මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ ළඟම ඉන්න ගෝල බාලයෝ… අපි කට්ටිය මහින්ද මහත්තයාට මදුරු වෙක්වත් වහන්න නොදී ආරක්‍ෂා කළා!

November 22, 2018 at 3:00 pm | lanka C news
මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ ළඟම ඉන්න ගෝල බාලයෝ… අපි කට්ටිය මහින්ද මහත්තයාට මදුරු වෙක්වත් වහන්න නොදී ආරක්‍ෂා කළා!

ඒ ජීවිතය සැහැල්ලූය. කතාව කෙලින්ය. දේශපාලන සාකච්ඡාවක් සඳහා අප ඔහුගේ නිවසට යන විටත් සුපුරුදු, සරළ බවෙන් සහ සැහැල්ලූවෙන් ඔහු සිටිනා බව පෙනිණි. ජායාරූප සඳහා අන් මැති ඇමැතිවරුන් මෙන් ඔහු සැරසී නොසිටි නිසා ‘අපිට පින්තූර කිහිපයකුත් ගන්න තියෙනවා…’ යනුවෙන් ඒ සඳහා සැරසීමට යම් ඉගියක් ඔහු වෙතට පළ කළෙමු. ‘මෙහෙම ඉද්දි ගන්න… ඔය එක, එක ෂූට් ඇන්දා කියලා මගේ වෙනසක් නෑනේ… කොහොම හිටියත් මම කුමාර වෙල්ගම තමයි…’ යැයි කියමින් හැදි සිටි සරම සහ බැනියම පිටින්ම ඡායාරූප කිහිපයකට ඔහු පෙනී සිටියේය. අප මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවේ තවත් දේශපාලන පෙරළියක් සිදුවේ යැයි සඳහන් වූ සිකුරාදා (16 දා) පෙරවරුවේදීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය කළ එම සාකච්ඡාව පහතින් පෙළගැසේ…

ප‍්‍රශ්නය :- මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ බැලූ කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාගේ හෝ ලණුවක් කෑවා යැයි හිතෙන්නේ නැද්ද?

පිළිතුර :- ඇත්තටම ඔව්…!

ප‍්‍රශ්නය :- එතුමාට මේ ලණුව දුන්නේ කවුරුන් කියලද ඔබ හිතන්නේ…?

පිළිතුර :- මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ එතුමා ළඟම ඉන්න ගෝලබාලයෝ ටිකක්.

ප‍්‍රශ්නය :- ඔවුන් එසේ කළා නම් ඒ ඇයි කියලා හිතන්න පුළුවන්ද?

පිළිතුර :- මහින්ද මහත්තයා තමයි මේ රටේ ජනප‍්‍රියම පුද්ගලයා. මෛත‍්‍රී මහත්තයට රනිල් මහත්තයට ඒ කිට්ටුවටවත් එන්න බැහැ. ඇත්තටම එතුමා හැර ජාතික නායකත්වයට කෙනෙක් පේන්නවත් නැහැ. ඒ නිසා එතුමාගේ ජනප‍්‍රියත්වය නැති කරන්න ගෙනාපු කුමන්ත‍්‍රණයක් තමයි මේක…

ප‍්‍රශ්නය :- ඔබ කියන කුමන්ත‍්‍රණකාරයන් කවුරුන්ද යන්න දැනගැනීමට රටේ ජනතාව කැමතියි.

පිළිතුර :- අපිට අලූතින් ආපු අයත් අපි ගාව හිටපු කිහිප දෙනෙක් තමයි ඔය කුමන්ත‍්‍රණකාරයෝ. ඔවුන් මහින්ද මහත්තයාව නැත්තටම නැති කළා. ඔවුන් හිතපු දේ සිකුරාදා සාක්‍ෂාත් කර ගන්න සමහරවිට හැකිවේවි. හැබැයි මම එකක් කියන්න ඕන. කුමන්ත‍්‍රණකාරයෝ මහින්ද මහත්තයාව වට්ටන්න මොන උප්පරවැට්ටි දැම්මත් රටේ ජනතාව එතුමාට එදා වගේ අදත් හෙටත් ආදරෙයි.

ප‍්‍රශ්නය :- යහපාලන රජය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වෙමින් තිබූ කාලයක මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුර භාරගෙන ප‍්‍රශ්න ගොඩකට මැදිවීම. අතේ තිබූ ඉදිරි පැහැදිලි ජයග‍්‍රහණයත් දියකර ගැනීමක් වුණා නොවේද?

