මහින්ද තවත් ශක්තිමත් වෙනවා කියා විපක්‍ෂ නායකකම ඒකාබද්දයට නොදෙන්නෙ ශ‍්‍රීලනිපය තීරණය කර කතානායකට දන්වති.. පාර්ලිමේන්තුව අද යුද පිටියක් වෙයි..

August 7, 2018 at 9:20 am | lanka C news
මහින්ද තවත් ශක්තිමත් වෙනවා කියා විපක්‍ෂ නායකකම ඒකාබද්දයට නොදෙන්නෙ ශ‍්‍රීලනිපය තීරණය කර කතානායකට දන්වති.. පාර්ලිමේන්තුව අද යුද පිටියක් වෙයි..

විපක්‍ෂ නායක ධුරය කිසිසේත්ම ඒකාබද්ද විපක්‍ෂයට ලබා නොදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර පැවති සාකච්චාවේදී තීරණය කර ඇත.

විපක්‍ෂ නායක ධුරය ඒකාබද්දයට ලබා දුනහොත් මහින්ද රාජපක්‍ෂ තව දුරටත් ශක්තිමත් වන බවද එනිසා විපක්‍ෂ නායක ධුරය කිසිසේත්ම ලබා නොදිය යුතු බවටත් එහිදී සාකච්චා කර තිබේ.

ඒ අනුව එම තීරණය කතානායකවරයාට දන්වා යැවීමට සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මේ වන විටත් කටයුතු කර ඇත.

අමරවීර මහතා සදහන් කරන්නේ ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස කටයුතු කරන බැවින් ඒකාබද්ධට විපක්ෂ නායක ධුරය දීමට අවශ්‍ය නොවන බවයි.

එනිසා විපක්‍ෂ නායක ධුරයේ වෙනසක් සිදු නොවිය යුතු බව අමරවීර මහතා සන්ධානයේ මතය ලෙස කතානායකවරයාය දන්වා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර පක්‍ෂයක් වන මහජන එක්සත් පෙරමුනේ නායක දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් සාකච්චා කිරීමට සන්ධානයේ පක්‍ෂ නායකයන් කිසිවෙකු නොකැදවූ බවයි. ශ‍්‍රීලනිපය හැර සන්ධානයේ සෙසු සියළු පක්‍ෂ විඵක්‍ෂය නියෝජනය කරන බවද ඔහු සදහන් කලේය.

එසේම විපක්‍ෂ නායක ධුරය තීරණය කිරීම සන්ධාන මහ ලේකම්වරයාගේ කාර්යක් නොව පාර්ලිමේන්තු බහුතරය දෙස බලා කතානායකවරයා විසින් ගත යුතු තීරණයක් යයිද ඔහු අවධාරණය කලේය.

මේ අතර වසර දෙක්ක සදහා අත්සන් තබන ලද ශ‍්‍රීලනිප-එජාප හවුල් ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී දැන් වසරකට ආසන්න කාලයක් ගතවන අතර ජාතික ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් ශ‍්‍රීලනිපයද මේ වන තෙක් තීන්දුවක් ගෙන නැත.

30,095 Viewers

19 Comments to “මහින්ද තවත් ශක්තිමත් වෙනවා කියා විපක්‍ෂ නායකකම ඒකාබද්දයට නොදෙන්නෙ ශ‍්‍රීලනිපය තීරණය කර කතානායකට දන්වති.. පාර්ලිමේන්තුව අද යුද පිටියක් වෙයි..”

    • sam says:

      අද මේ ඛෙදවාචකය බලන්න. රට වෙනුවෙන් කරන එක වැඩක් ගැනවත් මේ මිනිස්සු කතා කරනවද. තමන්ගෙ පොලිටිකල් ගේම්ස්, තමන්ගෙ බලය රැකගන්න ගහන ගේම්, සල්ලි ඇරන් පනින ගේම්, මඩ කතා, අවලාද, නඩු, අල්ලස් ගැනිලි, හොරකන් ඇර මේ කාලකණ්නි සෙට් දෙකම වෙන මොනවද කරන්නෙ? රට බල්ලට යනකන් ණය කරල හදපු පාරවල්, මැස්සොත් නො එන ගුවන් තොටුපොලවල් ගැන කිය කිය ඉන්නව. ප්‍රේමදාස හදපු ඇඟලුම් කර්මාන්තෙයි, අරාබියට ගිය ගෑණු ටිකයි නැත්තන් මොන විදේශ විණිමයක්ද අද තියෙන්නේ? මේ හොර හැත්තවල් දෙපාර්ශවයම ගෙදර යවල අර පල්ලෙවත්ත මහත්තයටවත් දෙමුද 2020දී? එහෙම නැත්තන් අලුත් හොරෙක් පත් කරන් ආයිත් ඉල්ලන් කමුද? අපි වගේ ගොන් තකතීරු ජාතියක් අම්මප!

