මහින්ද එක්ක ආණ්ඩු බෑමයි.. අපට ඕන රනිල්තුමාමයි.. ශ‍්‍රීලනිප 20ක් විරුද්ද වේ.. බාරකාර ආණ්ඩු කතා නිමයි..

October 14, 2018 at 9:20 am | lanka C news
මහින්ද එක්ක ආණ්ඩු බෑමයි.. අපට  ඕන රනිල්තුමාමයි.. ශ‍්‍රීලනිප 20ක් විරුද්ද වේ.. බාරකාර ආණ්ඩු කතා නිමයි..

ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම පිරිසක් පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති කරගෙන යන මතවාදයන් හේතුවෙන් සභාග ආණ්ඩු යෝජනාව බිඳ වැටෙන ලකුණු පහළ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ‍්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් කොටසක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා කරන නමුත් තවත් මැති ඇමැතිවරු 20 ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතුව සභාග ආණ්ඩු හදනවාට විරෝධය පළ කිරීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

සභාග ආණ්ඩුවට එරෙහි පිරිස වත්මන් ආණ්ඩුව වසර 2020 අගෝස්තු දක්වා පවත්වාගෙන යා යුතු බවත් සඳහන් කරයි.

සභාග ආණ්ඩුවට සහාය දක්වන පිරිස සමඟ ශ‍්‍රීලනිපයෙන් විපක්‍ෂයේ අසුන්ගත් 16 දෙනා ද සිටින අතර ශ‍්‍රීලනිපය හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඔවුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීමට එම පිරිස සූදානමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පැවසීය.

සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය තීන්දුවක් ගන්නා තෙක් ඒ පිළිබඳව සාකච්ඡා නොකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය පසුගියදා තීරණය කරනු ලැබුවත් මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකතු වීමට අකමැත්තක් දරන ඉහත මන්ත‍්‍රීවරුන් නිසා ශ‍්‍රීලනිපයෙන් එම යෝජනාව ඉදිරිපත් නොවනු ඇති බවත් වාර්තා වේ.

– divaina

17,458 Viewers

9 Comments to “මහින්ද එක්ක ආණ්ඩු බෑමයි.. අපට ඕන රනිල්තුමාමයි.. ශ‍්‍රීලනිප 20ක් විරුද්ද වේ.. බාරකාර ආණ්ඩු කතා නිමයි..”

  1. Nim says:

    ” HORUTH SAMAGA HELUWEN ”
    RA NIL SAMAGA HORA KAWA
    SAHA THAWATH DOLA PIDEENE
    BALAGENA ENNA GEWALAYO
    THAWAMA ATHANA ?

    • නැවුම් මාවත says:

      අද අපිට අවශ්‍ය එජාප තනි ආණ්ඩුවක් ඒවගේම දේශප්‍රේමී එජාපයක් .එජාපයේ සිටින සජිත් දයා ගමගේ සුජීව සේනසිංහ මංගල සමරවීර රංගේ බණ්ඩාර රන්ජිත් මද්දුම බණ්ඩාර වගේ අය නිසා තමයි පක්ෂය පිරිහුනේ .ඔවුන්ට දේශීයත්වයක් නෑ සමහරුන්ට සන්ස්කුර්තියක් නෑ සමහරුන් සමලිංගික ඔවුන් සියලුම දෙනා වැඩ කරන්නේ තමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයකට මිසක් රට වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් දර්ශනයක් තියෙන එජාපයට හිතවත් එකම නායකයා පාඨලී .පාඨලී යටතේ එජාපය යලි බැබළෙනු ඇත .

      එජාපය යලි බබළවමු
      ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ට කරමු
      2020 චම්පික ජනපති කරමු

      • ගමරාළ says:

        මොකක් ඔය අර ළඟදි ගෑනුත් හූ කියලා එලවපු පච රණවකයාද? හා හා ඊට වෑඩිය ඕනි තරන් සුදුස්සො යූ ඈන් පියට ඉන්නවා.

        • දුශාන් says:

          ජවිපෙ කොමියුනිස්ට් කාරයෙක්ව සිට දනපතින්ට වයිර කරමින් ඔවුන්ට ශාප කරමින් සිට ධනවාදී පක්ෂයක හවුල් කරුවෙක්වීම දක්වා චම්පික රණවක ආ ගමන ඉතාමත් කටුකයි අහස පොලව මෙන් වූ ප්‍රතිපත්ති මාරු කිරීම කල හැක්කේ කටින් ඕනෑම දෙයක් ඔප්පු කළහැකි කෙනෙකුට පමණයි .ධනය බලය තම ඉලක්කය ලෙස ගනිමින් ධනවාදී විරෝදී පෙරමුණක සාමාජිකත්වය ලැබ ධනපතියෙක් වීම දක්වා චම්පික පැමිණි ගමන් මග ධනවත් වීමේ සැබෑ උවමනාවක් තිබෙන සැවොම සොයා බැලියයුතු කතාවක් .
          ඔය එන්නේ එජාපය බබලවන්නද නැතිනම් ඌවම බබලවගන්නද ?
          අනේ මෙහමත් ලජ්ජා නැති එකෙක් .

  2. Athepattu says:

    A wunata basil mahattaya agollanwa harawa gani.

  3. Saradiel says:

    ඔබ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න

    අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව.

    රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි.

    මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?

    යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

    • සිංහල බන්ඩා says:

      ‘යහපාලනය’ කියල ආණ්ඩුවය් නිල විපක්ෂ‌ෙය් ද‌ෙකම අල්ල ගත්ත රනිල්/සිරා ග‌ෙ නඩය රට ඉවරම ක‌ොරල තමය් යන්න‌ෙ.

  4. Gorilla says:

    People will give you a very bitter lesson that you ll never forget…

  5. david milibanda says:

    When will our people realise Saradiel the present predicament?
    What a curse the country is undergoing with the current rulers??

Main News