පිළිතුර :- ඇත්තටම ඔව්. පොහොට්ටුව මේ රටේ පළවැනි බලවේගය බවට ගෙනාවේ බැසිල් මහත්තය. මහින්ද මහත්තයා තමයි එයට මූලික වුණේ. නමුත් බැසිල් මහත්තයා තමයි මහින්සි වෙලා ඒ තැනට පොහොට්ටුව ගෙනාවේ. මම ඉස්සර කියපු කුමන්ත‍්‍රණකාරයෝ බැසිල් මහත්තයත් එක්ක පැහැදිලිවම තරහයි.

ප‍්‍රශ්නය :- ඔබ කොහොමද එහෙම කියන්නේ?

පිළිතුර :- මට පුද්ගලිකව ඒ අය කියලා තිබෙන නිසයි මම එහෙම කියන්නේ. මේ අයට තිබුණු ප‍්‍රශ්නය තමයි පොහොට්ටුව නැගිට්ටහම ඒ අයගේ පක්‍ෂවලට තැනක් ලැබෙන්නේ නැති එක. මේ අය පොහොට්ටුවට බැසිල් මහත්තයට සහ මහින්ද මහත්තයාගේ ජනප‍්‍රියත්වය අඩු කරන්න තමයි මේ කුමන්ත‍්‍රණය කළේ කියලයි මම දකින්නේ.

ප‍්‍රශ්නය :- ඔබතුමා කියන ලෙස පොහොට්ටුවට එකතුවෙලා ඉන්න අනෙකුත් කුඩා පක්‍ෂවලටයි ඔබ මේ චෝදනාව කරන්නේ…?

පිළිතුර :- ඔවුන්ට පමණක් නෙමෙයි…අලූතින් අපිට ආපු කිහිප දෙනෙක් සහ තවත් අපේ කිහිප දෙනෙක් මේ පිටුපස ඉන්නවා.

ප‍්‍රශ්නය :- ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාත් නොතේරෙන ‘ගේමක්’ ගැහුවා යැයි සමාජ මාධ්‍ය ජාලාවල පෝස්ට් පළ වෙනවා.

පිළිතුර :- මේ ජනාධිපතිතුමා අපිව තුන් පාරක් රැවැට්ටුවනේ. ඉතින් එතුමා අපිව හතරවැනි පාරත් රවට්ටයි කියලා ලොකු සැකයක් කුකුසක් තිබෙනවා…සමහර විට ඉහළ තැන්වලින් ලැබුණු නියෝග මේ පල්ලෙහ කට්ටිය ක‍්‍රියාත්මක කරන්න ඇතිවෙන්නත් බැරිකමක් නැහැ.

ප‍්‍රශ්නය :- මේ සියලූ හැලහැප්පීම්වලින් පසු මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන අනාගතය කෙසේ වේවි යැයි හිතනවාද?

පිළිතුර :- අදින් (16 දා) සිකුරාදා, පසුව තමයි ඒ ගැන බලන්න වෙන්නේ. අද බහුතරය පෙන්නන්න බැරි වුණෙත් අගමැති පිළිබඳ එතුමා තීරණයක් ගන්නවා කියලා ජනාධිපතිතුමා කියලා තිබෙන්නේ. දැන්ම ඔය ප‍්‍රශ්නයට හරි පිළිතුරක් දෙන්න බැහැ. ඉදිරි දවස් ටික බලන්න වෙනවා. එතකොට අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා…

ප‍්‍රශ්නය :- මහින්ද රාජපක්‍ෂ කඳවුරේ ප‍්‍රබලයෙක් වන ඔබ පසුගිය මාස කිහිපය තුළ එම පාර්ශ්වයේ ඇතැම් තීන්දු තීරණ දැඩි ලෙස විවේචනයට ලක්කළා. විශේෂයෙන් මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය පිළිබඳව ඔබ කළ යම් යම් අදහස් දැක්වීම් සමාජය තුළ විශාල කතාබහක් ඇතිකළ ප‍්‍රකාශ වුණා.

පිළිතුර :- මම කියපුවා සමාජය තුළ කොපමණ කතාබහ වුණා ද යන්න මම දන්නේ නැහැ. මම දන්න ඇත්ත මම කතා කළා. දැනුත් එහෙමම තමයි.