      • analyst says:

        Mahinda rajapaksha lankawa 2005 baragannakota lankawe arthikaye watinakama billion 20 USD.Mahinda avrudu 10 athulatha meka billion 80 USD atthikayak kala.mahinda hadapu mey arthikaya antha dakshinanshika viyaparika arthikayak.meka karanna samastha viyaparika sahayogayak oney .meka thiyenne mahindata vitharai.mey dawantha viyaparikayo unp wage jr premadasa chandrikq wage billion 12 arthikayak wath karala purudu nathi minusunwa gannanganne na.nidahas labunathasita 2005 wenakam billion 20 arthikayak with hadana bariwuna Jr premadsa sirimawo chandrika wage minusunwa Mahinda wage viyaparika liberal arthikaya karapu mahindath K

        • Dasanayaka says:

          වැඩි පිරිසක් සිටින පිරිසට නායක දෙනවා වෙනුවට සුළුතර මන්ත්‍රී ප්‍රමාණයක පක්ෂයකට විපක්ෂ නායක කම දෙනවා කියන්නේ ඒ පාර්ලිමේන්තුවේ නිතියානුකුල මහජන නියෝජනයක් නැති බවයි .එවැනි නිතියානුකුල ආණ්ඩුවක බලය බලයෙන් අල්ලාගැනීම නීති විරෝදී වැඩක් නොවෙයි .ඒ සඳහා සටන් බාවිතා හැකියි .ඉතාම මෑත කාලයේ තායිලන්තයේ හමුදාව මෙවැනි නීති විරෝදී රජයක් බලයෙන් පහකරනු ලැබුවා .ඉන්පසුව හමුදාව මගින් ප්‍රජාතාන්ත්රවදිව චන්දය තබා රට නැවත ස්ථාවර කරනු ලැබුවා .ශ්‍රී ලංකාවටද අද අවශ්‍ය අන්න එවැනි බල පෙරලියක් .ඇමරිකානු තානාපතියාට ඕනා විදියට ආණ්ඩු කරන තක්කඩි කොන්ද නැති නායකයන් බලයෙන් පහ කිරීම අත්‍යාවශ්‍යයි .නීති විරෝදී ආණ්ඩුව එලවා දමමු .ජනතා රජයක් පත්කරගනිමු .සිරිසේන දිවුරුවේ නීති විරෝදී අග්‍රවිනිශ්ය කාරයෙක් ඉදිරිපිට .ඒවගේම ඒ රජයේ අගමැති නීති විරෝදී සුළුතර අගමැතියෙක් .විරුද්ද පක්ෂය සුළුතර පක්ෂයක් තවත් ඕනා මොනවාද මේක තනිකරම නීති විරෝදී ආණ්ඩුවක් .මාර්ග සටන් අරබමු මුන්ව එලවා දමමු .

      • Aurora says:

        කතානායකගේ අමන යහපාලන ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන්ම නොසලකා අතාර්කික කරුණු ගෙනහැර පාමින් මහින්ද රාජපක්ෂ රජයට මද ගැසීම පමණකි මෙම කතාවේ අන්තර්ගතය. මේ කුලී ලියන්නන් නොදන්නේ කොළඹ වරාය අද තත්වයට ගොඩ නැගුනේ වසර 800 කාලයක් පුරා කටයුතු කිරීමෙනි. 1977 වසරේ කටුනායක ගුවන් පථයේ මෝටර් රථ ධාවන තරඟ පැවැත්වුණි. 80 දශකයේ තෙල් මිල ඉහළයාම නිසා එම රටවල ඇති වූ ආර්ථික පිබිදීම මිස අපේ රටේ ආණ්ඩු කල වීරකමක් නොවේ. මත්තල ගුවන්තොටට මැස්සන් නොපැමිනියට එහි ආර්ථික වටිනාකම නොදන්නා මෝඩයන් UNP සහ JVP දේශ ද්‍රෝහීන්ය. ඒ ද්‍රෝහීකම සේවයකරන්නේ දේශයේ සම්පත් විකිණීමට සහ නිදහස් නිවහල් දියුණු රටක් සඳහා කටයුතු කරන්නන් හට මඩ ගැසීමටය.

