මහින්දට ලකුණු වැටෙයි කියා කුණු ඉවත් කරන ව්‍යාපෘතිය අත්හිටවලා.. සාක්‍ෂි සහිතව හෙලි වෙයි..

April 18, 2017 at 2:10 pm | lanka C news
මහින්දට ලකුණු වැටෙයි කියා කුණු ඉවත් කරන ව්‍යාපෘතිය අත්හිටවලා.. සාක්‍ෂි සහිතව හෙලි වෙයි..

මීතොටමුල්ලේ අසරණ ජනතාව මුහුණ දුන් ඛේදවාචකය සිදුවූයේ වත්මන් ආණ්ඩුවේ වරදින් බවත් එම සිදුවීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කොළඹ කුණු ඉවත් කිරීමට ඉකුත් රජය සමයේ සැලසුම් කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දු වූයේ නම් මෙවැනි විපතක් සිදුනොවන බව පැවසූ රණතුංග මහතා මින් ඉදිරියටවත් පටු දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මීතොටමුල්ල කුණු කන්ද නායයාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

මීතොටමුල්ලේ ‍කුණු කන්ද නාය යාම හින්දා ජීවිත අහිමි වෙච්ච ජනතාව වෙනුවෙන් අපේ ශෝකය පළ කරනවා වගේම උන්හිටි තැන් අහිමි වූ ජනතාව වෙනුවෙන් අපි කනගාටුව පළ කරනවා. මේ වගේ විපතක් යළි අසන්නට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවේ ඇස් දැන්වත් ඇරෙයි කියලා.

මීතොටමුල්ලේ ජනතාව මේ වගේ අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරු වීමේ වගකීම වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි. බලයට ඇවිත් අවුරුදු දෙකහමාරක් තිස්සේ මහින්ද හොරා, මහින්ද හොරා කිය කියා හිටියා මිසක් ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු නොකිරීම තමයි මේ ඛේදවාචකයට හේතු වුණේ.

අඩු ගාණේ හොරා හොරා කියන මහින්ද රාජපක්ෂ රටේත් ජනතාවගේත් ඉදිරි අනාගතය දෙස සුපරීක්ෂාකාරීව බලලා හදපු සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දු වුණා නම් මේ ඛේදවාචකය වළක්වා ගන්න හොඳටම ඉඩකඩ තිබුණා. නමුත් මහින්ද මහත්තයට ලකුණු වැටෙයි කියන බයට ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය අතහැරියා.

ලෝකයේ සෑම රටකම කුණු කසළ සම්බන්ධයෙන් විශාල ගැටලු තිබෙනවා. ආණ්ඩුවක වගකීම වන්නේ එම ගැටලු නිසි ලෙස කළමනාකරණය කිරීමයි. ආණ්ඩුවේ කළමනාකරණය දුර්වල වුණාම තමයි මේ වගේ ඛේදවාචක සිදුවෙන්නේ. වර්තමාන ආණ්ඩුවට කුණු ගැටලුව තියා කිසිම ජනතා ගැටලුවක් නිසි ලෙස කළමණාකරණය කරන්නට පුළුවන්කමක් නැහැ.

රට පුරා එකතු වන කුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ පළාත් පාලනය ආයතනවලටයි. කොළඹ නගර සභාව ස්ථාපිත කළ දවසේ පටන්ම පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය විසින්. නමුත් කොළඹ කුණු ගැටලුව විසඳන්න එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරුන් කිසිවකුට අද වෙනකම් පුළුවන් වුණේ නැහැ.

තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරන්න මහින්ද මහත්තයට ලොකුම හයිය වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොළඹ කුණුවලට සාර්ථක විසඳුමක් දෙන්න නාගරික සංවර්ධන අධිකාරිය හරහා සාර්ථක වැඩපිළිවෙළක් සකසා තිබුණා. කොළඹ කුණු විශේෂිත දුම්රිය මැදිරි මඟින් පුත්තලම ප්‍රදේශයේ හෙක්ටයාර් 30ක පමණ ඉඩමක සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට තමයි සැලසුම් කර තිබුණේ.

මෙම දැවැන්ත ව්‍යාපෘතියට රුපියල් බිලියන 14ක් වැය වෙනවා කියලා ඒ කාලයේ ගණන් බලලා තිබුණා. ඒ අනුව 2014 වසරේ මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබුණා. 2015- 2017 කාලය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 මහින්ද මහත්තයාගේ අන්තිම අයවැයෙන් මුදල් වෙන් කළා.

