මහින්ද ජාත්‍යන්තරයට බිය වී බලය අතහැර පලා ගියා.. මං ජනපති වී ඒ අභියෝගය දිනුවා.. – ජනපති

January 9, 2017 at 12:19 am | lanka C news
මහින්ද ජාත්‍යන්තරයට බිය වී බලය අතහැර පලා ගියා.. මං ජනපති වී ඒ අභියෝගය දිනුවා.. – ජනපති

2015 වසරවන විට රට තුළ පැවති ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධයට මුහුණ දීමට අපොහොසත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලය අත්හැර පළා ගිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය පදවි ප්‍රාප්තියෙන් දෙවසරක් ගතවීම නිමිති කොට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතා අදහස් දක්වමිනි.

“ලෝකයේ මොන රාජ්‍ය නායකයද, මොන ආණ්ඩුවද තමන්ට තව බලයේ ඉන්න අවුරුදු දෙකක් තිබියදී, නෑ ඒ අවුරුදු දෙක එපා කියලා මැතිවරණයකට යන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ චෝදනා සහ යෝජනා අපි අලුත් ආණ්ඩුවක් වශයෙන් කොපමණ නම් අවම කර ගත්තද?, ඒවායේ වේගය කොතරම් බාල කර ගත්තද?, අපි ඒවා කොපමණ දුර්වල කළාද?,” ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙවසරක පාලන කාලය තුළ ලබාගත් ‘ජයග්‍රහණ’ විස්තර කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට වඩා, 18 වන සංශෝධනය අහෝසි වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවය.

“මේ දෙවසර තුළ කිසිම මාධ්‍යවේදියෙක් මහපාරේ මැරිලා සිටියේ නැහැ. මේ වසර දෙක මාධ්‍ය නිදහසට මහෝගයක්. මාධ්‍ය නිදහස දොරේ යාමක්. දී ඇති ඒ නිදහස පරිණත වූ විට ඒ පරිණතභාවය සමග මධ්‍යයේ යහපත් විනයක් ඇති වෙතැයි මම විශ්වාස කරනවා,”

ආණ්ඩුව පෙරලා දමන බව ඇතමුන් ප්‍රකාශ කළත් එවැනි සිහින ඉටු නොවනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතැම් පිරිස් පසුගිය රජයේ සහ වත්මන් රජයේ සංවර්ධන සැලැස්ම සංසන්දනය කරමින් රජයට ඇඟිල්ල දිගු කළ ද පැවති පාලන සමයේ සිදු කෙරුණු මහා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරක් රටට උරුම වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

“මමත්, අගමැතිතුමත් රජයක් වශයෙන් ඇත්ත කතා කළා, ඇත්ත කිව්වා. අපිට නැවතත් ඒ කලින් දැකපු සුන්දර ලෝකය කෘතීම ලෝකය අවශ්‍යද?, අපි ජාතික ආර්ථිකයේ ඇත්ත තත්වය තේරුම් අරගෙන ජාතියක් වශයෙන් ගොඩ නැගෙනවද?, කියන කාරණා මම ජනතාව හමුවේ තබනවා,”

– BBC

9,293 Viewers

19 Comments to “මහින්ද ජාත්‍යන්තරයට බිය වී බලය අතහැර පලා ගියා.. මං ජනපති වී ඒ අභියෝගය දිනුවා.. – ජනපති”

  1. Champa says:

    Wihilu karanawada?

    • fass says:

      Jathyantharaya dinuwa kiyanne, nawenna thiyena uparime nawila kiyana ona dekata “Yes” kiyana eka nam, me kiyala thiyena kathawa hari

      • Amda says:

        යහපාලනය ???

        ඒ මොකක්ද??

        කවුද කිවුවේ?

        අපි නම් කිවුවේ නෑ යහපාලනය ගේනවා කියල.

  2. anjanam devi says:

    Ledaa malaabada suddayi maame.Ratama anathure. Koti gahala madi thopata.

  3. දුගී_පුරවැසියා says:

    සොරි. මම පස්සෙන් පිහියෙන් ඇන්නා.

  4. දුගී_පුරවැසියා says:

    පිස්සෙක් රජ වුනත් එකයි. රජුට පිස්සු හැදුනත් එකයි.

  5. karu says:

    මට නිකං පිස්සු වගේ

  6. mahinda jathyanterayeta biya vi prabakaranwath maruwe naa……….mr sirisena lankawe inne modoyo kiyala hodata dannewa wage

  7. lion says:

    ලැජ්ජයි බං අපිට සිංහල රටේ අපි අසරන වෙලා තව අවු.20 කින් විතර අපිට වෙන දේ හිතාගත්තැකි. පන්සල් වල බණ කි කිය ඉදලා හරියන් නෑ . හරි බෞද්ද පාලකයෙක් නැති කමේ විපාක.