      • chapa says:

        විපක්ෂනායකකම ඒකාබද්ධ ට ගියා කියලා කිසිම තේරුමක් නෑ.පිස්සු නටනවා.රටෙහි වැදගත් ප්‍රශ්න එකක් වත් කතා කරන්නෙ නෑ.

        • Karu says:

          කවුද එතකොට කතා කරන්නේ?දැන් ඉන්න විපස්ස නායකයා?

      • Vasana says:

        ඔබගේ ආයුෂ වසර 80ක් නම් ඔබට ජීවත් වීමට ඇති කාලය දින29220යි එයින් දැනට දින කීයක් ගෙවා ඇතිද කියා ඔබම බලා ගන්න
        මොහොතක් සිතන්න ඒ ගෙවා ඇති දිනතුල රට ජාතිය ආගම වෙනුවෙන් ඔබ අද වෙනතුරු මොනවද කල තිබෙන්නේ කියා ඒ වගේම සිතන්න ඒවාට විරුද්ධව ඔබ කල ඇති දේ එය ඔබේම සිත දනියි ඔබට ඉතිරිවෙලා ඇති දින කිහිපයේවත් දේශහිතෙෂි මිනිසෙකු වෙලා රටට ජාතියට ආගමට ඔබෙන් වියයුතු යුතුකම් ඉටුකරන්න අපේ රට අනතුරේ …රට ජාතිය රැකගන්න ..සමගිවී එක්වී මේ යමපාලනය නෙරපා රට ජාතිය රැක ගනිව් මිනිසුනේ

      • We says:

        Pallewatta mahattya maitreepala sirisena mahattyage neyek wena knk neda..

      • senanayake says:

        perfect explanation sam,like in USA we should go for a nonpolitical leader

  1. අර්ස්කින් මේ says:

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව, විපක්ෂ නායක කම හිමිවන්නේ, විපක්ෂයේ අසුන් ගන්නා කණ්ඩායම් අතරින් වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සිටින කණ්ඩායමේ නායකයා ට ය.

    එහිදී එසේ විපක්ෂයේ අසුන් ගන්නා කණ්ඩායම් අතරින් වැඩිම මන්ත්‍රීවරු ගණනක් සිටින කාණ්ඩායමේ මන්ත්‍රීවරු අයත් පක්ෂයේ වෙනත් මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇමතිකම් හොබවන්නේ ද යන්න තබා එම පක්ෂය ආණ්ඩුව සමග ගිවිසුමක් අත්සන් කර තිබේ ද යන්න වත් අදාළ නොවේ.

    • Boo says:

      ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයයි. අද අපේ රටේ තියෙන්නේ වඳුරු පාර්ලිමේන්තු ක්‍රමයයි.

      තමන්ට විරුද්ධ පක්ෂයක අයෙක් දේශපාලනික වශයෙන් ශක්තිමත් වේවි යයි සිතා ඒ අනුව විපක්ෂ නායක කම ඒ පුද්ගලයාට නොදී සිටීමේ වඳුරු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ මේ තීරණය නිවැරදියි. මේක තමයි ඔය වඳුරු රංචුව 2015 දී පොරොන්දු වූ සාධාරණ පාලන ක්‍රමය. වඳුරු න්‍යායට අනුව ඒ ක්‍රමය දැන් ලැබී තිබෙනවා. බැටළු හමක් වැනි දෙයක් ඔලුවේ පොරවාගත් නාකි වඳුරෙක් වඳුරු පාර්ලිමේන්තුවේ වඳුරුකතා නායක කම හොබවන මේ අවස්ථාව අපේ රටේ ඉතිහාසයේ වඳුරු අකුරින් ලියවී තිබෙනු ඇති.

      අද රට ආණ්ඩු කරන්නේ මිනිසුන්ගේ කුස්සිවලට පැන යම් යම් දේ සොරකම් කර පැන ගොස් සතුටින් ඒවා භුක්ති විඳින එවන් වඳුරු – රිලා රංචුවක් බව ඔබ තවමත් නොදන්නේද? කුස්සි වලට පමණක් නොව මිනිසුන්ගේ සාක්කු වලට පවා විදින, මහා බැංකුව පවා සොරකම් කල මේ මහා වඳුරු – රිලා වානර රංචුවෙන් අපට ගැලවිය හැක්කේ ඉලක්කයට වෙඩි තැබිය හැකි වෙඩික්කරුවන්ගේ සහයෙන් පමණි.

