මහින්දානන්ද FCID එයි.. අද අත්අඩංගුවට..?

April 16, 2018 at 10:40 am | lanka C news
මහින්දානන්ද FCID එයි.. අද අත්අඩංගුවට..?

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටියේය.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන්නැයි කරන ලද දැනුම් දීමකට අනුව ඒ මහතා එහි පැමිණ සිටී.

පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව සිටිමින් රුපියල් මිලියන 53ක කැරම් බෝඞ් ගෙන්වා රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ඔහුට එරෙහිව කරන ලද පරීක්‍ෂණකට අදාලව අද දිනයේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ මෙම චෝදනාවටම අදාලව මීට කලින් පවරන ලද නඩුවකින් තමන් නිදොස් කර නිදහස් කර ඇති බවයි.

අද දිනයේ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගනු ඇතැයිද වාර්තා පලවිය.

8,147 Viewers

5 Comments to “මහින්දානන්ද FCID එයි.. අද අත්අඩංගුවට..?”

  1. ගන්ජ බන්ඩා says:

    එකම චෝදනාවට උසාවියක දෙවරක් නඩු දමන්න පුලුවන්ද?

  2. quintin says:

    Should be sent direct to jail.

  3. me manussayage mahanura maligawa balanna
    ane hire danna kawadawath eliyata ewanna epoooo colombo nawalapiti maliga balannako

  4. Trumph says:

    ඇති යන්තම්. කාලකණ්නි හොර හැත්ත.

  5. Richard says:

    Mun Hire Dala Madi
    Depala Rajasanthka karamu

Main News