මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රිලනිපයට ද්‍රෝහියෙක් වෙලා.. පොහොට්ටුව අරගෙන ඇවිදිනවා..- එජාප සාගල කියයි..

January 30, 2018 at 8:40 am | lanka C news
මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රිලනිපයට ද්‍රෝහියෙක් වෙලා.. පොහොට්ටුව අරගෙන ඇවිදිනවා..- එජාප සාගල කියයි..

තම පක්ෂය දුර්වලම තත්වයක පවතින සමයක තමුන් පක්ෂය හැර නොගිය බවත්   ජනාධිපතිවරයා පක්ෂයේ අනුශාශක ධුරය දරමින්  වෙනත් පක්ෂයක්  සඳහා කටයුතු කරමින් සිටින බව  නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ එළඹෙන පලාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පස්ගොඩ කිරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවේදීය.

අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මහින්ද මහත්තයා මේ දවස්වල දුවනවා එකසිය ගානට.එතුමා දිව්වට එතුමා එතුමාගේ පක්ෂයෙන්ද දුවන්නේ කියලා ඉස්සෙල්ලා අහල බලන්න ඕන.අදටත් ශ්‍රීලංකා නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුව කියන පක්ෂයකට චන්දේ දෙන්න කියලා.මම දන්නේ නැහැ මම නම් අපේ පක්ෂය දරුණුම තත්වයකට වැටිච්ච 2010 මැතිවරණයත් එක්ක දුර්වලම තැනකට වැටුණා.මම පක්ෂයට ගරු කළා.පක්ෂයට විනයක් තියෙන නිසා පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙන නිසා.අපි පැරදිලා හිටියත් මම ඒ පක්ෂයක ඉන්නම් කියලා මම හිටියා.තමුන්නාන්සේලා බොහෝ දෙනෙක් එහෙමයි.ඒ වෙලාවේ ඒ ප්‍රතිපත්තියට ගරු කළා.මේ පක්ෂය වැඩ කළා.ඉදිරියටත් වැඩ කරන්න හදනවා.දැන් දුර්වල කාලයක් කියලා පැනලා වෙනින් මොකක්හරි අරගෙන පක්ෂයට ද්‍රෝහිකම් කරන්න ගියේ නැහැ.

අද මේ පක්ෂයේ හිටපු නායකයෙක් මෙහෙම කරන්නේ.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකතුමා.වැඩිකාලයක් නෙමෙයි 2015 කළින්.එහෙම දෙයක් කරන්න පුලුවන්ද?..එහෙම දෙයක් කරන්න පුලුවන්නම් මට හිතාගන්න පුළුවන් තමුන්නාන්සේලාට කොහොම කරන්න පුලුවන්ද කියලා.

පොලීසිය අපි නිර්දේශපාලනීය කළා.අද පොලිසියට ඇවිත් කියන්න බැහැ අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා හරියට.අපි මහා රැස්වීම කළා ඊයේ (27) මොරවක.අපි කිසි නගරයක් සරසන්න ගියේ නැහැ.මැතිවරණ නීතියට අනුව වැඩ කළා.පක්ෂ නායකයා එන රැස්වීම් පොළේ ඉඳලා මීටර් හාරසීයක්  සරසන්න පුළුවන් කියලා මැතිවරණ නීතියෙන් කිව්වේ.අපි එක විතරයි කළේ.උරුබොක්ක නගරයේ අපි සරසුවේ නැහැ.වෙනද ඒවා සරසනවනේ.අපි රෑ තිස්සේ ඒවා කලේ නැහැ.දෙනියාය දැම්මේ නැහැ.බෙරලපනාතර දැම්මේ නැහැ.මැතිවරණ නීතියට අනුව කටයුතු කළා.සාමකාමීව ගිහිල්ලා සාමකාමීව ආවා.මොනවහරි හිරිහැරයක් වෙලා තියෙනවා නම් කෙනෙකුට නීතියයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන.පොලිසිය අපි එතැනට ගෙනත් තියෙනවා.කරන්න බැරිනම් ඒක පොලිසියේ දුර්වලතාවයක්.පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ අභිමානය නැවත ලබලා දීලා තියෙනවා.ගෞරවය ඇතිකරගන්න ඕන ඒ අය.එක තියෙන්නේ ඔවුන්ගේ අතේ.වැටුප් වැඩිකරලා දීලා තියෙනවා.එගොල්ලන්ටත් දරු පවුල් ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා දියුණු කරන්න.ඒ හැමදෙයක්ම සලකලා ඒ අයට දීලා තියෙනවා.බැරැක්ක දියුණු කරන්න කියලා මමම ගිහින් බලලා නියෝග දීලා තියෙනවා.අඩුපාඩු තියෙන තැන්වල මට අහුවෙන්න තියන්න එපා කියලා කියලා තියෙනවා.මම කොට්ටාශ භාර නිලධාරීන් ගෙන්නවලා කියලා තියෙනවා එහෙම අඩුපාඩු තියෙන බැහැ.නිලධාරීන්ව ආරක්ෂා කරන්න ඕන.පොඩි අයට මග පෙන්වන්න ඕන කියලා.ඉතින් අද පොලිසියෙන් අඩුපාඩු වෙන්න තියන්න බැහැ.මට කියන්න බැහැ අත්අඩංගුවට ගන්න බැරි වුණා කියලා.මොකද පහරදීමත් වැරද්දක්.ඒක සිදුවෙන්න ඉඩ තියපු එකත් වැරැද්දක්.කරුණාකරලා පොලිසියත් ස්වාධීනව වැඩ කරන්න,කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ අපි තමුන්නාන්සේලාට ජීවත් වෙන්න සාධාරණ රටක් ගෙනල්ල දෙනවා.සතුටින් එකමුතුව ගමේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය හදනවා අපි.අපි මහන්සි වෙනවා ඒකට.ගම දියුණු කරනවා,ඔබේ ජීවන මට්ටම ඉහල තැනකට ගන්නවා.කව්ද කින්ද මන්ද තරාතිරම අපි අහන්නේ නැහැ.මම කැමතියි හැමෝම සතුටින් ජීවත් වෙනවට.ඒ තැනට අපි ගෙනියනවා.අපිට තමුන්නාන්සේලාගේ ගමේ මන්ත්‍රීවරුන් පත් කරලා දෙන්නයැයි අමාත්‍යවරයා කීය.