හැබැයි 2015 සිදුවුණ බල පෙරළියත් සමඟ මෙම ව්‍යාපෘතිය අතහැර දැමුණා. මෛත්‍රී- රනිල් සභාග ආණ්ඩුවට ඕනෑ වුණේ මහින්ද හොරා හොරා කිය කියා ඉන්න මිසක් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න නෙමෙයි. අන්තිමේදී ආණ්ඩුවේ මේ පාපකර්මයට කර ගහන්න වුණේ අහිංසක ජනතාවටයි.

මමත් දීර්ඝ කාලයක් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කළා. අපි නම් යම් සිදුවීමක් වුණාම අරයට මෙයාට ඇඟිල්ල දිගු කර කර හිටියේ නැහැ. එදා කුණු කන්දෙන් පාර්ලිමේන්තු ගිය කවුරුත් අද ‍ඒ ජනතාව ගැන බලන්නේ නැහැ. මේ වගේ දේශපාලනඥයන් ගැන ජනතාව තව වරක් හිතන්න ඕනේ.

– ප‍්‍රදීප් අනුර කුමාර

27,312 Viewers

26 Comments to “මහින්දට ලකුණු වැටෙයි කියා කුණු ඉවත් කරන ව්‍යාපෘතිය අත්හිටවලා.. සාක්‍ෂි සහිතව හෙලි වෙයි..”

  1. Gasbanda says:

    oii prasanna.. pacha halan nathiva hitapan… ubath maha mathi wela hitiyane.. ubata naduwak thiyanawa needa meethota mullema..

    anika ubala balaye hitapu nagara saba, pradeshiaya saba wala kunu recycle karanawada?

    ane palayani oii

    • suji says:

      Prassanna thamai yako Ranatungalage inna hondama sathgunawath politician out of the lot. Katawahan hitapan.

    • දේශපාලුවා says:

      lack of strong leadership.That is the problem with this country. We had it, but we decided to go elsewhere.

    • kamal says:

      පලයන් බන් නොදන්න මගුල් නොකියා.. අන්තිමට හිටං ටත් කොරන්න වෙන්නේ මහින්දගේ කිවුව විසඳුම තමයි. ඔහොම බලන් හිටපන්කෝ පුත්තලමට ඔය කුණු ටික ගෙනිගින් දැන් නැද්ද කියලා

    • ගොනිල් රනා says:

      ගස්බණ්ඩා මහත්තයෝ…කරත්තෙන් බැහැල හිටිය නං…..

    • tikka says:

      මෙ වගේ ගස්බන්ඩො ලක්ෂ 62ක් හිටියා.. දැන් ගොඩක් එවුන් වඳවෙලා. බලන්න මුගේ බුද්ධියේ විකාශය… ප්‍රසන්න කියපු දේට හරවත් ප්‍රතිචාරයක් නොදක්වා කොහෙද යන ඉඩම් කේස් එකක් මේක අස්සෙ රිංගවනවා.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කාරයෙක් වගේ.. කුණු තියා පාසල් නිල ඇඳුමක් වත් බෙදාගන්න බැරි ආණ්ඩුවක්.. තාම වොල්ක්ස්වැගන් ෆැක්ටරිය මඟ …. මෙහේ ගස්බණ්ඩො ඉඳන් ආණ්ඩුවෙ අසූචි දෙල්කොලෙන් වහනවා… ඉතින් ඕක වැඩක් වෙයිද හැබෑටම ඈ ..?

    • Disce aut descede says:

      මීහරක් ගස් බණ් ඩ ලගේ ගූ එන් පී බූදලේ තමයි කොළඹ නගර සභාව​.
      කුණු ප්‍රශ්නේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ නගර සභාවට​.
      උන් ඒකෙන් හොරා කෑව​.
      උඹලගෙ මහ ලොකු ලොක්ක වන වැඩ බැරි හාමු ඕව හොඳට දැනගෙන තමයි වැඩේ යන්න දුන්නෙ.
      දැන් හරක් වගේ තප්පු ලනව​.
      ලංකාවේ කෝටි ගනන් සල්ලි එකතු වෙන යූ එප් පී හොරුන් ගෙ බූදලේ කොළඹ නගර සභාව මේ මරන වලට වග කිව යුතුය්.