ප‍්‍රශ්නය :- ඔබ පසුගිය කාලයේ යම් යම් දේ ප‍්‍රකාශ කරද්දි ඇතැමුන් ඔබව විවේචනය කළා. නමුත් එදා ඔබ කිවූ බොහෝ දේ අද ඇත්ත වෙමින් තිබෙනවා…

පිළිතුර :- මම දේශපාලනයට ආවේ මීට වසර 36 කට ඉහත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පින්සිද්ධ වෙන්නයි. මමත් දැන් දේශපාලනයේ හොඳට තෙම්පරාදු වුණ මිනිහෙක්. මටත් හොඳට දුර පේනවා. මට අනාගතය ගැන හොඳට පෙනුණා. 2015 ජනවාරි දහය සිරිසේන මහත්තයා හවුල් ආණ්ඩුවට කතා කරනකොට මම එයට විරුද්ධ වුණේ ඒකනේ. මම දන්නවා එ. ජා. ප. සහ ශ‍්‍රී ල. නි. ප. ප‍්‍රතිපත්ති එකිනෙකට ගැළපෙන්නේ නැති බව. අපට ඒ ගැන කියලා දුන්නේ සිරිමාවෝ මැතිනියයි. එදා මම එළියට බහිනකොට මගෙත් සමඟ එකෙක් ආවද? මම සිරිසේන මහත්තයට විරුද්ධව කතා කරනකොට මට කොච්චර කට්ටියක් දොස් කිව්වද? එදා ඉඳන් අද වෙනකම්ම මම කිව්ව අනාවැකි බොහෝ දුරට හරි ගිහිල්ලා තිබෙනවා.

ප‍්‍රශ්නය :- මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය භාරගන්නා තෙක් සිදුවූ තිරය පිටුපස ක‍්‍රියාදාමයන් පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්න බව කියවෙනවා. ඒ අතර ඔබත් සිටිනවද?

පිළිතුර :- සමහර දේවල් අපිට කිව්වේ නැහැ. අපි මාධ්‍යයෙන් තමයි ඇතැම් දේ දැනගත්තේ. සිරිසේන මහත්තයාලගේ ගෙදර ගිහින් මහින්ද මහත්තයා හා බැසිල් මහත්තයා සාකච්ඡා කළ කරුණු අපි දැනගෙන හිටියේ නැහැ. මේ සාකච්ඡාවලින් පසුව ජී. එල්. පීරිස් මහත්තයා එතුමාගේ ගෙදර ? කෑමත් සමඟ අප සාකච්ඡාවකට කැඳවීමක් කළා. එහිදී චමල් මහත්තයා මේ දීගයට විරුද්ධ වුණා. එතුමා කිව්වා මෙහෙම යන්න බැරි බව. එකතුවෙන්න එපා කියලා.

ප‍්‍රශ්නය :- ඒ කියන්නේ මෙම තනතුර ගන්න එපා කියලා ඇතුළතින්ම සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා.

පිළිතුර :- ඔව්…නමුත් මහින්ද මහත්තයා කිව්වේ. අපි හැමදාම මේ පෝයට ආණ්ඩු ගන්නවා. ලබන පෝයට ආණ්ඩු ගන්නවා කියලා කියන නිසා ජනතාවට ලොකු බලාපොරොත්තුවකින් ඉන්න බවයි. ඒ නිසා ඒ මොහොතේ යටත් කළ යුතු බව ප‍්‍රකාශ වුණා. මම තව දෙයක් කියන්නම්, එතුමා චමල් මහත්තයාගේ අදහසට විරුද්ධව කථා කරනකොට මම කිව්වේ ‘‘සර් මම හැමතිස්සෙම ඔබතුමාට විරුද්ධව කථා කරනවා කියලා හිතන්න එපා. ඔබ තුමාට තිබෙන ලෙන්ගතුකම හා ආදරය නිසයි මම මෙහෙම කියන්නේ. ඔබතුමා නැවතත් සිරිසේන මහත්තයට රැවටෙන්න එපා. සර් මේ අගමැතිකම භාරගන්න එපා. අපි අයවැය පරද්දවමු. එහෙම නැත්නම් ඉදිරි මැතිවරණවලින් ජයගමු. ඒ හයිය අපට තිබෙනවා. අපිට තුනෙන් දෙකකින් ජයගන්න පුළුවන් තත්ත්වයක් තිබෙන්නේ. හැබැයි ඔබතුමා ඔය මතයේ ඉන්නව නම් මම ඔබතුමාට බහුතරය ගන්න ඡුන්දය දෙන්නම්. තුනෙන් දෙක ගන්න ඡුන්දය දෙන්නම්. හැබැයි මම ස්වාධීනව පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා කියලයි. මහින්දානන්ද කෙහෙළිය, සේමසිංහ, විමලවීර, රොෂාන්, රමේෂ් පතිරණ, අගමැතිකම ගන්නවට විරුද්ධව කථා කළා. එතකොටවත් මහින්ද මහත්තයාට හිතන්න තිබුණා.’’

