මහින්ද යද්දී ණය බර බිලියන 7390යි.. දැන් බිලියන 10,286.. යහපාලන වසර දෙකහමාරට ණයබර 39%කින් ඉහලට..

November 14, 2017 at 11:20 am | lanka C news
මහින්ද යද්දී ණය බර බිලියන 7390යි.. දැන් බිලියන 10,286.. යහපාලන වසර දෙකහමාරට ණයබර 39%කින් ඉහලට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

මේ ආණ්ඩුව ණය බරායි ණය බරායි කියලා හැම වෙලාවේම අඬා වැටෙනවා. මංගල සමරවීර ඇමතිතුමන් බොහෝ සංඛ්‍යාලේකන ඉදිරිපත් කලා. හර්ෂද සිල්වා ඇමතිතුමන් එරාන් වික්‍රමරත්න ඇමතිතුමන් මේ පිළිබද අදහස් දැක්වුවා. බදු වැඩි කරන සෑම අවස්ථාවකම කිව්වේ ණය බර අඩු කරන්න බදු ගහනවා කියලා. වැට් වලට කිව්වේ එහෙමයි. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපල වික්කෙත් ණය බර ගැන කියමින්. ඒ විතරක් නෙමේ බංගලිදේශය වැනි රටකට මහඉළුක්පල්ලම බීජ පරීක්ෂණාගාරය විකුණන්නෙත් ණය බරයි කියමින්. මේ බැංකු ගනුදෙනු මත බදු ගහන්නෙත් ඒක නිසා කියලා මුදල් ඇමතිතුමා කිව්වා. එහෙම නම් දැන් මේ ආණ්ඩුව රටේ ණය බර සෑහෙන්න අඩු කරලා ඇති නේද? මොකද මේ ආණ්ඩුව කරපු විකිණිල්ලයි ගහපු බදු බරයි හැටියනම් ණය බර අඩුවෙලාද? එහෙමනෙ වෙන්න ඕනෑ. දැන් අපි බලමු තිත්ත ඇත්ත.

2014 අග මේ ආණ්ඩුවට මේ රට බාරදෙන විට අපේ රටේ ණය ප්‍රමාණය බිලියන 7,390යි. 2017 අගෝස්තු වන විට එය බිලියන 10,286ක් දක්වා ඉහළ නැගලා. ඒ කියන්නේ ණය බර අඩු කරන්න ආපු ආණ්ඩුව වසර දෙකහාමාරක් යන විට තිබුණු ණය ප්‍රමාණය 39%කින් ඉහළ නංවලා. ඔබට සතුටුයි ද දැන් කියලා තමයි අහන්න වෙන්නේ.

පසුගිය වසර දෙකහාමාරට ආණ්ඩුව බිලියන 2,896 නැතිනම් ට්‍රිලියන 2.3ක් ණයට අරන්. ලංකාවේ නොගෙවූ ණය අතරේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිගේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්වා ගත් සියළුම ණය තිබෙනවා. ඒ ණය අඩංගුවෙන්නේ 61% තුලයි. තවත් විදිහකින් කියනවනම් 2/3 තුලයි. ඉතිරි 1/3 තමයි මේ ආණ්ඩුව ගත් ණය. ජනපති ජේ ආර් නම් මහවැලිය කළා. ජනපති ප්‍රේමදාස පාරවල් හැදුවා. කම්හල් බිහි කළා. ගෙවල් හැදුවා. ජනපති මහින්ද තමයි මහ පරාක්‍රමබාහු රජතුමාගේ වාර්තාවත් කඩලා ඉතිහාසයේ දැවැන්තම යටිතල පහසුකම් සංවර්ධනය කලේ. මේ ණය කන්දෙන් තුනෙන් එකක්, ට්‍රිලියන 2.3ක් ණයට අරන් අරන් තිබෙන්නේ වත්මන් ආණ්ඩුව. මේ ආණ්ඩුව ඒ ණය වලින් මොනවා ද කලේ?

නව විදුලි බලාගාරයක්, වැවක්, වරායක්, ගුවන් තොටුපොලක්, අධිවේගි මාර්ගයක් හැදුවේ නෑ. මේ මුදල් කන්දරාවෙන් කලේ සැප වාහන ගන්න එකයි රට සවාරි ගහන එකයි විතරයි.

ආණ්ඩුවේ නායකයින් නම් කියන්නේ ආණ්ඩුවේ දැවැන්ත සංවර්ධනයට මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙන්නේ නෑ කියලා. මාධ්‍ය වලට විතරක් නොවේ අපටවත් ඔය කියන සංවර්ධනය පේන්නේ නෑ. මේ ආණ්ඩුවේ සංවර්ධනය සීතාම්බර සළුව වගේ. රජා හිතා ගෙන ඉන්නවා සළුව ඇඳගෙන කියලා. ඒත් ඇත්තටම රජා ඉන්නේ නිරුවතින්.

