyath atheethayata balapaanne nehene.polsiyen dada gahana ekak nehene.

    • Kadiya says:

      Hariyata hari. Ingrisi akuru nowana nombara walata enam 1995 ta pera ewata banda pati neethiya lihil.

  10. හයියෝ ඔය වයසක මහින්ද මහත්තයට නිදහසේ ඉන්න දෙනවලා. ඇයි ඔය කැකුලෙ වෙන දිනන අස්⁣සයෙක් ඇත්තෙම නැද්ද?

  11. Ratnamalala says:

    මොනවාද මේ කතා. අවශ්‍ය නම් අධිකරණයට යන්නම් කියන්නෙ. බලබල ඉන්නේ නැතුව අවශ්‍ය කටයුතු කරලා පෙන්නුවානම් ඉවර යිනේ.

  12. Nishantha says:

    Wijebahu na kiwwe nahane !! E kiyanne eya porak aaa!!

  13. kith says:

    If the parliament has passed the legislation prohibiting a President to contest for a second term, could the court take action against those who contested twice previously.?

Main News