ප‍්‍රශ්නය – පසුගිය අවුරුදු හතරක කාලය ගැන, ඒ කළ උත්සාහයන්්, කැපවීම් ගැන කනගාටුවක් දැනිලා වගේ තමයි පෙනෙන්න තිබෙන්නේ?

පිළිතුර – ඒ වසර හතරක කාලය තුළ අපි කට්ටිය මහින්ද මහත්තයාට මදුරුවෙක්වත් වහන්න නොදී ආරක්‍ෂා කළා. අපි එතුමාව දිගු ගමනක් ගෙනාව වගේ, පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත්තා. මේ කාලයේ ගෝඨාභය මහත්තය කොහෙද හිටියේ. දිනුවට පස්සෙ තමයි එතුමා ආවේ. මට හිතෙන විදියට මහින්ද මහත්තයට පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණය උහුලන්න බැරි වුණා. මීළග ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණය ගන්නේ එතුමාගේ ගෙදරදී එම පවුලේ කිහිපදෙනකු සමග පමණක් සාකච්ඡා කරලයි. එතැනදී තමයි වැරදි තීන්දුව ගත්තේ. ඒ නිසයි මම කිව්වේ මම මහින්ද රාජපක්‍ෂ මහතාට කඬේ යන්නම් වෙන කිසිම රාජපක්‍ෂ කෙනකුට කඬේ නොයන බවට… ඔය කියපු අයට ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්ද? බැහැනේ….’’

ප‍්‍රශ්නය- ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කරනවාට ඔබ විරුද්ධද?

පිළිතුර – ‘‘නැහැ.. මම විරුද්ධ නැහැ… අර සිරිසේන මහත්තයා පොදු අපේක්‍ෂකයා වෙලා ජනාධිපතිවරණයට එනකොට වගේ අපිටත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාව දාන්න තිබුණා. එතුමාගේ ‘වියත්මඟ’, ‘එළිය’ මේ විදිහටම කරගෙන ගිහින් අන්තිම මොහොතේ එළියට එන්න තිබුණා. අන්තිම මොහොතේ එතුමාව ඉදිරිපත් කළා නම් අපි සාමූහික තීරණයක් සමග යනවා. අදටත් එජාපයෙන් ඒ තරගයට දාන්නේ කවුද කියලා කියනවද? නැහැනේ… සජිත් අපේක්‍ෂකයා කියලා අපි සැක කළත් පක්‍ෂය එහෙම කියන්නේ නැහැනේ.

ප‍්‍රශ්නය – ඔබතුමාත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තද?

පිළිතුර – නැහැ.

ප‍්‍රශ්නය – ඔබ ඒ පක්‍ෂයට යන්නේ නැද්ද?

පිළිතුර – මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නවා. හැබැයි ශ‍්‍රීලනිපය මට එකපාරට අතහරින්න බැහැ. මම මේ තැන ඉන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බණ්ඩාරනායක මැතිනියට පින්සිද්ධ වෙන්නයි. ඒ නිසා මට මේ පක්‍ෂය එකපාරට අතහරින්න බැහැ. ශ‍්‍රීලනි පක්‍ෂයේ නායකත්වය දැන් දුර්වල නිසා පක්‍ෂය පහළට ගිය බව ඇත්ත. නමුත් වසර තිස්හයක් අපිව මේ ගෙනාපු ගමනට ඒ පක්‍ෂයට අපි අනිවාර්යයෙන්ම ගරුත්වයක් දෙන්න ඕන.

ප‍්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයේදී ඔබ නියෝජනය කරන පාර්ශවයෙන් ඊට ඉදිරිපත් වන අපේක්‍ෂකත්වය ගැන අදහස් පළ වී අවසන්… දැන් පවතින දේශපාලන තත්ත්වය තුළ එම අපේක්‍ෂකත්වයන් වෙනස්වීමේ හැකියාවක් තිබේද?