  2. සීගිරි says:

    දැන් රට පාලනය වන්නේ ආණ්ඩුව හා විපක්ෂය ඒකාබද්ධ වූ “අමුතුම සංධානයකින්” !!!
    මෙම අමුතු “ආණ්ඩු – විපක්ෂ සංධානයේ” අරමුණ ආණ්ඩුවට එරෙහිව සංවිධානය වන ජනතාව ස්වාධීනව සංවිධනය වීම වලකා විපක්ෂය වෙත තල්ලු කර “ඒකාබද්ධ ආණ්ඩු-විපක්ෂ සංධානයට ” අවශ්‍ය පරදි මුලා කර දැක්කීමයි.
    මේ වැඩපිලිවෙලේ මහ මොළකරැවන් හෙවත් think tankers,ලංකාවේ එදිනෙදා කටයුතු ඉතා ලගින් නිරීක්ෂණය කරන බටහිර බලවේගයි.
    උදාහරණයක් ලෙස දවසින් දවස මවන ආන්දෝලාත්මක ප්‍රවෘති මත දෙපසකට බෙදී බොරැවට කා කොටා ගනිමින් එම නිවුස් රටේ දැවෙන ප්‍රශ්ණ ලෙස ඇඩවර්ටයිස් කෙරේ.
    මේ හැම දේකම අරමුණ බටහිර පාලනයේ ඇති “ඒකාබද්ධ ආණ්ඩු-විපක්ෂ සංධානය” අභිබවා ගොස් ජනතාව එක්වී මුන් සියල්ල පලවාහැර මුං එකෙක්වත් පැත්ත පලාතේ නැති ජනතා රාජ්‍යයක් හෙවත් “මහජන ශ්‍රී ලංකා සමූහාන්ඩුවක්” බිහි වීම වැලක් වීමයි.
    මේ රටේ සාරය උරා නිසරැ කරන්නට තරම් සමත් මහා මූලමණ්ඩල ඇති පවුල් ගස් එකක්වත් හෝ කූඨ ව්‍යාපාරික හවුල් එකක්වත් හෝ රට බෙදන්නට බලාගෙන ඉන්න කල්ලි එකක්වත් හෝ එකදු බටහිර බලවේගයකුද හෝ ජනතා බලවේගයකින් බිහිවන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” කැමති නොවෙනු ඇත.

    • Asaranaya says:

      මූට හෙණම ගහපිය, අමර කොන්දාටත් උණ ගැනෙන්න එක්ක

  3. Damma says:

    Amaraweera Fellow will give his wife to anyone , for his advantage.

  4. Sarath Bulathsinghala says:

    What remains to be done is to jettison the SLFP and form the new party SLPP under the Pohottuwa Symbol. SLFP has served its purpose and is now well past its ‘use by date’. It doesn’t serve any purpose to the people at large or to the nation to stay attached to for nostalgic purposes. Just as SWRD together with DA Rajapakse et al left the UNP and formed a new party it is up to Mahinda Rajapakse and others to leave the old carcass of the SLFP to float into the sea together with the crows and vultures that feed and profit by it.

    There is enough time to attract voters from both the die hard SLFP and the UNP to the new party if it can come out with a clear agenda that is beneficial to the nation – Sinhalese, Tamils and Muslims.

  5. Kadiya says:

    පාර්ලිමේන්තු ප්‍රතිපාදන වහාම වෙන්කර කරු ජයසුරිය කතානායකට පිටකොන්දක් ආනයනය කරන්න. සපයා සවිකර ක්‍රියාත්මක කිරීමද ඇතුලත් ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීම වඩාත් සුදුසුය. මෙය ඉතාම හදිසි කටයුත්තකි.

    • A Citizen says:

      These power greedy, opportunistic politicians in this country , who suffer from Election – Phobia ,seem to modify and interpret the basic principles in Democracy to their advantage for the sake of their survival.The fair – minded , unbiased people in this country are watching very closely these injustices . At the last local election results very clearly indicated that though some leaders of the SLFP were with the government , the vast majority of of SLFPers had rejected it.More the injustices done to the democracy or well existence of the country ,the people would bear them silently and they would respond in a appropriate manner at the very first opportunity, just as people gave undue landslide victory for J.R . in 1977 , when Sirima Bandaranaike government extended the term of office by two years .

  6. sakalabujan says:

    මුස්ලිම් ජනතාවට නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉතා ඉක්මණින් නිර්මාණය කර දෙන ලෙස ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කරයි

    පසුගියදා පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුවේදී මෙය ඇතුළු තවත් යොජනා අටක් සම්මත කර ගැනීමටද ඔවුන් කටයුතු කළේය.

    එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.

    යෝජනා අංක 01, මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර දිස්ත්‍රික්කතයේ වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,

Leave a Comment

Main News