ණය බර කියන්නේ ණය ප්‍රමාණයට නොවේ. ණයක් දැරීමේ හැකියාවට. එක එක පුද්ගලයාගේ ණය දැරීමේ හැකියාව ආදායම අනුව වෙනස් වෙනවා. ඒ නිසා ණය බර කියන්නේ ණය ප්‍රමාණය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීමයි. මා පෞද්ගලිකව මිලියන 2.4ක් ණයයි. මගේ වාර්ෂික ආදායම මිලියන 1.2. එහෙම නම් මගේ ණය බර 200%යි. අපි හිතමු ධනවත් ව්‍යාපාරිකයෙක් මිලියන 240ක් ණයයි කියලා. ඒ කියන්නේ මම වගේ සිය ගුණයක් ණයයි. නමුත් එයාගේ ආදායම මිලියන 1000ක් නම් එයාගේ ණය බර 24%ක් පමණයි. මිලියන 1.2ක් ගත්තු මගේ ණය බර 200%යි.

දැන් අපි ලංකාවේ ණය බර මනිමු. රටක ණය බර මනින්නේ රටේ ආදායමේ ප්‍රතිශතයක් විධියට ආණ්ඩුවේ ණය ප්‍රමාණය කොපමණ ද කියා බැලීමෙන්. ලංකාවට දරා ගත නොහැකි වැඩිම ණය බර වාර්තා වුණේ 2002 දී. 105%ක්. එදාත් තිබුණේ එජාප ආණ්ඩුවක්. ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර ගන්නා විට ණය බර 102%ක්. එතුමා යුද්ධයකුත් ජයග්‍රහණය කරලා යටිතල පහසුකම් රට පුරාම දියුණු කරලා මේ ආණ්ඩුවට රට භාර දෙන විට ණය බර තිබුණේ 71%යි. බරායි බරායි කියලා අඬා වැටුණාට බර හොඳටම අඩු කරලා තිබුණේ. 102% සිට 71% දක්වා අඩු කරපු ණය බර 81% දක්වා නැවත වැඩි කලේ වර්තමාන ආණ්ඩුව. ඒ නිසා ණය බරට බනින්න ඕනෑ නම් ආණ්ඩුවේ නායකයින් ඒක කළ යුත්තේ කන්නාඩියක් ඉදිරිපිටට ගිහින්.

– අරවින්ද අතුකෝරල

5,883 Viewers

3 Comments to “මහින්ද යද්දී ණය බර බිලියන 7390යි.. දැන් බිලියන 10,286.. යහපාලන වසර දෙකහමාරට ණයබර 39%කින් ඉහලට..”

  1. Naagha says:

    These facts to be brought to parliament. JO is silent when Mangala imposes Madamulana taxes. Why JO allowing upper hand to government to prove MR put country into loan trap if real case is vise versa.

  2. love nature says:

    ඉන්දියාවට සහ චීනයට රටේ ජාතික සම්පත් උකස් කිරීමේ වසර බවට මේ වසර පත්වෙමින් පවතින බවට මේ වන විටත් සාක්ෂි රැසක් හෙළිදරව් වී ඇත. එක් පැත්තකින් රටේ ඉඩම් ටික චීනයට පවරා දෙමින් ඇත. අනෙක් පැත්තෙන් රටේ ජාතික සම්පත් විකුණා දැමීමේ සැලසුම් කි‍්‍රයාත්මක වෙමින් පවතී. අනෙක් බරපතළම කාරණය වන්නේ එට්කා ගිවිසුම හරහා ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමයි. අගමැති වික‍්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මේ වන විට විවිධ සාකච්ජා හරහා ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ සැලසුම් කි‍්‍රයාත්මක කර ඇති බවට පැහැදිලි සාක්ෂි හෙළිදරව් වී ඇත. මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 8ක් භාවිත කරමින් පවතින්නේ ඉන්දියාවයි. ඊට අමතරව තවත් තෙල් ටැංකි 8ක් භාවිත කිරීමට සැලසුම් කරමින් සිටී. එට්කා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉන්දියානු අයි.  ඕ. සී. සමාගම ලංකාව තුළ තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යනු ලබයි. ඉන්දියාව මේ වන විට ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 8ක් භාවිතා කරමින් සිටින්නේ කිසිදු නීතිමය බැඳීමකින් තොරව ය.

  3. hari says:

    THAWA HITIYANAM META WADA DARANNA WENAWA PAULAMA WEYO WAGE YATIN KAGENNA YAEI

Leave a Comment

Main News