පිළිතුර – ජනාධිපති අපේක්‍ෂකයා ගැන අපි සාමූහිකව කථා කරල ගන්න ඕන තීරණයක්. දෙන්නෙක් තුන්දෙනෙකුට ඒ තීරණය ගන්න බැහැ. ගෝඨාභය මහත්තයාව ගේන්න ඕන කියන කණ්ඩායමේ ඉන්නේ සිරිසේන මහත්තයාට කියලා අපිව රවට්ටපු කණ්ඩායමමයි. ඒ අය මෙතන ඇවිත් කොච්චර කෑගැහුවත් ඔවුන් අන්තිමට වැඩකරන්නේ සිරිසේන මහත්තයාටයි.

ප‍්‍රශ්නය – පසුගිය දින කිහිපය තුළ දේශපාලනයේ ඇතිවූ වෙනස්කම් පොදුජන පෙරමුණට පාඩුවක් වෙලා යැයි හිතෙන්නේ නැද්ද?

පිළිතුර – මෙහෙමයි… පාර්ලිමේන්තුවේ මොනවා වුණත් මහින්ද මහත්තයාට රටේ ජනතාව ආදරෙයි. මහින්ද මත්තයාගේ නායකත්වයෙන් බැසිල් මහත්තයාගේ මෙහෙයවීමෙන් අප විපක්‍ෂයේ සිට හෝ ඉදිරියට වැඩ කරන්න ඕන. මේ වැඩවලින් වුණේ අපේ පැත්තට ඇවිත් හිටිය, නිදාගෙන හිටිය, පක්‍ෂය එපා වෙලා හිටිය එ.ජා. පාක්‍ෂිකයන් නැවත ඒ පක්‍ෂය තුළට ගොනුවීම පමණයි. එය පාඩුවක්. එය දැන් හරවන්න ටික කාලයක් යාවි. අපිට එය බැරි නැහැ. ඒ තැනට යන්න අඩුපාඩු හදාගන්න ඕන. මම මේ කෙලින් කතා කරන්නෙත් ඒ අඩුපාඩු හදා ගන්නයි.

ප‍්‍රශ්නය – ඔබගේ අදහස් දැක්වීම එජා පක්‍ෂයට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනවා නොවේද?….

පිළිතුර – මම කියන කරන දේ අවංකවම, භය නැතිව කියනවා. කරනවා. මම එජාපයට කඬේ යන්නේ නැහැ. අපි ඇත්ත කතා නොකළොත් පාඩු අපේ පක්‍ෂයට හා රටටයි. අපේ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන්නේ රටට ආදරය කරන මහින්ද මහත්තයා ඇතුළු අපේ පිරිස බලයට ගේන්නයි. ඒ දේ කරන්න බොරු වාර්තා බොරු වැඩ කරලා බැහැ. හරි දේ හරියට හරි වෙලාවේ කරන්නයි ඕනා. එහෙම නැතුව සැලසුමක් නැතිව කාගේවත් ඕනෑ එපාකම්වලට වැඩ කරන්න ගිහින් තවත් අමාරුවේ වැටෙන්න අපිට බැහැ.

ප‍්‍රශ්නය – මේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට ඉදිරියට යා හැකිද?

පිළිතුර – බැහැනේ. මෙහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. මගේ මතය බහුතරය පෙන්නන කෙනාට බලය දෙන්න ඕනෑ. කවුරු කැමැති වුණත් අකැමැති වුණත් ඒ දේ විය යුතුයි. මේ වෙන දේවල් බලන්න තානාපතිවරු පවා ඇවිත් හිටියා. මෙහෙම ගියොත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු දෙසීය විසිපහට රට යන්න වීසා එකක්වත් ගන්න බැරිවේවි.

ප‍්‍රශ්නය – කථානායක කරු ජයසූරිය මහතාගේ කටයුතු පිළිබඳ දැඩි විවේචනයක් තිබෙනවා. ඒ ගැන ඔබගේ අදහස් කෙසේද?

