මල්ලක් ගෙන හිරේ යන්න ආ මහින්දානන්දගේ බලාපොරොතුව ඉටුවෙයි.. රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

April 16, 2018 at 4:40 pm | lanka C news
මල්ලක් ගෙන හිරේ යන්න ආ මහින්දානන්දගේ බලාපොරොතුව ඉටුවෙයි.. රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

අද දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි චෝදනාව මතයි.

අදාල මුදල් පොදු දේපල පනතට අයත් නොවන්නේ යයි පවසමින් අධිකරණය විසින් මන්ත‍්‍රීවරයා රුපියල් 35000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදී.

මන්ත‍්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කර ඇත.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සැපිරීමට අපොහොසත් වීම නිසා මන්ත‍්‍රීවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මන්ත‍්‍රීවරයා අද දිනයේ මුල්‍ය අපරාධ කොට්ඨශාය වෙත පැමිණියේ බන්ධනාගාරගත වීමට අවශ්‍ය අඩුමකුඩුම මල්ලක්ද රැගෙනයි.

27,160 Viewers

15 Comments to “මල්ලක් ගෙන හිරේ යන්න ආ මහින්දානන්දගේ බලාපොරොතුව ඉටුවෙයි.. රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..”

  1. Open mind says:

    Well planned drama…..

  2. mawella says:

    How long these type of revenge could take place. It’s all most 1 1/2 years to start next elections. We can’t emgine, what would happens to people behind this. Hope their VISA are ready

  3. Dhanapala Nanayakkara says:

    ඕකනේ කියන්නෙ… බැසිල්ල නාමල්ල වගේ අහුවෙන්නෙ නැතිව හොරකම් කරන්න හැමෝටම බෑ කියල

    • Dushantha says:

      ඉතින් බන් උඹලාට කියල දෙන්ඩ තිබුනනෙ උඹලගෙ හූ ඈම් පියෙ මහ එවුන්ට අහු නොවෙන්ඩ මහ බෑන්කුව කඩා ගනිල්ලා කියලා.

  4. අන්දිරිස් says:

    FCID යනවා. මාංචු දානවා. ටික දවසකට හිරේ යනවා. කට්ටිය සැප දුක් බලන්න එනවා. ඇප අරන් ගෙදර යනවා. සතුටින් ඉන්නවා. දැන්නම් මේ නාට්‍ය දැකලම එපා වෙලා තියෙන්නේ. අර කූඹියෝ වගේ හොඳ බලන්න පුලූවන් නාට්‍යයක් දානවකො ඕයි!

  5. Gotaimbara says:

    Why waited all this time? No wonder Yahapalakayas cannot do anything. All talk. This shows how long they will take to arrest the Bank Robbers.

  6. Saman Prasad says:

    Mahindananda wage un nisa thamai ape Mahinda mahathayageth nama katha wenne, wate inna horu nisa thamai ape Mahinda mahathayatath kela une.

  7. Saman Adikari says:

    We are strongly protest to arrest of Member of Parliament of Mahandia Aluthgam .
    Was this is a democracy of MS RW and CBK ? All are new UNP leaders except RW?
    MS is playing new game plan with UNP and CBK?

  8. Sanath says:

    Every politician who are in the opposition(except tamil & muslims) who are arrested by Maithri & Ranil Govt are considered as Heros by the sinhalese people of Sri Lanka, so we hope Maithri and Ranil will remember this when it comes to elections

  9. Ananda says:

    Mu dannawa Badu sure kiyala .

  10. Narada says:

    අධිකරණ නඩු ව්භාගයටත් කලින්ම පොදු දේපළ නෙමේ කියල තීන්දු කරල…නියම නඩු…

  11. aniwa says:

    everyone is sick with these predicted dramas, no one will ever get tried or go to jail.
    even a 7 year old kid knows that.

  12. Kamal says:

    අධිකරණයේ ස්වාධීනත්වය කියන්නෙ මේකට තමා…

  13. Disna says:

    මේව තමයි පඩ ශෝ…

  14. Jagath says:

    කලින්ම පොලිසියේ ලොක්කා මහින්දානන්දට කියලා තියෙනවා අද ඇතුලට දානවා කියලා. ඔය FCID එවුන්ගේ දුරකථන චෙක් කරලා බැලුවොත් උඹලා පුදුම වෙයි උන් කාටද කෝල් කරලා තියෙන්නේ කියලා දැනගත්තම. මේවා ඔක්කොම රඟපෑම්. ඒ අස්සේ බදු මිල වැඩිකරලා

Main News