  8. john the baptice says:

    රට පාවාදුන් පිලිගන්න මිලියන 30කට කෙලවලා

    http://www.sriavtvnetwork.com/2015/10/30.html

  9. gadol says:

    ආප්ප කා රැහේ එවුන් එක්ක කෑ බුරියානිය.

    http://hirutv.net/download_video/VClRZBJJ2gI.html

  10. ෴හෙළයා෴ says:

    “ලෝකයේ මොන රාජ්‍ය නායකයාද තමන්ට තව අවුරුදු දෙකක් තිබියදී මැතිවරණයකට යන්නේ”
    “ලෝකයේ මොන රාජ්‍ය නායකයාද මැතිවරණවලට බියෙන් මැතිවරණ නොපවත්වා ඉන්නේ”
    මේ සමාලෝචනය වනාහී යුග පුරුෂයින්ගේත් යුග පුරුෂයින් යැයි කියා ගන්නා අයවළුන්ගේත් වෙනස කදිමට විදහා දක්වන්නකි.ගතවූ වසර දෙක ජාතියට අහිමි වූ දෑ බොහෝය​.ඒවා වෙනුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැත​.මේ රටේ මෙතෙක් ආණ්ඩු කලේ පසුගිය රජයත් මේ රජයත් පමණක් නම් පුරා අවුරුදු දෙකක් මහින්ද මුව හමට තඩි බෑවාට කම් නැත​.රට පත්වී ඇති අගාදයට අඩු වැඩිලෙස පැවති රජයන් සියල්ලක්ම වග කිව යුතුය​.එසේ තිබියදී වත්මන් රජය සුදු පාටින්ද,මහින්ද රජය කළු පාටින්ද වර්ණ ගැන්වීම අතීශය විහිළුවකි.පසුගිය රජයේ ජ්‍යේෂ්ඨයෙකු වූ වත්මන් නායකයා 2015 ජනවාරි අට වැනිදා කෝවක දමා මකා ගත්තෙකු නොව ඒ රජය යම් අකටයුත්තක් කලා නම් ඒවා වෙනුවෙන් වග කිව යුතු පුද්ගලයෙකුද වන්නේය​.එජාප නායකයා මිස්ටර් ක්ලීන් ලෙස හැඳින්වූවාට අතීතය පැහැබර නැත​.වත්මන අනාගෙන ඇත​.රටේ ජනයා හොඳට හෝ නරකට ඔවුනට බලය පවරා ඇත​.බලය පැවරුවේ මඩ ගොහොරුවල ලගිමින් රට පුරා මඩ විසිරුවමින් කාලය කා දමන්නට නොව රටේ සම්පත් සුරකිමින් රට සංවර්ධනය කරන්නටය​.මහින්ද රට විනාශ කලා නම් ඔවුහු රට නොවිකුනා සුරැකිය යුතුය​.ජනතා අභිලාශය එයය​.ජාත්‍යන්තරය දිනුවා යැයි පම්පෝරි ගැසීම හරිය​.සැබැවින්ම දිනා ඇත්තේ අප නොව ජාත්‍යන්තරයය​.අද අපේ මව් බිම උන්ගේ කෙලි බිමක් වී හමාරය​.දේශය පාලනය කරනා දේශපාලකයින් රට වැසියාට විහිළු සපයන්නන් නොවිය යුතුය​.එසේ වූ කල රටම විහිළුවක් වී සමච්චලයට ලක් වන්නේය​.

  11. rangana says:

    Nodoking..kingbanat..

  12. J says:

    apitanum rate economy eke atta thathwe penawa…..e kiyanne dan naya gannema nedda………………hina yanawa yanawa ..yanawa……yanawaaaaa……nawaththaganna be oooooiiiiiiiiiiiiiiiiiiiiiii…….epaaaaa wenawa

  13. Saroja says:

    Mahinda pala yana minihek neme numbala jathyantharaya samaga ekathuwi modayanwa gonata anduwa.

  14. sam says:

    Cant believe we have as the head of state such an idiotic fool imbecile when ever he opens his mouth he speaks utterly foolish stuff this man has no futute all sri lankans hate and despise him only the people who are grateful for the kunch pacxket and the water bottle will be with him all educated people in the country have only contempt for the fellow

  15. Dickie Bird says:

    Mooo dan Maha Parakramabahu wenna dangalanawa…………
    Our head of state is an absolute IDIOT.

  16. anjanam devi says:

    “මහින්ද ………..පලා ගියා..” passa paththada? UK tony ta konda kelin katha kala eka hutan geපලා nogiya eka thamaa waada. purasaram nododa hitan paawaa dennange pakshaye pinaa.

  17. singha says:

    08ට පාස් හීන් බබා ගස් බදින මෝඩයෙකි. බොරු කිය කියා බොරු කිරීමත් උන්ට මහත් සතුටකි.මහජන ජන්දත් එක්ක සෙල්ලම් කිරීම තාවකාලිකයි.මහපොලව ඇත්තේ මෝඩයින්ට පිනුන් ගහන්න නොවෙයි, බව හොදි මේ මෝඩ පොන්න රැළ මතක තියාගත යුතුයි.මහජන දේපළ විකුණන්ට ජනතාව ඡන්දය දුන්නේ නැහැ.විශ්ව විද්‍යාලයකට වෙන්කල මෙම ඉඩම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට කුණු කොල්ලයට විකුණා දමා ඇත.මිනිසුනේ මුන් තවත් හිටියොත් අපේ මතු පරපුරට විදේශිකයන්ට ගෙවල් කුලීගෙවා ජීවත්වීමට සිදුවේ.

    Reply

Main News