පිළිතුර – එතුමා පක්‍ෂග‍්‍රාහීව කටයුතු කළ බව කියන්න ඕනෑ. කථානායකතුමාට මීට වඩා වැදගත් විදියට සභාව මෙහෙයවන්න තිබුණා. එතුමා වැඩ කළේ ගහෙන් ගෙඩි එන්නා වගෙයි. ශබ්දයෙන් ඡුන්දය විමසීමත් වැරදියි. ඒ ගාලගෝට්ටිය අස්සේ සද්දෙන් ඡුන්දය විමසන්නේ කොහොමද? කළ යුතු වැඩ එතුමා කළේ නැහැ.

ප‍්‍රශ්නය – පසුගිය බ‍්‍රහස්පතින්දා මහින්ද රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව සම්බන්ධයෙන් ඡුන්ද විමසීමකට යොමු වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ.

පිළිතුර -එතුමා කළේ ඉතා හොඳ කතාවක්. රටේ මිනිස්සුන්ට කාවදින කතාවක් මහින්ද මහත්තයා එදා කළේ. ඒ කතාවට බෙදීමක් ඇති කරන්න පුළුවන් ද කියන එක ගැටලූ සහගතයි.

ප‍්‍රශ්නය – මේ ඡුන්දය ලබාගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල කලබැගෑනියක් වුණා. ගුටිකෙළිි පවා සිදුවන ආකාරය දැකගන්න ලැබුණා. ඒ සිදුවූ දෙය ඔබ බලාගෙන සිටියා මිස ඊට සම්බන්ධ වන බවත් අප දැක්කේ නැහැ.

පිළිතුර – මම මුල ඉඳන්ම කිව්වනේ. 113 අපට නැත්නම් විපක්‍ෂයේ වාඩිවෙමු කියල. මම එදා ඉඳන්ම කීවනෙ. රටට වැරදි ආදර්ශ දෙන්න බැහැ. දෙගොල්ලම ඉතාමත් අශීලාචාර විදිහටයි එදා කටයුතු කළේ. මට වැරදි දේට මැදිහත් වෙන්න බැහැ. ඒ නිසා වෙන හැම දෙයක්ම මම බලාගෙන හිටියා. ගහගත්ත අය පස්සේ එකට කතා කර කරත් හිටියා.

ප‍්‍රශ්නය – ඇතැම් මන්තී‍්‍රවරු පිහි පවා සභා ගැබට ගෙනත් තිබුණා.

පිළිතුර – මම හරියට ඒ ගැන දැක්කේ නැහැ. ගෙනාව නම් එය වැරදි කටයුත්තක්. ඉදිරියට එසේ නොවන්න කටයුතු කළ යුතුයි.

ප‍්‍රශ්නය – මහින්ද මහත්මයා අගමැතිකම් භාර ගැනීම සහ ඉන් අනතුරුව වුණු සිදුවීම් සමුදාය පොහොට්ටුව යම් පසුබෑමකට ලක් කර ඇති බව සඳහන් වෙනවා. එසේ වී ඇත්නම් අඩුපාඩු හදාගෙන ජයග‍්‍රාහී ගමනක් ඉදිරියට යෑමේ හැකියාවක් තිබේ යැයි ඔබ සිතනවාද?

පිළිතුර – අනිවාර්යයෙන් පුළුවන්. මෙයත් අසීරු අවස්ථාවක් තමයි. නමුත් අපට ඊට මුහුණ දීමේ හැකියාව, පන්නරය තිබෙනවා. සුළු කණ්ඩායමක් අපේ ‘ගැම්ම’ යම් මට්ටමකට නැති කළා තමයි. අපි එකට එක්වුණොත් මේ ගැටලූ පැහැදිලිවම නිරාකරණය කර ගත හැකියි. අපි මේ රටට ආදරය කරන මිනිස්සු. ඊට පස්සේ තමයි පක්‍ෂයයි, එහි නායකයායි ඉන්නේ. රට ගැන හිතලයි කටයුතු කරන්න ඕනෑ. සිංහල , මුස්ලිම්, දමිළ, බර්ගර් ඇතුළු සියලූ ජන කොටස්වලට මේ රට අයිතියි. ජාති ආගම් කුල මළ භේද දේශපාලනය ගේන්න ඕන නැහැ. එක අම්මාගේ දරුවෝ ලෙස ඉදිරියට ගියොත් අපිට මේ රට ගොඩදාන්න පුළුවන්.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර
– divaina

40,393 Viewers

23 Comments to “මහින්ද මහත්තයට මේ ලණුව දුන්නේ ළඟම ඉන්න ගෝල බාලයෝ… අපි කට්ටිය මහින්ද මහත්තයාට මදුරු වෙක්වත් වහන්න නොදී ආරක්‍ෂා කළා!”