– මොරවක ප්‍රියංකර ගමගේ.

3,977 Viewers

9 Comments to “මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රිලනිපයට ද්‍රෝහියෙක් වෙලා.. පොහොට්ටුව අරගෙන ඇවිදිනවා..- එජාප සාගල කියයි..”

  1. Abeyratne says:

    well said sir. may the triple gem bless you for your humbleness and sincerity

    • " කුඩ්ඩං " says:

      භීතිය කාමය අද රට කන යුද්දේ
      ගංජා සුදු කුඩු රටෙ පුරාම යුද්දේ
      නිතියෙ ඇමති මත්වීද නෑ සද්දේ
      කාමය රැව්දී රටම වෙව්ල සද්දේ

      අනේ එපා මත්කුඩු නම් වනසන්න
      බෙහෙතක් හැටියටම අපට දෙන්න
      රාජිතගෙ සේවයට අනෙ හිත දෙන්න
      දීල මත්කුඩ්ඩං චන්දෙනුත් දිනා ගන්න

    • kamalasirikuruwita says:

      Oh , my god , how silly and stupid. May be personally he is a good person in a wrong place in a wrong time with a gang of wrong people.

  2. නයා.... says:

    හා මෙතුමා කියන විදියට ප්‍රතිපත්තිය කියන්නේ පක්ෂෙ බෝඩ් ලෑල්ලේ අල්ලිලා ඉන්න එක.
    එහෙම උන් තමයි ඔය කැපුවත් කොළ කියන පිරිස.
    මොකද අද යූ එන් පියේ සේනානායක ප්‍රතිපත්ති තියෙනවා කියලයෑ. එතන තියෙන්නේත් බෝඩ් ලෑල්ල විතරයි.
    සමනල්ලු ටිකක් ඒ බෝඩ් ලෑල්ල අල්ලාගෙන.

    අපිට පක්ශ බෝඩ් ලෑලි වැඩක් නැහැ මහත්තයෝ. අපි ඉන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක

  3. Well said, We vehemently approve the way you face victories and setbacks in political life. It reflects the matured personality you have developed within the soul.
    Good luck sir

  4. Aurora says:

    මහත්තයෝ අලියාගේ නැට්ට වෙලා තියන සිරිසේනගේ SLFP එක මේ එන පළාත්පාලන චන්දෙන් කුජීත වෙන එකට ඔබලාට දුකද? ආණ්ඩුවේ පාළුවක් ඒත් එක්කම ගැලවිලා මහින්ද ලඟට යනවට බයද? නැතිනම් ඒ දෙකමද?

  5. kamalasirikuruwita says:

    ඉතින් උඹට මොකද බං ? අනුන්ගේ පරිප්පු කිරන්න්වේ නැතුව තමන්ගේ පක්ෂේ වැඩක් බලා ගන්නවා හලෝ !!

  6. Manel says:

    Can someone tell me if this man has a relationship late Victor Rathnayake. Victor was a respectable politician, Then came Sirisena Hettige from UNP who a real gentleman. Sagala may go with this butterflies in the UNP but he has no love for the country. Hana mitiya kara thiyagena yana ekek.

Main News