මහින්ද යුගයේ ආරම්භ කල ඇදන් 242 ක රෝහල් ගොඩනැගිල්ල ඇදන් 100අඩු කරලා.. විවෘත කිරිමට තිබුනේ 2014දී..- විගණකාධිපති..

October 26, 2017 at 8:40 am | lanka C news
මහින්ද යුගයේ ආරම්භ කල ඇදන් 242 ක රෝහල් ගොඩනැගිල්ල ඇදන් 100අඩු කරලා.. විවෘත කිරිමට තිබුනේ 2014දී..- විගණකාධිපති..

මහල් 10 කින් සමන්විත ඇදන් 242 ක ජාතික අපස්මාර මධ්‍යස්ථානය ඉදිකිරීම් සඳහා සෞදි සංවර්ධන අරමුදල 85% ක සහන ණයක් මත ඉතිරි මුදල් ශ්‍රී ලංකා රජය මගින් දැරිමේ පදනම මත 2008 වර්ෂයේ දි ආරම්භ කරන ලදි. මෙය නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විත ස්නායු රෝග සායනය ස්නායු ඖෂධාගාරය, ජංගම විද්‍යුත් නිකර්පණ ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ මහජන ඇමතුම් පද්ධතියක් ද ඇතුලත්ව අංග සම්පූර්ණය. මෙම අපස්මාර මධ්‍යස්ථානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සෞඛ්‍ය, පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලද්දකි.

මේ සඳහා 2008 වර්ෂයේ මාර්තු 26 වෙනිදා ශ්‍රීලංකා රජය සෞදි අරාබියා සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුමක් අත්සන් කොට ඇ.ඩොලර් මිලියන 20 ක් ලබාගැනිමට එකඟ වුනි. මෙම අංග සම්පූර්ණ මධ්‍යස්ථානය ඉදිකොට අවසන් කිරිමට නියමිතව තිබුනේ 2014 අප්‍රියෙල් මස 4 වෙනිදා බැව් රජයේ විගණාකාධිපති විසින් ඔහුගේ වාර්තාවේ 3.2 යටතේ පෙන්වා දි ඇත.

එහෙත් නියමිත දිනට මෙම අංගසම්පූර්ණ අපස්මාර රෝගින්ගේ රෝහල වැඩ අවසන් කොට ආරම්භ කිරිමට නොහැකි වූයේ හිටපු අමාත්‍යවරයා විසින් අවශ්‍ය ටෙන්ඩරය පිරිනමා ගොස් තිබු නිසාත්, 2010 අප්‍රියෙල් 23 වෙනිදා සිට මෛත්‍රීපාල සිරිසේන මහතා නව සෞඛ්‍ය, පෝෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කිරිමත් සමගයි. එය රජයේ විගණාකාධිපතිගේ වාර්තා අනුව 2014 දෙසැම්බර් 21 වෙනිදාට එහි වැඩකටයුතු 82% ක් නිමකොට තිබු බැවින් තව දුරටත් සනාථ වේ.

එහෙත් (24) පස්වරුවේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් විවෘත කෙරිනි. මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයෙහි සිටි සෞඛ්‍ය, පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එහි විවෘත කිරිමේ උත්සවයටවත් අවම වශයෙන් ආරාධනා නොකිරිම ජාතික අපස්මාර මධ්‍යස්ථානය ආරම්භ කිරිමට මූලික සැලසුම් සකස් කල වෛද්‍යවරුන් හා සෞඛ්‍යයක ක්ෂේත්‍රයේ නිලධාරින් අතර කතා බහට ලක්විය.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය සඳහා මූලික සැලසුමේ ඇස්තමේන්තුවට අනුව ගැහැණු පිරිමි රෝගින් 242 දෙදෙනකුට අවශ්‍ය ඇදන් වලින් යුක්තව නේවාසික රෝගීන් සඳහා පහසුකම් සපයා තිබුනි. එහෙත් එය ඇදන් දක්වා 100 දක්වා අඩු කොට ඒ වෙනුවට විශේෂ අමුත්තන් සඳහා සුඛෝපභෝගි පළමු පන්තියේ කාමර 7 ක් හා දෙවන පන්තියේ කාමර 3 ක් සහිතව ඇඳන් 19 කින් යුත් ගෙවන වාට්ටුවක්ද ඇතුලත් කොට වෙනම පහසුකම් සපයා ඇති බැව් සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය හරහා ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව රජයේ මුදල් සහ ණය ලබාගෙන මෙරටේ දහස් සංඛ්‍යාත අහිංසක අපස්මාර රෝගින් සඳහා පමණක් ඉදිකල රෝහල ඕනතරම් පෞද්ගලික රෝහල් තිබියදි විශේෂ අමුත්තන් සඳහා සුඛෝපභෝගි පළමු පන්තියේ කාමර 7 ක් හා දෙවන පන්තියේ කාමර 3 ක් සහිතව ඇඳන් 19 කින් යුත් ගෙවන වාට්ටුවක් සඳහා වෙන් කිරිම කොතරම් දුරට සාධාරණ ද?

11,957 Viewers

9 Comments to “මහින්ද යුගයේ ආරම්භ කල ඇදන් 242 ක රෝහල් ගොඩනැගිල්ල ඇදන් 100අඩු කරලා.. විවෘත කිරිමට තිබුනේ 2014දී..- විගණකාධිපති..”

  1. Dev says:

    Me wage suwisal wada kara kawadath Mahinda sha gota
    dan inna ewun suwisal horakam nam karanawa.

  2. බන්ඩය්යා says:

    සෑම රජයේ රෝහලකම ගෙවන වාටටුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව මගේ අදහසය්. එම ගෙවන වාට්ටුවලින් ලැබෙන අධික ලාබය දුප්පත් මහජනයාට බෙහෙත් සමග හොඳ සවුක්‍ය සේවයක් නොමිලේ ලබා දීමට උපකාර වන බව ඔිනෑම අයෙකුට පැහැදිලි වනු අැත. සියල්ල රජයෙන් නොමිලේ ලබා දිය නොහැක.

  3. Manel says:

    Bandayya, wrong attitude. If someone is rich, it’s not a punishable thing. Rich or poor, govt services should be provided without discrimination.

  4. Manel says:

    Bandayya, wrong attitude. If someone is rich, it’s not a punishable thing. Rich or poor, govt services should be provided without discrimination. If someone become rich by illegal acts, then he must be penalise for that particular crime.

    • Kondekalu says:

      Rich people are not forcibly admitted to paying wards. That is optional. If some one prefer comfortable stay at an additional cost he can get admitted to paying wards.

  5. silva says:

    huta ekath mahindage kaale hadapu ekakda ..mun open kale…..mama hithuwa thkketama yahapalanen hadapu ekak kiyala news baluwama

Main News