  1. silva says:

    2020 unp podu apekshaka

    • Kamal says:

      බයි සිහින

    • Niru says:

      Looks like. Don’t protect him. This reminds me of the saying Uddeta nethi Kaduwa kos kottannada

    • bleo says:

      පට්ට ගොන් සාකච්චාවක්. මේක හරියට ගහන්න පුලුවන් වෙන්න බෝලේ දානව වගේ. තව අවුරුදු එකහමාරක් අර පාහර ජඩපාලනය තිබුනානම් අපට රටක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක ගැන ඇහුවෙ නෑ. ඇහුවනම් මෙයාට කියන්න වෙනව කරපු දේ හරි කියල. රට ෆෙඩරල් කරන්න හදපු වැඩේ යන්තමට වැලකුනේ මහින්ද මහත්තයා තමන්ගැන නොහිතා රටේ යහපත වෙනුවෙන් මේ පරිප්පුවට කර ගහපු නිසා.

      • හෙන ගොංනෙ බං උඹ. බයියෙක් නේද? එහෙනම් ඉතින් සැකයක් නෑ, මොළයක් වෙනුවට ගොම ගොඩක්නෙ තියෙන්නෙ.
        ෆෙඩරල් නෙවේ, මොක ගෙනාවත් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න එපැයි. ඉතින් මහින්ද මහත්තයට බහුතරයක් ඉන්න එකේ ඕක පරාද කරන එක මහදෙයක්ද? ඒකට මේ ඉල්ලන් පරිප්පු කන්න ඕනද? හික්…හික්….

  2. Rathgama MC says:

    මහින්ද මහත්තයාගේ ඔලුව උඩ කරඬුව තියල සරම කඩා දැම්ම වගේ වැඩක් තමයි සිරිසේන මහත්තය සහ විමල්,ගම්මන්පිල්ලේ,මහින්දානන්ද,කෙහෙළිය,එස්.බි.ඩිලාන් …… කට්ටිය එකතු වී කල කුමන්ත්‍රණයෙන් කලේ.සරම අඳින්න ගියොත් කරඬුව බිම වැටෙනවා,සරම ඇඳ ගත්තේ නැත්නම් ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙනවා.මේ මොකුත් නොදන්නවා වගේ සිරිසේන, ජනාධිපති මන්දිරයේ වැජබෙනව,ඔන්න පාරක් පාරක් ගානේ ඇවිද්දනවට වඩා හොඳ දඬුවමක් මම මහින්දට දුන්න කියල.

    • dayas says:

      batalande gahalayaata kelaweccha nisaa Rathgama MC. sarama andagena oluwen hitagena
      2/3, pennanawa. u.n.j.v.p. okkootama sarama andagena oluwen hitaganta welaa thiyenne.

      • Rathgama MC says:

        මහින්ද මහත්තයත් පොහොට්ටුවේ ඉන්න ප්‍රබලයිනුත් තේරුම් ගන්න ඕන පොහොට්ට්වේ ඉන්න සියලුම ජනතාව සහ මන්ත්‍රීවරු එහෙයියෝ නොවන බවත් ගැලරියේ සිට හුරේ දමන මීහරක් නොවන බවත්.

  3. Gorilla says:

    Unp sells whole country ok, assasination of GR MR ok, economical destruction of the country ok, Ranil will eventually become president by killing MS ok. You will understand what is your position during next election.

  4. Gayantha says:

    පුද්ගලිකව මමත් හිතන්නේ මේ අටමගලට කරනොගහා හිටියා නම් හොදයි කියලා. මොකද දැන් මහින්ද මහත්තයගේ ජනප්‍රියත්වයට ටිකක් බලපෑවා මේක. අනික යන එන මන් නැතුව හිටපු මිනිස්සු අකමැති එස්බි, ක්‍රිකට් කාපු බුකීපාලලා, දයාසිරලා වගේම ඩිලාන්ලා නිසා තව චන්ද අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඉතින් ගත්තු එකේ සහන ටිකක් දීලා කරකවලා ගත්තා නම් ජනප්‍රියත්වය නැවට්ග වැඩි කරගන්න පුලුවන්වෙයි.

  5. NAK says:

    Welgama must try to see the bigger picture. If Ranil were allowed to continue he would have got the new constitution passed with the help of TNA and JVP which then will allow him to postpone general elections indefinitely and fulfilled the aspirations of the TNA and thereby the Americans. By then there won’t be anything left of mother Lanka.