    • Loketa lokkaa says:

      Gasbanda, aneh palayan keriyo yanna.. umbe labba thamai.. ranilge puken wetena goo appa sirisenaya kanawa, ugen wetena guuu umbala wage un kaala karapu ewata thamao minissu me windawannee..

    • රණහඩ says:

      ගස්බණ්ඩා නෙමේ සෙවල බණ්ඩා කියලා දා ගනින්. උබේ පවුල බං කුණු වලට යට වෙන්න තිබුනේ

  2. Silva says:

    Gota patan gaththu kunu kandata erehiwa udgoshanaya karapu minisunta Anura Senanayake gahapu gahilla apita thama mathakai. Avuru 9 yak thopi monawada kale

    • Avlis says:

      Koheda manussayo hitiye? Gotada Meethotatamullata kunu gihin damme? Buruwek novi hitapan.

    • දෙබරා says:

      සිල්වා හෙවත් පෙරේරා දන්නැත්තන් දැනගනින් 1956 ඉඳන් කොළඹ නගර සභාව අද දක්වා තිබුනේ උඹලෑ ගූ ඇන්පී පාලනේ යටතේ.ඔතනට කුණු දාන්න පටන් අරන් තියෙන්නේත් උඹලෑ ගූ ඇන් පී ආණ්ඩු කාලේ. අහලා බලහන් අවුරුදු 40- 50ක් තිස්සේ උන් පොල් ගෑවද කියලා.

    • Nimal Perera says:

      Booruwo, It was started by R. Premadasa.

    • බන්ඩය්යා says:

      2007 සිිට 2010 වන තෙක් කුණු බාරව සිටි පරිසර අැමති පච රණවකය. ඝෝටා UDA බාර ගත්තේ 2010 දීය. ඝෝටා කොළඹ ලස්සන කලා පමනක් නොව වසර හතරක් තුල ඝෝටා කුණු ප්‍රශ්ණය දීර්ග වශයෙන් සාකච්චා කර ස්තීර විසඳුමක් සොයා ගෙන කැබිනට් එකෙනුත් අනුමත කරගෙන 2014-රාජපක්ෂ අය-වැයෙන් රුපියල් බිලියන් 12 ක් වෙන් කර ගත්තේය. 2015 ජනවාරි 8 මහින්ද පන්නා නොගත්තේ නම් එදා කොළඹ ලස්සන කලා මෙන්ම කුණු කන්දද මේ වන විට අයින් කර හමාරය.

      • harsha says:

        ඉතින් මොන මගුලකටද කලින් ඡන්දය තිබ්බේ?

  3. kapila says:

    Ane pala Silva yanna. uba monawada danne. 90 idan unp andui MC ekai pol ggawada. Gota oni karana project eka hadala cabinet approval aran Budget eken 14 bn pass karala thibbe. Me kaalakanni haththa ithuru tika kalanam mehema wenne naha. eda mahinda dinnanam ada mehema wenneth naha.
    tho danagan aurudu 9k monawada kole kiyala ahanne tho nidiwadila hitiyada bola. Aurudu 30 ka yuddayak evara karala parawal okkoma hadala rata sanwardanaya karala nagara sanwardanaya karala hospital hadala school hadala Nanasala hadala Viduli balagaara hadala kunu prasnetath visaduma hadalai bola Rajapaksala degara giye. ahapiya boge my3 ranil ponsingen aurudu 3k reevada kiyala.

  4. saman says:

    gon athala denna epa oiiii

  5. Senaka says:

    Kapila Malaya hari…

  6. warunan says:

    ha ko ehenam..api thanakola kanne..

    • උඩ පැනපු ටොය්යෝ says:

      උඹල තණකොල කන බව අපි තේරුම් ගත්තෙ 2015 ජනාධිපතිවරන කාලෙදි බං…

      ඒක දැන්වත් උඹට සැකේට හරි හිතුන නම් ඒක ත් මදෑ….

    • warunan says:

      hooooooo…

  7. buruputha says:

    Prasanna CM wela hitiyata bolaw Colombo MC eka palanaya kale hunp hadda ballone. Hump karayanta kavadavath salaam thibune ne. Un hamdama kale kunutika hair vikunagena kapu eka. A pawu thama Kolonnawe ahinsaka janathavata karaghanna une. A nisa kalakanni UNP karayanta henama gahanna one.

  8. Wilson Thilakaratna says:

    Samahara comments dakinakota lankawe Buuruwo kochhara innawada kiyala hithenawa. Yahapaalanayata visadumak thibune neha.

Main News