    • Anura says:

      If if the Ranil’s government continue for another few months Mahinda and his closest MPs will be in jail.

    • බන්ඩා says:

      ඔබ හරියටම හරි. වේල්ගම කලින් ගෝටා ගැන කියපු කතාව අද වෙනස් කරලා. ගම්සබාවක වත් මෙම්බර් වෙලා නැති නිසා ⁣ගෝටා ජනාධිපති අපේක්ෂකය කොරනවට විරැද්ධය් කියල වේල්ගම කලින කිව්වා. දැන් කියනවා ගෝටා හරි වෙලාවට අපෙක්ෂකයා උනා නම් විරැදධ නැතිලු. මොනවද මේ බය්ලා. මට පේන්නෙ වේල්ගමට දැක්මක් නැති බවය්.

  6. පොහොට්ටු පක්ෂය රාජපක්ෂවරු ,මුහුකුරාගිය ඥානයක් ඇති පක්ෂනායකවරුන්ගෙන් අනූන බුද්ධි මණ්ඩලයකින් හෙබි පක්ෂයකි.
    ඒ කිසිවෙකුටත් නොදැනුණු වෙල්ගොමය දන්නා “කුමන්ත්‍රණය” කුමක්ද?
    මදුරුවෙකුවත් නොවහ නායකයින් ,පක්ෂයක් රැකගෙන ගොස් දේශය විනාසවූ පසු මු එයින් කුමක් කරන්නේද????
    මොහු මෙසේ මද්ද්යට කතා කරමින් ,මදුරුවන් ගැන කියමින් ,කරන්නේ නායකයා සහ තම පිල නිලමස්සන්ට පවා දීමකි.
    මොහු බැරිවීමකින් හෝ කබිනට්ටුවකට පැමිණිය හොත් ” රොයිටර්” ගෙට ගත්ත සේ තියේවි.

  7. Raymond says:

    වෙල්ගමමහතා කොහොම කිව්වත් මහින්දරාජපක්ෂමහතා මේ වෙලාවේ රට භාර ගත් එකක් හොදදෙයක්
    අලුත් වයවස්ථාවඉදිපත්උනා.නම් රටම අනාථයි

    • එහෙම වෙන්නෙ කොහොමද? මහින්දට බහුතරය ඉන්න නිසා අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ පරාද කරන එක සිම්පල්නෙ.

    • බන්ඩා says:

      අර එස්බීලගෙ 16 ආව එකට වේල්ගම කැමති නැහැ. ඒ 16 නාව නම් ලපයලගෙ 20A පාස් වෙනවා. එහෙම උනා නම් ජනාධිපති තෝරගත්තෙ ජනතාව නෙවේ බැඳුන්කර ජරාව කාපු මංත්‍රී ල කියල වේල්ගම ගෙ ඔලුවට වැටෙන්නෙ නැහැ.

  8. Amith says:

    අනේ යකෝ උබලා වගේ බූරුවන්ට පුලුවන්ද දේශපාලන අනාවැකි කියන්න.දන් නැති දෙයක් විමල් මැතිතුමගෙන් අහගනින්

  9. Nishantha says:

    Mahinda mahaththaya lanuwak kawa kiyamuko.eka wenna puluwan thama.namuth oya nam double game ekak gahanawa kiyana eka e kathawen yatapath karanda ba.

  10. Janaka Premathilaka says:

    Ape 2020 unp podu apekshakayata jayawewa

  11. UD says:

    We don’t know where he is going. He doesn’t like Gota, who is the mastermind defeating LTTE. He want to protect Mahinda, but not the country. It’s not the Mahinda’s big win that is important, if the country is divided, we have to do both. He is suspicious to me.

    • RATA WESIYAA says:

      Just ignore his comments. Not a slightest damage has caused to the PATRIOTIC CAMP or POHOTTUWA vote base. The people are glad,as it has prevented the Ranil’s antinational,harmful
      moves ,which he intended to move to appease the western past colonial masters,NGO s, Separatists and Tamil diaspora.It is very funny and ludicrous to see that those who make comments about M.R.s vote base are ,who would
      never vote for him and who expect his defeat.

  12. gamarala says:

    MR is 70 year old hardened politician, quite capable of looking after himself.
    So no need for anyone else to look after him.

Main News